ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණෙයි.
ප්‍රංශ නාවික හමුදාවට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව නිල සංචාරයක් කොළඹ වරායට පැමිණි අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීම සිදු කෙරිණි.
මෙලෙස කොළඹ වරායට පැමිණි Hydrographic vessel වර්ගයට අයත් ‘BEAUTEMPS BEAUPRE’ නෞකාව, දිගින් මීටර් 80.65ක් හා නැව් මුළුව 58ක ගෙන් සමන්විත අතර, නෞකාවේ අණදෙන නිලධාරී ලෙස, කොමාණ්ඩර් BERTHEAU Dimitri කටයුතු කරනු ලබයි.
මෙම නිල සංචාරයේදී ‘BEAUTEMPS BEAUPRE’ නෞකාවේ අණදෙන නිලධාරී හා කාර්ය මණ්ඩලය විසින් ජාතික ජල ශාස්ත්‍රීය කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමඟ නිල හමුවීම් සිදුකර, ජල ශාස්ත්‍රීය සේවාව හා සම්බන්ධ ද්විපාර්ශ්වීය වශයෙන් වැදගත් කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිතව ඇත.
නෞකාව මෙරට රැඳී සිටින කාලසීමාව තුළ එහි නැව්මුළුව දිවයිනේ ආකර්ෂණීය සංචාරක ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද නියමිතව ඇති අතර, නිල සංචාරයෙන් අනතුරුව 2025 මැයි මස 13 වැනි දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත.