(01)

කැළණි ගග සහ විදුලි බලාගාරයක් ආසන්නයේ පිහිටි පොලිස් සථානයක සේවය කරන පොලිස් ස්ථානයක කාන්තා පොලිස් කොස්තාපල්වරියකට මිය ගිය ඇගේ මිත්තනිය ආරූඩ වීම හේතුවෙන් පොලිස් ස්ථානාධිපතිවරයා බිය වී හදිසියේ රෝගාතර වී නිවාඩු ලබා සිටින බව එම පොලිසියේ සේවය කරන සෙසු පොලිස් නිළධාරින් කියා සිටියි.

කාන්තා පොලිස් කොස්තාපල්වරියට පොලිස් ස්ථානාධිපතිවරයා නිතරම බැනවැදීම හේතුවෙන් දැඩි මානසික පීඩාවට පත් වි සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරිය නිවාඩු ලබා නිවසට ගොස් සිටියදි ඇය රැක බලා ගත් මිත්තනිය හදිසියේ මිය ගොස් ඇත.

පසුව කාන්තා පොලිස් කොස්තාපල්වරියට මිය ගිය ඇගේ මිත්තනිය ආරූඩ හේතුවෙන් තම දියනියට තව දුරටත් නිවාඩු අවශ්‍ය බව කොස්තාපල්වරියගේ මව විසින් දුරකථනයෙන් පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා ගෙන දැනුම්දෙන අවස්ථාවේ පොලිස් ස්ථානාධිපතිවරයා ජංගම දුරකථනය අනෙකුත් පොලිස් නිළධාරින්ට ඇසෙන සේ මව සමග සංවාදයක යෙදි සිටියදි මවගෙන් දුරකථනය උදුරාගත් මිත්තනිය ආරූඩ සිටින කාන්තා පොලිස් කොස්තාපල්වරිය මිත්තනියගේ හඩින් “ ආ උඹ ඕ.අයි.සී. හරියට පොලිසියේ නිළධාරින්ට වද දෙනවා නේ. උඹ හොද මිනිහෙක් නෙවෙයි. ලොක්කන්ට ගොට්ට අල්ලලා පැණි ටිකයි හකුරු ටිකයි රා ටිකයි ගෙනියලා දීලා ශේප් එකේ ඉන්න එකෙක්. උඹට ලගදි ට්‍රාන්සර් එකක් එනවා. හැබැයි ඕ.අයි.සී. කම හම්බවෙන්නෙ නැ. සාමාන්‍ය රාජකාරි තමයි කරන්න වෙන්නේ. එතනට ගිහින්වත් නිළධාරින්ට වද නොදී ඉන්න බලපන්.” යනුවෙන් පැවසීමෙන් පසු කළබල වූ පොලිස් ස්ථානාධිපතිවරයා “ආච්චි මට සමාවෙන්න මේ ට්‍රාන්සර් එක එන එක නවත්ත ගන්න බැරිද? මට යන්නම වෙයිද?” යනුවෙන් විමසා ඇත.

උඹ දැනි පරක්කු වැඩියි යනුවෙන් පවසා මිත්තනිය ආරූඩ සිටින කාන්තා පොලිස් කොස්තාපල්වරිය දුරථනය විසන්ධි කර ඇත.

එදින පටන් දින කිහිපයක් හදිසියේ රෝගාතුර වූ පොලිස් ස්ථානාධිපතිවරයා මේ දිනවල නිවාඩු ලබා සිටින බවයි එම පොලිසියේ සෙසු නිළධාරින් කියා සිටියේය.

