(01)
රුපියල් ලක්ෂ 369 අධික ආදායම් බදු නොගෙවීම සම්බන්ධයෙන් 2023 වර්ෂයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පවරා තිබූ නඩුවකට අධිකරණයේ පෙනී නොසිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්රීි සජින් ද වාස් ගුණවර්ධන ඊයේ (26) අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඔහු ඇප මත හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්රාරත් හර්ෂණ කැකුණවෙල මහතා නියෝග කළේ ය.
රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ විසි පහ බැගින් වූ ශරීර ඇප හතරක් මත සැකකරු මුදා හැරීමට නියම කෙරුණි.
විත්තිකාර සජින් ද වාස් ගුණවර්ධන පසුගිය 23 වන දින අධිකරණයේ පෙනී නොසිටීම නිසා ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්රාඅත් පවිත්රාට සංජීවනි මහත්මිය පසුගිය 23 වන දින වරෙන්තු නිකුත් කර තිබිණි.
ඒ අනුව ඔහු නීතිඥවරයෙකු මාර්ගයෙන් ඊයේ අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවනු ලැබීය.
ව්යාරපාරිකයෙකු වූ වාස් ගුණවර්ධන 2010-2013 වර්ෂ වලට අදාළව ආදායම් බදු නොගෙවීම් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් 2023 වර්ෂයේදී ඔහුට නඩු පවරා තිබුණි.
(02)
බොරැල්ල ප්රටදේශයේදී පෞද්ගලික බස් රථයක යමින් සිටි තරුණියකගේ කලවා ප්ර දේශය ජංගම දුරකථනයක් මගින් වීඩියෝ ගත කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවෙකුට වසර දෙකක වරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ කොළඹ අතිරේක මහේස්ත්රාසත් හර්ශණ කැකුණවෙල මහතා එම දඬුවම වසර 20ට අත්හිටුවනු ලැබීය.
විත්තිකරුට රුපියල් 1500 ක දඩයක්ද නියම කෙරුණු අතර අගතියට පත් පැමිණිලිකාර තරුණියට රුපියල් පනස් දහසක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කෙරිණි.
රුපියල් පනස් දහසක වන්දිය නොගෙ වන්නේනම් විත්තිකරුට අමතර මාස හයක සිර දඬුවම් ලබා දෙන ලෙසටද නියෝග කළේය.
දෙමටගොඩ ප්රසදේශයේ පදිංචිකරුවෙකු වන ශිවප්ර කාශන් නේෂන් නමැති විත්තිකරුවෙකුට එසේ දඩ හා සිරදඬුවම් නියම විය.
පැමිණිල්ලිකාර තරුණිය සිය සේවා ස්ථානයට යාම සඳහා බොරැල්ල ප්ර දේශයේදී පෞද්ගලික බස් රථයකට නැග ඇති බවත් බස් රථය ගමන ආරම්භ කර විනාඩි කිහිපයක් තුළදී එම රථයේ ඉදිරි අසුනක වාඩිවී සිට ඇති විත්තිකාර පුද්ගලයා ඔහුගේ හිස බිමට පහත් කර ඔහුට පසුපස අසුනේ සිටි තරුණියගෙ කලවා ප්ර්දේශය රහසිගතව වීඩියෝ කර ඇති බවද පැමිණිල්ල මෙහෙය වූ බොරැල්ල පොලීසියේ සැරයන් 36052 හේමකුමාර මහතා අධිකරණයට දැන්වීය.
පැමිණිල්ලිකාර තරුණිය එම සිද්ධිය දැක නැති නමුත් ඇයට පිටුපස අසුනක සිටි දහ අට හැවිරිදි තරුණයකු එම සිද්ධිය දැක ” අක්කේ ඔයා ඉදිරිපස සිටින පුද්ගලයා ඔයාගේ ශරීරය වීඩියෝ කරනවා” යනුවෙන් දැනුම්දීමෙන් අනතුරුව බස් රථයේ සෙසු මගින්ගේද සහය ඇතිව විත්තිකරු අත්අඩංගුවට ගෙන බොරැල්ල පොලිසිය වෙත භාර දී ඇති බවද සැරයන්වරයා අධිකරණය හමුවේ පැවසීය.
පසුව බොරැල්ල පොලිසිය ලිංගික හිංසන කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගෙනු කර තිබූ ණි.
අගතියට පත් තරුණිය වෙනුවෙන් නීතිඥ මර්වින් ඩී සිල්වා පෙනී සිටිමින් මෙම සිද්ධියේදී තම සේවා දායිකාව දැඩි අපහසුතාවයකට හා මානසික පීඩාවකට පත්ව ඇති බැවින් මෙවැනි නීති විරෝධි ක්රිියාකාරකම්වල යෙදෙන සෙසු පුද්ගලයන්ටද ආදර්ශයක් වන ආකාරයට විත්තිකරුට දඬුවම් නියම කරන ලෙසද අධිකරණයෙන් ඉල්ලීමක් කළේ ය.
මෙම සිද්ධිය ඉකුත් වසරේ සිදුව ඇති අතර දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව සැකකරු වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට එසේ දඬුවම් නියම කෙරු ණි.
(03)
වැල්ලවත්ත හැව්ලොක් නිවාස සංකීරණයේ දී පොලිස් භාරයට ගත් ටී 56 ගිනි අවිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි
ශ්රීන ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්,හිටපු අමාත්යය දුමින්ද දිසානායක මහතා ලබන ජූලි මස 07 වන දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්රා7ත් චතුරිකා ද සිල්වා මහත්මිය ඊයේ (26) නියෝග කළාය.
දුමින්ද දිසානායක මහතාගේ අරක්කැමියෙකුව සිටි තුන්වන සැකකරුට ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් සාක්ෂි නොමැති වීම හේතුවෙන් තුන්වන සැකකරු මෙම නඩුවෙන් මුදා හැරීමටද මහේස්ත්රා ත්වරිය නියෝග කළාය.
