(01) දෙහිවල රත්මලාන ගල්කිස්ස ධීවරයින්ට කිඹුල් රාහාමිලා නිසා රස්සාවට යන්න බැරිවෙලා නිසා රැකියාව කරගෙන යාමට නොහැකි බව ඔවුන් පවසයි. එතෙර සුද්දියන්ට ආස කරන මෙතෙර කිඹුල්ලු

රත්මලාන ගල්කිස්ස මුහුදු තීරයේ ගිලාබත්වුණු පැරණි නැවක් අසල ඊයේ 25 දින කිඹුලන් තුන් දෙනෙකු ගැවසුණු බව ධීවරයන් පවසන ලද අතර ඉන් අඩි පහළොවක් පමණ දිගැති කිඹුලෙකු ධීවරයන් විසින් අල්ලා වනජීවී නිලධාරීන්ට භාර දීමට කටයුතු කර ඇත.

දෙස් විදෙස් සංචාරකයින්ට මුහුදට බැසීම අවදානම් බව පවසයි.


(02) අයුතු රතී කෙළියට දැත කෑ හොටෙල් කළමනාකරු එතෙර ස්දි්‍ය හදුනා ගනී

අනුරාධපුර පණ්ඩුලගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවකට බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අදාල හෝටලයේ කළමනාකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී, පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වින්දිත ජර්මන් ජාතික කාන්තාව සමත් වූවාය.

මේ අනුව පැමිණිලිකාර ජර්මන් ජාතික කාන්තාව මෙලෙස තමාට ලිංගික අතවර සිදු කල බවට චෝදනා ලබා සිටින සැකකාර හෝටල් කළමනාකාරවරයා හඳුනා ගනු ලැබුවේ, අදාල හඳුනා ගැනීමේ පෙරෙට්ටුව අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ පැවති අවස්ථාවේදීය.

බන්ධනාගාර ගත කර සිටි සැකකාර හෝටල් කළමනාකාරවරයා අනුරාධපුර බන්ධනාගාර නිලධාරීන් මගින් හඳුනා ගැනීමේ පෙරටුවට ඉදිරිපත් කෙරිණි.

සැකකාර හෝටල් කළමනාකාරවරයා අදාළ පැමිණිලිකාර ජර්මන් ජාතික කාන්තාව විසින් හඳුනා ගැනීමෙන් අනතුරුව, ඇයට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් සැකකාර හෝටල් කළමනාකාරවරයාට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය එදිනම චෝදනා ගොනු කරනු ලැබීය.

පෙරට්ටුවේදී සැකකරු හඳුනා ගැනීම සහ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා මෙම නඩුව අප්‍රේල් මස පළමුවන දින කඩිනමින් විභාගයට ගැනීමටද නියෝග කෙරිණ.

තම හෝටලයේ නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලබා, පෙරෙට්ටුවේදී මෙලෙස හඳුනා ගනු ලැබුවේ, අනුරාධපුර පණ්ඩුලගම ‘ලේක් හවුස් හෝම් ස්ටේ’, නැමැති හෝටලයේ කළමනාකරුවන රජිත රෝහණ පොන්සේකා නමැත්තෙකි.

සැකකරු කළමනාකාරීත්වය දරණ පණ්ඩුලගම ‘හොලිඩේ හෝම් ස්ටේ’ නමින් හඳුන්වන නවාතැන්පොලෙහි තමා නවාතැන් ගෙන සිටියදී රජිත රෝහණ පොන්සේකා නැමැති කළමනාකරු බලහත්කාරයෙන් තමන්ට ලිංගික අතවර සිදුකර බව පවසමින් ජර්මන් ජාතික කාන්තාව සිය මුල් පැමිණිල්ල යොමු කොට ඇත්තේ අනුරාධපුර සංචාරක පොලීසියටයි.

අනතුරුව අනුරාධපුර සංචාරක පොලීසිය මගින් අදාළ පැමිණිල්ල සහ ජර්මන් ජාතික කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා කාන්තා කාර්යාංශයට භාර දීමෙන් පසුව, මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඞ් භාරයට පත් කෙරිණ.

පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්‍ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකාර හෝටල් කළමනාකාරවරයා වෙනුවෙන් නීතිඥ මදාරා විදේශීන් මහත්මිය පෙනී සිටියාය.


(03) ඔසු සැපයුම් කරුවන්ට අමුතු රෝගයක් වැළ දෙයි!

සෞඛ්යව බලධාරීන්ගේ ඒක පාර්ශවීය ටෙන්ඩර් වගන්ති, අසාධාරණ දඩමුදල්, ගෙවීම් ප්ර්මාදයන්, ආනයනකරුවන් කිහිප දෙනෙකුට පක්ෂව කටයුතු කිරීම ආදී වෙනත් පද්දතිමය ගැටළු ඖෂධ සැපයුම් දාමයේ ගැටළුවලට මූලික හේතු බව සමීප පරීක්ෂණයකින් හෙළිවන බව ඖෂධ සැපයුම් කරුවන් හෙළි කරයි.

මෙම ගැටළු හේතුවෙන් සමාගම් ටෙන්ඩර් ක්රිනයාවලියට සහභාගීවීම අධෛර්යමත් කරන බව පෙන්වාදෙන එම සමාගම, සමාගම් කිහිපයක් සදාචාර විරෝධී ක්රිායාවන්හි නිරත විය හැකිවුවද මෙම විෂමතා වඩාත් කීර්තිමත් සමාගම්වල සහභාගීත්වයට පවා බාධාකරන පුළුල් ව්යුහාත්මක ගැටළු බව ඔවුහු සඳහන් කරති.

සාධාරණ සැපයුම් කරු ගිවිසුම් පරිපටියක් නොමැතිකම, සමාගම් ටෙන්ඩර් සදහා සහභාගී වීමට මැලි වීමට ප්රමධාන හේතුවක් වශෙයින් පෙන්වා දෙන්නේ දැඩි ලෙස පක්ෂවූ ඒකපාර්ශ්වික වගන්ති තිබීම බවත්, එම වගන්ති බොහෝවිට සැපයුම් කරුවන් මත අනවශ්යප බරක් පැටවීමක් බවත්, සැපයුම් කරුවන් මුහුණදෙන අභියෝග පිළිබඳ නම්යනශීලීභාවය සහ අවබෝධය නොමැතිකම ඔවුන් අධෛර්යමත් කිරීමට හේතුවක් බව ද පෙන්වාදෙති.

තවත් සැලකියයුතු බාධාවක් වන්නේ සුළු ප්රකමාදයන් සහ කොන්ත්රාහත් නියමයන්ගෙන් බැහැරවීම හා අභ්යබන්තර අභියෝග හේතුවෙන් සිදුවන ප්රකමාදයන් සඳහා අසාධාරන දඩමුදල් පැනවීම, සුළු ප්රිමාදයක් හේතුවෙන් අධික පාඩු සිදුවනු ඇතැයි යන බියක් බොහෝ සමාගම් වලට තිබීම ඔවුන් අධෛර්යමත් කිරීමක් බවත්, අධික දඩ මුදල් සහ අධිභාර සැපයුම් කරුවන්ගේ සහභාගිත්වය අධෛර්යමත් කර තරඟකාරිත්වය අඩුකර අවසානයේ ප්රුසම්පාදන පිරිවැය වැඩි කරන බවද එම ලිපියේ සඳහන් වේ.

ටෙන්ඩර් වල ගෙවීම් ප්රසමාදයන් නිදන්ගත ගැටළුවක් වන අතර, සමාගම් වලට බොහෝවිට ඔවුන්ගේ සැපයුම් සදහා ගෙවීම් ලබාගැනීමට දීර්කාලයක් බලාසිටීමට සිදුවීම මෙම ප්ර මාදයන් මුදල් ප්ර්වාහයට සහ මෙහෙයුම් කාර්යමක්ෂමතාවට දැඩි ලෙස බලපාන බවත් විශේෂයෙන් කුඩා සමාගම් වලට එය මූල්යර මය වශයෙන් අඩපන කරන්නක් විය හැකිබවත්, එහි ප්රාතිඵලයක් ලෙස බොහෝදෙනෙකුට අනාගත ටෙන්ඩර් වලින් ඉවත්වීමට බල කිරීමක් වගේම තරඟකාරිත්වය ස වෙළඳපොල ව්ව්ධත්වය අඩු කිරීමට බලපානබවත්, මෙම ප්රඟමාදයන් නිසා ඇතිවන මූල්ය මය ආතතිය ටෙන්ඩර් අකාර්යක්ෂමතාවය වටා ඇති සාකච්ඡවලදී තීරණාත්මක නමුත් බොහෝවිට නොසලකා හරින ලද සාධකයක් බවත්, වඩාත් විනිවිද පෙනෙන සහ තිරසාර ටෙන්ඩර් ක්රියයාවලියක් සහතික කිරීම සදහා මෙම ගැටළු විසදීම අත්යාිවශ්ය වනු ඇතැයිද එම ලිපියේ වැඩිදුරටත් සඳහන්වේ.

ටෙන්ඩර් වගන්ති දඩමුදල් සහ ගෙවීම් ප්රරමාදයන් පිළිබඳ නිශ්චිත ගැටළු වලට අමතරව පුළුල් පද්දතිමය ගැටළු, ටෙන්ඩර් ක්රිෙයාවලියේ ව්නිවිදභාවය නොමැතිකම, ඩිජිටල්කරණය නොමැතිකම කොටස් කරුවන්ගේ සහභාගිත්වයෙන් තොරව ඒකපාර්ශ්වීය තීරණ ද මෙයට හේතුලෙස පවසති.

සමාගම් එකක් හෝ දෙකක් සධාචාර ක්රි යාවන්හි යෙදිය හැකි බව සටත්යනයක් වුවද, මෙම විෂමතා සමස්තයේ කීර්තිනාමයට කැළලක් ඇතිකිරීමට භාවිතා නොකළ් යුතුබවට අවධාරණය කරමින් සුදුසුකම් ලත් සියලුම සහභාගිත්වය දිරිමත් කරන වඩාත් විනිවිද පෙනෙන සහ සාධාරණ ටෙන්ඩර් ක්රි යාවලියක් නිර්මාණය කිරීම කෙරෙහි අවධානය යොමු කළයුතු වගේම යටින් පවතින ගැටළු විසදා නොගෙන ටෙන්ඩර් වලට සහභාගී නොවන බවට සමාගම් වලට දොස් පැවරීම ප්රපතිඵල දායක නොවන බවද පෙන්වාදෙති.

ටෙන්ඩර් ක්රිගයාවලිය ප්රපතිසංස්කරණය කිරීම අත්යා වශ්යභ වන්නේ වඩාත් විනිවිද පෙනෙන සාධාරණ සහ තරඟකාරිත්වයට හිතකර ලෙසට බව ත් මෙමගින් කීර්තිමත් සමාගමවල සහභාගීත්වය ආකර්ෂණය කර ගැනීම සහ මෙරට ජනතාවට අත්යා වශ්යස ඖෂධ අඛණ්ඩව සැපයීම සහතික කිරීම බලාපොරොත්තු වියහැකි බව එම සැපයුම් කරුවන් සදහන් කරති.

මේ සම්බන්ධයෙන් ඖෂධ නීතිගත සංස්ථාවේ අදාල බලධරයාගෙන් විමසා ඒ පාර්ශවයේ කරුණු පැහැදිලි කිරීමක් මෙයට ඇතුළත් කිරීමට උත්සාහකලත් බදාදා දිනය වන තෙක් ඊට පිළිතුරක් නොලැබුණි.


(04) රෝබෙරි වත්තේ රන් හොරකම් කල බව කියන පොලිස් පොඩ්ඩාගේ රස්සාව නැතිවෙයි!

මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබෙරි වත්තේ එළමාන කොටසේ නිවසකින් රුපියල් ලක්ෂ හතළිහක් වටිනා ස්වර්ණාභරණ කොල්කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන් වරයා ගේ වැඩ තහනම් කිරීමට මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන්.ගුණවර්ධනමහතා විසින් කටයුතු කර තිබේ.

මෙසේ වැඩ තහනමට ලක් කර ඇත්තේ පො.සැ. නාලක කසුන් ප්‍රනාන්දු නමැති මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ බිබිල කටුපොත් කවුඩැල්ල ලිපිනයේ පදිංචි සිටි පොලිස් සැරයන් වරයෙක් බව පොලිසිය පැවසීය.

බදුල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පස්සර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2020 වසරේ මෙම කොල්ලකෑම සිදුවීතිබූ අතර බදුල්ල කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාශය අපරාධ විමර්ශන විසින් නොවිසදුන අපරා පිළිබඳව කරන ලද විමර්ශනයදී නෙබෝදා මේ කොල්ලයේ සුලමුල අනාවරණය කර ගෙන තිබේ.


(05) පුරාවිද්‍යා පනත හරහට නිසා මිහින්තලා රජමහා විහාරාධිපති උදහස් වේ!

පුරාවිද්‍යාවේ අනපනත් පොසොන් උත්සවයට බාධාවක් බවත් ඒ සම්බන්ධයෙන් බලධාරීන් ක්‍රියා නොකරන්නේ නම් රාජ්‍ය පොසොන් උත්සවයෙන් තමන් වහන්සේ ඉවත්වන බව ඓතිහාසික මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය ආචාර්ය වලවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිපාණන් වහන්සේ පැවසුහ.

ඓතිහාසික මිහින්තලා පුදබිමතුළ පවතින ආරක්‍ෂාව සහ පොසොන් උත්සවය සමයේදී ක්‍රියාත්මක කළ යුතු ආරක්ෂිත වැඩපිළිවෙළ පිළිබඳව සොයා බැලීම සඳහා එම පුද බිමට පැමිණි අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවා පතිරණ මහතා වෙත අදහස් දක්වමින් නාහිමිපාණන් වහන්සේ මේ බව පැවසුහ. එහිදි තවදුරටත් අදහස් දක්වමින් උන්වහන්සේ මෙසේද සදහන් කළහ.

රාජ්‍ය පොසොන් උත්සවය වත්මන් ආණ්ඩුවේ පූර්ණ සහය ඇතිව පැවැත්වීම සඳහා ආයතන හතළිහක් සමග සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු තීරණ සම්බන්ධයෙන් කිසිදු තැකීමක් නොකොට වත්මන් ආණ්ඩුව අපහසුතාවයට පත් කිරීම සඳහා මිහින්තලා පුරාවිද්‍යා කාර්යාලයේ නිලධාරින් කටයුතු කරනවා.


(06) කිරි හරක් හොර අල්ලන්න යැයි පොලොන්නුරුව අධිකරණය කියයි!

කිරි ගවයින් ජාවාරම් කිරීමේ සිදුවීමකට අදාලව සැකකරුවා අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්න්තු නිකුත් වී අධිකරණය මගහරිමින් සිටින වැලිකන්ද හිටපු පොලිස් ස්ථානාධිපතිවරයාගේ දේපොළ හා වත්කම් තහනම් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අන්වර් සදාක් මහතා 25 වෙනිදා නියෝග කළේය.

පොලිස් පරීක්ෂකවරයකු වන සැකකරු අසනීප නිවාඩු වාර්තා කර ප්‍රදේශයෙන් බැහැරව ගොස් ඇති බවට අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන කාර්යාංශය කළ දැනුම්දීමකට අනුව අධිකරණය මෙම පියවර ගෙන තිබේ.


(07) පොස්ටර් අලවා නුවර සුන්දරත්වය නැති කරන්නට එරෙහිව නුවර එළිය පුංචි ආණඩුව දැඩි තීරණයක් ගනී!

නුවරඑළිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ පරිසරය අපවිත්‍ර වන පරිදි විවිධ ස්ථාන ආශ්‍රිතව පෝස්ටර් අලවන පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට නුවරඑළිය ප්‍රාදේශීය සභාව පියවර ගෙන තිබේ.

ඒ අනුව මින් ඉදිරියට දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට සකස් කොට ඇති ස්ථාන හා දැන්වීම් පුවරුවල හැර පරිසරය අපවිත්‍ර වන පරිදි අනෙකුත් ස්ථානවල දැන්වීම් ඇලවීම සිදු නොකරන ලෙසත්, එසේ දැන්වීම් අලවන පිරිස් හා පුද්ගලයන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව ප්‍රාදේශීය සභාව පවසයි.


(08) හොරු රැගෙන ගිය කිරි ගව අප්පුහාමිලා විස්සකට ගොවි පොලකට මාරුවක්!

