(01)
නිවසේ සිට රාජකාරි වාර්ථා කිරිම සදහා තම සේවා ස්ථානය වන දෙහිඅත්තකණ්ඩිය පොලිස් ස්ථානය වෙත යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී ප්‍රධාන මාර්ගයට හදිසියේ කඩාවැදුනු වන අලියෙකුගේ පහරදීමකට ලක්වූ පොලිස් නිලධාරියෙකු අවාසනාවන්ත ලෙස ඝාතනයට ලක්වුනි.
ඉකුත් 17දින මෙසේ ජිවිතක්ෂයට ලක්වූයේ දෙහිඅත්තකණ්ඩිය පොලීසියේ ප්‍රජා පොලිස් සේවා ඒකකයට අනුයුක්තව සේවය කරන අංක200 වීරලන්ද රුහුණුගම අරලගංවිල ලිපිනයේ පදිංචිව සිටි පොලිස් සැරයන්වරයෙකු වන එච්.පී.ජී. ජයතිලක නමැති නිලධාරියා වේ. ඔහු52වියැති තිදරු පියෙකි.
එදින අළුයම 04ට පමන නිවසේ සිට තම යතුරු පැදියෙන් දෙහිඅත්තකණ්ඩිය .පොලීසියවෙත ගමන්කරමින් සිටියදී අරලගංවිල-දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ වීරලන්ද වලස්ගල කොටසේදී සැරයන්වරයා වන අලිපහරට ලක්වි ඇත.
අළුයම 04.30ට පමණ වන අලි පහරට ලක්වන්නට ඇති බවත් ඊට සුළු මොහොතකට පසු එම මාර්ගයේ ධාවනය කරමින් තිබූ මගී ප්‍රවාහන බස්රථයක රියදුරා පාරමැද වැටී සිටීපොලිස් නිලධාරියා දැක බස්රථය නවත්වා එම බසයට පටවා ගෙන ගොස් දෙහිඅත්තකණ්ඩිය රෝහලට භාරදී තිබේ. සිද්ධිය සමබන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදුකෙරෙමින් පවතී.
(02)
ඔස්කාර් සහ එමි සම්මාන වලින් පිදුම් ලත් , සුප්‍රකට හොලිවුඩ් නළුවෙකු වූ බ්‍රිතාන්‍ය ජාතික ” ජෙරමි අයන්ස් ” ( Jeremy Irons ) මෙරට රූ ගත කෙරෙන චිත්‍රපටයකට රගපෑමෙන් දායක වීම සදහා 06/17 දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.
වසර 12 කට පසුව , හොලිවුඩ් නළුවෙකු මේ ආකාරයට මෙරටට පැමිණීම සිදු වී ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ ප්‍රකාශකවරයෙකු පැවසීය.
ශ්‍රී ලාංකික සිනමා අධ්‍යක්ෂවරයෙකු වන චන්ද්‍රන් රත්නම් විසින් නිර්මාණය කෙරෙන ” කේජ් බර්ඩ් ” ( Cadge Bird ) චිත්රපටයෙහි රගපෑම සදහා ජෙරමි අයන්ස් පැමිණ තිබේ .
මෙවැනි ජාත්‍යන්තර වශයෙන් සුප්‍රකට සම්මානලාභී නළුවන් යොදා , නිෂ්පාදනය කෙරෙන සිනමා පට නිසා , මෙවැනි නළුවන්ගේ සිනමා ලෝලීන් , ශ්‍රී ලංකාව , සිනමා සංචාරක ගමනාන්තයක් ලෙස තෝරා ගැනීම ප්‍රවර්ධනය කිරීම , මෙම සිනමා නිර්මාණ වල ප්‍රධානතම අරමුණක් වේ .
ජෙරමි අයන්ස් 06/17 දින රාත්‍රී 11.00 ට ඉන්දියාවේ මුම්බායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 144 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.