(02)

උතුරු මැද පළාත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයෙකු පත්වීමෙන් පසු ප්‍රඥප්තියට අනුව හත්(7) දෙනෙකුගෙන් යුතුව පත් කරනු ලබන කළමනාකරණ මණ්ඩලයට ප්‍රඥප්තියට අනුව අනිවාර්යයෙන්ම එක් සාමාජිකයෙක් වාණිජ මණ්ඩලයෙන් පත් කළ යුතු වුවත් එම පත්වීමද ආණ්ඩුකාර කාර්යාලය මගින් නම් කරන ලද පුද්ගලයෙකු පත්කර ඇති බවට වාණිජ මණ්ඩලය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතාගෙන් ජංගම දුරකථනය ඔස්සේ කළ විමසීමේදී කියා සිටියේ එසේ කර නොමැති බවත් වාණිජ මණ්ඩලය මගින් සාමාජික නමක් ඒවා ඇති බවත්ය . ඒ අනුව වාණිජ මණ්ඩලයේ සාමාජිකයෙකු කළමනාකරන මණ්ඩලයට නම්කර යවා ඇති බවද ආණ්ඩුකාරවරයා සඳහන් කළේය.

උතුරු මැද පළාත් සභාවේ කර්මාන්ත අමාත්‍යාංශයට අයත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරුවකු පත්කිරීමෙන් පසු හෝ අමාත්‍යවරයකු පත්වීමෙන් පසු ප්‍රඥප්තියට අනුව කළමනාකරණ මණ්ඩලයට සාමාජිකයින් හත් දෙනකු පත් කරනු ලබයි.ඉන් තිදෙනෙකු වශයෙන් පළාත් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් හෝ නියෝජිතයකු,පළාත් කර්මාන්ත අධ්‍යක්ෂ,පළාත් මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු මෙන්ම පළාත් කර්මාන්ත අමාත්‍යවරයාගේ නියෝජිතයින් තිදෙනකු නම් කළ යුතු වුවද දැනට පළාත් අමාත්‍යවරයෙකු නොමැති බැවින් ආණ්ඩුකාරවරයා නම් කරන ලද නියෝජිතයින් තිදෙනකු සහ උතුරු මැද වාණිජ, කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ නියෝජිතයෙක් වශයෙන් මෙය සමන්විතය.

වාණිජ මණ්ඩලයේ නියෝජිතයා නම් කරන්නේ සභාපතිවරයා ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයේ තීරණය පරිදි වන අතර  එය ආණ්ඩුකාරවරයාට හෝ ඇමතිවරයාට ලිඛිතව දැන්වීමේ බලය තිබෙන්නේ තමාට බව උතුරු පද පළාත් වාණිජ,කර්මාන්ත හා කෘෂිකර්ම මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් පී බී දිසානායක මහතා සඳහන් කරයි.එහෙත් තම නියෝජිතයකු එසේ ලිඛිතව තමා දන්නවා නොමැති බවද වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අවධාරණය කරයි.ආණ්ඩුකාරවරයාට වාණිජ මණ්ඩලයේ නියෝජිතයකු නම්කර ඒවා ඇත්නම් තම ආයතනයේ ලිපි ශීර්ෂය එම සාමාජිකයාගේ නම සහ නිර්දේශ කරන්නාගේ අත්සන පිළිබඳව වෙනමම සොයා බැලිය යුතු කරුණක් බවද වාණිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී බී දිසානායක මහතා සඳහන් කළේය.

(03)

වැලිවිටිය-දිවිතුර ප්‍රාදේශීය සභාවේ විවෘත ඡන්දයක් සභාපති පොහොට්ටුවෙන් උප සභාපති සමගි ජනබලවේගයෙන් කරන්දෙණිය ඡන්ද බලප්‍රදේශයේ, වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබුණ අතර, උප සභාපති ධූරය සමගි ජනබලවේගයට ලැබිණ.

එම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභික පෝද්දිවල මාරගේ වසන්ත මහතා සහ උප සභාපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ සභික පී.එච්.තුසිත චාමර මහත්වරු පත්වූහ.

වැලිවිටිය දිවිතුර ප්‍රාදේශීය සභාවේ සභික ධූර සංඛ්‍යාව 15කි. එහි බහුතර බලය කිසිම පක්ෂයකට හිමිනොවූ අතර ජාතික ජන බලවේගයට සභිකයන් 07ක් සහ සෙසු පක්ෂවලට සභිකයන් 08ක් හිමිව තිබිණි.

