ජනතා සෞඛ්‍ය හා සුවතාවය උදෙසා ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව දැනුම ජනතාවට ලබාදීමේ අරමුණින් ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍යවරුන්ගේ විද්‍යාලය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය එක්ව සංවිධානය කරනු ලබන ප්‍රජා සුව දැක්ම – 2025 (ComHealth Fest 2025) සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශණය (07) සෙනසුරාදා දිනය පුරා කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ දී පැවැත්වේ.
සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශණය සදහා ඇතුල්වීම් සම්පූර්ණ නොමිලේ වන අතර, එදින උදෑසන 7.30 ට ප්‍රජා සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීමේ පාගමනක් නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කර විහාරමහාදේවී උද්‍යානය වෙත ගමන් කිරිමට නියමිතය. මෙම පාගමන සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද එක්වීමට නියමිත ය.
පාගමනින් අනතුරුව උදෑසන 9.30 ට සෞඛ්‍ය අධ්‍යාපනික ප්‍රදර්ශණය ආරම්භ වන අතර, මෙම ප්‍රදර්ශණයට අධ්‍යාපන කුටි, සුවතා වැඩමුළු, ළමා කලා ප්‍රදර්ශණ, සෞඛ්‍ය සම්පන්න ආහාර කුටි, නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ ද ඇතුළත් ය. පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා විහාරමහාදේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ පැවැත්වෙන අධ්‍යාපනික හා සංස්කෘතික සංදර්ශණයකින් ද යුක්ත වේ.
පවුල්, පාසල් දරුවන්, තරුණයින්, සෞඛ්‍ය වෘත්තිකයන් සහ මහජනතාව එක් කරන සජීවී මහජන සෞඛ්‍ය සැමරුමක් වන මෙම ප්‍රජා සුව දැක්ම සෞඛ්‍ය අධ්‍යානික ප්‍රදර්ශණය හා එක්ව සුව සතුටින් පිරි දිවියකට සෞඛ්‍ය අධ්‍යාපනික දැනුම ජනතාවට ලබාගත හැක.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විද්‍යාලය යනු ප්‍රජා වෛද්‍ය ක්ෂේත්‍රයේ සේවය කරන වෛද්‍යවරුන්ට අඛණ්ඩ වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව ලබා දෙන වෘත්තීය ආයතනයකි. මෙම විද්‍යාලය පර්යේෂණ, ඉගැන්වීම් සහ සායනික පුහුණුව ඇතුළු ව ප්‍රජා වෛද්‍ය විද්‍යාවේ දියුණුව ප්‍රවර්ධනය කරන අතර ප්‍රජා වෛද්‍යවරුන්ගේ සහ ඔවුන් සේවය කරන ප්‍රජාවන්ගේ අවශ්‍යතා වෙනුවෙන් පෙනී සිටී. උසස් තත්ත්වයේ සත්කාර සැපයීම සහ මහජන සෞඛ්‍ය මුලපිරීම් ප්‍රවර්ධනය කිරීම තුළින් ශ්‍රී ලාංකික ජනගහනයේ සෞඛ්‍යය වැඩිදියුණු කිරීමට විද්‍යාලය කටයුතු කරයි.