බියගම නිදහස් වෙළෙඳ කලාපය ආසන්නයේ නේවාසිකාගාරයක පිටුපසින් යාබදව ඉදි කර  තිබෙන ගොඩනැගිල්ලක  තිබූ ගෑස් සිලින්ඩර් භාවිතා කිරීමේදී සිදු වු අපරීක්ෂාකාරී ක්‍රියාවෙන් මරු මුවට පත්වු තැනැත්තාගේ පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු කොළඹ ජාතික රෝහලේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි තර්මරාසා රෙනුෂානත්  මහතා විසින් ශරීරයේ සියයට 90 ක් පිළිස්සීම හේතුවෙන් ඇතිවු තුවාල වලට විෂබීජ ඇතුළුවීමෙන් මේ මරණය සිදු වි තිබෙන බවට වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කරන ලදී.

මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ  වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතාගේ උපදෙස් අනුව එහි දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නිලන්ත රාජකරුණා මහතා විසින් මහර මහේස්ත්‍රාත් අධිකරණයට  කරුණු වාර්තා කිරිමෙන් පසුව මහර අංක 02 අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් දනිදු සමරසිංහ මහතාගේ නියෝගය මත මේ පශ්චාත් මරණ පරික්ෂණය පෙරේදා ( 13 වැනිදා ) කොළඹ ජාතික රෝහලේදී පවත්වනු ලැබීය.

මේ සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ  කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී. එම්. පාලිත උපුල් කුමාර නමැති 32 හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මියගිය තැනැත්තාගේ මළ සිරුර ඔහුගේ ඥාති සොහොයුරාට භාර දුන්නේය.

මේ සිද්ධියෙන් තුවාල ලැබු තවත් අයෙකු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

මෙසේ මිය ගොස් ඇත්තේ  කන්දකැටිය ප්‍රදේශයේ පදිංචිව සිටි ඩී.එම්. පාලිත උපුල් කුමාර නමැති 32  හැවිරිදි අවිවාහක පුද්ගලයෙකි.

මේ සිද්ධිය සම්බන්ධව බියගම පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක  ඩබ්ලිව්. ඩී. වීරසිංහ මහතාගේ උපදෙස් අනුව දුෂණ මර්දන විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක නිලන්ත රාජකරුණා හා නඩු මෙහෙයුම් අංශයේ පොලිස්  සැරයන් සුසන්ත ( 35328 ) යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වා ගෙන යනු ලැබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න