ඒ අනුව දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් එරන්දි උමංගා මෙන්ඩිස් විසින් 18 වෙනිදා සභාව රැස්කරන ලද අතර එහි දී සභාපතිවරයා තෝරාපත්කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමට යෝජනා විය. සභිකයන් අට දෙනකු විසින් සභාපති තෝරාගැනීම සඳහා විවෘත ඡන්දයක් අවශ්‍ය ප්‍රකාශ කිරීම හේතුවෙන් විවෘත ඡන්දයක් පැවැත්වින.

එම ඡන්ද විමසීමේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වූ පී.එම්.වසන්ත මහතාට ඡන්ද 08ක් හිමි වූ අතර ජාතික ජන බලවේගයේ සභිකයාට හිමිවූයේ ඡන්ද 07කි. උප සභාපතිවරයකු තෝරාගැනීමේ ඡන්ද විමසීම සඳහා ජාතික ජනබලවේගයෙන් සභිකයකු ඉදිරිපත් නොවූ බැවින් සමගි ජන බලවේගයේ පී.එච්.තුසිත චාමර මහතා උප සභාපති ධූරයට නිතර‍ඟයෙන් පත්විය.

(04)

පානදුර රෝහලේ කැන්ටිම මාස 4 ක් වහලා. රෝගීන් මෙන්ම කාර්ය මණ්ඩලය ද පීඩාවට පානදුර මූලික රෝහලේ අවන්හල මාස හතරක පමණ කාලයක සිට වසාදැමීම හේතුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය මෙන්ම රෝගීන් ද අපහසුතාවයට ලක්ව ඇති බවට ඔවුහූ මැසිවිලි නගති.

900 කට ආසන්න කාර්ය මණ්ඩලයක් සහ රෝගීන් විශාල පිරිසක් දෛනික අවශ්‍යතාවයක් සපුරා ගැනමේදී ගැටළු සහගත තත්වයකට පත්ව ඇති බව වාර්ථා වේ.

මේ හේතුවෙන් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිළදී ගැනීමට ගාලුපාර හරහා ගමන් කර පෞද්ගලික වෙළදසැල් වලට යාමට සිදුව ඇති අයුරු දැකගත හැකිවිය .

මේ පිළිබද විමසීමේදී රෝහලේ ඉහළ බළධාරියෙක් මෙසේ පැවසීය. අවන්හල පවත්වාගෙන ගිය ටෙන්ඩර්කරු මූල්‍ය විනය කඩකරමින් අවන්හල පවත්වාගෙන ගිය බැවින්ව එය තාවකාලිකව වසාදැමූ බවත්, නව ටෙන්ඩර් පත් කැදවා කඩිනමින් අවන්හල විවෘත කරන බවත්ය.

(05)

රජයේ ඉඩම් සන්තකය අත්පත් කරගැනීමේ පනත යටතේ වනජීවී දෙපාර්තමේන්තුව මගින්, පොළොන්නරුව මනම්පිටිය මහවැලි පාලම අසල වසර පනස්හතක කාලයක් පවත්වාගෙන ගිය වෙළඳසැලක් නෙරපීමේ නියෝගය මත 18 වෙනිදා සවස කඩා ඉවත් කිරීමට පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් පිස්කල් හා මනම්පිටිය පොලිසිය වනජීවී දෙපාර්තමේන්තුවේ මනම්පිටිය නිලධාරීන් විසින් කටයුතු කළහ.

අභියාචනාධිකරණයේ නියෝගය ලැබීමෙන් අනතුරුව මෙලෙස කඩා ඉවත් කරන ලද්දේ මනම්පිටිය යක්කුරේ හන්දිය ලිපිනයේ පදිංචිව සිටි ගංගොඩ ගමගේ එඞ්මන් ජයන්ත ගුණවර්ධන මහතාට අයත්ව තිබූ වෙළෙඳ සැලයි.