පොලිස් භාරයට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ කිරි ගවයින් 20 දෙනෙකු රජයේ සත්ව ගොවිපලකට භාර දෙන ලෙසට අධිකරණය නියෝග කර තිබියදී එකී අධිකරණ නියෝග කඩ කරමින් අදාල කිරි ගවයින් ජාවාරම් කරුවන් පිරිසකට මුදලකට අලෙවි කිරීමේ චෝදනාවකට අධිකරණය මගහැර පළා ගොස් සිටින වැලිකන්ද පොලිසියේ ස්ථානාධිපතිවරයා සතු වත්කම් සහ නශ්චල, චංචල දේපල තහනම් කර අධිකරන බාරයට ගන්නා ලෙස පොළොන්නරුව මහෙස්ත්‍රාත් අන්වර් සදාස් නියොග කළේය.


(09) ගාල්ල නාගොඩ වත්තේ නිලධාරියා නිදි කළ ආකාරය සොයාන්න පොලීසි වැඩට බහිති!

නාගොඩ මාපලගම මධ්‍යම කුඩමලාන වත්තේ ක්ෂේත්‍ර නිලධාරියෙක්ට පහර දී පැරණි බංගලාවක් තුළ හාන්සි පුටුවක බැඳ ගිනි ඇවිලෙන සුළු ද්‍රව්‍යක් ඇඟට දමා ගිනි තැබීමේ සිද්ධියක් 25 වෙනිදා වාර්තාවී ඇතැයි නාගොඩ පොලීසිය කියයි.


(10) කුවෙට් බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ලංකාවට එයි!

කුවේට් රාජ්‍යයේ මධ්‍යම බන්ධනාගාරයේ රදවා තබා සිටි ශ්‍රී ලාංකික සිරකරුවන් 20 දෙනෙකු කුවේට් – ශ්‍රී ලංකා සිරකරු හුවමාරු ගිවිසුම යටතේ මෙරටට භාර දීම සදහා 03/26 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත එරට සිට විශේෂ ගුවන් යානයකින් රැගෙන විත් තිබුණි.


(11) බද්ද පුත්‍රයකු අමාණුසික ලෙස මරා දමති!

කෲර වධහිංසනයට ලක් කොට එප්පාවල කිරලෝගම ශ්‍රී රුක් සෙවණ අසපුවේ වැඩ විසූ හැට නව හැවිරිදි හිමිනක් අභිරහස් ලෙස ඝාතනය කළ බව කියන සැකකරු වහා අත් අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට තඹුත්තේගම වැඩබලන මහේස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය පෙරේදා (25) රාත්‍රී එප්පාවල පොලීසියට නියෝග කළාය.


(12) කොළඹ වයාපාරික ස්ථානයේ ලක්ෂ 16ක මුදල් කොල්ල කෑ වැලිකඩ පොලිසියේ 4 දෙනා ගෙන් ප්‍රශ්න කරන්නට යයි!

කොළඹ ව්‍යාපාරික ස්තානයක සේවයෙහි නියුතු මුදල් බැංකුගත කිරීමේ නිලධාරියකු පැහැරගෙනෙන ගොස් තර්ජනය කර ඔහු සතු රුපියල් ලක්ෂ 16 ක මුදලක් කොල්ලාකෑ බව කියන වැලිකඩ පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකු ඇතුළු සැකකරුවන් සිව් දෙනකු රඳවා තබාගෙන ප්ර්ශ්න කිරීමට කොළඹ ප්රකධාන මහේස්ත්රාොත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (26) කෙසෙල් වත්ත පොලීසියට අවසර ලබා දුන්නාය.


(13) මහව සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක් මඩකලපුව දුම්රිය පීලි පනී!

මහව සිට මඩකලපුව බලා ධාවනය වූ දුම්රියක් මඩකලපුව දුම්රිය ස්ථානය අසලදී පීලි පැනීම හේතුවෙන් දුම්රිය සේවා සම්පූර්ණයෙන්ම අඩාල වී තිබේ.


(14) විදුලි සැර සමඟ වැස්සේසේ දී ගනු දෙනු කළ පාසල් සිසුවාට අනුණු වැදී මරු දැකී!

නිවසේ කාමරයේ ප්ලක් එකකට චාජ් කිරීමට යොදා දුරකතනය භාවිතා කරමින් සිටිය දී 25 වැනිදා සවස අධික වර්ෂාපතනය සහිත අකුණු සැර ගැසුණු අවස්ථාවේ දී අකුණක් වැදී පාසල් ශිෂ්‍යයෙක් මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය පැවසීය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න