(03)
පානදුර හිරණ මාලමුල්ල ප්‍රදේශයේ කොටහළු උත්සවයකදී පසුගිය අප්‍රේල් 29 දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨාශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පදිංචි 25 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය.
ඉකුත් අප්‍රේල් 29 දින අළුයම එම උත්සවය්දී ටී 56 ගිනි අවියකින් වෙඩිප්‍රහාර 11 ක් එල්ල කර තිබූ අතර එහිදී එක්දරු පියෙකු මියගොස් තිබුණි.
ඒ අනුව කළුතර අපරාධ කොට්ටාශයේ නිළධාරින් විසින් සිදුකල විමර්ශන වලින් පසු අලුත්ගම ප්‍රදේශයේ දී හෙරොයින් ග්රැම් 3 ක් සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවත් , පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 27 දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබේ.
අධ්‍යක්ෂක ජේෂ්ඨ පොලිස් අධිකාරී ජී ජේ නන්දන සහ සහකාර පොලිස් අධිකාරී ඩබ්ලිව් ඩී එල් ක්‍රිෂාන්ත යන මහත්වරුන් ගේ උපදෙස් පරිදි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලංග සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් උප පොලිස් පරීක්ෂක වරුන්වන උපුල් හර්ෂ සහ කේ එම් ඩී මධුෂාන්, සැරයන් වරුන්වන සමන්තිලක (41104), ප්‍රසන්න (69479) සහ කොස්තාපල් තුෂාර (79335) වැටලීමට එක්වූහ.
(04)
කැලණිය අධ්‍යාපන කොට්ඨාශයේ රජයේ පාසලකට පාසල් වේලාව තුල අනවසරයෙන් ඇතුළු වී පන්තියක සිසුන් හත් දෙනෙකුට බැණ තර්ජනය කොට ඉන් සිසුන් පස් දෙනෙකුට අතින් පහර දුන් බව කියන සිසුවෙකුගේ පියෙකු කිරිබත්ගොඩ පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත .
මීට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීමට ද දැන් විමර්ශනය කර ගෙන යයි.
පසුගිය සති අන්තයේ පාසල් කාලය නිමවි නිවෙස් බලා යන අවස්ථාවේ සිසුන් අතර ඇතිවු ආරාවුලක් මත එක් සිසුවෙකුගේ පියෙකු පාසලට පැමිණ මෙසේ එම සිසුන්ට බැණ වැදී පහර දී ඇතැයි කියති.
අත් අඩංගුවට ගත් සැකකරු නාතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
කිරිබත්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කේ ඕ.පී.අබේරත්න මහතාගේ උපදෙස් අනුව එහි විවිධ පැමිණිළි විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක තිලකසිරි මහතා විසින් අත් අඩංගුවට ගත් සැකකරු එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් රත්නායක ( 90071 ) , කුලසිංහ ( 10789 ) හා අලුත්ගේ ( 100478 ) යන නිලධාරීහු විසින් අධිකරණයට ඉදිරිපත් කීරීමට කටයුතු කර ගෙන යති.
(05)
නොසැලකිලිමත් ලෙස වෑන් රථයක් පදවා පාපැදි කරුවෙකුගේ මරණය සිදු කිරීම ඇතුළු චෝදනා තුනකට වැරදිකරු කල විත්තිකරුවෙකුට කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය පෙරේදා 17 වැනිදා දඩුවම් නියම කිරීම ජුලි මස 29 වැනිදාට කල් තබන බව නියෝග කළාය.
මෙලෙස අධිකරණය මගින් වැරදිකරු කර ඇත්තේ මහනුවර මාරස්සන බෝපිටිය අංක 21/2 ලිපිනයේ පදිංචිව සිටින 71 හැවිරිදි ගොන්ගල ගෙදර ජයතුංග නැමති පුද්ගලයෙකුටය.
