(01) දේශ බන්දු ක්‍රිකට් ගහන්න ත් ගිහිල්ලා !
ලංකා ක්රිකට් ආයතනයෙන් ගෙවීම් කළ ලැයිස්තුවේ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නමත් ඇතුළත් බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී හේෂා විතානගේ අනාවරණය කළේය.
පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් මන්ත්රීවරයා මෙම බව පැවසීය. ඔහු පෙන්වාදුන්නේ ශ්රී ලංකා ක්රිකට් ආයතන විසින් හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත මසකට රුපියල් ලක්ෂ එකහමාරක්, පෙට්රනල් ලීටර් 200ක්, ජංගම දුරකථනයක් සහ ලැප්ටොප් පරිගණකයක් ලබාදීම සඳහා විධායක කමිටුවේ අනුමැතිය ලබාගෙන ඇති බවයි.
එසේම ක්රිකට් ආයතනයේ බලධාරීන් විසින් සිදු කරනු ලබන ජඩ වැඩ වසා ගැනීම සඳහා මෙලෙස පොලිස්පතිවරයාට අල්ලස් ලබා දී ඇති බවත් පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් හේෂා විතානගේ මන්ත්රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
(02) 2040 දි පිලිකා රෝගින් ලක්ෂ 30 ක් වේ!
මේ වනවිට වාර්ෂිකව වාර්ථා වන ලක්ෂ 20ක් පමණ වන පිලිකා රෝගීන් ප්‍රමාණය 2040 වන විට ලක්ෂ 30 ඉක්මවා යැ හැකි බවට වාර්ථා වී තිබෙනවා.
අවදානම් සාධකවලට නිරාවරණය වීම අවම කිරීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් පිලිකා වලින් 30% ත් – 50% වලක්වා ගත හැකියි.
රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්‍රදීප් අලහකෝන් මහතා මේ වන විට පිළිකා ගෝලීය වසංගතයක් බවට පත්වෙමින් තිබෙන බවද, 2022 වසරේදී ලොව පුරා නව පිළිකා රෝගීන් මිලියන 19.9ක් හඳුනාගෙන ඇති අතර, එම රෝගීන්ගෙන් ආසන්න වශයෙන් මිලියන 7.9ක් මිය ගොස් ඇති බවට ලෝක සෞඛ්‍ය වාර්ථාවලින් වාර්ථා වී ඇති බවද, දැනට රෝගීන් වාර්ථා වන ප්‍රවණතාවය අනුව 2040 වන විට ලොව පුරා පිළිකා රෝගීන් ප්‍රමාණය මිලියන 30 දක්වා ඉහල යා හැකි බවට පිළිකා පිළිබඳ ජාත්‍යන්තර පර්යේෂණ ආයතනය පුරෝකථනය කර ඇති බවද, රත්නපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ප්‍රදීප් අලහකෝන් මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ ඉකුත්දා ලෝක පිලිකා දිනයට සමගාමීව රත්නපුර ශික්ෂණ රෝහලේ පූර්ව පිළිකා හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය සහ පිලිකා ඒකකය එක්ව සංවිධානය කරන ලද දැනුවත් කිරීමේ වැඩ සටහනේදී අදහස් දක්වමිනි.
රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රත්නපුර හෙද විදුහලේදී පැවති මෙම වැඩ සටහනෙදී වැඩි දුරටත් අදහස් දැක්වූ විශේෂඥ ප්‍රදීප් අලහකෝන් මහතා, අවදානම් සාධකවලට නිරාවරණය වීම අවම කිරීමෙන් හා සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට අනුගත වීමෙන් පිලිකා වලින් 30% ත් – 50% ත් අතර ප්‍රමාණයක් වලක්වා ගත හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් පෙන්වා දී තිබෙනවා.
