ලක්ෂ දහසක් වැඩිපුර ගෙවා පෝෂණ එන්නත් කුප්පි 24000 ක් මිල දී ගැනීමේ දී වෑයමක් තිබෙන බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය.
රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ තවත් ටෙණ්ඩර් මගඩියක් ගැන ජනාධිපති විම ර් ශනයක් ඉල්ලා සිටින බවද ඒ මහතා පැවසීය.
වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේ ද පැවසීය.
වර්තමාන ආණ්ඩුව බලයට පත්වුව ද රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ දිගින් දිගටම ප්‍රශ්න සහගත ටෙණ්ඩර් ගනුදෙනු සිදු වන බවත් සාමාන්‍ය මිල මෙන් රුපියල් මිලියන සීයක් වැඩිපුර ගෙවා රෝගීන්ට ලබා දෙන පෝෂදායි දියර එන්නත් (Total parental Nutrition) කුප්පි මිලදී ගැනීමේ ටෙණ්ඩර යේ දී මිල අඩු සමාගමට වඩා රුපියල් මිලියන සීයක් වැඩිපුර තබන ලද සමාගමකට අදාළ ටෙණ්ඩරය ලබා දීමට රාජ්‍ය ඖෂධ ද සංස්ථාව කටයුතු කර ඇති බව පෙන්වා දිය හැකියි. ඒ සඳහා පැහැදිලි තොරතුරු අප සතුව තිබෙන බව පෙන්වා දිය හැකියි.
රාජ්‍ය ඖෂධ සංස්ථාව තුළ වර්තමාන පාලනය යටතේ ප්‍රශ්න සහගත සමාගමකට මුඛ සෝදන දියර ටෙණ්ඩර් ලබාදීමේ දී ද අක්‍රමතාවක් සිදුවීමට ගිය බව තමන් හෙළි කළ බවත් මේ දක්වා එකී අක්‍රමතාව නිවැරදි කොට අදාළ සමාගමට එරෙහිව නීතිමය පියවර ගැනීමට හෝ මිල අඩු දෙවන සමාගමට ලබා දීමට හෝ පියවර ගෙන ඇති බව රාජ්‍ය ඖෂධ සංස්ථා වෙබ් අඩවියට අනුව තහවුරු නොවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
IV Total parental Nutrition මිලදී ගැනීම සඳහා වන ටෙණ්ඩරේ දී ලන්සු තබන ලද මිල සඳහන් කරන ලද සමාගම මග හැර මේ අන්දමට වැඩි මිල සමාගමට ටෙණ්ඩරය ප්‍රධානට වගකිය යුතු සියලු නිලධාරීන් තරාතිරම නො බලා නීතිය හමුවට පැමිණිය යුතු වෙනවා.
මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව සංස්ථාවේ සභාපතිවරයට පත්කරන ලද මනෝජ වීරසිංහ මහතාගේ පාලන කාලය තුළ දී දිගින් දිගටම ප්‍රශ්න සහගත ටෙණ්ඩර් ගනු දෙනු සිදුවීම වර්තමාන රජය බලවත් අප්‍රසාදය පත් කරන සිදුවීම් මාලාවක් වන බැවින් මෙම රාජ්‍ය ඖෂධ සංස්ථා සභාපතිවරයා වහාම ධූරයෙන් ඉවත් කොට නීතිය හමුවට පැමිණිය යුතු වෙනවා.
මිල අඩුවෙන් ලංසු තබන සමාගම මෙම තමන්ට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් අභියාචනා ඉදිරිපත් කළ ද ප්‍රතිඵලයක් අත් නොවන තැන මේ වන විට රාජ්‍ය ඖෂධ සංස්ථාවට එරෙහිව නීතිමය පියවර ගෙන ඇති බව ද පෙන්වා දිය හැකියි.
මීට සති කිහිපයකට පෙර මේ අන්දමටම වැඩි මිල සමාගමකට නාරි හා ප්‍රසව ඖෂධයක් ලබා දීම සම්බන්ධයෙන් අදාළ සමාගම විසින් අනාවරණය කරන ලද අතර එමඟින් ද රජයට බරපතළ ආර් ථික ලාභයක් සිදු වූ බවට මාධ්‍ය සදහන් වූ බව පෙන්වා දිය හැකි යි.
ආණ්ඩුව නෙස් වුව ද මෙම දූෂිත යාන්ත්‍රණය වෙනස් කිරීමට මේ දක්වා සෞඛ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය ලේකම්වරයා අසමත්වීම ගැන වහාම කරුණු පැහැදිලි කළ යුතු බව ද අප ජනාධිපතිවරයාගේ ඉල්ලා සිටින බව ද ඒ මහතා පැවසීය.