• කසළ තේ තොගයක් වැලිමඩින් අල්ලයි!

නිසි අවසරපත්‍රයක් නොමැතිව තේ අපද්‍රව්‍ය  කිලෝ 6594 ක් ( හයදහස් පන්සිය අනු හතරක් ) ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී පසුගියදා ( 14 දා ) වැලිමඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ආගරලපතන සිට බදුල්ල ප්‍රදේශයට මෙම තේ අපද්‍රව්‍ය  ප්‍රවාහනය කරමින් තිබියදී වැලිමඩ බදුල්ල ප්‍රධාන මාර්ගයේ  බණ්ඩාරවෙල මංසන්ධීයේ රථ වාහන පරික්ෂාවක යෙදී සිටි වැලිමඩ පොලිසියේ නිළධාරින් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබේ. ලොරි රථය නවතා පරික්ෂා කිරීමේදී එහි තුල තිබී තේ අපද්‍රව්‍ය  කිලෝ 6594 ක් තිබී ඇති අතර ඒවා ප්‍රවාහනය සදහා නිසි බලපත්‍රයක් තිබී නොමැති අතර ලොරි රථයේ රියදුරු හා රිය සහයක ද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත් අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනාගෙන් කල ප්‍රශ්ණ කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ ආගරපතන සිට මෙලෙස මෙම කසල තේ බදුල්ල ට ප්‍රවාහනය කරමින් සිට ඇති බවත් මේවා ප්‍රවාහනය සදහා මොවුන් සන්තකයේ තිබී ඇති බලපත්‍රය කල් ඉකුත් වුවක් බවත්ය.

බණ්ඩාරවෙල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොෂාන් අමරසිංහ මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල දිස්ත්‍රික් දෙක භාර පොලිස් අධිකාරි ප්‍රදීප් කුමාර මහතාගේ මග පෙන්වීම් මත වැලිමඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සම්පත් අබේවික්‍රම මහතාගේ මූලිකත්වයෙන් කා:උ:පො:ප: ඩබ්ලිව්.එම්.ජී. ගයානි , කා:පො:සැ: 4571 ස්වර්ණා , පො:කො: 79067 පුෂ්පකුමාර , පො:කො: 79957 තිලකරත්න , කා:පො: කො: 7973 ඉෂාරා , කා:පො:කො: 7997 ගීතානි යන නිළධාරින් විසින් මෙම වැටලීම සිදු කර අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති අතර  වැඩි දුර විමර්ශණ සිදු කරති.

  •  මාතර කිඹුලිගේ පැටියාගේ කතාව මෙන්න

සමූපකාර රෝහල නිල්වලා ගඟේ  ඉදිකර ඇති  හෝටලය වහා ඉවත් කරන්න වාරිමාර්ග ඉංජිනේරු නියෝග කරයි

× සුන්දර අත්දැකීමක් ලැබිය හැකි සංචාරක ආකර්ෂණයක් ඇති මෙම අවන්හල ඉවත්කිරීම අපරාධයක්            