මේ අනුව මෙරට තුලද ජනතාව සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවන් වැළඳ ගැනීම සඳහා ඔවුන්ට අවශ්‍ය තොරතුරු හා සහාය ලබා දීම සඳහා ජාතික ප්‍රතිපත්තියක අවශ්‍යතාව මතුව තිබෙනවා.
මෙරට රෝහල් තුලදී සිදුවන මරණ වලින් සිව්වන ස්ථානයට පිළිකාව හඳුනාගෙන තිබෙනවා. ජාතික පිළිකා ලේඛණයට අනුව 2021 වසරේදී මෙරටින් නව පිළිකා රෝගීන් 37753 දෙනෙකු වාර්ථා වී ඇති අතර ඒ අතර පිරිමි රෝගීන් 17582 දෙනෙකු හා කාන්තා රෝගීන් 20171 දෙනෙකු වාර්ථා වී තිබෙනවා.
පිරිමි රෝගීන් අතර ප්‍රමුඛ පිළිකාව බවට මුඛ පිළිකාව හඳුනාගෙන තිබෙනවා. කාන්තාවන් අතර ප්‍රමුඛම පිළිකාව ලෙස පියයුරු පිළිකාව හඳුනාගෙන තිබෙනවා. ඊට පසුව පෙනහලු පිළිකාව, මහා අන්ත්‍රය හා ගුද මාර්ගය ආශ්‍රිත පිලිකාව හඳුනාගෙන තිබෙනවා.
මේ අනුව ඉලක්කගත පිලිකා වැලැක්වීමට හා කලින් හඳුනා ගැනීම අවශ්‍යතාවය මතුව තිබෙනවා.
මෙහිදී අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය ලීලා සිරිවර්ධන මහත්මිය මෙසේ පැවසීය, “පිලිකාව කලින් හඳුනා ගැනීම සහ ඉලක්කගත පිළිකා වැලැක්වීමේ වැඩ සටහන් වල අවශ්‍යතාව දැඩිවම මතුව තිබෙනවා. සෑම වසරකම ජාත්‍යන්තර පිළිකා දිනය සැමරීමේ ප්‍රධාන අරමුණ වන්නේද වලක්වා ගත හැකි පිලිකාවලින් මියයන මිලියන ගණනක් වූ රෝගීන්ගේ ජීවිත ආරක්ෂා කිරීමයි.”
මෙරටින් සෑම වසරකම ළමා පිලිකා රෝගීන් 1200 දෙනෙකු පමණ වාර්ථා වන අතර, ඉන් 250 දෙනෙකු පමණ වාර්ෂිකව මිය යන බවටත්, ළමුන් අතර, වසා ග්‍රන්ථි පිලිකාව, අස්ථි පිලිකාව, මොළය ආශ්‍රිත පිළිකාව ප්‍රමුඛව වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික පිළිකා මර්ධන වැඩ සටහන වාර්ථා කර තිබෙනවා.
මෙදින රත්නපුර රෝහලේදී පිළිකා රෝගීන් හඳුනා ගැනීම සඳහා වාට්ටුවක්ද ස්ථාපිත කල අතර, 2025-2027 වසරවල ලෝක පිලිකා දිනයන්හි තේමාව වී ඇත්තේ “වෙනස්කම් මගින් එකමුතුවීම”, “United by Unique” යන්නයි.
මෙම දැනුවත් කිරීමේ වැඩ සටහන සඳහා රත්නපුර ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය ඉමේෂ් ප්‍රතාපසිංහ, විශේෂඥ වෛද්‍ය ලීලා සිරිවර්ධන, විශේෂඥ ප්‍රදීප් අලහකෝන් යන මහත්ම මහත්මීන් ඇතුලු වෛද්‍ය කණ්ඩායම හා හෙද හෙදියන්ද, හෙද විදුහලේ විදුහල්පති තුමා සහ ආචාර්ය මණ්ඩලයද, සිසු හෙදියන්ද සහභාගී වූහ.
