(01)

රත්නපුර දිස්තිුක් කම්කරු කාර්‍ය්ලය අලුත්වැඩියා කරන බව සදහන් කර සුළු අළුත් වැඩියා කිරිමක්  පමනක් සිදුකර රුපියල්  එක් කෝට්  එකොලස් දහසක

මූල්‍ය වංචාවක් හෙළි කිරිම නිසා තමාගෙන් පළිගැනිමට  ස්ථාන මාරුවක් ලබාදි ඇතැයි රත්නපුර සහකාර කම්කරු කොමසාරිස් නිතිඤ ධම්මික ප්‍රියන්ත මහතා පවසයි.

මෙම ස්ථාන මාරුකිරිමට  සාධාරණය ඉටුකර යළිත් රත්නපුර කම්කරු කාර්‍ය්ලයේම සේවයේ පිහිටුවන ලෙස   රත්නපුර කම්කරු කාර්‍ය්ලයේ ප්‍රධානියා වු එම  සහකාර කම්කරු කොමසාරිස්වරයා ජනාධිපතිවරයා ඇතුඵ බලධාරින් ගෙන් ඉල්ලිමක් කර තිබේ.

වත්මන් ජනාධිපතිතුමාගෙන් කරුණු ලැබු ඉල්ලිමක් අනුව මෙම වංචාව ගැන පරික්ෂණ ආරම්භ කර තිඹියදි වංචනිකයින් ආරක්ෂාකිරිමට කම්කරු දේපාර්තමේන්තුවේ ඉහළ බලධාරින් කටයුතු කරන්නේද යන්න ගැන මෙම ස්ථාණ මාරුව නිසා සැකයක් මතුව ඇතැයිද ස්ථාණ මාරුව්මට ලක්වු  ජෙෂ්‍ට නිළධාරියා  පැවසිය.

රත්නපුර දිස්තිුක් සහකාර කම්කරු කොමසාරිස් නිතිඤ කේ.වි.ධම්මික ප්‍රියන්ත මහතා ව්සින් ජනාධිපතිවරයා , අල්ලස් හෝ දූෂණ ව්මර්ශණ කොමිෂම, පොලිස්පතිවරයා , ශ්‍රිලංකා නිතිඤ සංගමය ඇතුඵ බලධාරින්ට තමාගේ හදිසි ස්ථාණ මාරුව ගැන  ලිඛිත පැමිණිලි ඉදිරිපත්කර තිබේ.

කම්කරු කොමසාරිස්වරයා ව්සින් සේවා අවශ්‍යතා මත බව සදහන් කරමින් පසුගිය  වනදා  14 වනදා සිට  තමා කොළබ කාර්‍ය්ලය වෙත ස්ථාන මාරුකිරිම පළිගැනිම සඳහා සිදු කරන ලද්දක් බවත් තවත් වසර තුන හමාරක පමණ කාලයක් රත්නපුර කාර්‍ය්ලයේ සේවය කිරිමට තිඹියදි සහ ව්ශ්‍රාම යෑමට අවම කාලයක් තිඹියදි මෙම ස්ථාණ මාරුව්ම සිදු කර ඇත්තේ රාජ්‍ය රෙගුලාසි වලටද පටහැනිව බව රත්නපුර සහකාර කම්කරු කොමසාරිස්වරයා ලෙස කටයුතු කළ මේ වන විට ස්ථාන මාරුකර ඇති ධම්මික ප්‍රියන්ත මහතා  බලධාරින්ට පැමිණිළි කර තිබේ.

රත්නපුර කම්කරු කාර්‍ය්ලයේ අලුත් වැඩියා කිරිමේදි බරපතල මූල්‍ය වංචාවක් සිදු ඇති බවත් රත්නපුර දිස්තිුක් කම්කරු කාර්‍ය්ලයේ වහළයද එම අළුත්වැඩියාවට අනුව අළුත් වැඩියා කළ බව සදහන් වුවත් එම වහළය කිසිදු අළුත් වැඩියා කිරිමක් සිදු නොකර ඇති බව පරික්ෂණ වලදි අණාවරනය වි ඇතැයිද සහකාර කම්කරු කොමසාරිස් ධම්මික ප්‍රියන්ත මහතා ව්සින් මුල්වරට 2024 වසරේ අප්‍රේල් 11 වනදා ජනාධිපතිවරයා ඇතුළු බලධාරින්ට දැනුම්දි තිඹුණි .

