සජබ සභාපති ඉමිතියාස් වෙනසක් නෑ.
සමගි ජන බලවේගය සභාපති ධුරයට නැවතත් හිටපු සභාපති වූ ඉමිතියාස් මාකිර් මාකාර් මහතා පත් කරන බව එහි නායක විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවැසිය.
කොළඹ හයිඩ් පිටියේදී පැවැති ‘දුර දකිමු – පෙළ ගැසෙමු, අනාගතය ගොඩනඟමු’ යන මැයෙන් පැවති සජබ වාර්ෂික සම්මේලනයට සහභාගි වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කීය.
සිය කතාව ආරම්භයේදීම පක්‍ෂයේ ප්‍රධාන තනතුරු සඳහා නායකයන් පත් කරමින් ප්‍රථමයෙන්ම තමාගේ යෝජනාවක් ලෙස පක්‍ෂයේ සභාපති ධුරයට ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පත් කරන බව ඔහු සඳහන් කළේය.
ඊට අමතරව පක්‍ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර ජාතික සංවිධායක තිස්ස අත්තනායක, භාණ්ඩාගාරික ආචාර්ය හර්ෂ ද සිල්වා යන මහත්වරුම යළි පත් කරන බවද ප්‍රේමදාස මහතා කියා සිටියේය.
ආණ්ඩුවේ ගමන අවුල් !
එහි දී වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජයග්‍රහණය කොට සජබය ‘පොදුජන හිතකාමි පුනරුදයක්’ ආරම්භ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
එම මැතිවරණයේදී තමන් ආසන මට්ටමින් පැමිණ පක්‍ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවන බව ද කී ප්‍රේමදාස මහතා කොළඹ මහ නගර සභාව මෙන්ම අනෙකුත් පළාත් පාලන ආයතනවල ද නියත ජයග්‍රහණයක් ලබා ගන්නා බවද කියා සිටියේය.
කුලියට ගත් ඡන්ද අපි ළඟ නැහැ
‘‘පක්ෂ සම්මේලනයට පැමිණි ඔබ සියලු දෙනා ආදරයෙන් පිළිගන්නවා. අපේ පක්ෂය පනහේ දශකයෙවත් හැටේ දශකයෙවත් හැත්තෑවෙ දශකයෙවත් ආරම්භ වුණ පක්ෂයක් නෙවෙයි. අපේ පක්ෂය ආරම්භ වුණේ 2020 පෙබරවාරි මාසයේ. තවම වයස අවුරුදු පහයි මාසය යි.
මාලිමාව කැලේ යද්දී දුරකතනය නිසි මඟ යනවාය කියන්නේ…
අපේ පක්ෂයෙන් දුරකතනය ලකුණෙන් මැතිවරණ තුනකට පමණයි. අපි මුහුණ දීලා තිබෙන්නේ. ජනාධිපතිවරණයකට සහ මහ මැතිවරණ දෙකකට අපි මුහුණ දීලා තිබෙනවා. ඒවායින් පසුබෑමට ලක් වීම පිළිබඳව අපි සතුටු වෙන්නේ නැහැ.
නමුත් මේ රටේ පැරණි පක්ෂ ක්‍රම ක්‍රමයෙන් දියවී යන මොහොතක අපේ මාතෘ භූමියේ ජනතාව සුරකින්නට සිටින එකම විකල්ප දේශපාලන බලවේගයේ සමගි ජන බලවේගය පමණයි.
අපි යන්නේ කොයි පාරේ ! අපි යන්නේ මැද පාරේ!
අපි අනුගමනය කරන්නේ මැද මාවත. තුන්වෙනි මාවත. සමාජ ප්‍රජාතන්ත්‍රවාදය. මානුෂීය ධනවාදයත්, සමාජීය වෙළඳපොළ ආර්ථිකයත් මැද ප්‍රතිපත්තියත් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ක්‍රියාත්මක කෙරෙන වැදගත් දර්ශනයක්. විවිධ පක්ෂ කියාගන්නවා අපි ධනවාදය පිළිපදිනවා. අපි සමාජවාදය පිළිපදිනවා. අපි ලිබරල් වාදය පිළිපදිනවා.
දියවන්නාවේ බොරු කීමේ තරඟය මෙන්න!