පළමු හා දෙවැනි සැකකාරියන්ට ගිනි අවිය සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් ඇති සාක්ෂි පිළිබදව අධිකරණය සෑහීමකට පත්වීම හේතුවෙන් සැකකාරියන් දෙදෙනාට මෙම අධිකරණයෙන් ඇප ලබා දීමට නොහැකි වීමත් හතරවන සැකකරු වන දුමින්ද දිසානායක මහතා සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අවසන් නොවීමත් හේතුවෙන් ඔවුන් තිදෙනා නැවත රක්ෂිත බන්ධනාගාර කිරීමටත් මහේස්ත්රානත්වරිය නියෝග කළාය.
සැකකරුවන් තිදෙනා ජුලි මස 07 වන දින නැවත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්රා්ත්වරිය නියෝග කළාය.
පළමුවන සැකකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතාත්,දෙවන සැකකාරිය වෙනුවෙන් නීතිඥ තීක්ෂණ පතිරණ සහා 3 වන සැකකරු වෙනුවෙන් නීතිඥ චානක වීරසේකර,4 වන සැකකරු වන දුමින්ද දිසානායක මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස්, රවී මතුගම, වරුණ ජයසිංහ ඇතුළු නීතිඥ මඩුල්ල පෙනීසිටිය හ.
වැල්ලවත්ත පොලිස් වසමේ හැව්ලොක් නිවාස සංකීරණයේ සිටි ආරක්ෂක නිලධාරීන් හට වයෝවෘද්ධ කාන්තාවකගේ බෑගයක තිබී රන් ආලේපිත ටී 56 ගිනි අවියක් සොයා ගැනීම සම්බන්ධයෙන් දුමින්ද දිසානායක මහතා පසුගිය මැයි මස (23) දින අත්අඩංගුවට ගෙන ගල්කිස්ස මහේස්ත්රානත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
(04)
ගිනිගත්හේන ජාතික පාසලේ 13 වසරේ තාක්ෂණ අංශයේ ඉගෙනුම ලබන භවන්ත ජනිත් පවිත්‍රආරච්චි සිසුවාට විෂයභාර ගුරුවරයා අමානුෂික ලෙස පහර දුන් බව පවසමින් එම සිසුවා නාවලපිටිය දිස්ත්‍රක් මහ රෝහලට ඇතුළත් කල පසු එම සිසුවා වැඩිදුර ප්‍රතිකාර සදහා (26) දින මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යවා ඇත.
මාස දෙකක පමණ කාලයක් තමන් පාසලට නොපැමිණි බවත්, එම මාස දෙක තුල විෂය භාහිර පන්තිවලට ගිය බවත්, ඉකුත් 23 දින තමන් පාසලට ගිය අවස්ථාවේ විෂයභාර ගුරුවරයා තමන් වෙත පැමිණ සටහන් පොත් ඉල්ලූ අවස්ථාවේ තමන් භාහිර පන්තිවලට සහභාගි වූ සටහන් පෙන්වූ අවස්ථාවේ සටහන් පොත වීසි කර දමා ගුරුවරයා අතින් තමන්ගේ මුණට පහරවල් කිහිපයක් පහර දුන් බවයි එම සිසුවා කියා සිටියේ.
පසුව තමන් ගිනිගත්හේන පොලිසිට පැමිණිල්ලක් කර රෝහල් ගත වීමට පැමිණි අවස්ථාවේ එම පාසලේම වෙනත් ගුරුවරු තිදෙනෙකු ත්‍රීරෝද රථයකින් ගිනිගත්හේන පොලිසිය අසළට පැමිණ තමන්ව බලෙන් ත්‍රීරෝද රථයෙ නංවාගෙන පාසලට රැගෙන ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි නොකරන ලෙසට එම ගුරුවරු තමන්ට බලපෑම් සිදු කල බවද එම සිසුවා පැවසීය.
තමන්ට දැනට ශ්‍රවණ ආබාධයක් පවතින බවත්, එම සිසුවා පැවසීය.
අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මාස කිහිපයක් පාසලට නොපැමිණිම හේතුවෙන් එම සිසුවාගෙන් විමසා ගුරුවරයා එම සිසුවාට ඇතුලු තවත් සිසුන් කිහිප දෙනෙකුට තරයේ අවවාද කර ඇති බවයි.
අප මේ සම්බන්ධයෙන් ගිනිගත්හේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විරාජ් විතානගේ මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ රෝහල්ගතව සිටින සිසුවා විසින් තමන් පහර දුන් බව පවමින් ඔහුගේ මුහුණු පොතේ බොරු සටහනක් තබා ඇති බවට පොලිසියේ පැමිණිල්ලක් කර ඇති බවයි.
නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ රෝහල් පොලිසිය විසින් සිසුවාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන ඇති බවත්, එම ප්‍රකාශය තම පොලිසිය වෙත ලැබීමෙන් පසු සිද්ධිය සම්බන්ඹයෙන් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුව් කරුණු වාර්ථා කරනු ලබයි.
(05)
අනුරාධපුර, ගල්කුලම ප්‍රදේශයේදී පෙරේදා (25) රාත්‍රී 9.30 ට පමණ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයකු බරපතල තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි .
මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ මිහින්තලය , සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි එක්දරු පියෙකි.වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී මෙම වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට පොලීසිය සැක පලකරයි.
මෙම පුද්ගලයාට වෙඩි ප්‍රහාරය එල්ලවීමෙන් පසුව 500m පමණ දුරක් දිව ගොස් ආසන්නයේ පිහිටි ගල්කුලම ඉන්ධන පිරවුම්හල ඉදිරිපිට ඇද වැටී තිබෙන අතර පසුව ඔහුව රෝහල් ගතකිරීමට කටයුතු කර තිබේ.
යතුරුපැදිකරුට වෙඩි තැබීමෙන් අනතුරුව වෙඩික්කරුවන් විසින් යතුරුපැදිකරු පැමිණි යතුරු පැදියද රැගෙන පලා ගොස් තිබෙන බවත්
තුවාලකරුගේ තත්ත්වය බරපතල බවත් පොලිසිය පවසයි.කුමන ගිනි අවියකින් වෙඩි තැබුවේද යන්න සහ වෙඩි තැබූ පුද්ගලයන් කවුරුන්ද යන්න පිළිබඳව පොලිස් කණ්ඩායම් කිහිපයක් ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර තිබේ.