අධිකරණය මගින් වරදකරු කර ඇති පුද්ගලයා මහනුවර අඹේවල ප්‍රදේශයේ වියලි කිරි පිටි නිෂ්පාදනය කරනු ලබන ආයතනයක සේවය කර විශ්‍රාම ලබා පසුව වෑන් රථයක් මිලට ගෙන කුලී ගමන් බිමන් යමින් සිට ඇති බව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කෙරිණ. සිය බෝපිටිය විහාරස්ථානයේ විහාරාධිකාරි මාතලේ මඩවල උල්පත උදාලංකාර පිරිවෙනෙහි ආචාර්ය බෝපිටියේ සරණංකර ස්වාමීන් වහන්සේගේ කොට්ටාවේ පදිංචිව සිටි නැන්දනිය (පියාගේ වැඩිමහල් සහොදරිය) අවමංගල්‍ය නිවසට යාමට දායකයින් පිරිසක් සමග 2022 ජනවාරි 24 වැනිදා අලුයම 5.10 ට පමණ විහාරස්ථානය අසලින් වෑන් රථය කොට්ටාව බලා ගමන් ආරම්භ කර තිබුණි.
කෑගල්ල නගරයෙන් තේ පානය කර ඇති ස්වාමීන් වහන්සේ ඇතුළු පිරිස පසුව කොළඹ දෙසට වෑන් රථය අධික වේගයෙන් ධාවනය කරමින් සිටිය දී ගලිගමුව බල්ලපාන ප්‍රදේශයේ දී වෑන් රථයට ඉදිරි පසින් පෙට්ටියක් බැද ගත් පාපැදි කරුවෙකු ද ඉදිරියට ගමන් කරමින් සිට තිබේ. අධික වේගයෙන් කොට්ටාව බලා ධාවනය වෙමින් තිබුණු වෑන් රථය පාපැදියේ ගැටී පාපැදිය පෙරලී ඉදිරියට මීටර් 2 ක් පමණ තල්ලු කරගෙන ගොස් නතර වී තිබුණි. පසුව වෑන් රථයේ සිටි පිරිස වෑන් රථයෙන් බැස හිසෙන් රැදිරය ගලමින් සිටි පුද්ගලයා ත්‍රීරෝද රථයකින් කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර තිබුණි. කෑගල්ල මහ රෝහලේ දින 12 ක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කෑගල්ල ගලිගමුව බල්ලපාන බෙදුම්මුල්ල ලිපිනයේ පදිංචිව සිටි 76 හැවිරිදි යාපාගේ නිහාල් ධර්මසේන නැමති තිදරු පියා 2022 පෙබරවාරි 05 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබුණි.
මිය ගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය එවකට කෑගල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඩබ්ලිව් ඩී සුසන්ත ජයවීර මහතා විසින් සිදු කර දේහය ඥාතීන්ට පොලිසිය භාර දී තිබුණි. මරණය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරුවරයා වන ගොන්ගල ගෙදර ජයතුංග නැමැත්තා පසුව අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පසුව පොලිසිය රියදුරුවරයාට එරෙහිව නොසැලකිලිමත් ලෙස වෑන් රථයක් පදවා යාපාගේ නිහාල් ධර්මසේන යන අයට මරණය සිදු කිරීම, නොසැලකිලිමත් ලෙස රිය පදවා රිය අනතුරක් සිදු කිරීම හා රිය අනතුරක් වළක්වා නොගැනීම යටතේ පොලිසිය සැකකරුට එරෙහිව කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරා තිබුණි.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පෙරේදා 17 වැනිදා නඩුව කැද වු අවස්ථාවේ දී විත්තිකරු සියලු චෝදනාවලට වැරදිකරු කල කෑගල්ල මහේස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ මහත්මිය දඩුවම් නියම කිරීම ජුලි 29 ට කල් තැබිණ.
කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාරින්ගේ උපදෙස් පරිදි පොලිස් සැරයන් අනිල් (40286) පැමිණිල්ල මෙහෙය විය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ ගීතක ගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී සිටිය හ.