ඒ අනුව ජනාධිපතිවරයාගේ නියෝගය අනුව රත්නපුර ජෙෂ්‍ට පොලිස් අධිකාරි වරයා යටතේ පාලනය වන රත්නපුර ව්ශේෂ අපරාධ විමර්ශන අංශයද මේ ගැන පරික්ෂණ ආරම්භ කර තිඹුණි . ස්ථාන මාරුවට ලක්කළ රත්නපුර සහකාර කම්කරු කොමසාරිස්වරයාගෙන් පසුගිය ජූනි මස 29 වනදා එම වංචාව ගැන  ප්‍රකාශයක්ද ලඹාගෙන තිබුණි.

අදාල වංචාව සම්බන්ධව පැමිණිළි සිදු කරන ලද තමා එහි ප්‍රධාන සාක්කිකරුද වන නිසා  මෙම හදිසි ස්ථාණ මාරු කිරිම තුල දුෂිත නිලධාරින්ගේ අවශ්‍යතාවය  මත ලිපි ගොනු ව්නාශ කිරිමේ හැකියාවද පවතින බව රත්නපුර සහකාර කම්කරු කොමසාරිස්  නිතිඤ ධම්මික ප්‍රියන්ත මහතා ජනාධිපතිවරයා ඇතුඵ බලධාරින්ට දැනුම් දි තිබේ. මෙම බරපතල රාජ්‍ය මූල්‍ය වංචාව සමබන්ධව  වංචාකරුවන් ආරක්ෂා කිරිමට තමාගේ හදිසි ස්ථාන මාරුව හේතුවක් විය හැකි බැව්න් එය අවළංගු කර අදාල පරික්ෂණය කඩිනම් කරන ලෙසද සහකාර කම්කරු කොමසාරිස්වරයා  ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කර තිබේ.

පසුගිය 2022 සහ 2023 වසරවල රත්නපුර කම්කරු කාර්‍ය්ලය අලුත්වැඩියා කල බව ලේඛණ ඇතත් දෝරක් සව්කිරිම, තීනර් ආලෝපනය කිරිම වැනි සුළු අළුත් වැඩියා කිරිම් කිපයක් හැර වෙනත් කිසිවක් සිදුව නැති බව ස්ථාණ මාරුව්මට ලක් කරන ලද සහකාර කොමසාරිස්වරයා අදාළ පරික්ෂණ වලදි පෙන්වා දි තිබේ.

මෙම වංචාව ගැන මුල්වරට තමා ව්සින් දැනුම්දුන් අවස්ථාවේදි තම රැකියාවේ සුරක්ෂිත බව ආරක්ෂාකරන ලෙසද දැනුම් දුන් බව ද සහකාර කම්කරු කොමසාරිස් ධම්මික ප්‍රියන්ත මහතා  බලධාරින්ට දැනුම් දි තිබේ.

කම්කරු කොමසාරිස් ජනරාල් වරයා පසුගිය 04 වනදා එවන ලද ලිපියකින් රත්නපුර දිස්තිුක් කම්කරු කාර්‍ය්ලයේ ප්‍රධානි සහකාර කම්කරු කොමසාරිස් ධම්මික ප්‍රියන්ත මහතාට දැනුම් දි තිබුණේ සේවා අවශ්‍යතාවය මත පසුගිය 14 වනදා සිට ඔහු කොළඹ කාර්‍ය්ලයට ස්ථාණ මාරුකර ඇති බවයි.

(02)

බිමත් පුද්ගලයන් දෙදෙනෙක් කල අපරාධයක් බිමත් පුද්ගලයෙක් රෝහල් සේවක මාමට රෝහලේදී පහර දීලා මාමා බලන්න රෝහලට එන අතර තුර  බිමත් රියදුරෙක්  බෑනා  හප්පලා  වෙන්නප්පුව  ලුනුවිල රජයේ රෝහලේදී එහි සේවකයෙකුට  බිමත් පුද්ගලයෙකු සිදු කල පහරදීමකින් පසු ඔහු බැලීමට  පැමිණි  පුද්ගලයෙකු  වාහනයකින් යට  කිරීමෙන් පසු  මියගොස් ඇත.

