බෝගහකුඹුර ඔහිය ප්‍රදේශයේ විහාරස්ථානයක වගාකර තිබු ගංජා පැල 571 ක් සමග සැකකාර හිමිනමක් බෝගහකුඹුර පොලිසිය විසින් ඊයේ (24) දින අත්අඩංගුවට ගෙන තිබින.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 24 හැවිරිදි වියේ පසුවන එම විහාරස්ථානයේ වැඩ සිටි හිමි නමකි.
බෝගහකුඹුර පොලිස් ස්ථානයේ නිලධාරීන් හට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදි විහාරස්ථාන භුමියේ වගාකර තිබු අඟල් හයක් පමණ උසැති මෙම ගංජා පැල පොලිසිය විසින් සොයා ගෙන ඇත.