11 නිවුස් මෙන්න
මොල්ගහ මිනි මරයි! රදිමාලියද්දේ එක් අයකු මරුට
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නිවස තුළදීම ජීවිතක්ෂයට පත් වී ඇති බව රිදී මාලියද්ද පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ රාජපක්ෂ මුදියන්සේලාගේ නිපුන් සංජුල නැමැති විසි අට හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු පෙතියාගොඩ රිදී මාලියද්ද ලිපිනයේ පදිංචි වී සිටි අයකු බවද පොලිසිය කියයි.
අංශභාග රෝගී තත්ත්වයෙන් පසුවන බිරිඳ සමඟ අඹු සැමි යුවලක් පමණක් එම නිවසේ එම අවස්ථාවේ සිට ඇති අතර මරණකරු පොල්ලක් ද රැගෙන විත් නිවසේ දොර කඩා බලහත්කාරයෙන් ඇතුල්වී ඇති බවද පොලිසිය කියයි.
මරණකරු මුලින්ම තමාට පොල්ලකින් පහර දුන් බවද ගේ හිමියා පොලිසියට පවසා ඇත. සැකකරු නිවස තුළදීම පොලීසියට භාර වීමෙන් පසුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සමෘද්ධි සංවර්ධන නිලධාරියකු බවද පොලිසිය කියයි.
ආරවුලට හේතු වී ඇත්තේ මරණකරු නිවෙස් හිමියාගේ දියණිය සමඟ ඇති කරගෙන තිබෙන ප්‍රේම සම්බන්ධතාවයක් බවටද තොරතුරු අනාවරණය වන බව පොලිසිය කියයි.මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබේ.රිදී මාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.
(01) අයියා මල්ලි වලියෙන් අයියා මිය යයි!
සහෝදරයන් දෙදෙනෙකු අතර (10) දින ඇති වූ ගැටුමකින් වැඩිමහල් සහෝදරයා ජීවිතක්ෂයට පත් වී ඇති බව ලිදුල පොලිසිය පැවසීය.
මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ තලවකැලේ ලිදුල පොලිස් වසමට අයත් ලිදුල කූමුඩ් වතුයායේ පදිංචිව සිටි මුත්තු සාමි එඩ්වඩ් නැමැති (53) තිදරු පියෙකි.
සහෝදරයන් දෙදෙනා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් සමග එකම නිවසක පදිංචිව සිට ඇති බවත්, පවුල් ආරවුලක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස් වීමක් දුරදිග යෑමෙන් මෙම ඝාතනය සිදු වී ඇති බවයි ඝාතනය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන ලිදුල පොලිසිය කියා සිටියේ.
ඝාතනයේ සැකකරු සැකපිට ලිදුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සැකකරු නුවරඑලිය මහේස්ත්රාිත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව ලිදුල පොලිසිය පැවසීය .
@ වෙසක් නිසා රැඳවූවන් 392 නිදහස්
වෙසක් මංගල්ය1යට සමගාමීව ජනාධිපති විශේෂ සමාව යටතේ (12) රැඳවූවන් 392 නිදහස් කිරීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
සියලුම බන්ධනාගාරවලින් තෝරා ගන්නා ලද පිරිමි සිරකරුවන් 388 දෙදෙනෙකු හා කාන්තා සිරකාරියන් 4 දෙනෙකු එසේ නිදහස් කිරීමට පියවර ගෙන ඇත.
සුළු වැරදි හා දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි සිරකරුවන් පිරිසකට මෙන්ම වයස අවුරුදු 65 ඉක්මවා ඇති රැඳවූවන්ටද මෙම සමාව හිමිව තිබේ.
ස්ත්රී6 දූෂණ,සංවිධානාත්මක අපරාධ, මත්ද්රුව්ය6 ජාවාරම්,මිනීමැරුම්, ඇතුලු බරපතළ ඝණයේ සිද්ධීන්වලට සම්බන්ධ සිරකරුවන්ට මෙම සමාව හිමිව නැති බව බන්ධනාගාර මාධ්යස ප්රසකාශක කොමසාරිස් ගාමිණී බී දිසානායක මහතා පැවසීය.
ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයෙන් 40 දෙනකු,වාරියපොළ බන්ධනාගාරයෙන් 38 දෙනකු,අනුරාධපුර බන්ධනාගාරයෙන් 36 දෙනකු,මහර බන්ධනාගාරයෙන් 30 දෙනකු ඇතුළු රැඳවූවන් 392 කු එසේ නිදහස් කර හැරීමට නියමිතය.
(12) පෙරවරු 10.30 වැලිකඩ බන්ධනාගාරගත රැඳවූවන් නිදහස් කිරීමට නියමිත බවද ඒ මහතා පැවසීය.
ජනාධිපතිවරයාට ආණ්ඩුක්රරම ව්ය.වස්ථාවේ 34 වන වගන්තිය ප්රීකාරව පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්ය් සමාව ලබාදෙන බවද දිසානායක මහතා පැවසීය.
වෙසක් මංගල්යේයට සමගාමීව (12) හා (13) යන දෙදින තුළ අමුත්තන්ට රැඳවූවන් බැලීම සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බවද මාධ්යෙ ප්ර3කාශ කවරයා සඳහන් කළේය.