(05) රණවිරු බේබද්දා සුව විරුවන්ට කුණු හරුපෙන් බැනලා!
නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ කලහකාරි ලෙස හැසිරි රෝහලේ සේවකයින්ට පරුෂ වචනයෙන් බැන වැදුණු යුධ හමුදාවේ හිටපු මේජර්වරයෙකු නුවරඑලිය පොලිසිය විසින් (18) දින පස්වරුවේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර මේජර්වරයා නිවාඩුවක් ගත කිරීම සඳහා නුවරඑලිය ප්‍රදේශයට පැමිණ (18) දින බිමත්ව බිම වැටී සිටියදී තුවාල ලබා ප්‍රතිකාර ලබා ගැනීමට නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල වෙත පැමිණි අවස්තාවේ රෝහලේ සේවය කරන සේවකයෙකු විසින් තුවාල ලබා සිටි මේජර්වරයා රෝහලට ඇතුලත් කර ගැනීමේදී ඔහුට ගරු නොකරන කතා කල බව පවසමින් මේජර්වරයා උඩුකය නිරුවත්ව රෝහලේ අධ්‍යක්ෂකවරයාට සහ සේවකයන්ට පරුෂ වචනයෙන් බැන වැදී ඇත.
පසුව සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතා නුවරඑලිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් මත සැකකරු අත්අඩංගුවට ගෙන රෝහල තුලදීම ප්‍රතිකාර ලබාදීමට නුවරඑලිය පොලිසිය කටයුතු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය මහෙන්ද්‍ර සෙනවිරත්න මහතාගෙන් අප කල විමසුමකට ඔහු කියා සිටියේ බිමත්ව බිට වැටී තුවාල ලබා රෝහලට පැමිණි මේජර්වරයෙකු යැයි පවසන පුද්ගලයා රෝහලට ඇතුලත් කිරීමේදී කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ සේවකයෙකු සමග බහින් බස් වීමක් සිදු වී ඇති බවත්, පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය තමන්ටද මේජර්වරයා පරුෂ වචනයෙන් බැන වැදුණු බවයි.
අත්අඩංගුවට ගත් මේජර්වරයා පොලිස් ආරක්ෂාව මධ්‍යයේ නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.
(06) පොල් පැලයක් සිටුවන්නට ලංකාව නම් රටේ වැයකර ඇති මුදල රුපියල් 23,75 75 80 ක් වියදමි කරයී!
පොල් පැලයක් සිටුවන්නට වියදම් කළ පුදුම මුදලකි. ඒ අනුව පොල් පැලයක් සිටුවන්නට ලංකාව නම් රටේ වැයකර ඇති මුදල රුපියල් 23,75 75 80 කි. ලංකාවේ වැඩක් මෙන්න!
අහුන්ගල්ල, හෑගල්ල, කොස්ගොඩ ප්‍රදේශයේ පිහිටි පුරන්වු කුඹුරු අක්කර 30ක සෝජාන් ක්‍රමය යටතේ පොල්වගා කිරීමේ ව්‍යාපෘතිය සඳහා උත්සව පැවැත්වීම, ඉන්ධන, ගමන්වියදම් සහ විවිධ පරිපාලන වියදම් ලෙස රුපියල් දහ අටලක්ෂ, අසුහයදහස්, හැටහතරක මුදලක් (1,886,064) වැයකොට ඇතත් පාත්ති පහක් තුල වගාකොට ඇත්තේ පොල්පැල 125ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සඳහන් වේ.