මෙලෙස මියගියේ වෙන්නප්පුව කිරිමැටියානේ පදිංචිව සිටි  නාලක ශ්රීිමාල් ඉද්දගොඩ  (41 )නමැති  එක් දරු පියෙකි . මියගිය පුදගලයා පහර කෑමට ලක්වූ රෝහල් සේවකයාගේ දියණියගේ ස්වමි පුරුෂයාය යි.

මේ අනතුර සිදු කල පුද්ගලයාද බිමත්ව සිට ඇති අතර ඔහු කොස්වත්ත පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන   මාරවිල මහේස්ත්රායත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

පසුගිය 11 වන දින රාත්රිතයේ  ලුනුවිල රජයේ රෝහලට බීමතින්  පැමිණි පුද්ගලයෙකු උපාලි සදසිරි නමැති සේවකයෙකුට පහර දී තිබේ .  පහර කෑමට ලක්වූ සේවකයා එදිනම රාත්රි යේ මාරවිල මුලික රෝහලට ඇතුලත්  කර  ඇත.

රිය අනතුරෙන් මරණයට පත්වූ පුද්ගලයා පැමිණ ඇත්තේ පහර කෑමෙන් පසු මාරවිල රෝහලට ඇතුලත්කර සිටින  රෝහල් සේවකයා බලිමට යි.නාත්තන්ඩිය මිගමුව මාර්ගයේ ගිනිගල්පොල  ප්ර දේශයේදී   මේ අනතුර සිදුව තිබේ .

12 වන දින පස්වරුව  වන විට උපාලි සදසිරි රෝහල් සේවකයාට  පහර දුන් පුද්ගලයාද  උදාසිරිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් 12 වන දින  පෙරවරුවේ ලුනුවිල රජයේ රෝහලේ කාර්ය මණ්ඩලය වර්ජනයක නිරත විණි.නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී එස් .ඩි .ආර් ප්රි යන්ත මහතාගේ උපදෙස් පරිදි  උදාසිරිගම හා කොස්වත්ත පොලිස් ස්ථානාධිපතිවරුන්ගේ මෙහෙයවීම මත මේ සිදුවීම් දෙක සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

(03)

අන්තර් ජාලය ඔස්සේ ජංගම දුරකතන විකිණීමට තිබෙන බවට සදහන් කරමින් දැන්විම් පල කර මුදල් වංචා කරන ලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගැනීම සදහා කිරිබත්ගොඩ පොලිසිය මගින් විමර්ශන ආරම්භ කර ඇත.

මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ මායා මාවතේ පදිංචි බැංකු සේවකයෙකු විසින් කිරිබත්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව එම සැකකරු අත් අඩංගුවට ගැනීම සදහා ඔහුගේ දුරකථන විශ්ලේෂණ වාර්තාවක් හා බැංකු ගිණුම් පිළිබඳව වාර්තාවක් අදාළ දුරකථන සේවා ආයතනයෙන් හා බැංකු ශාඛාවෙන් ලබා ගැනීමට මේ වනවිට මහර මහේස්ත්රාථත් අධිකරණයෙන් නියෝගයක් ද ලබා ගෙන තිබේ.

මේ බැංකු සේවකයා අන්තර් ජාලයට පිවිසි නිරීක්ෂණය කිරීමේදී වටිනා ජංගම දුරකථන අඩු මිලකට විකිණීමට තිබෙන බව දැන ඇත.ඒ අනුව එහි සදහන් ජංගම දුරකතනයට ඇමතුමක් ලබා ගෙන ඒ ගැන විස්තර විමසා තිබේ. එවිට වටිනා ජංගම දුරකථනයක් රුපියල් අසුඅට දහස් පන්සීයකට ලබා දිය හැකි බවට පවසා තිබේ.

පසුව බැංකු සේවකයා සැකකරු විසින් ලබා දුන් බැංකු ගිණුමට ඉහත කී මුදල බැර කර ඇත.ඉන්පසුව සැකකරු විසින් සිය දුරකතනය විසින්ධි කර තිබේ. මේ ගැන බැංකු සේවකයාට සැකයක් මතු වි පොලිසියට පැමිණිලි කර තිබිණි.