(06)
කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඉන්දීය ගමන් බලපත්‍ර භාවිතා කරමින් අබුඩාබි නුවර ඔස්සේ ඉතාලිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයන් දෙදෙනෙකු 06/25 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ( Imigration and Emigration Boarder Surveillance Unit ) නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් යාපනය ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සහ 28 හැවිරිදි වියේ පසුවන ද්‍රවිඩ ජාතික තරුණයන් දෙදෙනෙකි .
ඔවුන් 06/25 දින රාත්‍රී 09.45 ට අබුඩාබි නුවර බලා පිටත්ව යාමට නියමිත ඉටිහාඩ් ගුවන් සේවයේ ඊ.වයි.- 397 දරන ගුවන් යානය වෙත පිවිසීම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
එසේ පැමිණි ඔවුන් ගුවන් මගීන් රැදී සිටින අංගනයේ රැදී සිටියදී , ඔවුන්ගේ අස්වාභාවික හැසිරීම් රටාව නිරීක්ෂණය කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් , ඔවුන් කැදවා ප්‍රශ්ණ කරමින් , ඔවුන්ගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ඒ තුළ වූ කූඨ ලෙස සකස් කළ ඉන්දීය ගමන් බලපත්‍ර දෙක සහ ව්‍යාජ ඉතාලි වීසා බලපත්‍ර දෙකක් ද සොයා ගෙන තිබේ .
මෙසේ සොයා ගත් ලියකියවිලි සියල්ල දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් තාක්ෂණික පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමෙන් පසු , ඒවා කූඨ ලෙස සකස් කළ ව්‍යාජ ඒවා බවට අනාවරණය වී තිබේ .
ඉන්පසුව මොවුන් දෙදෙනා මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.
(07)
පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිටදි 25 වෙනිදා සවස පෞද්ගලික බස් රථ රියදුරෙකු පොලොන්නරුව ලංකා ගමනාගමන මණ්ඩලය ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමෙන් පසු ඇති වූ ගැටුමකින් ඩිපෝ කළමනාකාරවරයා ඇතුළු පස්දෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොළොන්නරුව පොලිසිය කියයි.
මාතර සිට පොළොන්නරුව ඩිපෝවට පැමිණෙන ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථයට අතරමගදී පෞද්ගලික පන්ති යන සිසුන් හා සීසන් ලබාගත් පිරිස් පටවා ගෙන ඒම නිසා පෞද්ගලික බස් රථයට මගී ජනතාව අඩුවීම මෙම ගැටුමට හේතුව බවද පොලිසිය කියයි.
මාතර සිට පැමිණෙන බස් රථයේ ඩිපෝ කළමනාකාරවරයාද සිට ඇති අතර එම බස් රථය පොළොන්නරුව ඩිපෝව ඉදිරිපිට හරස් කරමින් පෞද්ගලික බස් රථ රියදුරා ඩිපෝ කළමනාකාරවරයාට පහරදීමත් සමග ඩිපෝවේ සිටි නිලධාරීන් පිරිසක් ද බස්රථ රියදුරුට සහ කොන්දොස්තරයාට පහරදීම දීමෙන් මෙම ගැටුම දුරදිග ගොස් ඇති බවද පොලිසිය පවසයි.
මෙම ගැටුමෙන් ඩිපෝ කළමනාකාරවරයා, කාර්මික නිලධාරියකු සහ, ඩිපෝවේ රියදුරු රෝහල් ගතවීමෙන් අනතුරුව පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයාද පොළොන්නරුව රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ගන්නා බව පොලිසිය කියයි.
ඩිපෝ කළමනාකාරවරයාට,රියැදුරට සහ කාර්මික නිලධාරියාට පහරදීමත් සමග, ඊට විරෝධය පළ කරමින් සියලු බස් රථ ධාවනයෙන් ඉවත් වී තිබේ.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සහ දුර ගමන් සේවා අතර ඩිපෝවේ බස් රථ 135 කට ආසන්න සංඛ්‍යාවක් ධාවනය වන අතර පහරදීමට විරෝධය පළ කරමින් 26 වෙනිදා බස් රථ වර්ජනයක් ද සිදු කිරීමට කටයුතු කරන බව ඩිපෝවේ නිලධාරියකු අප කළ විමසීමකදී පැවසීය.
මේ වනවිට පොළොන්නරුව ඩිපෝවට පොලිස් ආරක්ෂාව යොදවා ඇති බවද පොළොන්නරුව පොලිසිය සඳහන් කරයි.
1 ඇති වූ ගැටුමෙන් අනතුරුව ඩිපෝවේ ගේට්ටු වසා තිබෙන අයුරු සහ බස් නැවතුම්පොළේ තත්ත්වය,
(08)
අයථා ලෙස උපයා ගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා එම වත්කම් වංචනික ලෙස අවප්ර්මාණය කර පෙන්වීමට ක්රි යා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂම විසින් අත්අඩංගුවට ගත්
සෞඛ්ය් අමාත්යාංමශයේ හිටපු ලේකම්වරයෙකු වූ සීමා හේවගේ ජනක ශ්රීක චන්ද්ර ගුප්ත ජුලි 8 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්රවධාන මහේස්ත්රාීත් තනුජා ලක්මාලි මහත්මිය ඊයේ (26) නියෝග කළාය.
සිද්ධියට අදාළ සැකකරු අල්ලස් කොමිසමේ විමර්ශන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඊයේ පස්වරුවේ අධිකරණ ඉදිරිපත් කරීමෙන් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනි.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ අධ්යීක්ෂක (නීති )සුලෝචනා මහත්මිය සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ මෙසේ පැවසීය.
