පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට අදාළව (20දා) උදෑසන වන විට මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති අතර ඒ අනුව ගතවූ පැය 24ක කාලය තුළ මැතිවරණ කොමිෂන් සභාව වෙත තවත් පැමිණිලි 121ක් වාර්තා වී ඇති බව වාර්තා වෙයි.එම පැමිණිලි අතරින් පැමිණිලි 95ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වන අතර තවත් පැමිණිලි 26ක් වෙනත් සිදුවීම් සම්බන්ධයෙන් ලැබුණු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මේ අතර පසුගිය මාර්තු මස 20 වැනිදා සිට මේ දක්වා මැතිවරණ කොමිෂන් සභාව වෙත වාර්තා වූ සමස්ත පැමිණිලි ගණන 1,712ක් ලෙස වාර්තා වී ඇති අතර එම පැමිණිලි අතරින් පැමිණිලි 1,577ක් මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වන අතර වෙනත් පැමිණිලි 126ක් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 09ක්ද මේවන විට මැතිවරණ කොමිෂන් සභාවට වාර්තා වී ඇති බව එම කොමිෂන් සභාව වැඩිදුරටත් පවසති .මෙසේ මැතිවරණ නීති උල්ලංඝනය වීම සම්බන්ධයෙන් ලද පැමිණිලි සංඛ්‍යාවෙන් මේ වන විට පැමිණිලි 1,506ක් විසඳා ඇති බවත් තවත් පැමිණිලි 206ක් විසඳමින් පවතින බවත් මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරයි .මේ අතර මැතිවරණ නීති උල්ලංඝණය කිරිම ඇතුළු සිද්ධින් සම්බන්ධයෙන් මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයින් 20 දෙනෙකු පොලීසිය විසින් මේවන විට පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසන අතර එසේම පොලීසිය මැතිවරණ ඒකකය පවසන්නේ මීට අමතරව දේශපාලන පක්ෂ ආධාරකරුවන් 68 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි .පසුගිය මාර්තු මස 03 වනදා සිට මේ දක්වා වු කාලය තුළ මෙම පළාත් පාලන මැතිවරණයට අදාළව දිවයිනේ විවිධ පොලිස් ස්ථාන වෙත ලැබී ඇති පැමිණිලි 198 කට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළ අති අතර.එම පැමිණිලි අතර අපරාධමය පැමිණිලි 44 ක්ද වන බව පොලිස් මැතිවරණ ඒකකය වැඩිදුරටත් පවසයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න