මේ සිද්ධිය සම්බන්ධව කිරිබත්ගොඩ පොලිසිය පරික්ෂණ පවත්වා ගෙන යන අතර එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල්වරුන් වන රත්නායක ( 90071 ) , කුලසිංහ ( 10789 ) හා අලුත්ගේ ( 100478 ) යන නිලධාරීහු විසින් මේ ගැන මහර මහේස්ත්රාුත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

(04)

ගාල්ල ජාතික රෝහල් වකුගඩු ඒකකයේ අත්යතවශ්යඩ ඖෂධ හිඟය හේතුවෙන් රෝගීන්ට දැඩි පිඩා – වකුගඩු ඒකකයේ අඩුපාඩු රැසක්

ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ වකුගඩු රෝගීන් සඳහා ලබාදෙන අත්ය වශ්යන ඖෂධ හිඟ වීමෙන් තමන් දැඩි පීඩාවට පත්වී ඇතැයි රෝගීහු පවසයි.

වකුගඩු රෝගීන්ට රුධිර වර්ධනය සඳහා ලබාදෙන Erythropoietin 4000iu එන්නත මේ වන විට රෝහලේ නොමැති බවත් ඒවා ලැබෙන දිනයක් පිළිබඳවද තමන් නොදන්නා බවද ඔවුහු පවසයි.

මෙම එන්නත පිටත ෆාමසිවලින් රුපියල් 4000ත් 5000ත් අතර මිලකට මිලදී ගැනීමට සිදුව ඇති බවත් ඔවුහු පවසයි.

බොහෝ පිරිසකට මෙම ඖෂධ මුදලට ලබා ගැනීමට හැකියාවක් නොමැති බවත්  තමන් දැඩි පීඩාවකට පත් වී ඇතැයි ඔවුහු පවසයි.

තවද වකුගඩු රෝගීන් හට ලබා දෙන ඉනිසුලින් ඖෂධවල අඩුවක්ද පවතින බවත් ඔවුහු පවසයි.

දැඩි සත්කාර ඒකකයේ ප්ර්තිකාර රෝගීන් සඳහා ලබාදෙන ප්ර තිජීවක ඖෂධ වර්ගද නොමැති බවද ඔවුහු පවසයි.

මේ අතර වකුගඩු රෝගීන් සඳහා ඉදිකරන ලද ගාල්ල ජාතික රෝහලේ වකුගඩු ඒකකයේ

බාහිර රෝගී ප්රරතිකාර ඒකකයේ පවතින අඩුපාඩු රැසක් හේතුවෙන් වෛද්යව හා සෞඛ්යව කාර්ය මණ්ඩලයට මෙන්ම තමන්ටද දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දීමට සිදුවී ඇතැයි ද රෝගීහු පවසයි

2021 වසරේ විවෘත කරන ලද රුපියල් මිලියන 794ක වියදමින් ඉදිකළ මෙම නව වකුගඩු ඒකකය මහල් 09කින් යුක්ත වන අතර මෙහි බිම් මහළ වකුගඩු ඒකකයේ බාහිර රෝගී ප්රකතිකාර සායන සඳහා යොදා ගනු ලබයි.

ගාල්ල ජාතික රෝහලක් වූවත් දැනට වකුගඩු සායනයේ පවතින සෞඛ්ය  කාර්ය මණ්ඩලයේ හිඟකම හේතුවෙන් සායනවල දිගු වේලාවක් තමන්ට රැඳී සිටීමට සිදුව ඇති බව රෝගිහු පවස‍යි.

නමුත් සායනයේ අවම කාර්ය මණ්ඩලයක් සිටියත් වෛද්යනවරු ඇතුළු සෞඛ්යණ කාර්ය මණ්ඩලය උපරිමයෙන්ම සිය රාජකාරිය ඉටු කරන බවද රෝගීහු පවසයි.