ස්වාමිනී,මෙම සැකකරු අයථා ලෙස උපයා ගත් වත්කම්හි වටිනාකම නිශ්චිත ලෙස නොපෙන්වා එම වත්කම් වංචනික ලෙස අවප්රඅමාණය කර පෙන්වීමට ක්රිායා කර තිබෙනවා.
මෙම සැකකරු විසින් පානදුර ප්ර දේශයේ පන්සලක බුදු පිළිමයක් සෑදීම සඳහා රුපියල් ලක්ෂ 145 ක් මුදලක් යොදවා පසුව එම මුදල ලක්ෂ 350 දක්වා වැඩිකර තිබෙනවා,
එම විහාරස්ථානයේ හාමුදුරුවන් එවකට පිළිකා රෝගී තත්ත්වයක සිටියදී සැකකරු උන්වහන්සේගෙන් දිවුරුම් ප්ර කාශයක් ලබාගෙන තිබෙනවා. එම මුදල් සංශෝධනය ගැන ,ස්වාමීනි, පිළිම වහන්සේ විවෘත කිරීමේදී සඳහන් කළ නියමිත මුදල් ප්රධමාණය පසුව සංශෝධනය කර තිබෙනවා, ඵලකයක් සෑදීමට යොදාගත් ලෙසට.
” ස්වාමීනි ,2023/3/14 මෙම සැකකරු විසින් නිශ්චිත දේපලක් මිලදී ගෙන තිබෙනවා. ඔහු එශේ දේපළ මිලදී ගෙන ඇත්තේ ලක්ෂ 92 ක් වියදම් කරලා.නමුත් ඔහු පසුව ලක්ෂ 40 ක් බව දක්වලා තියෙනවා, නමුත් ස්වාමීනී සැකකරුගේ බිරිඳගෙන් ලබාගත් ප්‍රකාශ අනුව එදින ලක්ෂ අනූ දෙකක් ලබාගෙන ඔප්පුව ගත් බව සඳහන් වෙනවා.
මෙම සැකකරු විසින් සිද්ධියට අදාළ සාක්ෂිකරුවන්ට බලපෑම් කරලා තියෙනවා, මුදල් ප්රවමාණය අවප්රිමාණය කරන්න. විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේට දිවුරුම් ප්රාකාශයක් ලබා දීලා අත්සන් කරගෙන තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සහකාර අධ්ය්ක්ෂ සුලෝචනා මහත්මි අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පිළිම වහන්සේ සෑදීම සඳහා වෙනත් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන තිබේද යන්න පිළිබඳව විමර්ශනය සිදුකළ නමුත් එසේ මුදල් ලබා නොදුන් බවට සාක්ෂිකරුවන් ප්ර කාශ කරන බවය.
” ස්වාමීනි සිද්ධියට අදාළව අල්ලස් කොමිසම විසින් කරන ලද විමර්ශනයේදී ලබාගන්නා ලද බැංකු වාර්තා වලට අනුව මෙම ගිණුම් සඳහා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ලැබී බවට සාක්ෂි ලැබී නැහැ, බැංකු වාර්තාවල දත්තවලට අනුව මෙම පුද්ගලයාගේ ගිණුමේ තියෙන මුදල් පෞද්ගලික ණය සඳහා කොටස් වශයෙන් ගෙවී යන බව සඳහන් වෙනවා, වාහන බලපත්ර මගින් මුදල් තැන්පත් කරා නම් ඒ සඳහා බැංකු ශේෂයක් විදිහට වත්කම් බැරකම් ශේෂ ඉදිරිපත් කරන්න ඕනි, යනුවෙන් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි අධ්යමක්ෂකවරිය වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණයට පෙන්වා දුන්නාය.
සිද්ධියට අදාල විමර්ශන කටයුතු තවදුරටත් සිදු කෙරෙන බවත් සැකකරුට ඇප ලබාදීම සිදුකළහොත් විමර්ශනවලට බාධා සිදුවිය හැකි බැවින් ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස එම කොමිසමේ නීති අධ්යික්ෂකවරිය අධිකරණයෙන් ඉල්ලීමක් කළාය.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාර පාර්ශවය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නුවන් ජයවර්ධන මහතා පවසා සිටියේ තම සේවා දායකයා රාජ්යේ සේවකයෙක් ලෙස අවුරුදු තිස්පහක් සේවය කරන බවත් ඔහු බොහෝ පන්සල් සඳහා පුද්ගලයන්ගේ ආධාර ඇතිව මෙලෙස මුදල් වියදම් කර කටයුතු සිදු කරන බවය.
අල්ලස් පනතේ 23 (අ) වගන්තිය සමඟ කියැවිය යුතු දූෂණ විරෝධී පනතේ 109 වගන්තිය අනුව අල්ලස් මගින් හෝ / සහ දූෂණ විරෝධී පනතේ සඳහන් වැරදි මගින් වත්කම් රැස් කිරීමට අදාලව මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කරන බව අල්ලස් කොමිසම අධිකරණට දැන්වීය.
සිද්ධිය සම්බන්ධයේ වැඩිදුරටත් කරුණු දැක්වූ නීතිඥවරයා මෙසේද පැවසීය.