මෙම ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ අක්කර 05ක් බිම් සකස්කර පොල්වගා කිරීම සඳහා රුපියල් මිලියන 4.2ක ඇස්තමේන්තුවක් සකස්කොට කොන්ත්‍රාත්කරුවෙකු වෙත පවරා තිබුණි. ව්‍යාපෘතිය තුල කොන්ත්‍රාත්කරු විසින් කරණු ලැබු වැඩසහතික කරවාගෙන කොන්ත්‍රාත්කරුට රුපියල් හත්ලක්ෂ, විසිඑක්දහස්, දෙසියහතලිස්එකක (721,241) මුදලක් ගෙවා තිබුණි. කොන්ත්‍රාත්කරු විසින් ඉතිරි වැඩකොටස් අතරමග නවතා දමා තිබු අතර ඒ අනුව තවත් පොල්පැල 1,375ක් සිටුවීම සඳහා පාත්ති 55ක් සකස්කළ යුතුව ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.
මෙම ව්‍යාපෘතිය යටතේ පුරන්ව ඇති අක්කර 30ක පහත්බිම්වල පොල් වගාකටයුතු කිරීම සහ වාරිපද්ධතියක් සකස්කරගැනීම සඳහා පොල් වගාකිරීමේ මණ්ඩලය විසින් 2021 වර්ෂයේ දී රුපියල් එක්කෝටි, පනස්දෙලක්ෂ, හතලිස්තුන්දහස්, නමසියහතලිස්පහක මුදලක් (15,243,945) ගාල්ල කලාප වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලය වෙත ලබාදී තිබුණි. මින් රුපියල් එක්කෝටි, විසිපන්ලක්ෂ, නමදහස්තුන්සිය පනස්හතරක මුදලක් (12,509,354) මේ දක්වා අදාළ කාර්ය සඳහා යෙදානොගෙන වාරිමාර්ග අධ්‍යක්ෂක කාර්යාලයේ තැන්පත් ගිණුමේ රදවාගෙන ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
ලැබෙන ප්‍රතිපාදන පොදු තැන්පත් ගිණුමේ දිගුකාලිනව රදවා ගැනීමට කටයුතු නොකළයුතු අතර අදාළ කාර්යයන් සඳහා නොපමාව යොදවාගතයුතු බවද විගණනය මගින් නිර්දේශකොට ඇත.
මේ සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත්තේ මෙම ව්‍යාපෘතිය සමාජිය හා පාරිසරික බාදාවන් හේතුකොට ගෙන තාවකාලිකව නතර වී ඇති බවය. පසුව නව ඇස්තමේන්තු අනුමත කිරීමෙන් පසු ව්‍යාපෘතිය ආරම්භකළද ඉඩම් ගැටළුවක් නිසා මෙම ව්‍යාපෘතිය ඉදිරියට පවත්වාගෙන යාමට නොහැකිවී ඇති බවය. පොල්වගා කිරීමේ සෘජු මැදිහත්වීම තුලින් ඉඩම් ගැටළුව නිරාකරණය කරණ ලෙස නැතිනම් පොදු තැන්පත් ගිණුමේ පවතින මුදල් ආපසු ලබාගැනීමට කටයුතු කරණ ලෙස පොල්වගා කිරීමේ මණ්ඩලයට දන්වා ඇති බවද ගණන්දීමේ නිලධාරිවරයා විගණනයට සඳහන් කොට ඇත.
(07) මින්නේරියේ අලි චණ්ඩි 18 කතක් මරා ගෙවල් කුඩු කරලා!
ආහාර සොයා ගම්වැදුනු වනඅලියකු 18 වෙනිදා අලුයම මින්නේරිය ප්‍රදේශයේ නිවසකට එල්ල කරන ලද ප්‍රහාරයකින් බිත්තියක් ඇඳට පෙරළී ඇඳේ සිටි කාන්තාවක් මියගොස් ඇති බව මින්නේරිය පොලිසිය කියයි.
මෙම වන අලි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ මින්නේරිය, හබරණ පාර ලිපිනයේ පදිංචි, සිටි 64 වියති දෙදරු මවක වන මේරි මාග්‍රට් පෙරේරා යන අය බව ඒ පිළිබඳ පරීක්ෂණ සිදුකරන මින්නේරිය පොලිසිය සඳහන් කරයි.