රැඳවුවන්ට ආහාරපානාදිය හෝ සනීපාරක්ෂක ද්රිව්යෙ රැගෙන එන අවස්ථාවන්හිදී එක් අයකුට පමණක් ප්ර මාණවත් වන ආකාරයෙන් එම භාණ්ඩ රැගෙන එන ලෙසටද මාධ්යන ප්රුකාශකවරයා අදාල රැඳවුවන්ගේ ඥාති හිතමිත්රා දීන්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙම වෙසක් මංගල්යකයට සමගාමීව (12) (13) වැලිකඩ බන්ධනාගාර පරිශ්රවය ඉදිරිපිට වෙසක් කලාපයක් පැවැත්වෙන බවද ඔහු සඳහන් කළේය.
(02) මොලේ වැඩි එකා මොලේ අඩු එකෙක් මරා දමයි!
නාගොඩ ගම්මැද්දේගොඩ පොල්ලකින් පහරිදී මානසික ආබාධ සහිත පුද්ගලයෙකු ඝාතනය කරයි .
ගාල්ල නාගොඩ පොලිස් වසමේ ගම්මැද්දේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයෙකු පොල්ලකින් පහරදී මානසික ආබාධ සහිත පුද්ගලයෙකු (10දා) ඝාතනය කළ ඇති බව නාගොඩ පොලිස් ස්ථානය කියයි.
මෙසේ මෙම ගැටුමෙන් ඝාතනය වී ඇත්තේ ,නාගොඩ ගම්මැද්දේගොඩ, ප්‍රදේශයේ පදිංචිව සිටී 83 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු මානසික ආබාධයකින් පෙළෙනා පුද්ගලයෙකු බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.
මෙම ඝාතනයට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
(05) උඩුගම්පොල අවි නිවසක් අල්ලයි!
ගම්පහ පොලිස් බල ප්‍රදේශයට අයත් උඩුගම්පොල වීදියවත්ත ප්‍රදේශයේ නිවසක පවත්වාගෙන ගිය පතුරම් ගබඩාවක් වැටලූ ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිළධාරින් විසින් T 56 ,ගිනි අවි වලට යොදන උන්ඩ 94 ක්, 9mm උන්ඩ 06 ක් , රිවෝල්වර උන්ඩ 06 ක් 80 4s උන්ඩ 06 ක් , අයිස් ග්‍රෑම් 90ක්, හෙරෝයින් ග්‍රෑම් 15 ක් ද සමගින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත .
බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිළධාරින්ගෙන් ලද තොරතුරු මත යතුරු පැදියක ගමන් කරමින් සිටි සැකකටයුතු
පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන සිදුකල ප්‍රශ්න කිරීම් වලදී ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇත .
අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු 2025. 02 07 දින මිනුවන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ රෙජී රණතුංග විදුහල ඉදිරිපිටදී උදයංග රෝහණ හෙවත් ටොක්කා නැමැති අයට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාල ගිනි අවිය දැනට ඩුබායි රාජ්‍යයේ සැගවී සිටින පාතාල කල්ලි නායක කලුවා නැමැත්තා ගේ උපදෙස් මත ලොකේෂන් තබා වෙඩික්කරුට ලබාදී ඇත්තේ මෙම සැකකරු වන අතර ඒ සදහා රුපියල් විසිදහසක මුදලක් ලබා ගෙන ඇත .
-
- 26 දින කටුනායක පොලිස් බල ප්‍රදේශයට අයත් හීනටියන ඉහළමැන්ඩිය
ප්‍රදේශයේදී ,හීනටියන පදිංචි උදාර චතුරංග නැමැති අයට යතුරු පැදියකින් පැමිණී නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් නිවස තුලට පැමිණ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩ්ක්කරුවන්ට පතොරම් ලබාදී ඇත්තේද මෙම සැකකරු විසින් බව අනාවරණය වී ඇත .
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 21 හා 25 වියේ පසුවන උඩුගම්පොල වීදියවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ,ඔවුන් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබා ගත් රැදවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම් සිදු කරන අතර , ගම්පහ ජේෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ , ජේෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ දිස්ත්‍රික් 1 නාලක සේනානායක යන මහත්වරුන්ගේ උපදෙස් හා ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ ගම්පහ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති එස් ඩි ගරුසිංහ , ( පො.සැ.) රොෂාන් 12879
(පො.කො.) මාලින්ද 39627 , මදුසංක 102389, හේරත් 106532, ජයතිලක 106503 හා රණසිංහ 106495 යන නිළධාරින් සැකකරුවන් අත්අඩංගුවට ගත්හ.
(06) පොලොන්නරුව මාදුරුඔය ගුවන් අනතුරින් මියගිය යුද හමුදා විශේෂ බලකා නිලධාරීන් සිව්දෙනාගේ
පොලොන්නරුව මාදුරුඔය ගුවන් අනතුරින් මියගිය යුද හමුදා විශේෂ බලකා නිලධාරීන් සිව්දෙනාගේ සහ ගුවන් හමුදා නිලධාරීන් දෙදෙනා මෘත දේහයන් පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණ වලින් අනතුරුව, ඔවුන්ගේ ඥාතීන් වෙත භාරදීම 10 වෙනිදා සවස පොළොන්නරුව මහ රෝහලේදී සිදුවිය.
පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත් රුවන් කුමාර මහතාගේ සහ දෙහිඅත්තකණ්ඩිය වැඩබලන මහේස්ත්‍රාත් යූ.රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන් එම කටයුතු සිදුකෙරිණි.
පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් සිදුකරන ලද පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු අනුව මියගිය රණවිරුවන් දියේ ගිලීමෙන් සිදුවූ මරණ බවට මෙහිදී අනාවරණය විය.
මෙම ගුවන් අනතුරෙන් හමුදා නිලධාරීන් හය දෙනකු තවදුරටත් පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිති.