” ස්වාමීනී මගේ සේවා දායකයා, අවුරුදු 35ක් රාජ්ය් සේවකයෙක් ලෙස සේවය කරනවා, මාලිගාකන්ද උසාවියේ බෙහෙත් නඩුවට පමණක් ආධාර අනුබල ලබාදීමේ චෝදනාව පමණයි තිබෙන්නේ, එම නඩුවේත් තවම විත්තිකරුවෙක් වෙලා නැහැ,
සැකකරුට විශාල බැංකු ගිණුම් ප්ර මාණයක් තිබෙන නිසා සහ ඔහුගේ වියදම් ප්ර්මාණය වැඩි නිසා අල්ලස් කොමිසම අයථා ලෙස වත්කම් රැස් කිරීමේ චෝදනාවට මගේ සේවා දායකයා අත්අඩංගුවට ගෙන තිබෙනවා, ස්වාමීනී මගේ සේවා දායකයාගේ ගිණුම් වලට මුදල් දාලා තියෙන්නේ, හොරකම් කරානම් ගිණුම් වලට මුදල් දාන්නේ නැහැ, තම සේවා දායකයාගේ බිරිඳගේ ගිණුමට දාලා තමයි මේ පිළිමය සෑදීමට ලක්ෂ 145 දාලා තියෙන්නේ,
මගේ සේවාදායකට පර්මිට් හතරක් තියෙනවා. ඒ පර්මිට් විකුණපු සල්ලි තමයි බැංකු ගිණුම් වලට දාලා තියෙන්නේ, ඊට අමතරව MBA කරන්න එංගලන්තේ ඉතාලියේ තායිලන්තය වැනි රටවලට ගියා.එහිදී පුද්ගලයන් සමග ඇති වූ සමීප සම්බන්ධතාව මත ලංකාවේ මෙම බුදු පිළිමය සෑදීමට ආධාර ලබාගෙන තිබෙන්නේ, විහාරස්ථාන සෑදීම කියන්නේ අටමහා කුසල් මෙවන් පුණ්යද ක්රිනයාවල තමයි මගේ සේවා දායකයා නිරත වෙලා තියෙන්නේ, පානදුර ප්රටදේශයේ පර්චස් විස්සක ඉඩමක් පමණයි මගේ සේවා දායකයාට තිබෙන්නේ, විශ්රාටම යනකම් රජයේ වාහන විතරයි පාවිච්චි කරේ. “
” ස්වාමීනි පන්සලේ පිළිම වහන්සේගේ කතාව 2018 පටන් ගත්ත දෙයක්, මගේ සේවාදායකයාගේ බිරිඳ නමින් ගිණුමක් විවෘත කරලා තමයි එම මුදල් දාලා තියෙන්නේ. මෙම පිළිමේ නිර්මාණය කිරීමෙන් පසුව එම පිළිමය වටා ඵලකයක් සෑදීමට තමයි පසුව ලක්ෂ 350ක් දක්වලා තියෙන්නේ මේ සියලු මුදල් එක් එක් පුද්ගලයන්ගෙන් ලැබුණු ආධාර මිස අයථා ලෙස ලබාගත් දේවල් නෙවෙයි , ස්වාමීනි සිද්ධියට අදාළව පළමුවම අත්අඩංගුවට ගත යුත්තේ සේවා දායකයාගේ බිරිඳ, මොහු නොවේ, ස්වාමීනි එම නිසා සුදුසු ඇප කොන්දේසියක් මත මාගේ සේවා දායකයාට ඇප ලබා දෙන්න ” යනුවෙන් අධිකරණයෙන් ඉල්ලීය.
ඒ අනුව දෙපාර්ශවය දැක්වූ කරුණු සලකා බැලූ මහේස්ත්රාොත්වරිය සැකකරු ජූලි මස අට දින දක්වා එසේ රක්ෂිත බන්ධනාගාර ගත කළා ය.
(09)
කෑගල්ල මහ රෝහලේ මෘත ශරිරාගාරයේ ඇති ශීතකරණ සියල්ල මේ වන විට මෘත දේහ වලින් පිරී ගොස් ඇති බවත් රෝහලේ දී මිය යන හා පිටතින් රැගෙන එන මෘත දේහ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කරන තෙක් තැන්පත් කර තැබීමට ශීතකරණ පහසුකම් නොමැතිව ගැටළුවක් සිදුව ඇතැයි කෑගල්ල මහ රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චතුර ටිකිරිරත්න මහතා ඊයේ 26 වැනිදා පැවසීය.
කෑගල්ල දිස්ත්‍රික්කයේ වෙසෙන ලක්ෂ 9 ට වැඩි ජනතාවගේ එකම රෝහල වන්නේ කෑගල්ල දිස්ත්‍රික් මහ රෝහලයි. මෙම රෝහලට අයත් මෘත ශරිරාගාරය පිහිටා ඇත්තේ රෝහල පිටුපස ඉදිකර ඇති අධිකරණ වෛද්‍ය සංකීර්ණ ශාලාවේ පහළ මාලයේ කොටසකය.
මෘත ශරිරාගාරයේ මෘත දේහ 8 බැගින් තැන්පත් කර තැබිය හැකි ශීතකරණ දෙකක් ඇති අතර ශීතකරණ දෙකෙහි මෘත දේහ 16 ක් තැන්පත් කර තැබිය හැකිය. දැනට ශීතකරණ දෙකෙහි මෘත දේහ 13 ක් විවිධ වකවානු තුළ තැන්පත් කර තිබේ. මේ හෙතුවෙන් දැනට රෝහලේ මිය යන හා පිටතින් රැගෙන එනු ලබන මෘත දේහ තැන්පත් කිරීම ගැටළුවක් සිදුව තිබේ. දිනකට පැය 24 පුරාම මාස ගණනාවක් තිස්සේ ශීතකරණ ක්‍රියාත්මක කර තැබීම හෙතුවෙන් විශාල විදුලි ඒකක ගණනක් වැය වන බවත් විශාල විදුලි බිලක් ද කාලයක සිට රෝහලට දැරීමට සිදුව තිබේ.
මේ ගැටළුව සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චතුර ටිකිරිරත්න මහතාගෙන් ඊයේ 26 වැනිදා ලංකාදීප කල විමසුමකදී මෙසේ ද පැවසීය.
රෝහලේ මෘත ශරිරාගාරයේ ශීතකරණ මේ වන විට මෘත දේහ වලින් පිරිලා ගිහිල්ලා තියෙනවා. ඒ නිසා මේ අවස්ථාවේ දී මාස ගණනාවක සිට විශාල ගැටළුවක් ඇති වෙලා තියෙනවා.