මාතර සමූපකාර රෝහල ආසන්නයේ  නිල්වලා ගඟ මත  පවත්වාගෙන යන  අවන්හල දින14ක් තුල වහාම ඉවත් කරගන්නා ලෙස 2025.06.16 දාතමින් මාතර ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරු ඩී.එම්.යූ ධර්මපාල මහතා විසින් මාතර සමූපකාර රෝහලේ සභාපති වරයාට නියෝග කර ඇත.                                                                                                                                                  වාරිමාර්ග ආඥා පනතේ 65(1), 65(2) හා 66  වගන්ති ප්‍රකාරව අනවසර ඉදිකිරීමක් හෝ අල්ලා ගැනීමක් හෝ වාරිමාර්ග  රක්ෂිතයට කරන හානියක් වැළැක්වීම යන වගන්තිය යටතේ මෙසේ නියෝග කර ඇත.                                                                                                                              2021.08.11 දින DIE/MATA/DO/Resvevetion -1004/2021ලිපි ශීර්ෂය යටතේ මෙම අනවසර ඉදිකිරීම අයින්කර ගන්නා ලෙස දැනුම් දී තිබුනද මේ දක්වා වසර හතරකට අධික කාලයක් තිස්සේ මෙම අවන්හල අනවසරයෙන් පවත්වාගෙන ගොස් ඇති බව මාතර ප්‍රදේශිය වාරිමාර්ග ඉංජිනේරුවරයා විසින් නිකුත්කර ඇති නියෝග ලිපියේ වැඩිදුරටත් සදහන්වේ.                                                                                                                                                                     ස්වභාවික ගංගාවක අනවසර ඉදිකිරීමක් සිදුකිරීම බරපතල වරදක් බවද,දින 14ක් ඇතුළත මෙම ඉදිකිරීම ඉවත්කර නොගතහොත් 65(2) වගන්තියේ ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරුට ඇති බලතල ප්‍රකාරව මෙම ඉදිකිරීම ඉවත් කිරීමට කටයුතු කරණු ඇත.ඒ සඳහා වැයවන රජයේ මුදල් වාරිමාර්ග ආඥා පනතේ 66 වගන්ති ප්‍රකාරව මෙම අවන්හලේ හිමිකාරිත්වය දරණ සමුපකාර රෝහලෙන් අයකර ගැනීමට පියවර ගන්නා බවද වැඩිදුරටත් දන්වා ඇත.

2025/06/13 වන දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති මාතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී උක්ත අනවසර ඉදිකිරීම ඉවත්කිරීමට තීරණය වී ඇත. සුන්දර අත්දැකීමක් ලැබිය හැකි සංචාරක ආකර්ෂණයක් ඇති මෙම අවන්හල ඉවත්කිරීම අපරාධයක්  බව මාතර ප්‍රදේශයේ ජනතාවගේ අදහසයි.

  • අනුර පුරවරයෙන් ඇසෙන කතාවක්

අනුරාධපුර මහ නගර සභාව මගින් වලිසිංහ හරිස්චන්ද්‍ර  පිටියේ පවත්වාගෙන යනු ලබන “පුරවර උදානය” සැණකෙළියේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සැණකෙළි භූමියෙන් පරිබාහිර අනුරාධපුර නගර මධ්‍යයේ දිවා කාලයේ ජනතාව පීඩාවට ලක්වන අයුරින් නීති විරෝධීව පවත්වාගෙන ගිය  ශබ්ද විකාශය  (ස්පීකර්) තහනම් කිරීමේ ඓතිහාසික තීන්දුවක් අනුරාධපුර පොලීසිය මගින් ගනු ලබයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන ස්වර්ණමාලි අනුරාධනායක මහත්මිය විසින් පෙරේදා(16) අනුරාධපුර පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙම ඓතිහාසික තීන්දුව ගනු ලැබීය.

ඇය විසින් අනුරාධපුර පොලිසියට කරන ලද පැමිණිල්ල මගින් පෙන්වා දී ඇත්තේ පොසොන් පොහොය අවසන් වී සතියක් ගතවී ඇතත් අනුරාධපුරය නගරය පුරා නීතිි විරෝධී ස්පීකර් විශාල ප්‍රමාණයක් යොදා ගනිමින් අධික ලෙස ශබ්ද දූෂණය සිදුකරන බවයි.

මේ සැණකෙළිය හේතුවෙන් ඉකුත් දහවෙනිදාගෙන්(10)  පසු ලබන විසි එක්වෙනිදා(21) දක්වා මෙසේ ශබ්ද කිරීමෙන් පරිසරයට, අධික දූෂණය ඔරොත්තු නොදෙන බවද ඇය පොලීසියට අවධාරණය කර ඇත.

නියමිත නීත්‍යානුකූල තත්ත්වයට අනුව පවතින නීතිය පොලිසියට සිදු කළ නොහැකිනම් තමා පොලිසියට පැමිණිලි කළ දිනය(16) තුළම නගරාධිපතිවරයා හෝ නාගරික කොමසාරිස්වරයා තමා ඉදිරියට කැඳවා පැමිණිල්ල අනිවාර්යෙන් විභාග කරන ලෙසට ඇය පොලිසියට දන්වා ඇත.