ඉකුත් 09 වෙනිදා සිදුවූ එම අනතුරෙන් තුවාල ලැබූවන්ගේ සුවදුක් විමසා බැලීමට යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ලසන්ත
රුද්‍රිගෝ මහතා ඇතුළු උසස් හමුදා නිලධාරීන් පිරිසක් රෝහලට පැමිණ සිටියහ.
ප්‍රතිකාර ලබන සෙබළුන්ගේ සුවදුක් විමසීමෙන් අනතුරුව හමුදා සාමාජිකයන්ට අවශ්‍ය ඉදිරි ප්‍රතිකාර පිළිබඳ රෝහල් බලධාරීන් සමඟ යුද හමුදාපතිවරයා සාකච්ඡාවක්ද සිදු කළේය.
යුද හමුදාපති ලුතිතන් ජනරාල් ප්‍රියන්ත රුද්‍රිගෝ මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව මාදුරුඔය විශේෂ බලකා පුහුණු පාසලේ හමුදා සෙබලුන් 132 කින් යුත් කණ්ඩායමක් විසිර යාමේ පෙළපාළියක් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබිණි.
ඒ සඳහා හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදා නිලධාරීන් හයදෙනකු, සහ මාදුරුඔය විශේෂ බළකා පුහුණ පාසලේ හමුදා නිලධාරීන් හයදෙනෙකු ඇතුළුව දොළොස් දෙනකු නිදර්ශනාත්මක ප්‍රදර්ශනයක් කිරීමට ගිය අවස්ථාවේදී මාදුරුඔය ජලාශයට එම හෙලිකොප්ටර් ගුවන් යානය වැටී මෙම අනතුර සිදුවුණි.
මෙම අනතුරු සිදුවී ඉතා කෙටි කලකදි, යුද හමුදා විශේෂ බලකායේ සහ, ගුවන් හමුදාවේ කණ්ඩායමක් බෝට්ටු වලින්, අනතුර සිදුවූ ස්ථානයට ගොස් අනතුරට පත් අයවලුන් මුදවා ගැනීමේ කටයුතු සිදුකළහ.
ගුවන් අනතුරෙන් අනතුරට පත් අයවරුන් මුදවා ගැනීම සඳහා මාදුරුඔය ජලාශයේ ධීවර කටයුතු සිදුකරමින් සිටි ධීවර පිරිසකගේද සහාය හමුදාවට සහ ගුවන් හමුදාවට ලබාදුනි.
අනතුරට පත් වූයේ හිඟුරක්ගොඩ යුද හමුදා කඳවුරේ හත්වන බල ගණයට අයත්ව තිබූ බෙල් 212 හෙළිකොප්ටර් ගුවන් යානයක් වන අතර, මාදුරුඔය ජලාශයට වැටී තිබූ එම ගුවන්යානයේ කොටස්, නාවික හමුදාව සහ ගුවන් හමුදාවේ කණ්ඩායමක් එක්ව පැය හයක පමණ මෙහෙයුමකින් අනතුරුව 10 වෙනිදා සවස ගොඩගනු ලැබූහ.
ගුවන් හමුදා හෙලිකොප්ටරය කඩා වැටීමට හේතුව කාර්මික දෝෂයක් බවට සැකකරන අතර, ගුවන් යානය මාදුරුඔය ජලාශයට කඩා වැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා නව දෙනෙකුගෙන් යුත් විශේෂ කමිටුවක් ගුවන් හමුදාපති එයා මාෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් පත් කර තිබේ.
(08) උපකාරක ගුරි පරිගක තරුණයට පහර දීලා!
පහේ ශිෂ්‍යත්ව විභාගය සඳහා උපකාරක පන්ති පවත්වන ප්‍රසිද්ධ ආයතනයක ගුරුවරියක් එම ආයතනයේ පරිගණක කටයුතු මෙහෙයවන තරුණයෙකුට අමානුෂික ලෙස පහර දුන්නේයැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට කටාන පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතැයි පවසයි,
මෙම සිද්ධියට සම්බන්ධව මෙලෙස ප්‍රධාන සැකකාරිය වශයෙන් චෝදනා ලැබ ඇත්තේ හයේශිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නමැති කාන්තාවකි,
මෙම ගුරුතුමිය විසින් එම ආයතනයේ සේවය කරන පරිගණක කටයුතු කරන කිඹුලපිටිය ගල් මංකඩ පදිංචි රිතික් ක්‍රිෂාල් අගලවත්ත (අවු.21)නැමැති තරුණයෙකුට තොගේ ඇට තලනවාය කියමින් දාගෙන සිටි අඩි උස සපත්තු වලින් තම ලිංගික අවයව ප්‍රදේශයට පහර දුන් බව පැමිණිල්ලෙන් කියා ඇත , මාගෙන් අමානුෂික ලෙස මෙම ගුරුතුමිය විසින් වැඩ ගන්නා බවට මගේ සහෝදරිය මුහුණු පොතේ දමා තිබූ සටහනක් පිළිබඳව කෝපයට පත්වී මට ව්‍යාජ චෝදනා නගමින් මෙම පහරදීම සිදුකළ බව පහර කෑමට ලක් වූ තරුණයා පොලිසියට වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත .මෙම පහර දීමට එම ගුරුතුමියගේ සැමියා සහ එහි කළමනාකරු බව කියන පුද්ගලයාද එක්වූ බව පැමිණිල්ලේ සඳහන් කර තිබේ,පහර කෑමට ලක් වූ තරුණයා ප්‍රතිකාර සඳහා මීගමුව රෝහලට ඇතුළත් කර තිබේ.
