දුප්පත් කමේ මහිමය දැන් විහ        දා ලා

කුස්සියේ ලුණු කට්ට දැන් ඇත සුන් වීලා

කාන්තාවෝ මුල් කර ගෙන රජ       වීලා

ලැජ්ජා නැද්ද ලුණු කට්ටත් හිස් කර  ලා

රට වටා හිටපු කාන්තාවෝ එක මිටට එකතු කර ඒ කාන්තාවන්ගේ කර මතින් බලයට ආ මේ ආණ්ඩුව මේ වන විට එක පොකු රට ලුණු සොය සොයා රට පුරා ගමන් කරන තත්ත්වයක් දැකිය හැකි බව කාන්තා පරපුර සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශ ෆාතීමා හර් ෂණි මහත්මිය  කීවා ය.

වැඩිදුරටත් මාධ්‍යවලට අදහස් දක්වමින් ඇය මෙසේ ද කීවා ය.

ආණ්ඩුවට වයස මාස හතක් බවත් මේ මාස හත තුළ මේ ආණ්ඩුවේ කෙරුවාව නිසා කුස්සියේ ලුණු පොල් කට්ට හිස් කරන්නට සමත්ව ඇති බව ද ඇය කීවාය.

ගමේ ජනතාව ලුණු ගැන කතා කරන විට පවසන්නේ කොතරම් අඩුපාඩු ගෙදර තිබුනත් ගෙදර කුස්සියේ ලුණු පොල් කටුව හිස් කරන්න එපා යැයි කියමනක්  තියනවා.

මේ ආණ්ඩුව ආර් ථිකය හදනවා වෙනුවට ගෙදර ලුණු පොල්කට්ට හිස් කරන තත්ත්වයට රට ආර් ථිකය ගෙදර කුස්සිය දක්වා පත්කර ඇති බව ද ඇය කීවා ය.

ඇමති හඳුන්නෙත්තී නැවත ලුණු හිඟයක් ඇති නොවේ යන්න කියා සිටින අවස්ථාවක රට තුළ ඇති වී ඇති ලුණු අ ර් බුදය කුමක් ද වග එතුමාට මතක් කරන බව ද ඇය කීවා ය.

එතුමා කීවේ ලුණු නැවත රටට ආනයනය කරන්නට සිදු නොවන බවත් අලුත් ලුණු  කම් හලක් ආරම්භ කරන බව ද එතුමා කී බව ඇය මතක් කළා ය.  

ඇමති තුමා රෑට රෑට මළ ගෙවල් වල ගිහින් පාළු මකන්න කියන දේවල් වගේ මේ කතා පවසන්නේ නැතුව ලුණු ප්‍රශ්ණයට විසදුමක් ලබා දෙන්න කියා අපි රටේ කාන්තාවෝ වෙනුවෙන් ඇමති තුමාට ආණ්ඩුවට මතක් කරන්න කැමැති යි.

මට ලුණු  ගැන කතා කරන විට කවියක් මතක් උනා. මෙන්න ඒ කවිය.

දුප්පත් කමේ මහිමය දැන් විහ        දා ලා

කුස්සියේ ලුණු කට්ට දැන් ඇත සුන් වීලා

කාන්තාවෝ මුල් කර ගෙන රජ       වීලා

ලැජ්ජා නැද්ද ලුණු කට්ටත් හිස් කර  ලා

මේ ආණ්ඩුවේ ආර් ථික කෙරුවාව දිහා බැලුවම හල් කිලෝවක් ඩොලර් එකයි. ලුණු කිලෝවක් ඩොලර් 02 කයි. පොල් ගෙඩියක් ඩොලර් එකක් වන තත්ත්වයට පත් කර තියනවා.

ඒ නිසා පුනරුද ආණ්ඩුවේ පුනරුදය ගැන කතා කරන විට ලුණුයි, බතුයි, පොලුයි වත් කන්න නැති තත්ත්වයට ජනතාව පත් කර ඇති බව ද ඇය කීවා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න