පරිපූරක වෛද්‍ය සේවාවේ පවතින වෘත්තීය ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීමට පියවර ගන්නා බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
සම සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලයේ නියෝජිතයින් සමග සෞඛ්‍ය අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක දී ඇමති වරයා එසේ කීය.
මෙහි දී වැඩි දුරටත් අදහස් දැක් වූ ඇමති වරයා මෙසේ ද ප්‍රකාශ කළේ ය.
මෙතෙක් පැවති රජයන් හා විෂයභාර අමාත්‍යවරුන් වෙත මෙම වෘත්තීය ගැටලු ඉදිරිපත් කළ නමුත් එම ගැටලු වලට ස්ථිර විසදුම් නො ලැබුන හෙයින් වත්මන් අමාත්‍යවරයා වෙත ද එම ගැටලු ඉදිරිපත් කිරීමට සිදු ව තිබෙන බව දැකිය හැකියි.
සම සෞඛ්‍ය උපාධිධාරීන් බඳවා ගැනීම පරිපූරක වෛද්‍ය සේවාවේ සිටින සම සෞඛ්‍ය උපාධිධාරීන් සඳහා සුදුසු වැටුප් තලයක් ලබා ගැනීම සම සෞඛ්‍ය උපාධිධාරීන්ගේ “ අනුස්තාපන සමායෝජන” යන පුහුණුවේ නාමය සීමාවාසික පුහුණුව ලෙස වෙනස් කිරීම පරිපූරක වෛද්‍ය සේවා වලට අදාළ සේවා ව්‍යවස්ථා නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වන කටයුතු ආරම්භ කිරීමට ද පියවර ගන්නවා.
පළමු ශ්‍රේණියේ සිට අධි ශ්‍රේණියට උසස්වීම් ලබා ගැනීම සඳහා සම්පූ ර් ණ කළ යුතු යෝජිත කළමණාකරණ පුහුණුව පිළිබදව පරිපූරක වෛද්‍ය සේවාවේ විශේෂ ශ්‍රේණි ලබා දීම කඩිනම් කිරීම ඇමතුම් රාජකාරී දීමනාව යාවත් කාලීන කිරීම යන ගැටලු ප්‍රමුඛ කර ගනිමින් තවත් ගැටලු රාශියක් සම්බන්ධයෙන් අපගේ අවධානය යොමුව තිබෙනවා.
සෞඛ්‍ය සේවාවේ අනෙකුත් වෘත්තීන්ට බලපෑමක් ඇති නොවන අයුරින් මෙම ඉල්ලීම් සියල්ල ඉටුකිරීමට කටයුතු කරනවා.
සමස්ත සෞඛ්‍ය සේවාවේ සිය වෘත්තීය රාජකාරි ඉටු කරනු ලබන වෘත්තිකයින්ට බලපාන වෘත්තිය ගැටලු වලට කඩිනම් විසදුම් ලබා දීමෙන් ඔවුන්ගෙන් කාර්යක්ෂම ගුණාත්මක සේවාවක් ලබා ගැනීමට හැකියාව ලැබෙනවා.
සමස්ත ලංකා වෛද්‍ය රසායනාගාර විද්‍යාඥයින්ගේ සංගමය සමස්ත ලංකා රජයේ ඖෂධවේදීන්ගේ සංගමය රජයේ වෘත්තීය චිකිත්සක සංගමය රජයේ භෞත චිකිත්සක නිලධාරීන්ගේ සංගමය සමස්ත ලංකා රජයේ විකිරණ තාක්ෂණවේදීන්ගේ සංගමය යන වෘත්තීය සංගම් සම සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය නියෝජනය කරන පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.