කතු වැකිය
බුරුමය හා තායිලන්ත භූමිකම්පා ඛේදවාචක තත්ත්වය ප්‍රයෝජනයට ගෙන මේ වන විට තරගයට විවිධ බෞද්ධ සංවිධාන හා වෙනත් සංවිධාන පුරවැසියන්ගෙන් මූල්‍ය ආධාර හා වෙනත් භෞතික ආධාර එකතුකරමින්් සිටිති .
සියල්ලක් සිදුවන්නේ ආගමික මුහුණුවරින්ය .
ගත වූ කාලය තුළ ආගමට මුවා වී විවිධ සූරාකෑම් සිදුවුණු දේවල් හා දේශපාලනික කවටකම් කපටිකම් අපමණය .
බුරුමයට හා තායිලන්තයට වූ ස්වභාවික විපත ඇත්තටම කණගාටු දායකකරුණක් .
අද ශ්‍රී ලංකාව ඉතාමත් දරුණු ආර්ථික අර්බුදයක නිමග්නව ඉන්නවා කිව්වොත් නිවැරදියි .
ඊට අටුවා ටීකා අවශ්‍ය නැහැ .
රට අර්බුදයෙන් ගොඩදාන බවට විවිධ දේශපාලන මතිමතාන්තර තිබුණත් අදත් රට එකම තැනක පල් වෙමින් තිබෙනවා .
ඉන් පෙනී යන්නේ කාගේත් කතාවේ තරමට වැඩ නැති බවයි .
එය ඉතිහාසයටත් වර්තමානයටත් වඩාත් කාලෝචිත යෙදුමක් .
රටේ ආර්ථිකය එකම තැන පල් වෙද්දි රට අනුරට ගියා .
ඒ කොහොම වෙතත් උදේ හවා බණ කියන පොහොයට සිල් ගන්නා උදේම ගුවන් විදුලියෙන් පිරිත් අහන කසාවතින් බබළන මේ රට හොරකම ප්‍රචණ්ඩත්වය තුළින් ලෝකයෙන් හිඟා කන රටක් බවට පත් වීඅවසන් .
එවන් පසුබිමක බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හා බුද්ධ ශාසන අමාත්‍යාංශයේ වගකීම සුළු පටු නොවේ .
ඒ පිළිබඳ විචාරය දැනට පසුවට තබා ගැනේ .
විචාරාත්මක ලිපියේ අගයට මුල් තැන දෙමින් ඊට අදාළ නිමිත්ත අප පැහැදිලි කරගමු .
සිව්පසය මහජනතාවගෙන් භුක්ති විදින සඟ සමාජය ධනපති කුවේර භික්‍ෂු සමාජයක්ද?
ඊට අදාල එක් සාක්ෂියක් පමණක් දැනට හෙළි කරන අතර පසුවට සෙසු කරුණු හෙළිදරව් හිමිකම තබා ගැනීම .
බෞද්ධාගම රැකෙන්නේ ධර්මයෙන් මිස නීතියෙන් නොවේ .
නීති හැදීම හා රටක් පාලනය කිරීම දේශපාලනඥයාගේ කාර්යභාරයක් .
පැවිදි පක්ෂයේ කාර්යභාරය වන්නේ ධර්මය රැකීමයි .
පාදඩ දේශපාලනඥයෙන් හා දුරාචාර ව්‍යාපාරිකයින් එක්ව සුදු කෙළි නම් භික්ෂුවගේ දිගුව කොතැනද ?
ධර්මය සැබැවින්ම ගිලිහීමනොවේද?
එවන් පසුබිමක් හමුවේ ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රජාව අද භික්‍ෂු සමාජයට මුලාවීසිටිති .
දේශපාලඥයෙන් භික්ෂුවගෙනුත් භික්‍ෂුව දේශපාලඥයින්ගෙන් යැපෙමින් සාමාන්‍ය ජනතාවගේ සාමාන්‍ය බුද්ධියට නිගා දෙමින් සිටිති .
එවැනි වපසරියක හිස් සිවුරක් මගින් උපයන ආධාර කොයිබටද ?
අනුරාධපුරය අටමස්ථානාධිපති ධූරය දැරූ පල්ෙලේගම සිරිනිවාස නාහිමියන් අපවත් වූයේ 2022 ඔක්තෝබර් 18 වන දිනය .
අපවත්වීමට පෙර ප්‍රතිකාර ලැබුවේ සුපිරි රෝහල්වලය .
අපවත් වීමට දින පහකට පෙර තමාට තෑගි කළ අනුරාධපුර පළමු පියවරේ රුපියල් කෝටි දහයක් වටිනා ඉඩමක හිමිකම රැක ගැනීම සඳහා පළමුවෙන්ම ඉදිරිපත් වූයේ දුලාංජලි දිනේෂා කුමාරි හේරත්ය .
අටමස්ථානාධිපති සිරි නිවාස හිමියන්ගේ කාන්තා ලැදිියාව ඉන් මනාව ඔප්පු නොවන්නේද ?
අනුරාධපුර පළමු පියවරේ රුපියල් කෝටි දහයක් වටිනා නිවස සහිත ඉඩම නඩු හබයක් බවට පත් වී තිබේ
දුලාංජලී ගේ ස්වාමිපුරුෂයාට තවත් කෝටි ගණනක වාහන දේපළ පැවරීම තවත් කතා කළ යුතු කරුණක් .
එනම් පේලි මුවන්දිරම් අප්පුවාහමිලාගේ ඡන්දා නන්ද යන අයයි .
මේ අනුව බලන කල සිරිනිවාස හිමියන් චීවරධාරියා ද ?දුස්සීල චීවරධාරියා ද ?ගරුතර මහා සංඝරත්නයද ?
බුදු සිවුර දාගත් තරමටම භික්‍ෂුව තුළ ධර්මය රැක ගනීමට සමත්ද ?
අනුරාධපුර අටමස්ථානයටම අවමානයක් නොවේද ?
අවුරුද්දේ කවදා හෝ දිනක පොසොන් පෝයට හෝ ඔබ අටමස්ථානයට ගිය අවස්ථාවලදී ඒ අදාළ සිද්ධස්ථානවලට විදුලි ආලෝකය සඳහා ඔබ කොපමණ මුදල් වැය කර තිබෙනවාද ?
ඒ මුදල් අවසානයේ කාන්දුවී ඇත්තේ කොහොයාටද ?
සිවිල් සමාජය අතිපූජ්‍යයයි සලකන්නේ දෙතොල් පාඨ කරන නළුවන් වැනි භික්ෂූන්ටද ?
ඒ ගැන තවත් කතු වැකියකින් ඉදිරියට අපි කතා කරමු
ලිව්වේ ගවේෂණශීලී ජනමාධ්‍යවේදී සුමිත් කොඩිතුවක්කු .