එහෙත් නගර සභා බලධාරියෙකුට එම දින පොලිසියට පැමිණීමට නොහැකි බව දැන්වීමෙන් අනතුරුව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ වැඩ බලමින් සිටි මූලස්ථාන පොලිස් පරීක්ෂකයා මේ සම්බන්ධව මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාට මේ ගැටළුව දන්වා තිබේ.  ඉන් අනතුරුව ඉහළ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු දැනුවත් කර උපදෙස් පැතීමෙන් අනතුරුව ඉහළ පොලිස් නිලධාරියකුගේ උපදෙස් මත ශබ්ද  විකාශය කිරීම තහනම් කර තිබේ.නීතිඥවරය පොලිසියේ රැඳී සිටි පැය දෙකක(2) පමණ කාල සීමාව තුළ මෙසේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කිරීමේ සිදුවීම විශේෂත්වයකි.

මේ වනවිට රාත්‍රී කාලයේ ක්‍රියාත්මක පුරවර උදාන සැණකෙළිහි රාත්‍රී කාලයේ පමණක් එම පරිශ්‍රය තුළ පමණක් ශබ්ද විකාශන යන්ත භාවිතයට අවසරය ලැබී ඇත.

මෙම තහනම රටේ නීතියට අනුව සිවිල් ජනතාව ලැබූ විශිෂ්ට ඓතිහාසික තීන්දුවක් සහ ජයග්‍රහණයක්  බවද පුරවැසි සංවිධාන සිවිල් සංවිධාන මෙන්ම අනෙකුත් ස්වාධීන කණ්ඩායම් පෙන්වා දෙති.පැය දෙකක පමණ කෙටි කාල සීමාවක් තුළදී පොලිසිය මගින් මෙවැනි සිවිල් අයිතියක් ලබාදීම කැපී පෙනෙන බවද ඔවුහු තවදුරටත් පෙන්වා දෙති.

  • මුහුණු වාසගත් පිරිසක් ඇවි වෙස් මුහුණු අරගෙන ගිහිල්ලා

මිරිස්ස ශ්‍රී සුනන්දාරාම විහාරස්ථානයේ  පුස්තකාලයක තබා තිබූ පෞරාණික යැයි පැවසෙන කෝලම් වෙස් මුහුණු කිහිපයක් සහ පැරැණි ග්‍රන්ථ කිහිපයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ඇතැයි වැලිගම පොලීසියට කළ පැමිණිල්ලකට අනුව මේවන විට සැකපිට චීවරධාරියකු ඇතුළු තිදෙනෙකු වැලිගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සොරකම සම්බන්ධයෙන් මිරිස්ස පෙරහැර කමිටුව විසින් වැලිගම පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු වැලිගම පොලිසියේ නිලධාරීන් විසින් කළ විමර්ශනවලින් පසු  මාතර උයන්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පසුව චීවරධාරියාගෙන් කළා ප්‍රශ්න කිරීම් හමුවේ ඊට අනුබල දුන් සහ ගැනුම්කරු ලෙස සැලකෙන සැකකරුවන් අත්තඩංගුවට ගැනීමටත් සොරකම් කළේ යැයි පැවසෙනෙ කෝලම් වෙස් මුහුණු කිහිපයක් සහ පැරණි ග්‍රන්ථ කිහිපයක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී තිබේ.

එහෙත් එම ස්ථානයේ තිබි සොරා ගත් තවත් වෙස් මුහුණු කිහිපයක් මේවන තෙක් සොයා ගැනීමට නොහැකි අතර එම වෙස් මුහුණු ද සොයාගැනීමට මේ වනවිට පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරයිි.

