දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීම සඳහා දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩ සටහනක්  දියත් කර තිබේ.

ඒ අනුව දුම්රියෙහි වන අලි ගැටීම වැලැක්වීම සඳහා දුම්රිය රියදුරන් සහ දුම්රිය දෙපාර්තමේන්තු නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගිය දා ගිරිතලේ ජාතික වන ජීවී පුහුණු සහ පර්යේෂණ කේන්ද්‍රයේ දී පැවැත්විණි.

මේ සඳහා දුම්රිය දෙපාර්තමේන්තු සමාන්‍යාධිකාරි ඇතුළු දුම්රිය නිළධාරීන් සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු වන ජීවී නිළධාරීන් සහභාගී වූහ.

පරිසර අමාත්‍යංශය, වනජීවී දෙපාර්තමේන්තුව සමඟ එක්ව දුම්රියේ වන අලින් ගැටීම වැළැක්වීමට පියවර ගැනීම සඳහා අනෙකුත් ආයතන සමඟ කටයුතු කිරීමේ එක් පියවරක් ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව සම්බන්ධ කර ගනිමින් දුම්රිය රියදුරන් දැනුවත් කිරීමේ වැඩමුළුව පැවැත් විණි.

විශේෂයෙන් දුම්රියේ වන අලි ගැටීම වැළැක්වීමට දුම්රිය රියදුරන් විසින් සිදු කළ යුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න මෙහි දී සාකච්ඡා කෙරුණු අතර ඒ සඳහා කඩිනම් සහ සුුදුසු පියවර මොනවා ද යන්න හඳුනා ගනිමින් නිසි අධ්‍යයනයකින් යුතුව සියලු අමාත්‍යංශ හා ආයතන එක්ව ඉදිරියේ දී ද කටයුතු කිරීමට නියමිත ය. 

පරසර අමාත්‍ය දම්මික පටබැඳි නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි,ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක යන මහත්වරුන්ගේ මැදිහත් වීමෙන් හා වන ජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හා දුම්රිය දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් දුම්රියට බිලි වෙන අලි ඇතුන් ආරක්ෂා කර ගැනීම  උදෙසා  විවිධ වැඩ සටහන් ක්‍රියාත්මක කිරීම සිදු කෙරේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න