කටාන පොලිසිය පැවසුවේ ගුරුවරියගේ පාර්ශවයෙන්ද මෙම තරුණයාට එරෙහිව පැමිණිල්ලක් ලැබී තිබෙන බැවින් ඒ සම්බන්ධව ද අධිකරණයට කරුණු වාර්තා කිරීමට කටයුතු කරන බවය, ටියුෂන් ආයතනයේ සේවය කරන තරුණියකට මෙම තරුණයා ලිංගික අඩන්තේට්ටම් කළේ යැයි ගුරුතුමියගේ පාර්ශවය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කොට ඇත.
කටාන පොලිසියේ නඩු කටයුතු මෙහෙයවන උප පොලිස් පරීක්ෂක ප්‍රියන්තලාල් මහතාා විසින් මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකාරිය වන ගුරුතුමියගේ සැමියා 95/ඒ,1,ඩී. එස්.එස්.ජනපදය ,කටියල දෙමං හංදිය පදිංචි හේරත් මුදියාන්සේලාගේ චානක විශ්වජිත් යන අය සහ ආයතනයේ කළමනාකරු වශයෙන් සේවය කළ බව කියන අන්ධන කංකානමලාගේ දෙනෙත් ප්‍රණීත් සුරේන්ද්‍ර ,යන දෙදෙනා 09 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලදී,
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පැවසුවේ මෙහි ප්‍රධාන සැකකාරිය ප්‍රසිද්ධ තැනැත්තියක් වන බැවින් මහජන කැළඹීමක් ඇතිවිය හැකි බවත් එම ප්‍රධාන සැකකාරිය අධිකරණය මගහැර සිටින නිසාත් තුවාලකරු රෝහ ල් ගතව ප්‍රතිකාර ලබන නිසාත් විමර්ශන කටයුතු අවසන් කර නොමැති නිසාත් සැකකරුවන් ඇප මත මුදා හැරීම සිදු නොකර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් චමරි සඳුනිකා, දුලීසා විජේසූරිය,ජනණි පෙරේරා,යන නීතිඥ මහත්මීන්සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ නෙල්සන් කුමාරනායක මහතා පෙනී සිටි අතර
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චාන්දනී දයාරත්න මහත්මිය ඇතුළු නීතිඥ කණ්ඩායම ප්‍රකාශ කළේ මෙම ගුරුතුමිය ප්‍රසිද්ධ තැනැත්තියක් වන බැවින් ඇය රක්ෂිත බන්ධනාගාර ගත කළහොත් ඇගේ ජීවිතයට යම් තර්ජනයක් එල්ල වීමට ඉඩ ඇති නිසා ඇය පොලිසියට ඉදිරිපත් නොවූ බවය,ඉදිරි නඩු වාරයකදී ඇය ඉදිරිපත් කිරීමට හැකි බව සඳහන් කළ නීතිඥ මණ්ඩලය ඕනෑම ඇප කොන්දේසියක් මත තම සේවා දායකයන් දෙදෙනා ඇප මත මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය,
දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා සැකකරුවන් දෙදෙනා ලබන 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත පිරීමට නියෝග කළේය,මෙම සැකකරුවන් දෙදෙනා මෙවැනි පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මීට පෙර ඇප මත මුදාහැර සිටින පුද්ගලයන් දෙදෙනෙකු බවට වාර්තා වීමද ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට සලකා බැලීමට සිදුවූ බව වැඩ බලන මහේස්ත්‍රාත් ප්‍රීමාල් අමරසිංහ මහතා මෙහිදී සඳහන්න් කළේය.
(09) දුම්වැටි තොගයක් කටුනාකයින් අල්ලයි!
රුපියල් ලක්ෂ 600 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් , නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ , කිසිවක් ප්‍රකාශ කිරිමට නොමැති ” හරිත මාවත ” ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් සිව් දෙනෙකු 05/10 දින රාත්‍රී ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් කොළඹ අවට ප්‍රදේශයන්හි , එනම් වැල්ලම්පිටිය , දෙමටගොඩ , බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශ වල පදිංච් වයස අවුරුදු 25 ත් 30 ත් අතර පසුවන තරුණයන් පිරිසකි .
මොවුන් 05/10 දින රාත්‍රී 09.50 ට ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් සංවිධානාත්මකව එකිනෙකා වෙන්වෙන් වශයෙන් හරිත මාවත ඔස්සේ , ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ද , එම ප්‍රයත්නයන් ව්‍යයර්ථ කර , ඔවුන් සිය ගමන් මලු 20 ක් තුළ අසුරා ගෙන තිබූ , විදේශීය නිෂ්පාදිත
” මැන්චෙස්ටර් ” වර්ගයේ දුම්වැටි ලක්ෂ 04 ක් අඩංගු දුම්වැටි කාටූන් 2,000 ක තොගය රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම අත් අඩංගුවට ගැනීම කටුනායක ගුවන් තොටුපොළ මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පැවසූහ .
කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.
(12)
දියමත ලිස්සා ගිය චීන දියට වැටී මිය යයි!