මෙම වෙස්මුහුණු මිරිස්ස ඓතිහාසික බෝධිරාජයා අබියස වාර්ෂිකව සිදු සිදුකරන ගම්මඩු ශාන්ති කර්ම තොවිල සඳහා භාවිත කර ඊළඟ වර්ෂයේ තොවිල සඳහා භාවිත කිරීමට සහ පෙරහැර සඳහා භාවිත කිරීමට මෙම පුස්තකාලයේ ආරක්ෂිතව තැන්පත් කර තිබියදී මෙලෙස සොරාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැලිගම පොලිසිය තවදුරටත් විමර්ශන කටයුතු සිදු කරන අතර අත්තඩංගුවට ගස් සැකකරුවන් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

  •  එස් බකයේ බස් එකේ ඉන්ධන ඇදින විට අල්ලයි හොරට අනේ

බසයේ ඉන්දන ටැංකියේ මුද්රාම නොකඩා ඩීසල් ලීටර් 60ක් අදිද්දී රියැදුරු ඇතුලු තිදෙනෙක් ඕ.අයි.සී අතටම මාට්ටු.

ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයකින් ඩීසල් සොරකම් කරමින් සිටි සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.ගලේවෙල පොලීස් ස්ථානාධිපති ප්රපධාන පොලීස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා තවත් කණ්ඩායමක් සමග පසුගිය 15 වැනිදා රාත්රී  මුර සංචාරයේ යෙදෙමින් සිටියදී බම්බාව විහාරස්ථානය ඉදිරිපිට රාත්රීණ කාලයේ නවතා තිබෙන ලංගම බස් රථයක් අසල ත්රී  වීල් රථයක් නවතා තිබෙනු දැක ඇත.මේ ගැන සැක සිතූ ස්ථානාධිපති වරයා වාහනයෙන් බැස මේ ගැන සොයාබැලීමට ගියේ කිසිවෙකුට නොදැනෙන පරිදිය.ත්රීාවීල් රථය පරීක්ෂා කරද්දී ඒ තුළ ඩීසල් පිරවූ බූලි තුණක් ඔහුට දකින්නට ලැබිණි.ඔහු තවදුරටත් බසය පරීක්ෂා කරද්දී දක්නට ලැබුණේ බසයේ ඩීසල් ටැංකියට බටයක් දමා ඩීසල් අදින පුද්ගලයන් දෙදෙනෙකි.ඩීසල් ටැංකියේ මුද්රාල නොකඩා ඉතා සූක්ෂම අන්දමින් ඩීසල් ඇදීමට ඔවුහු වගබලාගෙන තිබූ බව පොලීසිය පවසයි.ඔවුන්ගෙන් එක් පුද්ගලයෙකු බසයේ රියැදුරු වන අතර අනෙත් තැනැත්තා ඩීසල් මිලට ගැනීමට පැමිණි පුද්ගලයා  බව පොලීසිය පවසයි.ත්රී වීල් රථ රියදුරුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුහු වයස අවුරුදු 31,52 හා 55 යන වයස්වල පසුවෙති. සැකකරුවන් විසින් ඩීසල් ලීටර් 60ක් පමණ සොරකම් කර ඇති බව පොලීසිය පවසයි.මෙම සොරකම සම්බන්ධයෙන් මාතලේ ඩිපෝ අධිකාරිවරයාට පොලීසිය විසින් දැනුම්දී ඇති අතර ඔහුද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.මෙම සොරකම දීර්ඝ කාලයක් තිස්සේ කර ඇත්දැයි සොයා බැලීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි.සැකකරුවන් දඹුල්ල මහේස්ත්රා්ත්වරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 17 දක්වා රක්ශිත බණ්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.ගලේවෙල පොලීසියේ ස්ථානාධිපත් ප්රගධාන පොලීස් පරීක්ෂක විපුල බණ්ඩාර මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • කපුවා කපෝති කළ දිග්ගල කපුටා මෙන්න  

පානදුර පරත්ත සහ දිග්ගල ප්‍රදේශයේ ගෙවල් බිදුම් කල දිග්ගල කපුටා නමැති පුද්ගලයකු අත්අඩංගුවට ගත්බව පානදුර උතුර පොලිසිය සදහන් කරයි .

පසුගිය දිනක පුද්ගලයෙකුගේ වටිනා ජංගම දුරකථන දෙකක් සහ  ක්‍රෙඩිට් කාඩ් පතක් සොරකම් කර එම කාඩ්පත මගින් කුරියර් ක්‍රමයට භාණ්ඩ මිලදී ගෙන තිබී ඇති  බවත් , එම තොරතුරු ඔස්සේ කල පරීක්ෂණ වලින් පසු සැකකරු අත්අඩංගුවට ගත්බවත් පොලිසිය සදහන් කරයි.

වැඩිදුරටත් විමර්ශන කල පොලිසිය සැකකරු විසින් ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ  නිවසකින් සොරකම් කළ රුපියල් ලක්ෂ හතරක් පමණ වටිනා ලැප්ටොප් යන්ත්‍රයක් ද සොයගත් බවද පවසයි.සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

  • රිය අනතුරක්

ගාල්ල මාපලගම මාර්ගයේ  (16 ) රාත්‍රී  සිදු වූ රිය අනතුරකින් පුද්ගලයකු  මරණයට පත් වූ බව නාගොඩ පොලීසිය පවසයි.

ඊයේ රාත්‍රි 8.00  පමණ ගාල්ල මාපලගම මාර්ගයේ යටලමත්ත ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුවී ඇති අතර  එක් යතුරුපැදියක ගමන් කල වයස අවුරුදු 21  ක ගාල්ල යටලමත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු  ජීවිතක්ෂයට පත්ව ඇත.

ගාල්ල සිට මාපලගම දෙසට යමින් තිබූ  යතුරුපැදියක් හා මාපලගම සිට  ගාල්ල දෙසට යමින් තිබු යතුරු පැදියක්  පැවති අධික වර්ෂාවත් සමග මාර්ගයේ ලිස්සා යාමෙන්  යතුරුපැදි දෙක මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය වැඩි දුරටත් පවසයි..

තුවාල ලැබූ අනෙක් පුද්ගලයා  වයස අවුරුදු 24 පමණ වන  තරුණයෙකි.

අනතුර සිදුවීමෙන් අනතුරුව තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනා සුව සැරිය ගිලන් රථ සේවයෙන් නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ගාල්ල ජාතික රෝහලට මාරුකර යවා ඇත.

එහිදී වයස අවුරුදු 21 තරුණයා මියගොස් ඇත.මේ සම්බන්ධයෙන් නාගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

  • සීතාවක සභාවේ සීතල යුද්ධයක්

සීතාවක ප්රාදදේශීය සභාවේ නව සභාපතිවරයෙකු පත් කර ගැනීම සඳහා රහස්යි ඡන්දයකට විරෝධය පළ කරමින් විපක්ෂ කණ්ඩායම් පිටව යෑම සමඟඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් ගොස් ඇත.

එම ප්රා දේශීය සභාවඊයේ (17) බස්නාහිර පළාත් කොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියගේ ප්රාධානත්වයෙන් ආරම්භ වු අතරසභාපතිවරයා තෝරා පත්කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පවත්වන්නේද විවෘත ඡන්දයක් පවත්වන්නේද යන්න සිදුකළ විමසීමේදි ආණ්ඩුපක්ෂ ,විපක්ෂ මත ගැටීම හේතුවෙන් මෙලෙස එය කල්තැබීමටකොමසාරිස් සාරංගිකා ජයසුන්දර මහත්මියට සිදුවිය.

එක් පාර්ශ්වයක් විවෘත ඡන්දයක් පවත්වන ලෙසත් තවත් පාර්ශ්වයක් රහස් ඡන්දයක් පවත්වන ලෙසත් වූ යෝජනා ස්ථීර කරන ලදි.

සභාපතිවරයා පත් කර ගැනීම සඳහා වූ ඡන්ද විමසීම රහස් ඡන්දයක් ලෙස පවත්වන බවට කොමසාරිස්වරියපැවසීමත් සමඟ විපක්ෂ  කණ්ඩායමඊටඑරෙහිව  විරෝධතාවය පළ කරමින් සභාවෙන් පිටව ගොස් ඇත.

සභිකයින් පිරිසක්සභා ගර්භයෙන් පිටත්ව යාම හේතුවෙන් සභාවේ ඝන පූර්ණය නොමැති වීම මත සභාව විනාඩි 30කට කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර ඇත.