2016 දෙසැම්බර් 08 වෙනිදා පොළොන්නරුව වනජීවී දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව පොළොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනුකර තිබූ අතර එම නඩුවට අදාළ 2016 වර්ෂයේද පොළොන්නරුව ජලගැලීම් නිම්න ජාතික වනෝද්‍යානයේ   රජයේ ඉඩම් සන්තකය ආපසු පවරා ගැනීමේ පනත යටතේ වෙළඳසැල් සහ නිවාස කිහිපයක්ද ඉවත් කිරීමට කටයුතු කළහ.

 එම නියෝගයට එරෙහිව සැකකරු කොළඹ අභියාචනාධිකරණය වෙත අභියාචනාවක් ඉදිරිපත් කර තිබූ අතර, ඉන් ලැබුන නියෝගය අනුව මෙම වෙළඳසැල ඉවත් කිරීමට කටයුතු කළ බව පොළොන්නරුව වන සත්ව අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරියෙකු සඳහන් කළේය.

වසර හතක කාලයක් අභියාචනාධිකරණයේ විභාග වූ නඩුවකින් පසු, මෙහි සැකකරු මියගොස් තිබූ අතර, නෙරපීමේ නියෝගය ක්‍රියාත්මක කිරීමේ අවස්ථාවේදී සැකකරුගේ බිරිඳ, 78 වියති ඩී. ලීලාවතී මහත්මිය, සඳහන් කළේ තමන් 1968 වර්ෂයේ සිට මෙම ස්ථානයේ පදිංචිව සිටිමි දුම්රිය දෙපාර්තමේන්තුවට රුපියල් ලක්ෂ අටකට වැඩි ප්‍රමාණයක් බදු වශයෙන් ගෙවා ඇති බවත්, වනජීවී නිලධාරීන් අධිකරණයට අසත්‍ය චෝදනා ඉදිරිපත් කරමින් තමන්  ඇතුළු මෙම වෙළඳසැලෙන් යැපුණු  හත්දෙනෙකුගෙන් යුත් දරු පවුලක් ඉවත් කිරීමට කටයුතු කිරීම බලවත් අසාධාරණයක් බව පවසා එම අවස්ථාවට පැමිණ සිටි වනජීවි නිලධාරීන්ට මෙන්ම පොලිසියට බැණ වදිමින් චෝදනා එල්ල කළහ.

(6)()

චින ජාතික සැකකරුවන් එකසිය තිස් දෙනාගෙන් එකසිය විසිතුන් දෙනා සතු ජංගම දුරකතන පරිඝණක ඇතුලු සියලුම පරිඝණක භාණ්ඩ චින තනාධිපති කාර්යලයේ බලයලත් නිලධාරියෙකුට භාර දිමට නියෝග.එම සිද්ධියට සම්බන්ධ චින ජාතිකයන් එකසිය විසි තුන් දෙනා හෙට රටින් පිටු වහල් කරයි.අධිකරණයට මග හැර සිටින සැකකරුවන්  හත්දෙනාට වරෙන්තු)

මෙරට රුදි සිටිමින් පරිඝණක අපරාධ  කිරිමේ සිද්ධියට සම්බන්ධ රටින් පිටුවහල් කිරිමට නියමිත චින ජාතිකයින් සතුව තිබුණ තෙල්දෙණිය අධිකරණයේ භාරයේ පැවැති ජංගම දුරකතන පරිඝණක ඇතුලු සියලුම උපකරණ චින තනාධිපති කාර්යාලයේ බලය ලත් නිලධාරියෙකුට භාර දිමට තෙල්දෙණිය  මහෙස්ත්‍රාත්  දිසා විනිසුරු දේවිකා චතුරාංගනි ජයවර්ධන මහත්මිය  2025.06.18 වන දින නියෝග කලාය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ  මහනුවර කාර්යාලයේ නිළධාරින් තෙල්දෙණිය අධිකරණයට මෝසමක් ඉදිරිපත් කරමින් තෙල්දෙණිය අධිකරණයේ දි දහා අටවන දින මෙම ඉල්ලිම ඉදිරිපත් කෙරෙණි.

මහනුවර කුන්ඩසාලේ සුපිරි තරු හෝටලයක රුදි සිටිමින් සිටියදි චින ජාතික තරුණයින් එකසිය අට දෙනෙකු.හා චින ජාතික තරුණියන් විසි දෙදෙනකු ඇතුලු මෙම සැකකරුවන් එකසිය තිස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තෙල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

ඔවුන් සතුව තිබුණ ජංගම දුරකතන 206.ක් ලැප්ටොප් 121 ක් ඇතුලු තවත් පරිඝණක  උපකරණ රුසක් තෙල්දෙණිය අධිකරණ භාරයේ තිබුණි.මෙම උපකරණ සියල්ල 2025.06.18 වන අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුවේ නිලධාරින් හරහා කොළඔ පිහිටි චින තනාධිපති කාර්යාලයේ නියෝජිතයෙකුට භාරදිමට තෙල්දෙණිය  මහෙස්ත්‍රාත් දිසා විනිසුරු දේවිකා  චතුරාංගනි ජයවර්ධන මහත්මිය දහා අටවන දින නියෝග කලාය.

මෙම චින ජාතික සැකකරුවන්ගෙන්  සැකකරුවන් හත් දෙනකු තෙල්දෙණිය  අධිකරණය අවස්ථා තුනක දි මග හැර තිබුණි. ඔවුන්ට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කර ඇත.

තෙල්දෙණිය අධිකරණය මගින් මෙරටින් පිටුවහල් කිරිමේ නියෝගය මත පසුගියදා  වැලිසර රුදවුම් මධ්‍යස්ථානයට භාරදුන් මෙම චින ජාතික සැකකරුවන්ගෙන් අධිකරණය මග හැර සිටින සැකකරුවන්  හත් දෙනා හැර ඉතිරි සැකකරුවන් එකසිය විසිතුන් දෙනා හෙට මෙරටින් පිටුවහල් කෙරෙන බව වර්තා වේ.

(07)

රටතුල උපත් අඩුවීමේ ප්‍රවනතාවයක් සහ එන්නත්කරණයට යොමුනොවීමේ ගටළුවක් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුව අණාවරණය කරයි.! රටක් වශයෙන් හා දිස්ත්‍රික්කයක් මෙන්ම ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන සෞඛ්‍ය ⁣ක්ෂේත්‍රයේ හඳුනානොගත් ප්‍රවනතා ලෙස උපත් අඩුවීමේ ගැටළුවක් ද එන්නත්කරණයට යොමුනොවීමෙ ගැටළුවක්සහ වසංගත රෝග පෝෂණ ගැටළු මානසික සෞඛ්‍ය ගැටළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අභියෝතාවයන් බව (⁣ඊයේ) පසුගිය 18 වෙනිදා පැවති ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය ක්‍රියාකාරී කමිටුවේදී අනාවරණය කෙරිණ.

 කමිටුව අද(18) පෙරවරුවේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී නියෝජ්‍ය අමාත්‍ය නලන් හේවගේ සහ ගාල්ල මහ දිසාපති හා

දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව් ඒ ධර්මසිරි මහතා  සහ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය බලධාරින් ඇතුළු නිලධාරීගේ සහභාගිත්වවයෙන් පැවැත්විණ.

සෞඛ්‍ය  අංශයට පමණක් විසඳා ගැනීමට නොහැකි රාජ්‍ය  ආයතන ඒකාබද්ධ ප්‍රවේශයකින් විසඳුම් සෙවිය යුතු පොදු මහජනතාවට බලපාන සෞඛ්‍ය ගැටලු   හා සෞඛ්‍ය   අංශ මුහුණපාන අභියෝග රැසක් පිළිබඳ මෙහිදී සාකච්ඡා කෙරිණ.

