(01) රබර් බැලුමය හිරි වී එකොළොස් හැවිරිදි සිසුවා මිය යයි!

  1. නෙළුව කිනියාවල ධනවල ප්‍රදේශයේ පදිංචි එකොළොස් හැවිරිදි පාසල් දරුවකු බැලුම් බෝලයක් සිරවීමෙන් මිය ගොස් ඇති බැව් නෙළුව පොලිසිය පවසයි.

(19) දින පස්වරුවේ මියගිය පාසල් දරුවා සිය නැගණිය සමග නිවසේ සෙල්ලම් කරමින් සිට ඇත. එහිදී මෙම දරුවා බැලුම් බෝලයක් මුඛයේ රඳවාගෙන සෙල්ලම් කරමින් සිට තිබෙි. බැලුම් බෝලය මෙම දරුවාගේ උගුරේ සිරවී ඇති අතර මොහු නෙළුව රෝහලට ඇතුළත් කොටඇති අතර රෝහලට ඇතුළත් කරන විටත් දරුවා මියගොස් සිටි බැව් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

මියගොස් ඇත්තේ නෙළුව ප්‍රදේශයේ ප්‍රාථමික විද්‍යාලයක පහ ශ්‍රේණිය ඉගෙනූ ලබන සිසුවෙකි. මියගිය පාසල් සිසුවාගේ බපශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (20) උඩුගමබරෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.


(02) අරගලයේ අපි දේශබන්දුට හරහාට සීටීති! පාර වාස අඩු තියයි!

හිටපු පොලිස්පති දේශබන්ද තෙන්නකෝන් මහතාට දින විස්සක් සැඟව සිටීමට ආධාර හා රැකවරණය ලබා දුන් අය අත්අඩංගුවට ගන්නා ලෙසත් දේශපාලන තෙන්නකෝන් මහතා සිදු කර ඇතැයි කියන සියලු අපරාධ වලට දඬුවම් කරන ලෙසත් දේශ බන්දු මෙලෙස වෙට්ටු දමන්නේ කාගේ හයියෙන් යනුවෙන් ප්‍රකාශ ඇතුළත් විවිධ සටන් පාඨ සඳහන් පෝස්ටර් ඇත ඇතිව මීගමුවේ අරගලකරුවන්ගේ සංවිධානය විසින් තෙල් වත්ත හන්දිය මංසන්ධියේදී 20 වෙනි දින විරෝධතාවක් දක්වන ලදී.

මෙම විරෝධතාවට අරගලයේ අපි සංවිධානය සමඟ කණ්ඩායම් කීපයක් එක්ව සිටියහ.

මෙම විරෝධතාවය සංවිධානය කළ අරගලය සංවිධානයේ සාමාජිකයකු වෛද්‍ය ඩිලාන් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය:

“දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගත්තා නෙමෙයි දවස් විසි එකක් කට්ටි පැන පනැ ඉඳලා අධිකරණයට ඉදිරිපත් වූ අයෙක්, ඔහු තමන් යටතේ අත්අඩංගුවේ සිටි වින්දිතයන්ට විවිධ අඩන්තේට්ටම් කර තිබුණා, මාධ්‍යවේදීන්ගේ වාහනවලට ආයුධ දමා මාධ්‍යවේදීන් මර්දනය කළා, එදා අරගල භූමියේ සිටි නිරායුද අරගලකරුවන්ට පහර දීමට පසුබිම සකස් කළේ දේශබන්දු තමා, මොහු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පොලිස්පති ධූරයන් ඉවත් කලාට රජයෙන් තාම ඉවත් කර නැහැ, අපි කියන්නේ මේ තැනැත්තාව පොලිස්පති ධූරයෙන් වහාම ඉවත් කරන ලෙසයි, ටිරාන් ඇලස් ඇතුළු බොහෝ දෙනෙක් ඉන්නවා ඔහුගෙන් වැඩ ගත් අය, මේ අයවත් නීතිය ඉදිරියට ගෙනා යුතුයි.”


(03) මුදල් පිරමිඩ යටිකුරු කරනනට අධිකරණය තීණ්දු කරති!

පිරමීඩ ආකාරයේ නීති විරෝධී ව්‍යාපාරයක නියැලෙමින් එම ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය හා ප්‍රචාරය කිරීමේ චෝදනාවලට තමන් වරදකරු කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය ලබා දුන් දඬුවම් නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ හිටපු කෘෂි පර්යේෂක නිලධාරීන් දෙදෙනෙකු ඉදිරිපත් කල අභියාචනා පෙත්සමක් සලකා බැලූ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලින්ද හේවාවසම් මහතා අදාල අභියාචනා පෙත්සම නිෂ්ප්‍රභ කළේය.

ඒ අනුව, බැංකු පනතේ 83 ඈ වගන්තිය උල්ලංඝනය කරමින් පිරමිඩ ආකාරයේ නීති විරෝධී ව්‍යාපාරයක නියැලෙමින් එම ව්‍යාපාරයේ භාණ්ඩ ප්‍රවර්ධනය සහ ප්‍රචාරය කිරීමේ චෝදනාවට විත්තිකරුවන් දෙදෙනා වරදකරුවන් බවට තීන්දු කරමින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය මගින් ලබාදී තිබූ නියෝගය මහාධිකරණ විනිසුරු නලින්ද හේවා වසම් මහතා යළි තහවුරු කළේය.


