අද දිනයේ (03) දින සෞඛ්‍ය අංශ සමඟ සාකච්ජා සිදු කරන බවත් යහපත් සාධනීය ප්‍රතිචාරයක් ලබානොදුන හොත් වැඩ වර්ජනය දියත් කරන බව සෞඛ්‍ය සමිති සංවිධාන 20 ක නියෝජිතයෝ පැවසූහ.සෞඛ්‍ය වෘත්තිවේදීන්ගේ දීමනා කප්පාදුව නිවැරදි කරන්න නලින්ද ජයතිස්ස ඇමතිවරයා ලබාදුන් කාලය අදින් (03) අවසන් බව සෞඛ්‍ය සමිති සංවිධාන 20ක නියෝජිතයෝ ප්‍රකාශ කරති.නමුත් මෙම වෘත්තීය ක්‍රියා මාර් ගය,ළමා රෝහල්,පීළිකා රෝහල්,මාතෘ රෝහල් හා වකුගඩු රෝහල්හී ක්‍රියාත්මක නොවන බව ද සෞඛ්‍ය වෘත්තීයවේ දින්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය ප්‍රකාශ කළහ.නලින්ද ජයතිස්ස හෙදියකගේ වැටුප පිළිබඳව පාර් ලි මේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සාවද්‍යයි වැරදි යියි ද සෞඛ්‍ය වෘත්තීය වේදින්ගේ සම්මේලනයේ කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් රවි කුමුදේශ් මහතා පැවසීය.හරිනි අමරසූරිය අධ්‍යාපන ඇමතිනිය වශයෙන් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පළමු වැටුප්තල දහයට ගෙන ඒමේදී, පළමු වැටුප්තල දහය අතර රැඳී සිටි සෞඛ්‍ය වෘත්තීයවේදීන් පහළට ඇද දමලා යැයි ද ඒ මහතා කීය.සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේදීන්ට අදාළව ක්‍රියාත්මක බරපතල වැටුප් විෂමතාව ඉවත් කිරීමට අය වැයෙන් කිසිදු උත්සාහයක් සිදු කර නොමැති බවද ඒ මහතා කීය.මේ සියලු ආසාධාරණයන් සිදු.වෙන්නෙ,අය වැයෙන් ලබා දීමට එකඟ වූ දීමනා විෂමතාවයේ ඉතිරි කොටසත් කප්පාදු කරලා කර ඇති බව ද ඒ මහතා කීය.සෞඛ්‍ය වෘත්තයවේදීන් ඉලක්ක කර ගනිමින් නිවැරදි කළ යුතුව තිබෙන බරපතළ වැටුප් විෂමතාවය එසේම තිබියදී,ඔවුනට ලබා දී ඇති දීමනා කප්පාදු කිරීම බරපතල බවද ඔහු පැවසීය.එම ගැටලුව විසඳීම පසෙක තබා සෞඛ්‍ය ඇමතිවරයා පා ර් මෙන්තුවේ දී බොරු සංඛ්‍යා ලේඛන පෙන්වමින් මහජනතාව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ට එරෙහිව උසි ගැන්වීමට උත්සාහ කරන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.ගැටලුවට විසඳුම් සෙවීමට සෞඛ්‍ය ඇමතිවරයාට ඇති වුවමනාවට වඩා,එය තෙරුම් නොගනිමින් කටයුතු කරන බවක් පෙනෙන්නට තිබෙන බැවින්, වෘත්තීසමිති ක්‍රියා මාර්ගයක් ආරම්භ කිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බව කණගාටුවෙන් දැණුම් දෙන බව දඋපුල් රෝහණ,චානක ධර්මවික්‍රම ආදි කිහිප දෙනෙකු ද මෙහි දී අදහස් දැක් වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න