වකුගඩු රෝගීන් වන තමන්ට ජලය පානය කිරීම සීමා කර ඇති බැවින් මෙලෙස දිගු වෙලාවක් පෝලිම්වල රැඳී සිටීම දැඩි අපහසු ක්රිකයාවක් බවත් ඒ හේතුවෙන් තමන් ශාරීරිකව හා මානසිකව පීඩාවට පත්වන බවද ඔවුහු පවසයි

මේ අතර වකුගඩු සායනයේ රෝගීන් පරීක්ෂා කරන වෛද්යසවරුන්ගේ කාමරවල සහ සෞඛ්යර කාර්ය මණ්ඩල රාජකාරී කරන කාමරවල වායු සමීකරණ යන්ත්රම (AC) නොමැතිවීමෙන් ඔවුහු දැඩි අපහසුතාවයකින් රාජකාරී කරන අයුරු එහි ගිය අපට දක්නට ලැබුණා.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර මෙම අත්යයවශ්යප ඖෂධ ගැටලුව ඇතුළු මෙම ඒකකයේ පවතින ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගන්නා ලෙස රෝගීහු වගකිවයුතු සෞඛ්ය  බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

5)උඩරට කෙසෙල් වගාවට රිලවුන්ගේ තර්ජන  හේතුවෙන් සිය වගාවන් විනාශ වී යාමේ අර්බුදයකට තමන් මුහුණ දී ඇතැයි කෙසෙල් ගොවී හූ කියති.කෙසෙල් වගාව ආරම්භයේ දී වල් ඌරන් ඇතුළු සතුන්ගෙන් දැඩි බලපෑම් ඇති බවත් කෙසේ හෝ  කෙසෙල් කැන් වැටෙන තෙක් ගස් ආරක්ෂා කර ගත්තද කෙසෙල් කැන් වැටුණු පසු කෙසෙල් මුවේ පමණක් ඉතුරු වන්නට කෙසෙල් ගෙඩි සියල්ල රිලවුන් විසින් කා දමන බව ගොවීන් සඳහන් කරති.

නාවලපිටිය අවට පිහිටි මල්ලන්ද, දොරුවාදෙනිය,පහළ ගොරකඔය ,මැදගහවතුර ආදී මහවැලි ගංගා රක්ෂිතයට මායිම් වූ ගම්මාන  මෙලෙස වන  සත්ව උවදුරට ලක්ව ඇතැයි එම ගම්මානවල ජනතාව කියති.හොඳින් වැඩුණු ආනමාලු කෙසෙල් කිලෝවක් රුපියල් දෙසිය පනහක් තුන්සියයකට වැනි මිලකට අලෙවි වන බවත් රිලවුන්ගේ තර්ජනය දිනෙන් දින වැඩිවීම හේතුවෙන් තමන්ට ලාභයක් නොව වියදම් වූ මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇතැයිද ඔවුන් කියති.

(05)

උඩරට කෙසෙල් වගාවට රිලවුන්ගේ තර්ජන  හේතුවෙන් සිය වගාවන් විනාශ වී යාමේ අර්බුදයකට තමන් මුහුණ දී ඇතැයි කෙසෙල් ගොවී හූ කියති.කෙසෙල් වගාව ආරම්භයේ දී වල් ඌරන් ඇතුළු සතුන්ගෙන් දැඩි බලපෑම් ඇති බවත් කෙසේ හෝ  කෙසෙල් කැන් වැටෙන තෙක් ගස් ආරක්ෂා කර ගත්තද කෙසෙල් කැන් වැටුණු පසු කෙසෙල් මුවේ පමණක් ඉතුරු වන්නට කෙසෙල් ගෙඩි සියල්ල රිලවුන් විසින් කා දමන බව ගොවීන් සඳහන් කරති.

නාවලපිටිය අවට පිහිටි මල්ලන්ද, දොරුවාදෙනිය,පහළ ගොරකඔය ,මැදගහවතුර ආදී මහවැලි ගංගා රක්ෂිතයට මායිම් වූ ගම්මාන  මෙලෙස වන  සත්ව උවදුරට ලක්ව ඇතැයි එම ගම්මානවල ජනතාව කියති.හොඳින් වැඩුණු ආනමාලු කෙසෙල් කිලෝවක් රුපියල් දෙසිය පනහක් තුන්සියයකට වැනි මිලකට අලෙවි වන බවත් රිලවුන්ගේ තර්ජනය දිනෙන් දින වැඩිවීම හේතුවෙන් තමන්ට ලාභයක් නොව වියදම් වූ මුදල හෝ සොයා ගැනීමට නොහැකි වී ඇතැයිද ඔවුන් කියති.

