ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වන්දනාව පිණිස සහභාගී වන බැතිමතුන් සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපඳින ලෙස සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය ඉල්ලීමක් කර තිබේ.

මේ අනුව බැතිමතුන්ගේ සෞඛ්‍ය සුරැකීම සදහා  පණිවිඩ රැසක් සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය විසින් නිකුත් කර ඇත.

ඒවා මෙසේ ය.

නිතර නිතර ජලය පානය කරන්න.

ජල බෝතල විටින් විට පුරවා ගන්න

ගෙදරින් ගෙන ආ පිසූ ආහාර පැය පහකට වඩා තබා ගන්න එපා.

ඉක්මණින් ආහාරයට ගන්න. ඊට පෙර වුව ද නරක් වී යැයි හැඟේ නම් ආහාරයට ගැනීමෙන් වළකින්න.

ඔබ දිනපතා ඖෂධ ගන්නා අයකු නම් එම මාත්‍රාව නියමිත වේලාවට ගන්න. තවත් දින කිහිපයක් සඳහා  සරිලන සේ වැඩිපුර බෙහෙත් ළඟ තබා ගන්න.

ඔබ මීමැස්මොරය, ක්ලාන්තය,අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝගයකින් පෙළෙන අයකු නම් මතක ඇතිව බෙහෙත් මාත්‍රාව බොන්න. දින කිහිපයකට සරිලන සේ බෙහෙත් ළඟ තබා ගන්න.

ඔබ දිගු කාළීන රෝගයකින් පෙළෙන අයකු නම්  රෝග විනිශ්චය පතේ හෝ සායන කාඩ් පතේ ඡායා පිටපතක් ඔබ ළඟ තබා ගන්න

ඔබේ දරුවාගේ  සාක්කුවේ හෝ ඇඳුමේ ඔබගේ දූරකථන අංකය ලියා රඳවන්න

කිසිදු විටෙක පෝළිමේ සිටින විට කළබල නොවන්න. එක් අයකු කළබල වුවහොත් බොහෝ දෙනෙකු කළබල වී තෙරපීම් සිදු විය හැකියි.  අනතුරු වළක්වා ගනිමු.

අත්‍යවශ්‍ය දේ පමණක් රැගෙන යන්න. කැළි කසළ අවම කර ගැනීමට සහය වන්න. හැකි සෑම විටම  කසළ නියමිත  බඳුන්වලට  දමන්න. ඔබේ වගකීම ඉටු කරන්න.

ඔබට පාචන තත්වයක් හෝ යම් රෝගී බවක් දැනේ නම් සෞඛ්‍ය කණ්ඩායමේ සහය ඉක්මණින් ඉල්ලන්න.

පෝළිමේ ගමන් මග රැඳී සිටින නිළධාරින්ගේ හෝ පිහිටුවා ඇති සෞඛ්‍ය මධ්‍යස්ථානවල සහය නොපමාව ලබා ගන්න.

දුම්රිය පාපුවරුවේ ජනේලවල හෝ බදේ එල්ලීයාමෙන් වළකින්න. අනතුරු වළක්වා ගනිමු.

දුම්රිය පාපුවරුවේ ජනේලවල හෝ බදේ එල්ලීයාමෙන් වැලකී  දුම්රිය මගේදී මෙන්ම බිං ගෙවල් තුළින් යෑමේදී සිදුවන අනතුරු  වළක්වා ගනිමු

ඔබගේ වාහනය නියමිත වේග සීමාවන්ට යටත්ව අවධානයෙන් පදවන්න. මහමග අනතුරු වළක්වා ගැනීමට වගකීමෙන් රිය පදවන්න  යැයි ද අප ඉල්ලා සිටින බව ද අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය මහජනතාවගෙන් ඉල්ලා සිටිති.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න