(04) කොතල හිඔටු කෝප්ප සුද්දන්ට අළෙවි කළ මෙතෙර හිපාටුවා පොලිසියට කොටු වෙයි!

විදේශිකයන්ට අලෙවි කිරීම සදහා සූදානම් කර තිබු කොතල හිඹුටු වලින් නිපදවන ලද කෝප්ප 30 ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.


(05) කැබිතිගොල්ලෑවේන් බෝම්බ මතු වෙයි!

කැබිතිගොල්ලෑව පොලිස් ස්ථාන භූමියේ වලලා තිබූ වසර ගනනාවක් පැරණි පුද්ගල නාශක බෝම්බයක් ඩෑෂ් (DASH) නැමැති බිම් බෝම්බ නිශ්ක්‍රිය ආයතනය විසින් ඊයේ(19) දින සොයාගත් බව කැබිතිගොල්ලෑව පොලිසිය කියයි.


(06) අතහැර දමා ඇති එම දුවගේ ඉමදුව වෙළෙද සංකීරණ වගා වකට යොදා ගන්නට යයී!

ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කොට ඇති වාර්තාවකට අනුව ඉමදුව ප්‍රාදේශිය සභාව විසින් මිට වසර 17කට පමණ ඉහතදි රුපියල් අනුහයල්ක්ෂ,පන්දහස් අටසිය අසු දෙකක (9,605,882) මුදලක් වැයකොට ඉමදුව නගරයේ ඉදිකරණු ලැබු වෙළෙද සංකීර්ණය පලදායි ආර්ථික කටයුත්තකට යොදා ගැනිමට හැකි පරිදි අවශ්‍ය කටයුතු සිදුකර නොතිබු බව අනාවරණය වි ඇත.


(08) දියවන්නාවේ සිරිලියන්ට සිංසන කල සෙට් එකට බාහාරි පරික්ෂණයක් සිදු කරන්නට කතානායක කතා නොකර තීරණය කරයී!

පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති සහ කළමනාකරණ දෙපාර්තමේන්තුවේ ඇතැම් කාන්තාවන්ට සිදුවී ඇතැයි පැවසෙන හිංසන සිද්ධිය සම්බන්ධයෙන් බාහිර විමර්ශනයක් පවත්වන ලෙස සියලුම මන්ත්රීිවරියන්ගේ අත්සනින් යුතු ලියවිල්ලක් කතානායක වෛද්යන ජගත් වික්රිමරත්න මහතාට (19) බාරදී ඇත.


(10) සමරගමු නිලමේ තේරිල්ල අධිකරණය මැයි මස 20 දක්වා කල් තබයි!

සබරගමුව මහ සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය 11 වන දින පැවැත්වීමට නියම කර තිබූ නිලවරණය පැවැත්වීම වළක්වාලමින් නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මැයි මස 15 වන දින දක්වා තව දුරටත් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (20) නියෝග කළේය.


(11) මහින්දගේ සම්බන්ධිකරණ වැලි ගොව්වකු සම්බන්ධයෙන් පරිසර අමාතශයාංශයෙන් ඉව අල්ලයි!

හිටපු පරිසර අමාත්‍යවරයකු වන මහින්ද අමරවීර මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකුට අයත් මෝටර් රථයක් මනම්පිටිය වැලි සමාගමේ ව්‍යාපෘති අධීක්ෂණ කටයුතු සඳහා පරිහරණය කළ බවට ව්‍යාජ ධාවන සටහන් සකසා වසර කිහිපයක් කුලී මුදල් වංචනිකව ලබාගත් නිලධාරියකු පිළිබඳ පරිසර අමාත්‍යංශයෙන් තොරතුරු අනාවරණය වේ.


(12) කොළම අධිකරණයේ විත්ති කූඩුවෙන් මූනිස්සම් කොටස් මතු වෙයි!

අපරාධ කල්ලි සාමාජිකයකු වන ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි ප්රිහාරයට ලක්වූ කොළඹ අංක 5 අතිරේක මහේස්ත්රාතත් අධිකරණයේ විත්ති කූඩුවේ පටියක සිරවී තිබූ රිවෝල්වරයේ මූණිස්සම් කොටසක් පොලිස් අපරාධ ස්ථානීය පරීක්ෂතණ නිලධාරීන් විසින් (20) පෙරවරුවේ සොයාගෙන තිබේ.


(13) මඩකලපුව බලා ඇදෙමින් සිටි මීනගයාගේ අලි අටක් ගැටී හයක් මැරිලා!

මඩකලපුව සිට කොළඹ දක්වා 20 වෙනිදා අලුයම ධාවනය වූ මීනගයා රාත්‍රී දුම්රියට හබරණ පොලිස් වසමේ ගල්ඔය දුම්රියපොළ ආසන්නයේ අටකින් යුත් වන අලි රංචුවක් ගැටීමෙන්, ඉන් වන අලි හය දෙදෙනෙකු මියගොස්, ඇති බව, හබරණ පොලිසිය කියයි.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න