වන අලි ප්‍රහාරයත් සමග බිත්තිය ඇඟට වැටීමෙන් පසු තුවාල ලත් ඇය හිඟුරක්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අලුයම මියගොස් ඇති බව පොලිසිය පවසයි.
වී අස්වනු නෙළීමත් සමග ඒවා ආහාරයට ගැනීම සඳහා මෙම වන අලි නිරන්තරයෙන් ගම්වදින අතර වී මිටි නිවස තුල ඇති බවට සැකයක් සමග වන අලියා බිත්තියට පහරදී ඇත.
වන අලියා පහර දීමෙන් බිත්ති වලටද දැඩි අලාභ හානි සිදුවී ඇති අතර එම වන අලියා පලවා හැරීමට නිවැසියන් සහ ගම්වාසින් මහත් ශ්‍රමයක් දරා තිබේ.
මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මින්නේරිය පොලිසිය විසින් සිදුකරයි.
(08) සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම අවෝසියි ලංකාව කපෝතියි!
සුළං විදුලි බලාගාරය ස්ථාපිත කිරීමට අදාළව ශ්‍රී ලංකා රජය සමඟ ඉන්දියාවේ අදානි සමාගම අතර ඇතිකරගෙන තිබෙන ගිවිසුම බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් පහක් ඊයේ (18) ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේදී ඉල්ලා අස්කර ගනු ලැබීය.
මෙම ව්‍යාපෘතියෙන් ඉවත් වන බවට ඉන්දියාවේ අදානි සමාගම විසින් මෙරට ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාට ලිඛිතව දැනුම් දී ඇති බව නිතිපතිවරයා විසින් අධිකරණයට මෝසමක් ගොනුකරමින් දැනුම් දීමෙන් අනතුරුව එලෙස පෙත්සම් පෙත්සම්කරුවන් විසින් ඉල්ලා අස් කරගනු ලැබීය.
එ.එච්.එම් නවාස්, එස් තුරෙයිරජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි, මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම් කැඳවනු ලැබීය.
මන්නාරම, වෙඩිතලතිව් ප්‍රදේශයේ අදානී සමාගම විසින් සුළං විදුලි බලාගාරයක් ඉදිකිරීමට එරෙහිව ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් කරුණු සලකා බැලීම අවසන් කරමින් එම පෙත්සම් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය වසරේ ඔක්තෝබර් 14 වැනිදා දින නියම කර තිබුණි.
ඉන්දියානු අදානි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ ආචාර්ය රෝමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය.
පෙත්සම්කාර පාර්ශව වෙනුවෙන් ජනාධිපති නිතීඥ සංජීව ජයවර්ධන මහතා පෙනී සිටි අතර නීතිපතිවරයා වෙනුවෙන් ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියාය.
(09) මාධ්‍යවේදී ප්‍රේමකීර්ති දල්විස් මහතාගේ මරණයට තමා සම්බන්ධ බවට
මාධ්‍යවේදී ප්‍රේමකීර්ති දල්විස් මහතාගේ මරණයට තමා සම්බන්ධ බවට ප්‍රේමකීර්ති දල්විස් මහතාගේ බිරිඳ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේදී සිදු කරන ලද අසත්‍ය ප්‍රකාශය හේතුවෙන් තම කීර්ති නාමයට විශාල හානියක් සිදුවී ඇති බැවින් එයට වන්දි ලෙස රුපියල් මිලියන 500 වන්දියක් අය කරදෙන ලෙසට ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපතිවරයෙකු මෙන්ම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන හඩ්සන් සමරසිංහ මහතා කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා හමුවේ නඩුවක් ගොනු කරමින් ඉල්ලා සිටියේය.
ඒ අනුව ඊයේ දින ජනාධිපති නීතිඥ කුවේරාද සොයිසා මහතාගේ මෙහෙයවීම යටතේ හඩ්සන් සමරසිංහ මහතා ඊයේ දින අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලබා දුන්නේය.