පසුව ඇති වූ තත්ත්වය මත සීතාවක ප්රා දේශීය සභාව දින නියමයක් නොමැතිව කල් තැබීමට කොමසාරිස්වරිය කටයුතු කර තිබේ.

ඒ අනුව සීතාවක ප්රාිදේශීය සභාව සඳහා සභාපතිවරයෙකු සහ උප සභාපතිවරයෙකු පත් කර ගැනීම ඊයේ (17) සිදුනොවුණු අතර එම කටයුත්ත දින නියමයක් නොමැතිව කල් තැබීමට ද සිදු විය.

  • මලේ මලේ කොත්මලේ වාන් දොරටු අරියි

ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (17) දින අලුයම සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය පැවසිය.

එම ජල පෝෂක ප්‍රදේශවලට තව දුරටත් වැසි ලැබුන හොත් එම ජලාශයේ සෙසු වාන් දොරටු ස්වයංක්‍රීයව විවෘතවන නිසා ජලාශ වේල්ලට පහලින් කොත්මලඔය දෙපස පදිංචිකරුවන් සැලකිලිමත්ව සිටින ලෙස එම ජලාශභාර ඉංජිනේරුවරුන් පදිංචිකරුවන්ගෙන් ඉල්ලා සිටියි.

පවතින වර්ෂාවත් සමග සෙන්ක්ලෙයාර් සහ ඩෙවෝන් දිය ඇලි වලද ගලා හැලෙන ජල ධාරිතාව ඉහළ ගොස් ඇත.

  •  කොළඹ පුර පති උත්සවයේදී පොකැට් ගසයි!

කොළඹ නගරාධිපති ධූරයට පත් ව්රා ලි කැලී බල්තසාර් මහත්මියට සුබ පැතීමට පැමිණි පුද්ගලයන් අට දෙනකුගේ මුදල් පසුම්බි අටක් සොරාගෙන ඇති බවට තම පොලිස් ස්ථානය වෙත පැමිණිලි ලැබී ඇති බව කුරුඳුවත්ත පොලිසිය (17) කොළඹ ප්ර.ධාන මහේස්ත්රාතත් තනුජා ලක්මාලි මහත්මිය වෙත දැන්වීය.

ඒ අතරින් මුදල් පසුම්බි දෙකක් සොරා ගත් බව කියන ගම්පොළ ප්රසදේශයේ පදිංචි නවසීලන් නිවේන්ද්රුන් නැමැති පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුඳුවත්ත පොලිසියේ කොස්තාපල් 77710 ධනුෂ්ක මහතා ඒ බව පැවසීය.

මෙම සැකකාර පුද්ගලයා පුරුද්දක් වශයෙන් මෙවැනි උත්සව අවස්ථාවන්වලට සහභාගීවී එම ස්ථානවලට පැමිණ සිටින පුද්ගලයන්ගේ මුදල් පසුම්බි සොරාගන්නා බවට ඔහු පදිංචි ප්රථදේශයේ පොලිස්ථානයෙන් තොරතුරු ලැබී ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.

එම සුබ පැතීමට සහභාගි වූ පුද්ගලයන් දෙදෙනෙකුගේ මුදල් පසුම්බි දෙකක් සොරාගෙන පලායාමට උත්සාහ ගත් අවස්ථාවේදී එම පුද්ගලයන්ගේ දැනුම්දීම පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් පොලිස් කොස්තාපල් ධනුෂ්ක මහතා අධිකරණය හමුවේ පැවසීය.

සෙසු පැමිණිලිකරුවන් හය දෙනාගේ මුදල් පසුම්බි සොරාගත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිස් කොස්තාපල්වරයා අධිකරණට දැන්වීය.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේ ඔහු රථ වාහන බලපත්රනයක් ලබා ගැනීම සඳහා කොළඹට පැමිණ ඇති බවත් ඒ අවස්ථාවේදී බිම වැටී තිබූ මුදල් පසුම්බි දෙකක් ඔහු අහුලාගෙන ඇති නමුත් සොරා ගැනීමක් සිදුකර නොමැති බවය.