එක් එක් අංශ යටතේ  ඉදිරිපත් කිරීම් සිදුකරමින් ගාල්ල දිස්ත්‍රික්කයේ ළමා හා මාතෘ අංශය, බෝවන රෝග අංශය, බෝ නොවන රෝග අංශය, මානසික සෞඛ්‍ය, දන්ත සෞඛ්‍ය, පාසල් සෞඛ්‍ය හා නව රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ ව මනා පැහැදිලි කිරීමක් මෙහිදී  සිදුකෙරිණ.

රටක් වශයෙන් මෙන්ම දිස්ත්‍රික්කයක් වශයෙන් ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හඳුනාගත් ප්‍රවණතා වශයෙන් උපත් අඩුවීමේ ගැටලුව, එන්නත් කරණයට යොමු නොවීමේ ප්‍රවණතාවය, පෝෂණ ගැටලු, වසංගත රෝග , මානසික සෞඛ්‍ය ගැටලු ආදිය විශේෂයෙන් මෙහිදී   සාකච්ඡා කිරීම   විශේෂත්වයකි .

මෙහිදී  පැන නැගුණු ගැටලුවලට  පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිශාන්ත සමරවීර මහතා ,නිශාන්ත පෙරේරා මහතා ,හසාරා ලියනගේ මහත්මිය,ඇතුළු   මහජන  නියෝජිතයන්  ද කරුණු අවධාරණය  කරනු ලැබිණ..

 ගාල්ල  ,දිස්‍ත්‍රික් සෞඛ්‍ය  සේවා අධ්‍යක්ෂ ප්‍රසාද් රණවීර මහතා,සෞඛ්‍ය  අංශ නිලධාරීන්, ආරක්ෂක අංශ ,අධ්‍යාපන අංශ,ප්‍රාදේශිය ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරීන්  පිරිසක්  මේ සඳහා එක් වූහ.

(08)

තරුණයෙකුට වැරදි ලෙස හිංසනයට පත්කළ පොලිසීයේ දෙදෙනෙක්ට මතක හිටින පාඩමක්.

2019 වසරේදී රන් භාණ්ඩ සොරකමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් ලබාගැනීම සඳහා තරුණයෙකු අත්අඩංගුවට ගෙන පහරදී අමානුෂික වද හිංසාවට ලක් කිරීම තුළින් උරගස්මංහන්දිය පොලිසියේ එවක ස්ථානාධිපතිවරයා සහ එවක අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා එම පහරකෑමට ලක්වූ තරුණයාගේ   මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබෙන බවත් ඒ වෙනුවෙන් ඔවුන් සිය පෞද්ගලික මුදල් වලින් ලක්ෂ 10 බැගින් වන්දි සහ නඩු ගාස්තු පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්රේිෂ්ඨාධිකරණය (18දා) නියෝග කළේය.එසේම එම වන්දි මුදල් මාස හයක කාලයක්  තුළ ගෙවා අවසන් කළ යුතු බවත් තීන්දුවේ සඳහන් වෙයි.

ඒ අනුව මෙම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු වග උත්තරකාර උරගස්මං හංදිය පොලිසියේ ස්ථානාධිපති  හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා සහ එහි අපරාධ අංශයේ ස්ථානාධිපති වරයා ලෙස කටයුතු කරන ළඳ මෙම නිලධාරීන් සම්බන්ධයෙන් අවශ්යේ පියවර ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසමට යොමු කරන ලෙසත් ද ශ්රේවෂ්ඨාධිකරණය සිය තීන්දුවේ වැඩිදුරටත් නියෝග කර ඇත.

2019 වර්ෂයේදී මත්තකප්රරදේශයේපදිංචිපී.ඒ.එස්. මධුෂාන්නමැත්තකුවිසින්ඉදිරිපත්කළමූලිකඅයිතිවාසිකම්පෙත්සමක්විභාගකිරීමෙන්අනතුරුවඑස්.තුරෙයිරාජා,ඒ.එච්.එම්.ඩී.නවාස් යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්රේසෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් මෙම තීන්දුව ප්රවකාශයට පත් කළ ඇත.