(06)
මොනරාගල මරගල කඳුවැටියේ 16 වෙනිදා ඇති වූ ගින්නකින් කඳුවැටියේ කොලොන්වින්න ගල්ගෙඩියාව යන කඳුබෑවුමේ විශාල කොටසක් ගින්නකින් විනාශවී ඇත.
වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුව,ශ්‍රීලංකා යුද හමුදාව,පොලීසිය,සිවිල් ආරක්ෂක බලකාය සහ ප්‍රාදේශීය සභාවේ ගිනි නිවීමේ ඒකකය එක්ව මහත් පරිශ්‍රමයක් යොදා ගින්න පාලනයකළ බැව් මොනරගල ආපදා කළමනාකරන ඒකකයේ නියෝජ්‍ය අධ්යක්ෂ ඒ.එච් රවීන්ද්‍ර කුමාර මහතා පැවසීය.
මොනරාගල නගරයට පානීය ජලය සපයන ජල මූලාශ්‍ර සහිත මරගල කඳුවැටිය සංවේදී පරිසර රක්ෂිතයකි.කඳුවැටියේ ඉහළ ප්‍රදේශ වල පදිංචිව සිටින පිරිස් හේන්වගාව සඳහා කඳුවැටිය හෙළිපෙහෙළි කිරීම සහ වන සතුන් දඩයම් කිරීමට කැලෑව ගිනිතැබීම නිස සෑම වර්ෂයක මෙම කඳුවැටිය ගිනිගැනීමෙන් විනාශ වේ.
මරගල කන්ද සංරක්ෂණය කිරීම සඳහා වගකිවයුත්තන් මැදිහත් ස්ථිරසාර වැඩපිළිවෙලක් දියත් කරන ලෙස නගරවාසීහු ඉල්ලා සිටිති.
(07)
හම්බේගමුව පොලිස් වසමට අයත් දම්වැල්ඕඩය කිරලෑඩුගල ප්‍රදේශයේ නිවසකට 13 වෙනිදා රාත්‍රී ඇතුළු වූ දෙදෙනෙකු නිවැසියා ඇඳේ හාන්සිකර රන්භාණ්ඩ මංකොල්ලකා ඇති බවට (17) වෙනිදා හම්බේගමුව පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇත.
ඕලුගන්තොට කරදියමුල්ල මෙත්තලාවත්ත පාර පදිංචි පැමිණිලිකරු විදේශගතව සිටින ඔහුගේ පුතාට අයත් ඉහත ප්‍රදේශයේ නිවසක් රැක බලා ගැනීමට දින පහකට වරක් එහි ගොස් නැවතී සිටී.
දහතුන් වෙනිදා ඔහු පුතාගේ නිවසට ගොස් රාත්‍රී නවයයි තිහට පමණ දොර විවෘත කරගෙන එහි සිටියදී බල්ලන් බුරන ශබ්දයක් ඇසී ඇති අතර ඒ අවස්ථාවේ දෙදෙනකු විවෘත කර තිබූ දොරෙන් නිවස තුළට පැමිණ තිබේ.
එක් අයෙකු විසින් නිවසේ විදුලිය විසන්ධි කර නිවෙස් හිමියා කාමරයට රැගෙන ගොස් ඇඳේ හාන්සි කරවා ඇත.
ටික වේලාවකින් ඔවුන් පිටව ගොස් ඇති අතර නිවැසියා විසින්ම වයර් සවිකර විදුලිය පැමිණි පසු නිවස පරීක්ෂා කර ඇති අතර එහිදී ඔහුගේ කාමරයේ ඇඳේ මෙට්ටය යට කාඩ්බෝඩ් එක යට තිබූ රුපියල් 80,000 වටිනා රන්මාලයක් රුපියල් 40,000 වටිනා රන්මුදුවක් තිබී නැත.
