විශ්‍රාමික පොලිස්පති වරයෙකු වූ වික්ටර් පෙරේරා (මියගොස්) මහතාට අයත්ව තිබූ වරකාගොඩ ප්‍රදේශයේ ඉඩමක තිබී ප්‍රභූ ආරක්ෂක රාජකාරී සදහා භාවිතා කරන ගිනි අව්යක් සොයා ගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.
චීනයේ නිශ්පාදිත මිනි උෂී වර්ගයේ ගිනි අවියක් මෙසේ සොයාගෙන තිබෙන අතර, එහි අංකය 6300280 බවද සදහන් වේ.
නාහල්ල, කටුහේන ,ගාලබැදිහේන ප්‍රදේශයේ රඹුටන් සහ පොල් වගාකල අක්කර 22 ක පමණ විශාල ඉඩමක තුඹසක් තුල මිනි උෂී වර්ගයේ ගිනි අවියක් සගවා ඇති බවට තෙබුවන පොලිසියේ සැරයන් සනත් (4925) වරයාට ලද තොරතුරක් මත වරකාගොඩ පොලිසියේ ස්ථානාධිපති ගේ සහය ඇතිව ගිනි අවිය සොයාගෙන තිබේ.
මිනි උෂී වර්ගයේ ගිනි අවි භාවිතා කරනුයේ කමාන්ඩෝ විශේෂ බළකා සහ විශේෂ කාර්ය බළකා සෙබළුන් වැනි විශේෂ පුහුණුව ලත් සෙබළුන් විශේෂ රාජකාරීන් වලට පමණක් බවද පොලිසිය සදහන් කරයි.
වරකාගොඩ ඩබ්ලිව් ඩබ්ලිව් ලක්ෂිත මහතාගේ මෙහෙයවිමෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වති.