දෙපාර්ශවය අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රානත්වරිය රුපියල් පනස් දහසක් වටිනවා ශරීරය ඇපයක් මත සැකකරු මුදා හරින ලෙසටද නියෝග කළාය.

  • කොන්ක්‍රීට් එකෙන් ආ මාරයා මෙන්න!

පැරණි ගොඩනැගිල්ලක් ගැලවීමට ගොස් එහි තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් හිස මතට වැටීමෙන්  පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තිබෙයි.

මෙසේ මියගොස් ඇත්තේ කන්තලේ, සාලියපුර පදිංචි කළුකපුගේ සරත් පෙරේරා (61) නමැති දෙදරු පියකි.

තම නිවසේ ඉදිරිපිට ඇති වලවල් සහිත මාර්ගයට පස් හා ගඩොල් කැබලි ගෙනත් දැමීම සඳහා නිවස ආසන්නයේ තිබූ කනත්තක  පිහිටි පරණ ගොඩනැගිල්ලක බිත්තියක් ගැලවීමට අද උදෑසන එහි ගොස් තිබූ අතර බිත්ති කඩා බිඳ දමා තිබේ . පසුව ඒ  මත තිබූ කොන්ක්‍රීට් තට්ටුව ඇඟ මතට කඩා වැටීමෙන් මෙම අවාසනාවන්ත ඉරණමට මොහු ලක්වී ඇත.

මියගිය අයගේ සහෝදරයෙකු මියගිය  සරත් පෙරේරා පිළිබඳව සොයා බැලීමේදී කනත්ත තුළ කොන්ක්‍රීට් තට්ටුවට යටවී සිටි තම සහෝදරයා  දැක තිබේ. පසුව අසල්වැසියන් කැඳවා එහි තිබූ කොන්ක්‍රීට් තට්ටුව ඉවත් කර  ඇතත් ඒ වන විට ඔහු මිය ගොස් සිටි බව මියගිය අයගේ සහෝදරයෙකු  පවසා සිටියා.

සිද්ධිය පිළිබඳව තබලගමුව පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිස් නිලධාරීන් සහ තබලගමුව හදිසි මරණ පරීක්ෂකවරයා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මුලික පරීක්ෂණ සිදුකිරීමෙන් පසු දේහය කන්තලේ මූලික රෝහල වෙත යවා ඇත.

  • කෙහෙළියයේ මෙහෙකාරියගේ කතාව

සෞඛ්‍ය අමාත්යංණශයට නාමිකව පත්වීම් ලබාදී, රජයේ වැටුප් හා අතිකාල දීමනා අවභාවිතා  කරමින් රජයට පාඩුවක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්යය කෙහෙළිය රඹුක්වැල්ලගේ නිවසේ මෙහෙකාරිය ඇප මත මුදාහරිණ ලෙස කොළඹ ප්රමධාන මහේස්ත්රාරත්  තනූජා ලක්මාලි මහත්මිය ඊයේ(17) නියෝග කළාය.

මිලියනය බැගින්වූ ශරීර ඇප හතරක් මත එසේ මුදා හැරුනේ ඇඹිලිපිටිය ප්රරදේශයේ පදිංචිකාරියක වන නිපුනි ක්රි ෂ්ණජිනා තැනැත්තියකි.

සැකකාරියගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද අධිකරණයෙන් නියම විය.

නඩුව කැඳ වූ අවස්ථාවේ අල්ලස් කොමිසම අධිකරණය හමුවේ විමර්ශන ප්රිගතිය පිළිබඳ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

විමර්ශන නිළධාරින් අධිකරණය හමුවේ කරුණු දක්වමින් සැකකාරිය විසින් ගනුදෙනු කළ බැංකු ගිණුමක් පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරන බවද පෙන්වා දුන්නේය.