නමුත් අද රජ වෙලා තිබෙන්නේ මුසාවාදය යි. අද රජ වෙලා තිබෙන්නේ අවස්ථාවාදීත්වය යි. එළඹෙන පළාත් පාලන මැතිවරණය අපේ රටේ දේශපාලන හැරවුම් ලක්ෂය බවට පත් කරගෙන මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන ජනතාවාදී යුගය බිහිකරන්නට අපි අනිවාර්යයෙන්ම කැපවෙනවා. පසුගිය කාලයේ පැවැති මැතිවරණවලදී ක්‍රියාත්මක වුණේ බොරු කීමේ තරගය. බොරු කීමේ තරගයේ දී ඇත්ත කතා කරලා අපි පසුබෑමට ලක්වුණ එක ගැන අපි සතුටු වෙනවා. අපි ළඟ කුලියට ගත්ත ඡන්ද නැහැ. අපි ළඟ තිබෙන්නේ ප්‍රතිපත්ති මත පදනම් වුන ඡන්ද.‘‘
මාලිමා ආණ්ඩුවට පුනරුදය අමතක වෙලා
‘‘2019 දී ජනාධිපතිවෙලා රට බංකොලොත් කළා. 2024 දී ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපතිවරයා මුළු දේශපාලනයම බංකොලොත් කරලා තිබෙනවා. මුසාවාදයෙන් බොරු කීමෙන් ඇන්දවීමෙන් ජනතා බලාපොරොත්තු සුණු විසුණු කිරීමෙන් අද මුළු දේශපාලනය ම බංකොලොත් කරල තිබෙනවා. විශාල ජනවරමක් ලැබුණු වර්තමාන රජය පුනරුදයක් පිළිබඳව කතා කළා. වැඩිහිටි ප්‍රජාවට විශ්‍රාමික ප්‍රජාවට ලබාදෙන සියයට පහළවේ පොලියේ ආදායම් මාර්ගය පසුගිය කාලයේ සෑම රජයක්ම ඒ ස්ථාවරයේ සිටියා. විශ්‍රාමිකයින්ට වැඩිහිටියන්ට සියයට පහළවේ ඉතිරි කිරීමේ ගිණුම්වලට, ලක්ෂ පහළවේ සීමාවට යම් පොලි ආදායමක් ලබා දුන්නා.
ඒක අහිමි කිරීම පුනරුදය ද? සියයට තිස්තුනකින් විදුලි බිල අඩු කරන බව ප්‍රකාශ කළා. විදුලි බිල අඩු කිරීමේ පුනරුදය දැන් නැහැ. තෙල් මිල අඩු කරන බව ප්‍රකාශ කළා. තෙල් මිල අඩු කිරීමේ පුනරුදය දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. බඩු මිල අඩු කරන බව ප්‍රකාශ කළා.
ජනපති අනුරට මතක පොත කියවන්නට කැළණිය කැම්පස් යමු ද?
නමුත් බඩු මිල අඩු කිරීමේ පුනරුදයක් දැන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. පුනර්ජනනීය බල ශක්තිය ශක්තිමත් කරන බව ප්‍රකාශකළා. අද සූර්ය බල ශක්තිය සම්පූර්ණයෙන්ම විනාශ කරන ප්‍රතිපත්තියක් රජය අනුගමනය කරනවා. මේකද පුනරුදය. රාජ්‍ය සේවයේ නිලධාරීන්ට රුපියල් විසි දාහකින් වැටුප් වැඩි කිරීමක් ලබාදෙන බව ප්‍රකාශ කළා. ඒ කිව්ව පුනරුදය ලබා දුන්නද. ගොවියාට ධීවරයාට වැවිලි කර්මාන්තයේ කෘෂිකාර්මික ජනතාවට ලබා දෙන පුනරුදය ජනතා විමුක්ති පෙරමුණේ රජයට අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාට අමතක වෙලා ද?‘‘
කොළඹ අපිට අපි කොළඹට ! පුංචි ආණ්ඩුව අපටයි!
කොළඹ නගර සභාව අනිවාර්යෙන් සමගි ජන බලවේගය ජයග්‍රහණය කරනවා
‘‘මම පැහැදිලිව කියනවා රටේ ජනතාවට අගයක් එකතු කරන ශක්තියක් එකතු කරන පොදු ජන හිතකාමී පුනරුදයකට එළඹෙන පළාත් පාලන මැතිවරණයේ දී දැවැන්ත හැරවුම් ලක්ෂ්‍යය ක්‍රියාත්මක කරන්න අපේ ම මැතිවරණයක් විදිහට මේ මැතිවරණය සලකලා අපි ආසන මට්ටමින් ඇවිල්ලා ඔබ සියලු දෙනාම ශක්තිමත් කරන්න කටයුතු කරනවා.
