කතු වැකිය
ප්‍රජාවට ඇස් තිබුණත් පෙනුම තිබුණත් නොදකින සැබෑව කුමක්ද ?
පූජ්‍ය පක්ෂයට මීටත් වඩා පපුවක් තියෙන්න ඕනා .
ඔවුන්ගේ හදවත් ස්පන්දනය රිද්මයකට විය යුතුයි .
මොකද පූජ්‍ය පක්ෂය බොහෝවිට බොහෝ විට බුද්ධිමය කම්පනයෙන් සමන්විතනිසා .
නමුත් එවැනි පූජ්‍ය පක්ෂයක් ලෝකය හෝ ශ්‍රී ලංකාව පුරා විරලව දකින්න ලැබීම කණගාටුවට කරුණක් .
අසාධාරණ ආණ්ඩු යටතේ දැක දැක එහි ගැලී
යැපෙමින් සිටින භික්ෂු සමාජය මෙයින් වඩාත් කැපී පෙනෙන තත්ත්වයක් .
මානව මිනිස් සමාජය කෙරෙහි අපරිමිත භක්තියකින් කිුරියාකරන භික්‍ෂු සමාජයක් ලාංකිකයින් සතුද?
හදවත් සසලකර තමන්ගේ විහාරස්ථානයේ ගොඩනගනන භෞතික සම්පත් වලින් සුපිරි භික්‍ෂු සමාජයක් මේ වනවිට අපට උරුම වී තිබෙනවා නොවේද ?
ඓතිහාසික සමාජයේ උජාරු කථා කියමින් සමාජය පොදු අගාධයකට තල්ලු කරන දේශපාලන සංස්කෘතියක යැපෙන භික්ෂු සමාජයක් අප සතු නොවේද?
බල ලෝභී පාලක පක්ෂ සියලු උපරිවැට්ටි දහමින් ප්‍රදර්ශනය කරමින් යැපෙමින් ජනතාව රැවටීම මේ දක්වා දක්නට ලැබුණු ලක්ෂණයක් .
පාලකයින් විසින් පතුරුවා හලන මිත්‍යාවන් වලින් වැසී ගිය එතෙක් මෙතෙක් ඉතිහාසය කඩ තුරාව ඉවත් කිරීමේ සැබෑ උවමනාවක් මේ භික්ෂූන් සතු වූවාද ?
ලංකාවේ බොහෝ විට පූජ්‍ය පක්‍ෂය ආකර්ෂණශිලීය .
ඒ ඒ බොහෝ විට පෙනී යන්නේ ආගමික නිර්මාතෘවරුන්ගේ සම්භාව්‍ය දේශන නිසාය .
නමුත් ඔවුහු ඔව්හු මේ පාරිභෝගික සමාජය හමුවේ පරහිත කාමින්?
නිරාමිස ගුණයෙන් යුක්තද ?
පින් සිත මෙත් සිත ඇති භික්ෂු සමාජයක් ඉන්නවානං ධන කුවේර භික්ෂු සමාජයකුත් ලංකාව සතුව තිබීම මොනතරම් පටලැවිලි සහගතද ?
සිල්ප කලාවයි ගුණ ගෞරවයයි විනීත කමයි එකට සංයෝග වූ ⁣ඵිතිහාසික සංදර්භයක් තිබුණු බව පොත පතින් අපි ඉගෙන ගෙනතිබෙනවා .
නමුත් එදා මෙදා භික්ෂු සමාජය දිහා තුන්වෙනි ඇසකින් බලන විට නොකැළැල් ඉතිහාසයක් හෝ වර්තමානයක් දකින්නට ලැබෙනවාද ?
ලංකා සමාජයේ ස්පර්ශ යනුවෙන් හැඳින්වෙන විශිෂ්ට සංස්කෘතියේ යම් පැතිකඩක් භික්‍ෂුසමාජය .
නමුත් ඒ ප්‍රෞඩත්වය රැක ගැනීමට මේ වනවිට බොහෝ විට භික්ෂූන් අසමත් වීම කණගාටුවට කරුණක්.
උතුම් හරවත් ගුණවත් භික්ෂුවට අද අභිමානවත් භික්ෂුව යනුවෙන් හඳුන්වාදීමට නොහැකි පරිසරයක මහජන මුදල් එකතු කිරීමට ඔවුන් සතු සදාචාරය කුමක්ද ?
සැබෑ අව්‍යාජ භික්ෂුවගේ ගෞරවයත් කෙලෙසන බොහෝ භික්ෂු සමාජවල සංස්කෘතීන් හමුවේ මේ තත්ත්වය උද්ගත වී තිබෙනවා .
මේ නිසා පොදුමහජනතාව සිය අධ්‍යාත්මය සියුම්ව ස්පර්ශ කරගෙනන ලබාදිය යුත්තක් ලබාදිය යුත්තේ පුඥාව මුල්කරගෙනය

කතු වැකිය ලිව්වේ සුමිත් කොඩිතුවක්කු .

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න