අයිතිකරුවන් නොමැති මෘත දේහ තුනක් පශ්චාත් මරණ සිදු කර රජයේ වියදමින් භූමදානය කිරීමට අවශ්‍ය ලියකියවිලි සකසා ගන්නා තුරු තවදුරටත් තැන්පත් කර තිබෙනවා. කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ දී මිය ගිය රැදවියෙකුගේ මෘත දේහයක් තියෙනවා. කිසිම ඥාතියකු නොමැති රෝහලේ දී මිය ගිය හා පොලිස් ස්ථාන මගින් ගෙනත් තැන්පත් කර ඇති මෘත දේහ 9 ක් තියෙනවා.ඇයි මෙහෙම වෙන්න හෙතුව කියලා මෙතන දී දීර්ඝ ලෙස සොයා බැලීමක් අප සිදු කළා.
මාස තුනකට වැඩි කාලයක් මෘත දේහයක් ශීතකරණයේ තිබුණාට පස්සේ ජායාරූප ගෙන හදිසි මරණ පරීක්ෂකවරයා ලවා හදිසි මරණ පරීක්ෂණයක් පවත්වා අධිකරණ වෛද්‍යවරයා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා රජයේ වියදමින් භූමදානය කරනවා. මේක කාලයක සිට පැවති සමාන්‍ය ක්‍රමවේදයක් මිස නීතිමය පැත්තක් මෙතන නෑ.
මේ ගැටළු සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන විජේසිංහ මහතාගේ මැදිහත්වීම මත කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සෙනෙවිරත්න මහතාට දුරකතනයෙන් කතා කොට ගැටළුව සම්බන්ධතාවයක් දන්වා සිටියා. එතුමා ඇතුළු අධාල බලධාරින් සමග ඉදිරියේදී සාකච්ඡාවක් තියලා ස්ථිර විසදුමකට එන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ ශීතකරණ සදහා සපයා ඇති විදුලියට විශාල මුදලක් රෝහල මගින් ගෙවීමට ද සිදුව තිබෙනවා. වැඩි කාලයක් යන්නට පෙර විසදුමක් සොයා ගැටළුව නිරාකරණය කරන්න බලාපොරොත්තු වෙනවා යැයි පැවසීය.
(10)
පසුගිය 21වන දින තිදෙනෙකුට මරු කැදවමින් තවත් 31 දෙනෙකුට තුවාල සිදුකරමින් බදුල්ල මහියංගණ මාර්ගයේ දුංහිද 4කණුව ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ නිත්‍ය රියදුරු ලෙස කටයුතු කල පුද්ගලයා එළඹෙන ජූලි 4වන දින දක්වා රක්ෂිත බන්ධානාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් නුජිත්ද සිල්වා මහතා ඊයේ (26) දින නියෝග කලේය.
මෙසේ රක්ෂිත බණ්ධනාගාරගත කරනු ලැබූවේඅංක 494, තලාව ලිපිනයේපදිංචි වයස අවුරුදු 42 ක්වූ පුද්ගලයෙක් බව පොලීසිය සදහන් කලා.
ඔහු මෙම බස් රථයෙන් වන්දනා නඩයක් රැගෙන බණ්ඩාරවෙළ හා බදුල්ල ප්‍රදේශ වලට පැමිණ තිබුණා. එසේ පැමිණි පිරිස මුතියංගණ වැදපුදා ගනිද්දී රථගාලේ නැවතූ බස් රථය යතුරද සමගින් තබා තේ පානයට අසල වෙළදසැලකට ගොස් සිටියදී බස් රථයේ පැමිණි පුද්ගලයෙක් බස් රථය පණ ගන්වා රථ ගාලෙන් පිටතට ගෙන තිබුණු අතර, පසුව රියදුරුද බස් රථයට නැග ඇති නමුත් ඔහු බස් රථය පෙර පුද්ගලයාටම පදවන්නට ඉඩදී තිබුණා.
එසේ බස් රථය පදවන අතුරතුරදීයි මෙම අනතුර සිදුව ඇත්තේ. එම අනතුර සිදුකිරීමට අනුබල දීමේ චෝදනාව මත බස් රථයේ නිත්‍ය රියදුරු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
(011)
මාස දෙකක ආසන්න කාලයක් රිමාන්ඩ් භාරයේ සිටින සබරගමුව විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ සිසුන් 11 දෙනා ලබන මස 03 දක්වා යලි රිමාන්ඩ්
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ නවක වඳය ලබා දිමෙිි සිද්ධියක් හේතුවෙන් තාක්ෂණ පිිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු සිසුවෙකුගේ මරණ සමිබන්දයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මාස දෙකක ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකාර සිසුන් 11 දෙනා බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26 ) වැනිදා යලි දා ඉදිරිපත් කිරිමෙන් පසු ලබන මස 03 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලන්ගොඩ මහේස්ත්‍රාත් භාග්‍යා දිල්රැක්ෂි වික්‍රමසිංහ මෙනවිය නියෝග කළාය.
සිසුන් දස දෙනෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට මිිට පෙර අවස්ථා හතරකදි බලන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කල අතර තවත් සිසුවෙකු අධිකරණයට භර වි තිබුණ අතර එම සිසුන් සියළු දෙනා මෙලෙස අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කෙරිණි.
සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණය පිිඨයේ දෙවැනි වසරේ ඉගනුම ලැබු පුස්සැල්ලාව ,ඉහළගම ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි චරිත් දිල්ශාන් නැමති සිසුවා ඉකුත් අප්‍රේල් මස 29 වැනිදා සියදිවි හානිකරගෙන තිබුණ බව සමනල වැව පොලිසිය වාර්තා කර තිබුණි. මිට අමතරව නවක වඳය සිද්ධිය සමිබන්දයෙන් සිසුන් විසිදෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කර ගැනිමටද සමනල වැව පොලිසිය කටයුතු කරනු ලැබුහ.