පළාත් සභා බලය අල්ලයිද !
සමගි ජන බලවේගයේ නියත වශයෙන්ම පළාත් පාලන මැතිවරණයේ දී ජයග්‍රහණය ලබා ගන්නවා. කාන්තා පරපුරට සහ තරුණ පරපුරට විශේෂිත වූ වැඩසටහනක් අපි අලුතින් පටන් ගන්නවා. වර්තමාන වැඩපිළිවෙළ ගැන අපි සෑහීමකට පත්වන්නේ නැහැ. තරුණ සංවිධාන ක්ෂේත්‍රය කාන්තා සංවිධාන ක්ෂේත්‍රය මේ දෙකටම මුල් තැන ලබාදීලා සමගි ජන බලවේගයේ දැවැන්ත ම ශක්තිමත් ම පුරුක බවට අපි පත් කරනවා. වෙනමම අධ්‍යාපන විද්‍යා පීඨයක් දේශපාලන අධ්‍යාපනය අපගේ තාරුණ්‍යයට අපේ කාන්තාවන්ට, අපේ සාමාජික සාමාජිකාවන්ට ලබාදෙන අලුත් වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වන තරුණ අපේක්ෂකවරුන් කාන්තා අපේක්ෂකවරියන් සමස්ත අපේක්ෂකවරුන්වෙනුවෙන් විශේෂිත වූ වැඩපිළිවෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කොළඹ නගරය සහ කොළඹ නගර සභාව අපි අනිවාර්යයෙන්ම ජයග්‍රහණය කරනවා.
අපේ වෛද්‍ය හනිෆා මැතිතුමා අපි තෝරා ගත්තා. ඔහු දක්ෂයෙක්; උගතෙක්. එතුමාගේ නායකත්වයෙන් අපි කොළඹ නගර සභාවට හොඳ කණ්ඩායමක් ඉදිරිපත් කරලා තිබෙනවා. එතුමාගේ තේරීම තුළින් මුළු රටට ම තක්සේරුවක් කරන්න පුළුවන් අපේ ඉතිරි ගමන ගැන සහ අපේ වැඩපිළිවෙළ ගැන.දක්ෂ හපන්කම් තිබෙන උගත්කම තිබෙන ජන සමාජයේ පුංචිම තැන ඉඳලා සියලුම තල නියෝජනය කරන දක්ෂයින්ට තැන හැකියාව තිබෙන අයට කුසලතාවය තිබෙන අයට මුල් තැන ලබාදෙන පක්ෂයක් බවට අපි අනිවාර්යයෙන්ම කැපවෙනවා. පක්ෂයක් ලෙස අපි වෙනස් වෙනවා. අපි අලුත් වෙනවා; අපි නවීකරණය වෙනවා. ඒ වගේම වඩ වඩාත් ජනතාව අපේක්ෂා කරන, ජනතාව විශ්වාස කරන, ජනතා සහභාගිත්ව, ප්‍රජා සහභාගිත්ව, ජනතා කේන්ද්‍රීය පක්ෂයක් බවට අපි ඉදිරියට යනවා.‘‘
ඇඟලුම් ක්ෂේත්‍රය අර්බුදයක
‘‘අද අපේ රට මුහුණ දෙන ප්‍රධානතම අර්බුදයක් පිළිබඳව දහසක් ඉදිරිපත් කරන්න මම කැමතියි. අද බොහෝ දෙනෙකුට දැනගන්න ලැබුණා ඇමරිකා එක්සත් ජනපදය ජාත්‍යන්තර වෙළඳාම තුළ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනවලට ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44 ක් පනවා තිබෙනවා. අද වන විට මුළු රට ම කලබලයට පත්වී තිබෙනවා. ජනාධිපතිවරයත් කලබල වී තිබෙනවා. රජයත් මැතිඇමැතිවරුත් කලබල වී තිබෙනවා. මේ ප්‍රශ්නය පිළිබඳව අපි අනතුරු ඇඟවීම් කළේ මීට මාස ගණනාවකට පෙරයි. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළත් අපි කතා කළා. පාර්ලිමේන්තුව පිටතත් අපි මේ පිළිබඳව කතා කළා. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළ කතා කරනකොට මයික්‍රෆෝනය ඕෆ් කරනවා. කතා කරන්න දෙන්නේ නැහැ. රීති වලට පටහැණීලු. වාඩි කරවනවා. ඒවා පිළිබඳව තාවකාලිකව වින්දනයක් සමාජ මාධ්‍ය හරහා ඔවුන් ලබනවා. මේ ප්‍රතිචාරාත්මක තීරු බදු සියයට 44 ක් අපේ රටට පැනවීම හරහා කාට ද වින්දනයක් ලැබෙන්නේ. කිසිම කෙනෙකුට වින්දනයක් ලැබෙන්නේ නැහැ. අපේ රටේ අපනයන බරපතල අනතුරකට වැටිලා. විශේෂයෙන් ම ඇඟලුම් ක්ෂේත්‍රය මහා උග්‍ර අර්බුදයකට මුහුණ දෙනවා. රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කළ ඇඟලුම් කම්හල් දෙසියෙන්, සහ අපේ රටේ අපනයන ක්ෂේත්‍රයෙන් කීදෙනෙක් ජීවත් වෙනව ද? ලක්ෂ ගණනාවක ජීවන උපාය අනතුරේ.‘‘
ආණ්ඩුවේ දූත කණ්ඩායම ඇමරිකාවට යන්නෙ කවද්ද?
‘‘රජයට මේ කරුණු කාරණා ඉදිරිපත් කිරීමේ දී පාර්ලිමේන්තුවේ දී ඔවුන් ප්‍රකාශ කරනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න විශේෂිත දුත කණ්ඩායමක් යවනවා කියලා. මම අහන්න කැමතියි ආණ්ඩුවෙන් කවද ද ඒ දූත කණ්ඩායම යැව්වේ. කව්ද දූත කණ්ඩායමේ සාමාජිකයන්, කවුද ඒ දූත කණ්ඩායමට නායකත්වය දුන්නේ. ඇමෙරිකාවට දූත කණ්ඩායමක් යවලා මොනාද ලබා ගත්ත ප්‍රතිඵල. නමුත් ඔවුන් පාර්ලිමේන්තුවට ඇවිල්ල ප්‍රකාශ කළේ සුපුරුදු බොරුව ම යි. සුපුරුදු රැවටිල්ල යි; සුපුරුදු වංචාවයි. අපේ රටේ අපනයන ආරක්ෂා කරන්නට විශේෂ වැඩසටහනක් අවශ්‍ය වෙනවා. විශේෂ වෙළෙඳ නියෝජිතවරයෙක් අපේ රටට අපි පත් කරගත යුතුයි. ජාත්‍යන්තර වෙළඳපොළ පිළිබඳව විශේෂඥ කණ්ඩායමක් අපි පත් කර ගත යුතුයි. වහාම ඒ අයව වොෂින්ටන් නුවරට යවලා ඇමෙරිකානු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කරන්නට අවශ්‍ය වෙනවා. මේ දේවල් කරන්න කියලා අපි කිව්වේ මාස ගණනාවකට පෙරයි. නමුත් ඒ දේවල් සිදු කළේ නැහැ. මේ රජයට රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික සබඳතා රටට ශක්තියක් ලැබෙන සබඳතා ක්‍රියාත්මක කරන්න කිසිදු හැකියාවක් නැහැ.
රටේ අපනයන කර්මාන්තය ඉවරයි!
අපේ රටේ අපනයනවලට මේ මරු පහර එල්ල වෙන මේ අවස්ථාවේ කර්මාන්ත කරුවන්ට කර්මාන්ත ශාලාවල සේවය කරන සියලු ම සහෝදර සහෝදරියන්ට ඔබගේ රැකී රක්ෂා ආරක්ෂා කරන්න වගකිව යුතු විපක්‍ෂයක් ලෙස සමගි ජන බලවේගය ඔබ වෙනුවෙන් රට වෙනුවෙන් යුතුකම් ඉටුකරන බව මම මේ අවස්ථාවේදී කියන්න කැමතියි.
සමගි ජන බලවේගය තාවකාලික අම්බලමක් නෙවෙයි
‘‘අපේ පක්ෂය තාවකාලික අම්බලමක් නෙවෙයි. විපක්ෂයේ සිටින ප්‍රබලතම පක්ෂය සමගි ජන බලවේගය යි.
