(01) ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ආපන ශාලාවේ අමුතු කෑමක් මෙන්න!
ගාල්ල කරාපිටිය ජාතික රෝහල විසින් ආපන ශාලා කුලී ආදායම සහ වෙනත් සේවා කුලී ආදයම වු රුපියල් මිලියන 2.56ක මුදලක් රාජ්‍ය ආදායමට බැරනොකර සුභසාධන ගිණුම්වලට බැරකිරිම සම්බන්දයෙන් පුර්ණ පරික්ෂණයක් සිදුකර වගකිවයුතු නිලධාරින් සම්බන්දයෙන් විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට විගණනය මගින් නිර් දේශ කර තිබේ. අයවිය යුතු මුදල් සැපයුම්කරුවන්ගෙන් එකතුකර නොගැනිමට ද කටයුතු කර තිබුණි. මෙකි ආදායම රාජ්‍ය ආදායමට බැරකළයුතුවුවත් 2023 වර්ෂයේ ජුනි මස 02 වැනිදින වනවිටත් රාජ්‍ය ආදායමට මෙම මුදල බැරකොට නොතිබුණි. මේ පිළිබද සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රධාන ගණන්දිමේ නිලධාරිවරයා විගණනයට සදහන් කොට ඇත්තේ විගණන නිරික්ෂණ සමග එකගවන බවත් ආපනශාලා කුලි හා වෙනත් කුලි ආදායම් රාජ්‍ය ආදායමට බැරකිරිමට කටයුතු කරමින් පවතින බවයි.
(02) මාළු ව්‍යාපාරිකයාගේ නිවසේ ඉහළ මාලයේ සිටි මාළු හොරා අල්යි!
පානදුර මෝදරවිල මහල් නිවසල පදිංචිව සිටින මාළු ව්‍යාපාරිකයාගේ නිවස බිද රුපියල් ලක්ෂ පහක මුදලක් සොරකම් කල එම මහල් නිවාසයේම ඉහළ මහලේ පදිංචි පුද්ලගලයකු ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි. පැමිණිලිකරුගේ නිවසේ අල්මාරියේ තිබූ මුදල් සොරකම් කර දෙවන සැකකරු සමග එක්ව අල ළූනු ව්‍යාපාරයක් සිදුකිරීමට පිටකොටුවෙන් මිළදී ගෙන ආ අල, බී ළූනු සහ රතු ලුනු කිලෝ 800 කට ආසන්න ප්‍රමාණයක්ද සොයාගත් බව පොලිසිය කීය. සැකකරුවන් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. මූලස්ථාන පොලිස් පරීක්ෂක උපුල් ප්‍රියංකර මහතාගේ උපදෙස් පරිදි අපරාධ අංශ නිළධාරින් පරීක්ෂණ පවත්වති.
(03) ලාදුරු රෝගීන් වැඩිවශයෙන් සිටින දිස්ත්‍රික්කවලින් පස්වන ස්ථානය ගාල්ල දිස්ත්‍රික්කයට හිමි වී තිබෙන අතර ඒ අයගෙන් සියයට හතක් හමුවන්නේ සුව කරන්න බැරි තත්ත්වයේ උදවිය යැයි, ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් රණවීර මහතා පැවසීය.
අම්බලන්ගොඩ සෙන්ට්‍රල් සිංහ සමාජයේ විසි තුන්වැනි සංවත්සරය නිමිත්තෙන් එහි සභාපති සිංහ ප්‍රසන්න ද සිල්වා මහතා විසින් සංවිධානය කොට බළපිටිය ‘ද වලව්ව‘ හෝටලයේ දී 30 වැනිදා රාත්‍රියේ දී පැවති උත්සවයක් අමතමින් ඒ මහතා මේ බව කීය. 306 ඒ 1 සිංහාධිපති සිංහ වෛද්‍ය ප්‍රියංග පුපුලේවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම උත්සවයේ දී තව දුරටත් කතා කළ රණවීර මහතා මෙසේ ද කීය. අපේ රටේ රෝගාබාධවලින් මිය යන අයගෙන් සියයට අසූවක්ම මිය යන්නේ බෝ නොවන රෝගවලින්. ලංකාව පුරාම රෝහල්වල වැඩිපුරම මෙවැනි රෝගීන් පිරී තිබෙන්නේ. රෝහල්වලටත් මෙය දරාගන්න බැහැ. ඒ නිසා වෙනත් මොඩල් එකකට යන්න වෙනවා. සෞඛ්‍ය අමාත්‍යංශයත් මෙය පාලනය කරගැනීමේ චේතනාවෙන් නව මොඩල් එකකට යන්න හදනවා. ප්‍රාථමික සත්කාරයටත් වඩා පහළින් පටන් ගන්න වෙනවා. මේ සඳහා පළමුවෙන් මාතලේ සහ ගාල්ල යන දිස්ත්‍රික්ක දෙක තෝරාගෙන තිබෙනවා. රෝගී ජනතාවට අවශ්‍ය සේවය මේ තුළින් ලබාදීම කරනවා. මේ දිස්ත්‍රික්ක දෙකේ ප්‍රගතිය අනුවයි ලෝක බැංකුවෙන් ආධාර ලබා දෙන්නේ. මාතෘ සායන මධ්‍යස්ථාන මසකට දිනයක් නැත්නම් දෙකයි ක්‍රියාත්මක කරන්නේ. අනෙක් දින සියල්ලෙම එය වසා දමා තිබෙන්නේ. අනෙක් දිනවලත් ප්‍රයෝජනය ගත යුතුයි. බෝ නොවන රෝග වගේ පිළිකා රෝගත් පරීක්ෂා කිරීම අවශ්‍ය වෙනවා. දිනකට අඩුම ගණනේ මාර්ග අනතුරුවලින් දස දෙනෙක්වත් මිය යනවා. පන්සල්වලට ගිහින් පිං කරනවට වඩා ලොකු පිනක් ලැබෙනවා මේ අනතුරුවලින් ජීවිත බේරා ගැනීම. දකුණු පළාතේ මුහුදේ නාන තැන් තිබෙනවා. ඒ තැන්වලදිත් දියේ ගිලී මිය යන අය ඉන්නවා. එවැනි ස්ථානවල දැනුවත් කරන පුවරු නැහැ. ගාල්ල දිස්ත්‍රික්කයේ එවැනි පුවරු සවිකර දැනුවත් කරමු. ලාදුරු රෝගීන් වැඩි වශයෙන් සිටින දිස්ත්‍රික්කවලින් ගාල්ල දිස්ත්‍රික්කය පස්වන ස්ථානයේ ඉන්නේ. මේ අය රෝහල්වලට එන්නේ රෝගී තත්ත්වය වැඩි වූ විටයි. ඒ අයගෙන් සියයට හතක්ම සුව කරන්න බැහැ. ලාදුරු රෝගීන් මුහුද තීරයේ වැඩිපුරම සිටින බවට හඳුනාගෙන තිබෙන බවත් කීය. අම්බලන්ගොඩ සෙන්ට්‍රල් සිංහ සමාජයේ සභාපති සිංහ ප්‍රසන්න ද සිල්වා මහතා, පසුගිය වසර තුළ කරන ලද ව්‍යාපෘති එකසිය විසි පහෙන් දාහත් දහසකට වඩා වැඩි පිරිසකට නොයෙකුත් සේවාවන් මගින් විශාල සේවාවක් ඉටු කිරීමට හැකි වූ බවත් කීය.
(04) ශ්‍රී ලංකාවට දකුණු දෙසින් මුහුදු ප්‍රදේශය ඔස්සේ යාත්‍රා කරමින් තිබු MV AE Neptune නෞකාව තුළ සිදුවූ හදිසි අනතුරක් හේතුවෙන් රෝගී වූ එම නෞකාවේ කාර්ය මණ්ඩලයට අයත් චීන ජාතිකයෙකු කඩිනමින් ගොඩබිමට රැගෙනවිත්, රෝහල් ගත කිරීමට නාවික හමුදාව පෙරේදා (30) කටයුතු කළේය.
කොළඹ සමුද්‍රීය සෙවීම් හා මුදාගැනීම් සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම්බන්ධීකරණයෙන් ගාල්ල සිට කිලෝ මීටර් 116 ක් පමණ දුරින් යාත්‍රා කරමින් තිබූ නෞකාවක මෙම චීන ජාතිකයා අනතුරට ලක්ව තිබුණි. නෞකාවේ එන්ජින් කාමරයේ මෙම අනතුර සිදුව තිබෙන බව නාවික හමුදාව කියයි. MV AE Neptune නෞකාවෙන් ගාල්ල වරාය ආසන්නයේදී එම රෝගියා නාවික හමුදා යාත්‍රාවක් වෙත ලබාගෙන මූලික ප්‍රථමාධාර ලබාදෙමින් රෝගියා කඩිනමින් ගාල්ල වරායට රැගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර තිබේ.
(05) සිය පියාගේ සහ බාප්පාගේ බලපත්‍ර සහිත බෝර 12ක් තුවක්කු දෙකක් ළග තබා ගත් පුතෙකු සහ තවත් අයෙකු 30දා මාතලේ මහවෙල දොඹවෙලදි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙම දෙදෙනා විසින් මෙම තුවක්කු දෙක සන්තකියේ ඇති බවට මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශයට ලද තොරතුරුක් අනුව අත්අඩංගුවට ගෙන ඇති අතර මොවුන් මහවෙල දොඹවෙල පදිංචි අය බවද පොලිසිය කියයි. මෙම සැකකරුවන් මාතලේ මහේස්ත්‍රාත් අධීකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය. සිද්ධීය සම්බන්ධයෙන් මහවෙල පොලිසිය සහ මාතලේ කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්ෂණ පවත්වයි.
(06) අම්බලන්තොට කොග්ගල්ල ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු සිදුකල වෙඩි තැබිමකින්න පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ප්‍රථිකාර සදහා (31) අළුයම හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇතැයි අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙලෙස වෙඩි වැදීමෙන් තුවා ලබා රොහල් ගත කර ඇත්තේ නො 62/3,උතුරු කඩවර ,කොක්ගල්ල,අම්බලන්තොට ලිපිනයේ පදිංචි තෙන්නකෝන් ගමගේ රොෂාන් නැමති 29 හැවිරිදි පුද්ගලයෙකි. දෙපාර්ශවයක් අතර කලක සිට පවතින පුද්ගලික ආරවුලක ප්‍රථිපලයක් ලෙස මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනවරණය වි ඇත්තේ.වෙඩි ප්‍රහාරයට ලක් වු පුද්ගලයා අළුයම 2.15ට පමණ නිවස පිටුපස ශබ්දයක් ඇසී එය පරීක්ෂා කිරිමට නිවස තුළ සිට නිවසේ පිටිපස කුස්සිය දෙසට යන අවස්ථාවේදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර තුවක්කු කරුවන් යතුරු පැදියකින් පළාගොස් තිබේ.මෙම වෙඩි තැබීම සූරියවැව මහඅන්දරවැව පදිංචි තඩියා නැමති අයෙකු හා තවත් පුද්ගලයෙකු විසින් සිදුකර ඇති බවත් ඔවුන් දෙදෙනා කඩවර ඉෂාර නැමැත්තාගේ සමීපතමයින් දෙදෙනෙකු වන බවත් අනාවරණය වි තිබේ. මෙම දෙපාර්ශවය අතර කලක පටන් ගවයන් සම්බන්ධ ආරවුලක් මුල් කරගනිමින් මෙම ආරවුල් පවතින බවත්,මේ හේතුව නිසාම දෙපාර්ශවයේම කිහිප දෙනෙකු මේ වන විටත් මියගොස් ඇති බවත් මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි තිබේ.කඩවර ඉෂාර නැමැත්තාගේ මාමණ්ඩිය වු උතුරු කඩවර,කොග්ගල්ල ලිපිනයේ පදිංචිව සිටි 62 හැවිරිදි අමරකෝන් කංකානම්ගේ සිරිපාල නැමැත්තා 2023.07.19 වන දින ඝාතනය කෙරුණු අතර ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ලව ඇත්තේද වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටින රොෂාන් නැමැත්තාටයි.මෙම ඝාතනයට පළි ගැනිමක් ලෙස කඩවර ඉෂාර පාර්ශවයෙන් රොෂාන් නැමැත්තා ඝාතනය කිරිමට අවස්ථා කිහිපයකදීම කටයුතු කර ඇතත් ඉන් ඔහු බේරී තිබේ.ඒ අනුව කඩවර සෂාර පාර්ශවය විසින් මීට පෙර අංක තහඩු මාරු කරන ලද බොලරෝ වර්ගයේ කැබ් රථයකින් පැමිණ 2024.12.29 දින රොෂාන් නැමැත්තා අනතුරට පත් කර ඝාතනය කිරිමට උත්සාහ කෙරුණු අතර ඉන් ඔහු බේරි තිබේ.පසුව යළිත් 2025.01.22 දින සවස 07 පමණ කොග්ගල්ල හංදියේ කඩවර සපත්තු පාලම අසලින් තුවාල ලබා දැනට රෝහල ගතව සිටින රෝෂාන් නැමැත්තා ගවයන් දක්කාගෙන යමින් සිටියදි කාර් රථයකින් පැමිණි කඩවර ඉෂාර නැමැත්තා විසින් වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර ඇතත් එයද ව්‍යර්ථ වි තිබේ.එම සිද්ධියට අදාලය මේ වන විට කඩවර ඉෂාර නැමැත්තා පොලිස් අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාර ගතව සිටියදී ඔහුගේ සමීපතමයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබිම සිදුකර තිබේ. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හදුනාගෙන ඇති අතර පළාගොස් සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනිම සදහා අම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ෂණ ආරම්භ කර තිබේ.
(07) අවුරුදු හතක්(7) වයසැති පාසල් යන පිරිමි දරුවකු අපයෝජනයට ලක් කළ බවට අනුරාධපුර කොට්ඨාස ළමා ආරක්ෂක අධිකාරියේ පැමිණිලි කර මාස එකහමාරකට ආසන්න කාලයක් ගත වී ඇතත් අදාළ සැකකරු අත්අඩංගුට ගැනීමක් හෝ මේ සම්බන්ධයෙන් අධිකරණමය කටයුත්තක් සිදු කර නොමැත.
මේ චෝදනාකරු හැට තුන්(63) හැවිරිදි මුත්තනුවන්(මවගේ පියා) වන අතර මොහුට මෙවැනි ලිංගික අපයෝජන සම්බන්ධ චෝදනා රැසක් ඉදිරිපත්ව තිබේ. අපයෝජනයට ලක් වූයේ යැයි කියන හත්(7) හැවිරිදි පිරිමි දරුවා සම්බන්ධයෙන් අනුරාධපුර කොට්ඨාස ළමා ආරක්ෂක අධිකාරියට එම දරුවා සම්බන්ධයෙන් පැමිණිලි කර ඇත්තේ ඉකුත් පෙබරවාරි(21) විසිඑකවැනිදාය. ඒ අනුව මේ දරුවා පරීක්ෂා. පරීක්ෂා කිරීමට අධිකරණ වෛද්‍යවරයාට යොමු කර තිබේ.එමෙන්ම මානසික වෛද්‍යවරයෙකුටද යොමු කර ඇති අතර එම වාර්තාවද ලැබීී තිබේ. මෙසේ තිබියදීත් පොලිසිය විසින් අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමක් හෝ අධිකරණමය ක්‍රියාමාර්ගයක් ගැනීමක් හෝ නොකිරීම සම්බන්ධයෙන් මාපියෝ කනස්සල්ල පළ කරති. මේ පිළිබඳව අනුරාධපුර කොට්ඨාස ළමා ආරක්ෂක අධිකාරියේ නිලධාරිනියකගෙන් දුරකථනයෙන් කළ විමසීමේදී කියා සිටියේ තමන් මාධ්‍යයට තොරතුරු ලබාදීමට බැඳී නොමැති බවත්ය.එහිදී මව්බිම සඳහන් කළේ සිදුකර ඇති අසාධාරණය සම්බන්ධයෙන් ළමා හා කාන්තා කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පතිනි රේණුකා ජයසුන්දර මහත්මියගෙන් කරුණු විමසීමක් සිදු කරන බවත් දැනුවත් කරන බවත්ය.
(08) සත්ත්ව සංගණනය සඳහා කොළඹ දිස්ත්රිරක්කය පුරා බෙදාහැරීමට සංගණන පත්රියකා 7 51,585(හත්ලක්ෂ පනස් එක්දහස් පන්සීය අසුපහක්) කෘෂිකර්ම, පශුසම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්යාංශශයෙන් එම දිස්ත්රිඅක් ලේකම් කාර්යාලය වෙත ලබාදී තිබූ බව කොළඹ දිස්ත්රිමක් ලේකම් කාර්යාලය පවසයි.
2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත යටතේ’මව්බිම’කළ විමසීමකට අනුව මේ බව සඳහන් වේ. කෙසේවෙතත් නිවාස ඒකක, පවුල් සඳහා බෙදා නොදුන් සත්ත්ව සංගණනපත්රි කා පිළිබඳ තොරතුරක් නොමැති බව එහි සඳහන් වේ. කොළඹ දිස්ත්රිකක් ලේකම් කාර්යාලයෙන් ප්රා දේශීය ලේකම් කාර්යාල 13ට වසම් මට්ටමින් සත්ත්ව සංගණන පත්රිනකා බෙදාදීම සඳහා නිලධාරීන්ට භාරදී ඇතිබව එහි දැක්වේ. එම වසම්වල ග්රාම නිලධාරී, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, ආර්ථික සංවර්ධන නිලධාරී, සමෘද්ධි සංවර්ධනය නිලධාරී යන නිලධාරීන් වෙත එම පත්රි කා බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්යංධශය වගකීම් පවරා ඇති බව එහි සඳහන්වේ. මේ අතර සත්ත්ව සංගණන පත්රිධකා තම නිවාස වලට නොලැබුණු බවට දිවයිනේ විවිධ ප්රඅදේශවල මහජනතාවගෙන් විශාල චෝදනාවක්ද එල්ලවේ.
(09) ඩුබායි සිට පැමිණි ගුවන් මගියෙකුගේ අත් බෑගයෙහි තිබූ රුපියල් නව ලක්ෂ හාර දහස් හාරසීයයක මුදල් තොගයක් සොරා ගත් , ගුවන් තොටුපොළ පික් මී රථ රියැදුරුවරයෙකු 03/31 දින කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
ඩුබායිහි මානව සම්පත් සහකාර කළමණාකරුවෙකු ලෙස සේවය කළ මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු ඉකුත් 03/29 දින රාත්‍රී 09.30 ට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඉන්පසුව ඔහු සිය නිවෙස වෙත යාම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් පික් මී රථයක් ලබා ගෙන ඇති අතර අමතක වීමකින් එම රථයෙහි ඔහුගේ ලැප්ටොප් පරිගණකය අඩංගු බෑගය දමා ගොස් තිබුණි. පසුව ඒ පිළිබද පික් මී රථ රියැදුරුවරයාගෙන් විමසූ විට එය තම රථයෙහි ඇති බවත් එය කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ භාර ගන්නා ලෙසත් දැනුම් දී තිබේ . ඒ අනුව ගුවන් මගියා 03/31 දින උදෑසන අදාළ බෑගය භාර ගෙන පරීක්ෂා කිරීමේ දී එහි වූ රුපියල් 904,400 ක මුදල නොමැති බව දැන ගැනීමෙන් පසු , කටුනායක ගුවන් තොටුපොළ පොලීසිය වෙත පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම මුදල් අතර ඩිරාම් ඕස්ට්‍රේලියානු ඩොලර් ඇමෙරිකානු ඩොලර් සහ ශ්‍රී ලංකා රුපියල් තිබී ඇති බව පැමිණිලිකරු පොලීසිය හමුවේ සදහන් කර තිබේ. ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ පොලීසිය අදාළ පික් මී රථයෙහි රියැදුරුවරයා සොයා අත් අඩංගුවට ගෙන විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ. ඔහු අනුරාධපුරය ප්‍රදේශයේ පදිංච් 38 හැවිරිදි තරුණයෙකි. එහිදී සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිර වලදී එම මුදල හංවැල්ල ප්‍රදේශයේ පදිංචි තම පෙම්වතිය වෙත ලබා දුන් බව අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වී තිබේ. පසුව පොලීසිය කළ දැනුම් දීම මත ඇය පොලීසිය වෙත පැමිණ එම මුදල භාර දීමට 03/31 දින දහවල් පියවර ගෙන තිබේ. මෙසේ අත් අඩංගුවට ගත් පික් මී රථ රියැදුරුවරයා 03/31 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය. මෙම අත් අඩංගුවට ගැනීම සහ මේ පිළිබද විමර්ශන කටයුතු කටුනායක ගුවන් තොටුපොළ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එල්මෝ මැල්කම් පේට් මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුසන්ත පොලිස් කොස්තාපල් 102313 වික්‍රමසිංහ සහ කාන්තා පොලිස් කොස්තාපල් 12168 සෙව්වන්දි යන නිලධාරීන් විසින් සිදු කරමින් සිටිති.
(10) වරෙන්තුකරුවකු අත්අඩංගුවට ගැනීමට යාමේදී රාජකාරියට බාධා කළ බැවින් තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය පවසයි.
හෙරොයින් මිලිග්රෑකම් 15ක් ළඟ තබාගැනීම සහ පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි අයකු වන සැකකරු ඔහුගේ නිවස වටකර අත්අඩංගුවට ගත් අවස්ථාවේ සෙසු පිරිස මෙසේ විරෝධය දක්වා ඇති බව ඉංගිරිය පොලිසියේ නිලධාරියෙක් ‘මව්බිම’ට පැවැසීය. එහිදී පොලිසියේ රාජකාරියට බාධා කළ පිරිස අතර නිවැසියන් මෙන්ම අවට පදිංචිකරුවන් ද වන බව එම නිලධාරියා කීය. කෙසේ වෙතත් සැකකරු වරෙන්තුකරුවකු බව පැවසීමෙන් පසු අසල්වැසියන්ගෙන් එල්ල වූ විරෝධය සමනය වූ බව ද ඔහු පැවැසීය. අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සැකකරුගේ මව, සහෝදරයකු, ලොකු අම්මා, ඇයගේ සැමියා සහ සැකකරුගේ මිතුරන් දෙදෙනකු සිටින බව ද එම නිලධාරියා පැවැසීය. ඉංගිරිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ.ඒ.එන්.ඩී කොල්ලුරේ ඇතුළු පොලිස් කණ්ඩායමක් මෙම වැටලීම කර ඇත.