පානදුර දුම්රිය ස්ථානයේ කාර්යාලය සහ ගබඩාව කඩා රුපියල් ලක්ෂ දෙකකට ආසන්න මුදල් සහ දේපළ සොරා ගෙන ඇති බවට ලද පැමිණිල්ලක් මත පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පානදුර දුම්රිය ස්ථානයේ අධීක්ෂණ කළමනාකරු ( සංඥා හා විදුලි සංදේශ) විසින් කළ පැමිණිල්ලක් මත මෙසේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.

එම ගොඩනැගිල්ලේ පිටුපස ජනේලය කඩා කිසියම් පුද්ගලයෙකු විසින් රාජකාරී ජංගම දුරකථනයක්, ග්‍රිල් මැෂිමක්, යතුරු අටක් සහ රුපියල් 11,500 ක මුදලක් සොරාගෙන ඇති බවට පැමිණිල්ලේ සටහන්ව ඇතැයි පොලිසිය පවසයි.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න