මෙම සිද්ධියට අදාල විමර්ශන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දි තිබුණි. එහිදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු විසින් ජේෂ්ඨ සිසුන් දස දෙනෙකු විශ්වවිද්‍යාලයීය පරිශ්‍රය තුලදි මැයි මස (04) දා සහ 05 වැනිදා අවස්ථා දෙකකදි අත්අඩංගුවට ගනු ලැබුහ. පසුව ඔවුන් සමනල වැව පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රකාශ සටහන් කර ගැනිමෙන් පසුව මෙලෙස බලන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කළහ. තවත් සැකකරු සිසුවෙකු ඉකුත් 29 වැනිදා අධිකරණයට ඉදිරිපත් වු අතර ඔහුද රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියේය. මෙම සිසුන් මිිට පෙර අවස්ථා තුනකදීම ස්කයිටි තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කෙරිණි.මෙි සමිබන්දයෙන් පරික්ෂණ සිදු කරන අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු අධිකරණය ඉදියේ සදහන් කර සිටියේ මෙම සිසුන් නවක වඳය පනත උල්ලංඝනය කරමින් එය කඩ කර තිබෙන බවයි.මෙි හේතුවෙන් ඇප ලබා නොදෙන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරිහු අධිකරණයෙන් ඉල්ලා සිටියහ
..එම කරැණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් වරිය මෙම සැකකාර සිසුන් දස දෙනා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කලා ය.
(012)
රක්වාන ප්‍රදේශයේ සිංහල හා දමිල මාධ්‍යයේ පාසල් දෙකක් දරුවන් පිරිසකට එල්ලවු බඹර ප්‍රහාරයකින් දරුවන් හතලිහක් සහ ගුරුවරු දෙදෙනෙකු රක්වාන රෝහල වෙත ඊයේ (26) දින ප්‍රතිකාර සඳහා ඇතුළත් කරන ලදී.
මෙසේ දෙබර ප්‍රහාරයට ලක්ව ඇත්තේ රක්වාන රත්නාලෝක මහ විද්‍යාලයේ දරුවන් පිරිසක් සහ රක්වාන ශාන්ත ජොන් ජාතික පාසලේ දරුවන් පිරිසකි. මෙම පාසල දෙක එක ලග පිහිටා ඇති අතර සුපුරුදු පරිදි පාසල් පැවත්වෙමින් තිබෙන අතරතුරු ඊයේ (26) දින පස්වරු 12.20 ටපමණ මෙම දෙබර ප්‍රහාරය එල්ල වී ඇත. එහිදි රත්නාලෝක මහ විද්‍යාලයේ දරුවන් අට දෙනෙකු හා දැරියන් එකොලොස් දෙනෙකු හා ගුරුවරියක්ද ශාන්ත ජෝන් ජාතක පාසලේ දරු දැරියන් විසිදෙනෙකු සහ ගුරුවරයෙකුද රෝහල් ගත කර ඇති බවත් කිසිවෙකුගේ තත්ත්වය බරපතල නොවන බවත් රක්වාන රෝහල් කාර්ය භාර වෛද්‍ය නිලධාරි රවිහංස ගමගේ ප්‍රකාශ කරන ලදී
පාසලේ හත්වන කාල පරිච්චේදයේදී ශාන්ත ජොන් විද්‍යාලයේ ක්‍රිඩා පිටියේ සිටි දරුවන් පිරිසකට මෙම ප්‍රහාරය එල්ල වූ බවත් එය බේරා ගැනීමට ගිය ගුරුවරියකටද බඹර ප්‍රහාරය එල්ල වූ තුවාල ලැබූ දරුවන් පවසති. ඒ සමගම රත්නාලෝක විද්‍යාලයේ දරුවන්ටද මෙම බඹර ප්‍රහාරය එල්ල වූ බවත් පාසල අසල බඹර කූඩුවක් ඇවිස්සී මෙම ප්‍රහාරය එල්ල වන්නට ඇතැයි සැක කල හැකි බවත් මෙම පාසල්වල තවත් දරුවන් පිරිසකට සුලුවෙන් බඹර ප්‍රහාරය එල්ලවී ඇතත් ප්‍රතිකාර සඳහා රෝහල් වෙත රැගෙන නො ආ බවත් මෙම බඹර ප්‍රහාරය දරුවන් 60 වැඩි ප්‍රමාණයකට එල්ලවන්ට ඇතැයි සැක කළ හැකි බවත් දෙමාපියන් පවසති.
(013)
මහියංගනය, දඹාන, ගුරුකුඹුර ආදිවාසී ගම්මානයේ “දඹාන ආදිවාසී ජන උරුම බෞද්ධ මධ්‍යස්ථානයේ ” පසුගිය පොසොන් පොහෝ දින බෝ මළුවේ අළුතින් ස්ථාපිත කල බුද්ධ ප්‍රතිමාවේ පවුම් 2.5 පමණ බරැති, රනින් නිමකල ඌර්ණ රෝමධාතුව පසුගිය 24 දින හෝ ඊට ආසන්න දිනකදී කිසිවෙකු විසින් සොරකම් කර ගෙන ඇති බවට විහාරාධිපති පූජ්‍ය ගල්පෝරුයායේ ප්‍රදීපවංශ නායක හිමියන් විසින් මහියංගණය පොලිසියට පැමිණිලි කර ඇත.
පසුගිය පොසොන් පොහෝ දින (10 දින) ගංගාරාම විහාරාධිපතිකිරින්දේ අස්සජි හිමියන් ප්‍රධාන,බදුල්ල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතා හා ආදිවාසී නායක ඌරු වරිගයේ වන්නිලා ඇත්තෝ ප්‍රමුඛ සම්භාවනීය ආරාධිතයින් රැසකගේ සහබාගීත්වයෙන් මෙම බුද්ධ ප්‍රතිමාව හා බෝධි ප්‍රාකාරය ඇතුළු විහාර කර්මාන්යේ අංග 04ක් සසුනට පූජා කිරීමේ මහේත්සව පැවැත්විණි. බුද්ධ ප්‍රතිමාව විවෘත කර දින 14කට පසුව මෙම ඌර්ණ රෝමධාතුව සොරකමට ලක්ව ඇති අතර, පසුගිය 10 දින සිට 21 දින දක්වා වැදිරට මියුගුණ පුර පොසොන් කලාපය නමින් පොසොන් තොරණ ඇතුළු දැවැන්ත පොසොන් කලාපයක් එම පූජා භූමියේ සංවිධානය කර තිබුණි. ඒ් සඳහා විශාල පිරිසක්ද සහබාගී වු අතර, පොසොන් කළාපය නිමා වී දින දෙක තුනක් ඇවෑමෙන් මෙම සොරකම සිදුව ඇත.