ඒ අනුව තමන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලේ සාක්ෂි ලෙස ඉදිරිපත් කර ඇති ලේඛන හා සාක්ෂිකාරය විසින් ප්‍රකාශ කරන ලද එම අසත්‍ය ප්‍රකාශය මාධ්‍ය මගින් පළ කළ පුවත්පත් ද පැමිණිල්ලේ සාක්ෂි ලෙස ලකුණු කර ඇති බැවින් ඒවා අධ්‍යයනය කර තමන් ඉල්ලා සිටින සහන ලබා දෙන ලෙසට හඩ්සන් සමරසිංහ මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ සාක්ෂි අවසන් වීමෙන් අනතුරුව විත්තිය වෙනුවෙන් හරස් ප්‍රශ්නය සීමා සඳහා එම නඩුව ලබන ජූනි මස 25 වන දින නැවත කැඳවීමට විනිසුරුවරයා එහිදී නියම කළේය.
නීතිඥ නිශාන් බාලසූරිය හා නීතිඥ සුමේධ මහවත්තආරච්චි සමග ජනාධිපති නීතිඥ කුවේරාද සොයිසා මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.
(10) මුදල් පිරිමිඩයක කතාව
තැන්පත්කරුවන්ගෙන් තමන්ට ජීවිත තර්ජන එල්ලවී ඇති බැවින් එම තර්ජන වැළැක්වීමට අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා “ඔන් මැක්ස් ඩීටී” නැමැති නීති විරෝධී පිරමීඩාකාර මූල්ය ආයතනයේ අධ්‍යක්ෂකවරුන් කළ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය (18) ප්‍රතික්ෂේප කළාය.
එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් පිරිසක් නීතිඥවරයකු මගින් මෝසමක් ගොනු කරමින් කළ ඉල්ලීමක් අධිකරණයෙන් එසේ ප්‍රතික්ෂේප කෙරුණි.
අධිකරණ නඩු කටයුතු සඳහා පැමිණි ඇතැම් අවස්ථාවන්හිදී අධිකරණය ඉදිරිපිට රැඳී සිටින තැන්පත්කරුවන් තමන්ට පහරදී ඇති බවත් ඉදිරි නඩු වාරයන් සඳහා පැමිණෙන අවස්ථාවන්හිදීද තමන්ට එවැනිම ආකාරයේ තර්ජන එල්ලවීමට ඉඩ ඇති බැවින් තමන්ගේ ජීවිත ආරක්ෂාව සැලසීම අවශ්‍ය නියෝගයක් ලබා දෙන ලෙසට සිය නීතිඥවරයා මගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්ය අපරාධ කොට්ඨාසය මගින් සැකකරුවන් දොළොස් දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි ඔවුන් මේ මනමට ඇප මත මුදාහැර තිබේ.
මෙම සැකකරුවන් තැන්පත්කරුවන් දහස් ගණනක් සතු බිලියන ගණනක් වංචා සහගතව ලබාගෙන සුඛෝපභෝගී වාහන ඉඩම් ඇතුළු දේපළ රැසක් මිලදී ගෙන ඇති බවද විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ දැනුම් දී තිබුණි.
එසේ මිලදී ගෙන ඇති දේපළ රැසක් මේ වන විට අධිකරණ නියෝග මත තහනම් කර ඇති අතර සිද්ධියෙන් පසුව විදෙස්ගතව සැඟව සිටින සැකකාර අධ්‍යක්ෂකවරුන් පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.