අම්පාර දිස්ත්‍රික්කයට අයත් අරුගම්බෙ සංචාරක කලාපයේ පානම පීනට්පාම් වෙරළ තීරයේ සර්පින් (රළ පැදීමේ) පදිමින් සිටි චීන ජාතික තරුණියක් මුහුදේ ගසාගෙන යමින් සිටියදී පානම පොලීසියට අනුයුක්තව රාජකාරි කරන ජීවිත ආරක්ෂක නිළධාරීන් විසින් නිරුපද්‍රිතව බේරාගෙන ඇත-
(2025/05/09 වනදින උදේ 8.30ට පමණ මෙම අනතුරට මුහුණ පෑවේ චීන ජාතික ලිව් පේයි නැමැති 29 හැවිරිදි තරුණියකි. ඇයතම යෙහෙලිය සමග සර්පින් පදිමින් සිටි අවස්ථාවේ මෙසේ අනතුරට ලක් වී ඇත. මේ දෙස කිසිවෙකුගේ අවධානය යොමු නොවුනත් එක් කන්ඩායමකගේ උකුසු ඇස් ඒ දෙස යොමු වී තිබුණි. ඒ නිමක් කොනක් නැති මහා සාගරය දෙස ඇසිපිය නොහෙලා බලා සිටින ජීවිතාරක්ෂක නිලධාරීන්ගේය.මෙම උකුසු ඇස්වලට යොමුවුනේ ඈතමුහුදේ ක්ෂණික දියවැළකට හසුවී ගසාගෙන යන අවස්ථාවේ උදව් ඉල්ලා අත්දෙක වනන තරුණියකි.සෑම විටම තම ජීවිතය පරදුවට තබා අන් අයගේ ජීවිත බේරාගැනීමට ක්‍රියා කරන ජීවිතාරක්ෂක නිළධාරීන් තරුණිය බේරා ගැනීමේ අරමුණෙන්ක්ෂණිකව මුහුදට පැන්නද එය එතරම් පහසු නැති බව දැනගත්තේ දිය වැලේ සැර ඉතා තදින් දැණුනු හෙයිනි. ඒ වන විටත් මෙම තරුණිය මීටර් 500ක් පමණ දියඹ දෙසට ගසා ගෙන යමින් සිට ඇත-
(නමුත් උත්සාහය අත් නොහැරි නිළධාරීන් කෙසේ හෝ පැය භාගයක් පමණ දියවැල සමග සටන්කර මහත් පරිශ්‍රමයක් යොදා තරුණිය නිරුපද්‍රීතව ගොඩ බිම වෙත රැගෙන ඒමට පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම සමත් වී ඇත. මේ සඳහා කන්ඩායම් බාර නිළධාරි පො.කො. 79541හර්ෂ, ජීවිතාරක්ෂක නිළධාරි පො.සැ. 44270 අමරනායක, පො.කො.77351 හේරත්,පො.කො. 79128 සමින්ද,පො.කො.79518 සේනක, පො.කො. 92413 රාජපක්ෂ යන නිළධාරීන් හා ගලවා ගැනීමේ කටයුතු වල යෙදෙන නුවන් සරෆ් ස්කූල්හි එච්.ජී. නුවන් කුමාර මහතාද එක් වූහ. මේ පිළිබඳ වැඩිදුර විමර්ෂණ පානම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක පී.කේ. තිලකරත්න මහතාගේ මෙහෙය වීමෙන් සිදු කරන බව පැවසූහ.
(013) කාලයේ තාලයට පාතාලයේ කළුවා අයිස් උණ්ඩ එක්ක කොටු වෙයි!
පාතාල කල්ලියක ප්‍රබල සාමාජිකයකු වන මිනුවන්ගොඩ කළුවාගේ සමීපතම ගෝලයකු අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 90 ක් සහ ජීව උණ්ඩ 120 ක් සමග ගම්පහ උඩුගම්පොළ වීදියවත්ත ප්‍රදේශයේදී අත් අඩංගුවට ගැනීමට ගම්පහ මූලස්ථාන පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එස්.ඩී.ගරුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සමත් විය.
මෙම වැටලීම ගම්පහ බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කෙරිණි.
- 26 දින කටුනායක පොලිස් බල ප්‍රදේශයට අයත් හීනටියන ඉහළමැන්ඩිය
අත් අඩංගුවට ගත් සැකකරු අවුරුදු 22 ක් වයසැති උඩුගම්පොළ වීදියවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බව පොලීසිය සඳහන් කරයි.
අත් අඩංගුවට ගත් සැකකරු අයිස් මත් ද්‍රව්‍ය ජාවාරමක යෙදී සිටින බවට සිදු කල විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඔහු ලග තිබී අයිස් මත් ද්‍රව්‍ය ග්‍රෑම් 90 ක්, T 56 වර්ගයේ ජීව උණ්ඩ 94 ක්, 84.5 වර්ගයේ ජීව උණ්ඩ 06 ක්, 9 mm වර්ගයේ ජීව උණ්ඩ 06 ක්ද, 38 වර්ගයේ ජීව උණ්ඩ 14 ක්ද පොලිස් භාරයට ගෙන ඇත.
අත් අඩංගුවට ගත් සැකකරු හා නඩු භාණ්ඩ ගම්පහ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජගත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ගම්පහ I නාලක සේනානායක යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ ගම්පහ මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ උපදෙස් පරිදි ගම්පහ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති එස්.ඩී.ගරුසිංහ මහතාගේ මෙහෙයවීමෙන් පොලිස් සැරයන් රොෂාන් (12839), පොලිස් කොස්තාපල්වරුන් වන මාලින්ද (39627) සහ පුෂ්පකුමාර (102434) යන නිලධාරීන් වැටලීමට එක් වූහ.