රටට තිබෙන එකම විකල්පයත් සමගි ජන බලවේගය යි.
ඒ නිසා විවිධ කණ්ඩායම් විවිධ නායකවරුන් විවිධ පුද්ගලයින් ජනතාවගෙන් ඈත් වෙලා හාන්සි පුටුවේ ඉඳගෙන සමහර කණ්ඩායම්වලට මුදල් ගෙවල සම්පූර්ණ අසත්‍යය ප්‍රකාශ ප්‍රචාරණය කරනවා. ඒවාට රැවටෙන්න එපා. ඒවාට සැලෙන්න එපා. පළාත් පාලන මැතිවරණයේදී ප්‍රථම වතාවට ජනතාවට සමීප මහජන නියෝජිත කණ්ඩායම සමගි ජන බලවේගයෙන් දුරකතනය ලකුණින් පත් කරගන්න අවස්ථාව. ඒ ඓතිහාසික මොහොත.
ජයග්‍රාහී හැරවුම් ලක්ෂය්‍යක් බවට පත් කරන්නට ඔබ සියලු දෙනාම ශක්තිමත්ව පෙරට එන්න. ඔබත් සමග අත්වැල් බැඳගෙන ඉදිරියෙන් ම ඉඳගෙන ඔබගේ ජයග්‍රහණය තහවුරු කරන්නට මමත් මහ ලේකම්වරයාත් ජාතික සංවිධායකවරයා ඇතුළු සියලු ම මන්ත්‍රීවරු නායකවරුන් නිලධාරීන් ඇතුළු සියලු ම දෙනා එකා මෙන් එක්සත්ව එක්සිත්ව සමගි ජන බලවේගය ජයග්‍රහණය උදෙසා, ඒ තුළින් රටේත් ජනතාවගේ ජයග්‍රහණය උදෙසා අපි නියත වශයෙන්ම කැපවෙන බව ප්‍රකාශ කරමින් සියලු දෙනාටම ජය වේවා කියා ප්‍රාර්ථනා කරනවා.
කොළඹ හයිඩ් පාර්ක් පිටියේ පැවති සමගි ජන බලවේගයේ වාර්ෂික සම්මේලනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කීවේ.
”අද දෛවයේ සරදමක හැටියට මේ ආණ්ඩුවට සිද්ධ වෙලා තියෙනවා ඒගොල්ලෝ බැහැයි කියපු හැමදෙයක්ම නැවත කරන්න. ඒගොල්ලෝ එපා කියපු හැම දෙයක්ම නැවත කරන්න. ඒගොල්ලෝ එපා කියපු ඒගොල්ලෝ විරුද්ද්ධත්වය පාපු හැම දෙයක්ම නැවත කරන්න ඒගොල්ලන්ට දැන් සිද්ධ වෙලා තියෙනවා. අපි හරියට බැලුවොත් දැන් මේ ඉන්න ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක මැතිතුමාගේ අද කතාවල් අහාකොට එයා විපක්ෂයේ ඉන්නකොට කියපු කතාවල් අහනකොට අපිට කියන්න තියෙන්නේ අනුරට එරෙහිව අනුර කියල තමයි. එදා විපක්ෂයේ ඉඳගෙන මේ රටේ ආර්ථිකය ඉස්සරහට යන ගමන නවත්වන්න මේ රට ලෝකයත් එක්ක සම්බන්ධ වෙන ගමන නවත්වන්න මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ගමන නවත්වන්න ඒ හැමදේකටම විරුද්ධ වෙච්ච අනුර කුමාර දිසානායකට අද සිද්ධ වෙලා තියෙනවා තමන් විරුද්ධ වෙච්ච හැම දෙයක්ම නැවත කරන්න. එදා හිටපු අනුරට විරුද්ධව අද ඉන්න අනුර කතා කරන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ආණ්ඩුවේ වෙස්මුහුණු ගලවන්න පටන් අරන් තියෙනවා. ආණ්ඩුවේ දෙබිඩි පිළිවෙත අද හෙළිදරව් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ කියන එක අද හෙළිදරව් වෙලා තියෙනවා. ආණ්ඩුවේ ආර්ථික ගමන දෙබිඩි පිළිවෙතක් කියන එක අද හෙළිවෙලා තියෙනවා. එදා මෝදීලා මේ රටට එනකොට එදා ඉන්දියාවත් එක්ක වැඩසටහන ක්‍රියාත්මක වෙනකොට එදා ඉන්දියාව එක්ක ආර්ථික එකඟතාවන් කරනකොට ඒකට විරුද්ධව පාරවල්වලට බැහැල සටන් කරපු නායකත්වය දීපු අනුර කුමාරට අද සිද්ධ වෙලා තියෙනවා ඉන්දියවේ අගමැති මෝදී එක්ක එකතු වෙලා එදා විරුද්ධ වෙච්ච හැමදේම කරන්න. ඒක තමයි දෛවයේ සරදම කියන්නේ.”
පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා
‘‘අනුර කුමාර ජනාධිපතිවරයාට රාජ්‍යතාන්ත්‍රික භාවය සහ රාජ්‍ය පාලනයයි , පැනයි තිබුණනම් අද ඇමරිකාවෙන් දාපු ටැක්ස් එක වදින්නේ නෑ. මේක මාසයක කලින් දැන ගන්න ලැබුණා. සමගි ජනබලවේගය මේ මොහොතේ බලයේ හිටියානම් අපි කරන්නේ මොකක්ද කියලා සාකච්ඡා කරලා තිබුණේ.
අනුර දිසානායකට කරන්න තිබුණේ එක වැඩයි ඇමරිකාව එක්ක කතා කරලා ඇමරිකාවෙන් ලංකාවට ගේන භාණ්ඩවල ටැක්ස් එක අපි අඩු කරන්නම් අපේ ඒවාට ටැක්ස් නොගහා ඉන්න කියලා නම් මේ ප්‍රශ්නයෙන් භාගයක් විසදගන්න තිබුණා.‘‘
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා,
‘‘අනුර දිසානායක හිතුවා දේශපාලන වේදිකාවල කතාකරනවා වගේ බේගල් තොගයක් ඇද බාපුවාමේ රටේ ප්‍රශ්නවලට විසදුම් සොයාගන්න පුලුවන් කියලා. ඇමරිකාවෙන් දාපු ටැක්ස් එක නිසා අපේ වෙලදපොල කඩාගෙන වැටෙනවා. බේගල් ඇද බාන්නේ නැතිව කරුණාකරලා රාජ්‍ය තාන්ත්‍රික විදිහට කතා කරලා රට මුහුණ දෙන අභියෝගවලින් රට ගලාවාගන්න වහාම කටයුතු කරන්න කියලා අපි අනුර දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.‘‘
පාර්ලිමේන්තු මන්ත්‍රී කබිර් හෂිම් මහතා,
‘‘අනුර දිසානායක මැජික් ලාම්පුවක් තියාගෙන මාස 4 ක් 5 ක් අතුල්ලනවා. ඒ ඇලඩින්ගේ මැජික් පහනින් හැම පාරම එලිය ආවේ වෙන කවුරුත් නෙවෙයි. රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා. අකුරට රනිල් වික්‍රමසිංහගේ ප්‍රතිපත්ති තමයි අනුර දිසානායක ක්‍රියාත්මක කරන්නේ. අනුරගේ බහිරවයා තවමත් රනිල් වික්‍රමසිංහ මහත්තයා. ‘‘
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා
‘‘ඇගලුම් අපනයනයක් ඉල්ල කරගත් ආර්ථිකයක් ප්‍රේමදාස ජනාධිපතිවරයා රටේ නිර්මාණය කළා. අද ඒ 36 අවුරදුද්දක ඇගලුම් අපනයන ආර්ථිකයේ මලගම උදාවෙලා තිබෙනවා. ඒකට වර්තමාන අදක්ෂ පාලකයින්ගේ තින්දු තිරණත් වැදගත් වෙනවා. දුර දකින නායකයා මේ ගැන මිට පෙර කතා කළා. ඒ ගැන ආණ්ඩුවේ අවදානය යොමු කරන්න කියලා කිව්වා. නමුත් ඇමරිකානු තානාපතිනිය එක්ක පින්තුර ගන්න විතරක් පුලුවන් අනුර දිසානායකගේ ආණ්ඩුවේ පිරිස් මේ ගැන කතා කළේ නෑ. රට බේරගන්න ජාත්‍යන්තර අත්දැකිම් තිබෙන සජිත් ප්‍රේමදාසගෙන් උදව් ගන්න කියලා අපි ආණ්ඩුවට කියන්න කැමැතියි.