“ඔන් මැක්ස් ප්‍රයිවට් ලිමිටඩ්” නැමැති නීති විරෝධී පිරමීඩාකාර ආයතනයක් පවත්වාගෙන යමින් තැන්පත් කරුවන් විශාල පිරිසක් සතු රුපියල් කෝටි ගණනක වංචාවක් සිදුකර විදෙස්ගතව සැඟව සිටින එම ආයතනයේ අධ්‍යක්ෂකවරුන් කීපදෙනෙකු ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කීපයකින් කෝටි ගණනක් වටිනා දේපළ මිලදීගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා වෙත දැන්වීය.
මෙම වංචාකාර සිද්ධියට සම්බන්ධ එම ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරුන් කීපදෙනෙකු මේ වන විට රටින් පලා ගොස් විදෙස් රටවල්වල සැඟව සිටින බවත් ඒ අතර සිටින 7 හා 8 යන සැකකරුවන් ඕස්ට්‍රේලියාවෙන් දේපළ මිලදීගෙන ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණයවී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
මෙම සිද්ධියට අදාළව මේ වනවිට දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටින තැන්පත්කරුවන්ගෙන් පැමිණිලි 2017 පමණ ලැබී ඇති බවත් තවදුරටත් විවිධ පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබෙමින් පවතින බවද එම විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සිදුකර තිබෙන විමර්ශනවලට අනුව සැකකරුවන් තැන්පත්කරුවන් සතු රුපියල් බිලියන දෙකයි දශම නවයයි හයක් (2.96) ලබාගෙන වංචා කර ඇති බවට කරුණු අනාවරණය වන බවද සැකකරුවන් සතුව තිබූ ඉඩම් 31 ක් හඳුනාගෙන ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දුන්නේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට විදෙස්ගතව සැඟව සිටින 6,7,8 යන සැකකරුවන්ට විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවත් ඔවුන් ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නොමැති බැවින් ඉදිරියේදී ඔවුන්ට ජාත්‍යන්තර පොලිසිය හරහා වරෙන්තු ලබා ගැනීමට අදාළ පියවර ගන්නා බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.
මෙම සිද්ධිය සම්බන්ධ 12 වන සැකකරුද මේ වන විට විදෙස් ගතව සිටින බවත් ඔහුට ඉංග්‍රීසි භාෂාවෙන් වරෙන්තු නිකුත් කිරීම නියෝගයක් ලබා දෙන ලෙසට විමර්ශන නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සැකකරුන්ට වරෙන්තු නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසට අධිකරණ රෙජිස්ටාර්වරයාට නියෝග කළේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 12 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් එම සැකකරුවන් අතරින් තෙවන හා දස වන සැකකරුවන් සම්බන්ධ විමර්ශන කටයුතු මේ වනවිට අවසන් කර ඇති බවත් සෙසු සැකකරුවන්ගේ වත්කම් හා දේපළ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය කරමින් සිටින බවද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.
සිද්ධියෙන් අගතියට පත් තැන්පත්කරුවන්ට මුදල් ලබාදීමට අවශ්‍ය වැඩපිළිවෙළක් මහ බැංකුවත් සමග එක්ව ක්‍රියාවට නංවන ලෙසද මෙම මූල්ය වංචාවට අදාළ සියලු විමර්ශන කටයුතු නොපමාව අවසන් කිරීමට අවශ්‍ය කටයුතු කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
පොලිස් ස්ථාන සඳහා සියලු පැමිණිලි ලැබෙන තෙක් බලා නොසිට දැනට ලැබී තිබෙන පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කරන මහේස්ත්‍රාත්වරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.
ඉන්දික සම්පත්, ගයේශාන් අබේරත්න, සමිත් සඳරුවන්, ඉන්දික ජයසේකර හා ධනංජය ගයාන්, ගයාන් චාමර, මදුරංග ප්‍රසන්න, අශ්ලා නිස්චලා, දිනූෂ් චතුරංග, සමන්ත කුලසිරි, ඉසුරු පියුමාල්, ජනක මංජුල කුමාර යන සැකකරුවන් දොළොස් දෙනා මෙම සිද්ධියට අදාළ අයවලුන්ය.