(14) චින හොරා මුදල් එක්ක කටුනායකදි කොටු
රුපියල් දොළොස් ලක්ෂ විසි දහසක් වටිනා ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදලක් අබුඩාබි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානය තුළ දී සොරා ගත් චීන ජාතිකයෙකු 05/11 දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
54 හැවිරිදි මොහු ,මෙම ගුවන් යානයේ පැමිණි එකම චීන ජාතිකයාය. 05/10 දින රාත්‍රී 08.30 ට ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 396 දරන ගුවන් යානය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
එහි ගමන් ගත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත 81 හැවිරිදි ඇමෙරිකානු කතෝලික පූජකවරයකු , ශ්‍රී ලංකාවේ වාසය කරන සිය වැඩිමහල් සොහොයුරියට වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා ඇයට පරිත්‍යාග කිරිමට මෙම ඇමෙරිකානු ඩොලර් 4,000 ක මුදල රැගෙන විත් තිබේ .
මෙම ගුවන් යානය අබුඩාබි නුවරින් පිටත් වී මද වේලාවකට පසු , මෙම පූජකවරයාගේ ගමන් මල්ලේ තිබූ මුදල , මෙම චීන ජාතිකයා විසින් සොරා ගෙන තිබේ.
මේ බැව් ගුවන් සේවා නිලධාරීන් වෙත දැනුම් දීමෙන් පසු , ඔවුන් කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් එක්ව මෙම චීන ජාතිකයා අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු ඒ වනවිටත් , තවත් වෙනත් ගුවන් යානයකින් ඉන්දියාව වෙත යාම සදහා අවශ්‍ය කටයුතු සූදානම් කර ගනිමින් සිට තිබේ .
මෙසේ අත් අඩංගුවට ගත් චීන ජාතිකයා සහ ඔහු සන්තකයෙහි තිබූ ඇමෙරිකානු ඩොලර් තොගය 05/11 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය .
මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත , උප පොලිස් පරීක්ෂක චන්දන , පොලිස් කොස්තාපල්වරුන් වන 38226 දිසානායක සහ 102313 වික්‍රමසිංහ යන නිලධාරී මහත්වරුන් විසින් සිදු කරමින් සිටිති.
(015) බදුල්ලේ කඩ කාමරයක් ලක්ෂ 110කට ඩෙණ්ඩරයක් එයි!
බදුල්ල මහ නගර සභා ඉතිහාසයේ රුපියල් ලක්ෂ 110ක වැඩිම මුදලකට කඩ කාමරයක් ටෙන්ඩර් කිරීමකින් ලබාදී ඇති පුවතක් වාර්ථා වනවා.
බදුල්ල මහ නගර සභාව සතු වර්ග අඩි 96ක කඩා කාමරයක් රජයේ තක්සේරු මුදල වන රුපියල් ලක්ෂ 16කට කැදවා තිබූ ටෙන්ඩරයක් මෙලෙස රුපියල් ලක්ෂ 110කට අලෙවිවී තිබේ.
මෙය බදුල්ල මහ නගර ඉතිහාසයේ කඩ කාමරයක් වැඩිම ලංසු මුදලකට අලෙවිවූ බව බදුල්ල මහ නගර සභාවේ නාගරික කොමසාරිස් ජගත් ප්රිලයශාන්ත මහතා සදහන් කර සිටී.
බදුල්ල මහ නගර සභාව සතුබදුල්ල දකුණු පටු මාවතේ ඇති වර්ග අඩි 96ක්වූ තනි මහල් කඩ කාමරයක් ගිවිසුම් කොන්දේසි උල්ලංගණය කිරීමක් හේතුවෙන් 2024 ජූලි මාසයේදී මහ නගර සභාවට පවරා ගෙන තිබිණ.
ඉන් පසුව රජයේ තක්සේරුව මත පුවත්පත් දැන්වීම් මාර්ගයෙන් මෙම කඩ කාමරයට ටෙන්ඩර් කැදවීමක් කර ඇති අතර ඒ සදහා ටෙන්ඩර්කරුවන් 31 දෙනෙක් ඉදිරිපත්ව සිට තිබේ. එම ටෙන්ඩරය විවෘත කිරීම පෙරේදා(10) දින සිදුකර තිබෙන අතර
එහිදී වැඩිම ලංසු මුදලවූ රුපියල් ලක්ෂ 110ක් ඉදිරිපත්කල පුද්ගලයාට වසර 25ක බදු ගිවිසුමක් යටතේ මෙම කඩ කාමරය ලබාදීමටකටයුතු සිදුකල බවත්
මෙම ලක්ෂ 110ක්වූ මුදල නැවත නොගෙවන මුදලක්ද වන බැවින් එය නගරයේ ඉදිරි සංවර්ධන කටයුතු වෙනුවෙන් භාවිතා කල හැකි බවයි නාගරික කොමසාරිස වරයා වැඩිදුරටත් සදහන් කළේය.
(16) බස් අනතුරේ සම්පුරණ කතාව
කතරගම සිට කුරුණෑගල දක්වා ධාවනය වූ ලංගම බස් රථයක් නුවරඑලිය ගම්පොළ ප්රනධාන මාර්ගයේ කොත්මලේ රම්බොඩ ගැරඩි ඇල්ල ප්රරදේශයේදි අඩි 100ක් පමණ ප්රසපාතයට පෙරලීමෙන් එම බස් රථයේ ගමන් ගත් 21 දෙනෙකු ගොස් ඇති බව කොත්මලේ පොලිසියේ නිළධාරියෙකු පැවසීය.
එම 21 දෙනාගේ සිරුරු මේ වන විට කොත්මලේ ප්රාඇදේශීය රෝහලේ තැම්පත් කර ඇති අතර, අනතුරින් මිය ගිය තවත් කිහිප දෙනෙකුගේ සිරුරු බස් රථයට යට වී ඇති බවත්, එම සිරුරු ගොඩ ගැනීමට පොලිසිය සහ ප්ර දේශවාසීන් දැඩි උත්සහයක් නිරත වෙමින් පවති.
