මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ගමේ පුංචි ආණ්ඩුවේ බලය සමගි ජන බලවේගයට ලබා දෙන්න යැයි හෝමාගම ප්‍රා දේශිය සභා සමගි ජන බලවේග පක්ෂ අපේක්ෂක නිරෝෂන් ප්‍රසන්න මහතා පැවසීය.

අපේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකවයෙන් යුතුව සමගි ජන බලවේගයෙන් ගම හදා රට හදන නවතම වැඩ සටහන මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඉදිරිපත් කරන බව ද හෝමාගම සමගි ජන බලවේගයෙන් මෙවර ඉදිරි පත්ව සිටින  නිරෝෂන් ප්‍රසන්න මහතා පැවසීය.

ඒ මහතා එසේ ප්‍රකාශ කළේ හොරකඳවල, බටහිර හොරගල, නැගෙනහිර හොරගල, බෙරුකැටිය, දාම්පේ ගම්මාන රැසක රැස්වීම් ගණනාවක් අමතමනි.

හෝමාගම ප්‍රාදේශිය සභාවට මෙවර සමගි ජන බලවේගයෙන්  තරඟ කරන අපේක්ෂක නිරෝෂන් ප්‍රසන්න මහතා මෙසේ ද පැවසීය.

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී පුංචි ආණ්ඩුවේ බලය අප ලබා ගන්නවා. ඒ සඳහා ජනතාව අප සමඟ එක් ව සිටිනවා. ඉතිහාසයේ බොරුව වංචාව රැවටීම සිදු කළ අනුර කුමාර සහෝදර ආණ්ඩුව කතාවලට පමණක් වූ වැඩ නැති ආණ්ඩුවක් බවට පත් වූ ආණ්ඩුවක් වශයෙන් ඉතිහාස ගත වෙනවා.

මේ කියන දේ මේ වෙනස් කරන කිසිදු ජාතික වැඩ සටහනක් නැති වචන රචනා කරමින් ජනතාව මුලා කරන මේ ආණ්ඩුවට ජනතාව මේ වර පළාත් පාලන මැතිවරණයේ දී නිසි පාඩමක් උගන්නනවා.

පළාත් පාලන මැතිවරණයේ දී අප හෝමාගම සභාව ලංකාවේ ආදර්ශවත්ම පළාත් පාලන ආයතනය ලෙස දියුණු කරනවා.

කැළි කසළ ප්‍රශ්නයට විසදුම් දී බල ප්‍රදේශයේ කාණු පද්ධතිය පවිත්‍ර කර මැසි මදුරු උවදුර නිමාවට පත් කර සුන්දර නගරයක් ගමක් ඇති කරනවා. ඒ සඳහා දැවැන්ත සැලැස්මක් අප සතුයි.

පාසල් ළමයින් තරුණ පිරිස් මෙන්ම වැඩිහිටියන්ගේ කියවීමේ රුචිකත්වය දියුණු කරන්නට හැකි සභාව සතු පුස්තකාලවලට අලුත් පොත් පත් ලබා දී පහසුකම් සපයන්නට කටයුතු කරනවා.

සතියට එක දවසක්  පැයක් දෙකක් හෝ පවුලේ සියලුම දෙනා පුස්තකාලයකට ගොස් පොත් පත් කියවන තත්ත්වයකට නගරයේ ගමේ ජනතාව පත් කරනවා.

මේ සඳහා පුස්තකාල සංවර්ධනය සඳහා අප නායකතුමාගේ මැදිහත් වීම මත ධාන පතියන්ගෙන් මුදල් ආධාර ලබා ගෙන පොත් පත් මිලට ගෙන පුස්තකාල සංවර්ධනය කරනවා.

තරුණ තරුණියන් ආගම දහමට මෙන්ම කලාවට සංගිතයට දක්ෂතා ඇති අයට ඔවුනගේ හැකියාවක් දියුණු කිරීමට හෝමාගම නගරය කේන්ද්‍ර කර ගනිමින් කලා මධ්‍යස්ථානයක්  ඇති කර කලාවට ආගමට හිත ඇති තරුණ්‍යයක් බිහි කරන්නට දැවැන්ත මධ්‍යස්ථානයක් සකස් කරනවා.

ගමේ පාර ගමේ අඩු පාඩු නිරතුරුව ම සොයා බලා ජනතාව සමඟ එක්ව ගමේ ධානපතියන්ගේ සහයෝගය ඇති ව ගම සංවර්ධනය කරන ගමේ අඩු පාඩුවලට විසඳුම් ලබා දෙන වැඩ සටහනක් ඇති කරන්නට අපි පියවර ගන්නවා.

අල්ලස, දුෂණයට, බොරුව වෙනුවට ජන හිත කාමි දේශපාලන සංස්කෘතියක් ඇති කරනවා. එය ප්‍රායෝගිකවම අප ඔප්පු කර රටට ම පෙන්වා දෙනවා. 

අප දේශපාලනය කරන්නේ කිසිදු ජනතා දේපලක් හොරකම් කරන්නට නො වෙයි. ජනතාවට සේවය කරන්නට ම පමණයි. අප හැම විටම මගේ මුදල් පවා යොදවා ගමට ගමේ ජනතාවට ප්‍රදේශයට තරුණ පිරිස් වලට වැඩිහිටියන් වෙනුවෙන් කළ හැකි කළ යුතු සියලුම දේ දැනටමත් සිදු කර තියනවා. මේ සම්බන්ධයෙන් මම කළ දේවල් ජනතාව හොඳින් ම දන්නවා.

පක්ෂ පාට භේදයකින් තොරව ජනතාවට සේවය කරන්නට කැපවන්නට මේ රටේ පළාත් පාලන මැතිවරණයට ඉදිරි පත්ව ජයග්‍රහණය කරන සියලුම පළාත් පාලන නියෝජිතයන්ගේ අරමුණ වෙනවා. අන්න ඒ ජනතා බලාපොරොත්තුව ඉටු කරන්නට අප පියවර ගන්නවා.

රටට ආදරෙයි නම් ගමට ආදරය කරනවා නම් සමගියෙන් ගම සංවර්ධනය කරන වැඩ සටහනට සහයෝගය දෙන්නට සමගි ජන බලවේගයට ඡන්දය දී පුංචි ආණ්ඩුවේ බලය අප සතු කරන වගකීම මෙවර පළාත් පාලන මැතිවරණයේ දී ඉටු කරන්නට ලංකා වාසි ඡන්ද දායකයන්ගෙන් ඉල්ලා සිටින බව සමගි ජන බලවේගයෙන්  හෝමාගම ප්‍රාදේශිය සභාවට තරඟ කරන අපේක්ෂක නිරෝෂන් ප්‍රසන්න මහතා වැඩිදුරටත් පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න