පස් කැපීමේ ව්යා්පාරයක් සඳහා එම බැංකු ගිණුම ආරම්භ කළ බව සැකකාරිය ප්රෙකාශ ලබා දෙමින් පවසා තිබුණ ද ගිණුමේ මුදල් හුවමාරු වී ඇති ආකාරය පිරික්සීමේදී එවැනි ව්යාදපාරයක් පවත්වා නොමැති බව විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

මෙම සැකකාරිය විසින් පරිහරණය කර තිබෙන්නේ මෙම නඩුවේ තුන්වන සැකකාර නිශාන්ත බස්නායක නැමැත්තාගේ බැංකු ගිණුමේ මුදල් බවත් එම මුදල් රජයේ මුදල් නොවන බවත් සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.

කෙහෙළිය රඹුක්වැල්ල ජනමාධ්ය්, සෞඛ්යව සහ පරිසර ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී 2021/2023 කාලයේදී සිය පුද්ගලික කාර්ය මණ්ඩලයේ සේවකයින් වශයෙන් තම හිතවතුන් කිහිප දෙනෙකුට පත්වීම් ලබා දී ඔවුන් වෙත අමාත්යාංඩශයෙන් ගෙවන ලද වැටුප් ,අතිකාල දීමනා තම පුද්ගලික වියදම් සහ දේශපාලන කටයුතු වලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික  මුදලක් පාඩුවක් කළ බව කියන සිද්ධියට අදාළව සැකකාරිය  අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි. නඩුව ඔක්තෝම්බර් මස 10 යළි කැඳවීමට නියමිතයි.

  • ගංවතුරට මුවා වී ගසා කයි

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කරන ලද වේරන්ස් ගඟ ව්යාතපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්රීසම්පාදන ක්රි යාවලියකින් තොරව එම ව්යාඳපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 276 ක පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ නියෝජ්යැ සාමාන්යාෂධිකාරීවරයෙකු වන සුජිත් ප්රියයත් මුදුගල  ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්රයධාන මහේස්ත්රාෂත් තනූජා ලක්මාලි මහත්මිය ඊයේ (17) නියෝග කළාය.

සැකකාර නියෝජ්යක සාමාන්යාාධිකාරිවරයාට රුපියල් මිලියන පහ බැගින් ශරීර ඇප 2ක් නියම කෙරුණු අතර සැකකරුගේ විදෙස් ගමන් තහනම් කෙරුණි.

අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකාර නියෝජ්යර සාමාන්යාහධිකාරිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට කළේය.

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කළ වේරන්ස් ගඟ ව්යාිපෘතියේ මූලික අදියර සඳහා උත්සවයක් පවත්වා ඇති බවත් විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වීය.

එම විවෘත කිරීමේ උත්සවයේ සියලූම කළමනාකරණය කිරීමේ කටයුතු භාතිය ජයකොඩි නමැති අයෙකුට අයත් “ෂෝටවුට් එන්ටර්ටේට්මන්ට්” නැමැති ආයතනයකට සැකකාර එම සංස්ථාවේ හිටපු සභාපතිවරයා විසින් භාරදී ඇති බවත් එසේ භාරදී ඇත්තේ එම ආයතනයට වාසිදායක වන ආකාරයට බව සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයයේදී අනාවරණය වූ බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දැන්වූහ.

කිසිදු ප්රදසම්පාදන ක්රිියාවලියකින් තොරව හා එම සංස්ථාවේ අධ්ය ක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව සැකකාර හිටපු සභාපතිවරයා එම උත්සවය වෙනුවෙන් රුපියල් 275 ක් වියදම් කර රජයට පාඩුවක් සිදුකර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.

අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කර සිටින සැකකාර නියෝජ්යන සාමාන්යාවධිකාරිවරයා එම ව්යාකපෘතිය සඳහා මුදල් වෙන් කිරීමට නිර්දේශ කර අල්ලස් හෝ දූෂණ පණතේ 70 වගන්තිය ප්රාකාරව දූෂණය නමැති චෝදනාව යටතේ වරදක් කර ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට පෙන්වා දුන්නේය.

සැකකරු සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් ලබා දෙන ලෙසද අල්ලස් කොමිසම අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායම හා පැමිණිල්ල මෙහෙයවූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් අධිකරණයට දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාමත්වරිය සැකකරු එසේ ඇපමත මුදා හරින ලෙසට නියෝග කළා ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න