බස් රථයේ රියදුරාද අනතුරින් මියගොස් ඇති බවයි පොලිසිය කියා සිටියේ.
බස් රථය (11) දින අළුයම 4:30ට පමණ මෙම අනතුර සිදු වී ඇති අතර, ධාවනය වෙමින් තිබූ බස් රථය තුළ මගීන් 75 දෙනෙකු පමණ ගමන් කර ඇති බවත්, අනතුරින් තුවාල ලැබූ තුවාලකරුවන් කොත්මලේ ප්රා)දේශීය රෝහල, නුවරඑලිය දිස්ත්රි ක් මහ රෝහල, ගම්පොළ සහ නාවලපිටිය මූලික රෝහල් වෙත මාරු කර යවා ඇති බවත්, ඉන් තුවාලකරුවන් කිහිප දෙනෙකුගේ තත්වය බරපතල බවයි පොලිසිය කියා සිටියේ.
ධාවනය වෙමින් තිබූ බස් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතු වී ඇති බවට අනතුර පිළිබද පරික්ෂණ පවත්වන කොත්මලේ පොලිසිය සැකකරයි.
අනතුර පිළිබද සොයා බැලීමට කථානායක ජගත් වික්රසමරත්න මහතා සහ ප්ර වාහන සහ මහාමාර්ග නියෝජ්යා අමාත්යක වෛද්ය ප්රතසන්න කුමාර ගුණසේන එම ස්ථානයට පැමිණ සිටියහ.
මෙහිදි මාධ්ය.ට අදහස් දැක්වූ ප්රවවාන සහ මහාමාර්ග නියෝජ්යන අමාත්යම වෛද්යැ ප්රිසන්න කුමාර ගුණසේන මහතා කියා සිටියේ අනතුරින් මිය ගිය සියලු දෙනාගේ පවුල්වලට රජය සිය ශෝකය ප්ර කාශකරන බවයි.
ඉදිරියේදි මෙවැනි අනතුරු සිදු වීම පාලනය කිරිමට පියවර ගන්නා බවද නියෝජ්යට අමාත්යේවරයා කියා සිටියා.
අනතුරින් තුවාල ලබා කොත්මලේ ප්රාමදේශීය රෝහලේ නේවාසිකව ප්රනතිකාර ලබන රෝගියෙකු කියා සිටියේ තමන් කතරගම සිට මහනුවර දක්වා යෑමට බස් රථයට ගොඩ වූ බවයි. බස් රථය අනතුරට පත්වන අවස්ථාවේ බස් රථය තුළ 100කට ආසන්න පිරිසක් සිටියා. පාන්දර එක පාරටම බස් එක ඇදිලා යනවා දැනුනා. ඊට පස්සේ බස් එක තේ වත්ත පැත්තට පෙරලෙන ගමන් මම අමාරුවෙන් එලියට ඇවිල්ලා පුළුවන් අයව එලියට ගත්තා. යනුවෙන් පැවසීය.
මෙම බස් රථ අනතුරින් බස් රථයේ රියදුරු වන ඩබ්ලිව්. කැළුම් චන්දන (38) ද මිය ගිය බව පොලිසිය පැවසීය.
(017) ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින දින සිට නිම වෙයි!
2024-2025 මෙවර ශ්‍රී පාද වන්දනා සමය වෙසක් පුන් පෝය දින එනම් (12) දිනයෙන් නිමාවට පත් විමට නියමිතව තිබෙි.
ඒ අනුව වෙසක් පෝය දිනට පසුදින දහවල් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවෙි ශ්‍රී ධමිමදින්න හිමියන්ගේ අනුසාසනා පරිදි ශ්‍රී පාද උඩ මළුවෙිදි සධාතුක කරඬුවට හා ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ රන් මුවා පිළිමයට බෞද්ධ වත් පිළිවත් අනුව වන්දනාවාරය නිමාකිරිමට ප්‍රථම චාරිත්‍රානුකූල පුද පුජා පැවැත්විම සිදු කෙරේ.
අනතුරැව සධාතුක කරඬුව සහ සමන් දේව රැව හා දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානය දක්වා වැඩම කෙරේ. ශ්‍රී පාද අවරේ කාලය ඉන් අනතුරැව ආරම්භ කෙරෙන අතර අවාරේ කාලයේ සධාතුක කරඬුව, සමන් දේව ප්‍රතිමාව සහ දේවාභරණ පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රී පාද රාජමහා විහාරස්ථානයේ තැමිපත් කර තිබේ.
(18) වැනි මරපු අය හදුනා ගනී
සමාජ ක්රි යාකාරිකයකු වූ ඩෑන් ප්රි යසාද් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් දෙදෙනෙකු කොළඹ අතිරේක මහේස්ත්රාෂත් හර්ෂණ කැකුණවෙල මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැවති පෙරට්ටුවකදී සාක්ෂිකරුවන් තිදෙනෙකු විසින් සැකකරුවන් දෙදෙනා හඳුනා ගනු ලැබීය.
එසේ හඳුනාගන්නා ලද සැකකරුවන දෙදෙනා මෙම මස 23 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසටද අධිකරණයෙන් නියම විය.
සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම විමර්ශනය වැරදි පාරක යන බව සඳහන් කර සිටියා.
අත්අඩංගුවේ පසුවන සැකකරුවන් දෙදෙනාම මෙම සිද්ධියට කිසිසේත්ම සම්බන්ධ නොමැති බවත් නියම වෙඩික්කරුවන් නිදැල්ලේ සිටින බවත් ඔහු පැවසුවා.