මෙම සොරකමට අදාලව කිසිදු සැකකරුවෙකු මේ දක්වා අත්තඩංගුවට ගෙන නොමැති අතර වැඩිදුර පරීක්ෂන කටයුතු මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නිළධාරීන් කණ්ඩායමක් වීසින් සිදු කරනු ලැබේ.
(014)
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ බිරිඳ, දියණියන් තිදෙනා හා බෑනා යන අයට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ ඊයේ (26) අධි චෝදනා ගොනු කළේය.
හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල , බිරිඳ කුසුම් ප්‍රියදර්ශනී , දියනියන් වන අමාලි රඹුක්වැල්ල , නයනිකා රඹුක්වැල්ල , චන්දුලා රඹුක්වැල්ල සහ බැනා වන ඉසුරු පුලස්ති බණ්ඩාර යන අයට මෙලෙස අල්ලස් කොමිසම මහාධිකරණයේ හමුවී අධි චෝදනා ගොනු කර තිබිණ .
එම අධිචෝදනා පත්‍රය චෝදනා 43 සමන්විත වන අතර ඉදිරි දිනක මෙම නඩුව මහාධිකරනය හමුවේ කැදවීමට නියමිතය .
මෙම විත්තිකරුවන්ගේ සැකකටයුතු ගනුදෙනු සම්බන්ධයෙන් ශ්‍රි ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි අංශය අල්ලස් කොමිසමට යොමු කරන ලද වාර්තාවලට අනුව මෙම විමර්ශනයන් ආරම්භ කර තිබූ අතර
විත්තිකරුවන් විසින් අයතා ලෙස රුපියල් මිලියන 97.35 ක් උපයා ගැනීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකළ විමර්ශනයකට අදාළව ඔවුන් අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ වන විට ඇප මත මුදාහැර තිබි ණි.
(015)
ප්‍රමිතියකින් තොරව රජයේ මුදල් වැය කරමින් ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ඊයේ (26) කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අධිචෝදනා ගොනු කළේය.
මහේෂ් වීරමන්, ප්‍රදීප් අබේරත්න සහ අමාලි රණවීර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත මහාධිකරණ විනිසුරු මඩුල්ලක් අගවිනිසුරුවරයා විසින් මෙම නඩුව විභාග කිරීම සඳහා පත් කර තිබිණි
හියුමන් ඉමියුනෝග්ලොබියුලීන් සහ රිටොක්සිමැබ් නමැති ඖෂධ නොවන වෙනත් ද්‍රව්‍ය කුප්පි 6,195ක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයට සපයා ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රුපියල් ලක්ෂ 1,444ක් වංක ලෙස ව්‍යපහරණය කිරීමට කුමන්ත්‍රණය කිරීම සහ එම මුදල් සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධි චෝදනා දහතුනක් (13) යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබිණි.
නඩුවේ සාක්ෂිකරුවන් ලෙස පුද්ගලයන් 350 දෙනෙකු හා නඩු භාණ්ඩ 300 ආසන්න සංඛ්‍යාවක් පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි
ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙන්වූ බව කියන අයිසොලෙස් බයෝටෙක් ෆාමා සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක, වෛද්‍ය සැපයුම් අංශයේ සහකාර අධ්‍යක්‍ෂ ශාන්තිනී සොලමන්, ගණකාධිකාරී නෙරාන් ධනංජය, තොග පාලක සුජිත් කුමාර , සෞඛ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත, වෛද්‍ය සැපයුම් ඒකකයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය හේරත් මුදියන්සේලාගේ ධර්මසිරි රත්නකුමාර හේරත්, හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, හදිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියේ ප්‍රසම්පාදන කමිටු සාමාජික වෛද්‍ය ජයනාත් බුත්පිටිය (විදේශගත වී ඇත), සෞඛ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක , වෛද්‍ය සැපයුම් අංශයේ අධ්‍යක්‍ෂවරයෙකු වන වෛද්‍ය අරඹේගෙදර තුසිත සුදර්ශන සහ ඖෂධ නියාමන අධිකාරියේ හිටපු සභාපති විජිත් ගුණසේකර නමැති අය මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබි ණි.
මේ සම්බන්ධයෙන් පැවැත්වූ මහේස්ත්‍රාත් අධිකරණ නඩුවේදී අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කිරීමෙන් අනතුරුව විත්තිකරුවන් දහ දෙනෙකු මේ වන විට ඇප මත මුදාහැර සිටින අතර පළමු විත්තිකරු ලෙස නම්කර සිටින ප්‍රමිතියෙන් තොර එන්නත් ගෙවූ බව කියන එම සමාගමේ හිමිකරු වන සුගත් ජනක ප්‍රනාන්දු, යන අය මේවන තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින අතර දහ වන සැකකරු වන වෛද්‍ය ජයනාත් බුත්පිටිය විදේශ ගතව ඇති අතර ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා මහේස්ත්‍රාත් අධිකරණය විසින් ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර තිබිණි .
2023 ඔක්තෝබර් මස අල්ලස දූෂණය හා නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති කමන්ත තුෂාර මහතා විසින් මේ පිළිබඳව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට කරන ලද පැමිණිලි වලට අනුව 2023 ඔක්තෝබර් 13 වැනි දා සිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ අතර අනතුරුව මහේශාත් අධිකරණය හමුවේ නඩු පැවරීය.
එලෙස මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමෙන් පසු සිදු කරන ලද සියලු විමර්ශනයන් අවසන් කිරීමෙන් අනතුරුව පසුගිය පෙබරවාරි මස 06 වන දින විමර්ශනයන් වල උදෘත නීතිපතිවරයා වෙත යොමු කර ඇති අතර ඒ අනුව ඊයේ දින නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණයේ හමුවේ මෙම විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කළේ ය.