පෙත්සම්කරු සඳහන් කර ඇත්තේ  තමන් සේවය කළ ආයතනයේ ගබඩාවේ තිබූ රන් භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඌරගස්මංහංදිය පොලීසිය තමන්ව සොයන බවට ලැබුණු තොරතුරකට අනුව නීතිඥවරයෙකු සමග එම පොලිස් ස්ථානයට ගිය බවයි.

පසුව ප්රනකාශයක් සටහන් කර ගැනීමෙන් අනතුරුව නිදහස් කරන බවට පොලීසියට නීතිඥවරයාට ප්රලකාශ කිරීමෙන් අනතුරුව ඔහු එම ස්ථානයෙන් ඉවත්ව ගිය බවත් පෙත්සම්කරු සඳහන් කර ඇත.

පසුව දෙවන වගඋත්තරකාර අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමන්ගේ දෑත් වලට මාංචු දමා බිම දිගේ අපරාධ අංශය පිටුපස තිබූ කාමරයකට රැගෙන ගොස් තවත් පොලිස් නිලධාරියෙකුගේ සහාය ඇතිව පහර දුන් බවට පෙත්සම්කරු චෝදනා කළ ඇත.මේ හේතුවෙන් තමන්ගේ අත් වල මෙන්ම පිටුපස ප්රතදේශයෙත් විශාල වේදනාවක් හටගත් බවත් ඔහු වැඩිදුරටත් සිය පෙත්සම මගින් සඳහන් කළ ඇත.

ඉන් පසුව  අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා තමාගේ ලිංගේන්ද්රිලය තද කරමින් පහර දුන් බවත් ඒ අවස්ථාවේදී ඇතිවූ වේදනාව හේතුවෙන් තමන් සිහිසුන් වූ බවත් පෙත්සම්කරු කියා සිට ඇති අතරප පසුදා පළමු වගඋත්තරකාර පොලිස් ස්ථානාධිපතිවරයා මෙම සොරකම සමථයට පත් කිරීම සඳහා ලක්ෂ තුනක මුදලක් වෙළඳසැලේ හිමිකරුට ගෙවිය යුතු බව සඳහන් කරමින් පොලිස් ඇප මත මුදා හැරීමට කටයුතු කළ බවත් පෙත්සම්කරු සඳහන් සිය පෙත්සමෙන් දැනුම්දී ඇත.

ඉන් අනතුරුව මෙම මෙසේ පහරකෑමට ලක්වූ තරුණයා  නාගොඩ රජයේ රෝහලට ඇතුළත්ව දින 12ක් ප්රකතිකාර ලබා ගැනීමට සිදුවූ බවත් ඔහු සඳහන් කර ඇත.

එහෙත් වග උත්තරකරුවන් සිය විරෝධතා වලින් ප්රීකාශ කර තිබුණේ තමන් මෙම සියලු චෝදනා ප්රඋතික්ෂේප කරන බවයිි.

පසුව දීර්ඝ කරුණු සලකා බැලීමකින් අනතුරුව තීන්දුව ප්රශකාශයටත් පත් කරමින් විනිසුරු මඩුල්ල කියා සිටියේ පෙත්සම්කරු අත්අඩංගුවට ගැනීම සාධාරණීකරණය කිරීමට අදාළ වන කරුණු ඉදිරිපත් කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වූ බවත්. එමෙන්ම පෙත්සම්කරු සම්බන්ධයෙන් ඉදිරිපත් වූ අධිකරණ වෛද්ය් වාර්තා පිරික්සීමේදී ඔහු බරපතල වද හිංසනයට භාජන වී තිබෙන බව අධිකරණය හමුවේ තහවුරු වන බවත්  විනිසුරු මඩුල්ල කියා සිටියේය.

මේ තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවත් විනිසුරු මඩුල්ල ඒකමතිකව තීන්දු කර මෙම අධිකරණ තීන්දුව ලබාදී ඇත.

මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් නීතිඥ ශාන්ත ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිට ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න