මෙම හඳුනා ගැනීමේ පෙරෙට්ටුව සඳහා ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් දෙදෙනෙකු දෙවන සැකකරුගේ ඥාතීන් බව සඳහන් කළ නීතිඥවරයා සැකකරුවෝ හොඳින් හඳුනන ඥාතීන් දෙදෙනෙකු ඔහු හඳුනා ගැනීම සඳහා පෙරට්ටුවකට ඉදිරිපත් කිරීම නීත්යා නුකූල නොවන බවත් පැවසුවා.
එහෙත් විමර්ශන සිදු කරන බස්නාහිර පළාත් දකුණ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරියා අධිකරණය හමුව සඳහන් කළේ සාක්ෂිකරුවන්ගේ ප්රිකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව සහ සීසීටීවී දර්ශන වලින් අනාවරණය කරගත් තොරතුරු මත මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බවයි.
සිද්ධියට සම්බන්ධ විමර්ශන තවදුරටත් සිදු කෙරෙන බවත් එම නිලධාරියා සඳහන් කර සිටියා.
පැමිණිල්ල මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාුත්වරයා සැකකරුවන් දෙදෙනා මෙම විසිතුන දින දක්වා එසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගතත කළේ ය.
(19) එක්රේ කිරණ යවා නිදන් හරපු අය කොටුවෙයි!
භූගත වස්තූන් නිරීක්ෂණය කරන අන්තර්ජාල සම්බන්ධතාවයෙන් ක්‍රියාකරන අධි බලැති ස්කෑනර් යන්ත්‍රයක් භාවිතා කරමින් පෙරියකුලම ගල්තලාවක නිධානයක් ගැනීමේ අරමුණින් අනවසර කැණීමක් කළ දෙදෙනෙකු ලබන මැයි 20 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය අතිරේක මහේස්ත්‍රාත් ආරියරත්නම් වෙල්ටන් අර්ජුන් මහතා නිලාවේලි පොලිසියට නියම කළේය .
මෙලෙස බන්ධනාගාර ගත වූයේ කින්නියා, කාකමූණේ පදිංචි නිසාර්දීන් මොහොමදු අසාමි (25) හා නිලාවේලි, පෙරියකුළන් පදිංචි සින්නතම්බි සුදර්ශන් (34) නැමති අයයි. නිලාවේලි පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී.ඩි. ප්‍රදීප් නිශාන්ත කුමාර මහතා බී වාර්තාවක් මගින් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් තවත් සැකකරුවන් දෙදෙනකු පළා ගිය බවත් ඔවුන් මේ වන විට හඳුනාගෙන ඇති නිසා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් කරුණු දැක්වීය .
අධි තාක්ෂණික ස්කෑනර් යන්ත්‍රයට අමතරව මිටියක්, ගල්කටුවක්, උල් කටුවක් මෙරට නිෂ්පාදිත ස්කෑනර් යන්ත්‍රයක් බවට සැක කරන කොටසක් නඩු භාණ්ඩ ලෙස පොලිසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි .ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා කැණීම් කළ ස්ථානයේ පුරාවිද්‍යා වාර්තාවක් කැඳවන ලෙසත් පලා ගිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලිසියට නියම කළේ ය.
(20) දන්නවද සේමිනි නිදහස් ශ්…
පෞද්ගලික ආරක්ෂක ආයතනයක් පවත්වාගෙන යමින් එහි සේවකයන්ට සේවක අර්ථසාධක අරමුදල් ඇතුළු මුදල් ගෙවීම පැහැරිය බව කියන චෝදනා කීපයක් සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටියදී වැලිකඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ රංගන ශිල්පිණිි සේමිණී ඉද්දමල්ගොඩ ඇපමත මුදාහරිණ ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාිත් බණ්ඩාර ඉලංගසිංහ මහතා (11) නියෝග කළේය.
සේවකයන්ට මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්රාහත් අධිකරණය මගින් සැකකාරියට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු හතරකට අදාළව ඇය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවද පැමිණිල්ල මෙහෙය වූ වැලිකඩ පොලීසිය අධිකරණයට දැන්වීය.
මෙවැනි තවත් සිද්ධීම් කීපයකට අදාළව සැකකාරියට එරෙහිව මාතර මහේස්ත්රාපත් අධිකරණය මගින් වරෙන්තු දෙකක් හා තංගල්ල මහේස්ත්රාාත් අධිකරණය මගින් එක් වරෙන්තුවක්ද ඇතුළුව අධිකරණ මගින් ඇයට එරෙහිව වරෙන්තු හතක් නිකුත් කර තිබූ බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායිකාව රංගන ශිල්පිනියක් බවත් ඇයට අධිකරණය මගහැරයාමේ කිසිදු අවශ්යාතාවයක් නොතිබූ බවද පැවසූහ.
පොලිසිය මගින් චෝදනා ගොනුකර ඇති ඇතැම් නඩුවලට අදාළ මුදල් සිය සේවා දායිකාව විසින් දැනටමත් ගෙවා අවසන් කර ඇති බවත් එම නඩු කම්කරු දෙපාර්තමේන්තුව විසින් ඉල්ලා අස්කරගෙන තිබෙන බවද නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්රාුත්වරයා සැකකාරිය රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප හතරක් මත මුදා හැරීමට නියම කළ අතර කොළඹ මහේස්ත්රාිත් අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබෙන පැමිණිලි හතරට අදාලව මුදල් ගෙවීම් සිදුකළ වාර්තා ලබන 19 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද සැකකාරියට නියෝග කළේය.