ඒවායේ මුළු වටිනාකම රුපියල් එක්ලක්ෂ විසි දහසකි. පසුව ඔහු විසින් දාහත් වෙනිදා ඒ පිළිබඳව හම්බේගමුව පොලීසියට පැමිණි කර ඇත. හම්බේගමුව පොලිස් ස්ථානාධිපති ඩී.එම් විජේසුන්දර මහතා පරීක්ෂණ පවත්වයි.
(08)
මොනරාගල වැල්ලවාය පාර පදිංචි ව්‍යාපාරිකයෙකුගෙන් ව්‍යාපාර කටයුතු සඳහා යැයි පවසමින් රුපියල් ලක්ෂ දොළහක් ලබාගෙන ඒ වෙනුවෙන් ලබාදුන් චෙක්පත අගරුවීම පිළිබඳව (17) වෙනිදා මොනරාගල විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිල්ලක් ලැබීය ඇත.
දඹගල්ල කෙලින් වීදිය පදිංචි ව්‍යාපාරිකයෙකු 2024/10/11 වෙනි දින මොනරාගල නගරයේ පදිංචි පැමිණිලිකරුගෙන් ව්‍යාපාර කටයුතු සඳහා රුපියල් ලක්ෂ දොළහක් ලබාගෙන ඇත. ඒ වෙනුවෙන් ලබාදුන් චෙක්පත බැංකුගත කිරීමෙන් පසු අගරුවී තිබේ.
අදාළ මුදල පැමිණිලිකරු වන පනස් පස් හැවිරිදි මොනරාගල වැල්ලවාය පාර පදිංචි ව්‍යාපාරිකයා ඉල්ලා ඇතත් ලබාදී නොමැත. පසුව ඒ පිළිබඳව මොනරාගල විශේෂ අපරාධ විමර්ශන අංශයට පැමිණිලිකර ඇත. එහි ස්ථානාධිපති ප්‍ර.පො.ප විල්ෆ්රඩ් සිල්වා මහතා පරීක්ෂණ පවත්වයි.
(09)
මාතෘකාව – මැදවච්චිය අවට සේඩිවල සතියකට ප්‍රමාණවත් ඉන්ධන ඉක් දිනකින් අවසන් වෙලා.
ඉරානය සහ ඊශ්‍රයිලය අතර පවතින යුධමය තත්ත්වය හේතුවෙන් මෙරටට ඉන්ධන හිඟයක් ඇතිවේයැයි පවතින බියෙන් දිවයිනපුරා ඉන්ධන හල්වල නැවතත් ජනතාවගේ දිගු පොලීන් දක්නට ලැබේ.
ඒ අනුව මැදවච්චිය අවට ඉන්ධනහල්වල සතියකට ප්‍රමාණවත් ලෙස ඇණවුම්කළ ඉන්ධන එක් දිනකදී ,ඊයේ(17) දින දී අවසන් වූ බව ඉන්ධනහල් හිමිකරුවන් අප කළ විමසීමේදී ප්‍රකාශ කළා.
මැදවච්චිය ප්‍රදේශය ලේකම්බල ප්‍රදේශයේ 56000ට ආසන්න ජනතාවක් සිටි. එහි ඉන්ධනහල් තුනක් පිහිටා ඇත. මේවන විටත් ගම්මානකරා ශ්‍රීග්‍රයෙන් ප්‍රචාරයවන ඉන්දන හිඟය පිළිබඳ නැගෙන විවිධ කතිකාවන් හේතුවෙන් අළුයම සිට ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම් දැකීමට හැකි වේ.
මේ වනවිට ඇතැම් ඉන්ධනහල්වල ඉන්ධන තොග ඇණවුම්කර ඇති බවත් එය ඉන්ධනහල්කරා ගෙන එනතුරු ප්‍රදේශවාසීන් නොවිසිලිමත්ව බලා සිටින බවද ඉන්ධනහල් හිමිකරුවන් සඳහන් කළා.