(06)

මරණිය දණ්ඩණය නියමව බුස්ස අධි ආරක්ෂිත  බන්ධනාගාරයේ රඳවා සිටියදි  මියගිය සිරකරුවාගේ  මරණයට හේතුව මත්ද්‍රව්‍ය ගණනාවක් එකවර පානය කිරීම බවට පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු  කරාපිටිය ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා නිගමනය කලේය.

මෙසේ මියගොස් ඇත්තේ මහරගම දුම්රිය පොල පාර අංහෙට්ටිගේ ලක්මාල් ප්‍රදීප් හේමචන්ද්‍ර හෙවත් මහරගම ප්‍රදීප්(50) නමැති සිරකරුවෙකි.

මෙම සිරකරුවා පසුගිය සිකුරාදා(11) දහවල් සිර මැදිරිය තුල කටින් සෙම වැගිරෙමින් සිටියදි බන්ධනාගාර නිලධාරින් විසින් කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ.කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදි ඔහු සෙනසුරාදා(12) අලුයම මියගොස් ඇත.

මේ සම්බන්ධයෙන් ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක මහතා මුලික මහේස්ත්‍රාත් පරීක්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියෝග කලේය.ඒ අනුව විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි රොහාන් පී.රුවන්පුර මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලදි.

මෙම සිරකරුවාට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් හෝමාගම සහ කලුතර මහාධිකරණවලින් දඩුවම් නියමකර තිබියදි මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය විසින් 2018.07.17වනදින මරණිය දණ්ඩනය නියමකර ඇත.ඒ අනුව වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි මොහු 2023.01.21වනදින බුස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයට මාරුකර ඇත.

රත්ගම පොලිසියේ සැරයන් අජිත්(11876) මහතා විසින් මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්කි මෙහෙයවන ලදි.

(07)

මත්ද්‍රව්‍ය පැකැට්ටුවක් බෙදා ගැනීමේදි ඇතිවු ආරවුලකදි පිහියෙන් ඇන මිතුරා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරණ ලද සැකකරු 21 දක්වා රිමාන්ඩ් කිරීමට ගාල්ල වැඩ බලන මහේස්ත්‍රාත් මහිනාථ දහනායක  මහතා නියෝග කලේය.

මෙසේ රිමාන්ඩ් කරණු ලැබුවේ ගිංතොට කුරුඳුවත්ත පදිංචි මොහොමඩ් නිලාම්දින් කියාස් මොහොමඩ් නමැති 28 හැවිරිදි සැකකරුවෙකි.

ගිංතොට කුරුඳුවත්ත කතරගම පල්ලිය අසලදි ඉකුත් 11වනදින මොහොමඩ් නයින්දන් මොහොමඩ් නව්ෂාන් (40) නමැති පුද්ගලයාට පිහියෙන් ඇන ඝාතනය කිරීම සම්බන්ඛයෙන් සැකකරු අත්අඩංගුවට  ගෙන ඇති අතර ඝාතනයට යොදා ගන්නා ලද පිහියද එම ස්ථානයේ තිබි පොලිසිය විසින් සොයාගෙන ඇත.

පරීක්ෂණවලදි අනාවරණයවි ඇත්තේ සැකකරු සහ ඝාතනයවු පුද්ගලයාද මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් වන අතර එදින ගෙන එන ලද මත්ද්‍රව්‍ය පැකැට්ටුවක මිල  සම්බන්ධයෙන් ඇතිවු ආරවුලකදි පිහියෙන් ඇන ඇති බවය.

ගාල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්.ජයවිර මහතාගේ මෙහෙයවිම යටතේ අපරාධ විමර්ශණ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩි.ජී.ආනන්ද ,උප පොලිස් පරික්ෂක කීර්ති යන මහත්වරුන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණට ඉදිරිපත් කරණ ලදි.

(08)

ආයුර් වේද රෝහල් 11ක සේවය කරණු ලබන  නිලධාරින් 1,614 දෙනෙකු සදහා  ඇගිලි සලකුණු යන්ත්‍ර  භාවිතයකින් තොරව  පැමිණිමේ ලේඛන පමණක් පදනම් කරගනිමින් 2024 වර්ෂයේ දි  වැටුප් අතිකාල, හා නිවාඩු දින වැටුප් හා වෙනත් දිමනා ලෙස රුපියල් නමකෝටි, හතලිස්හතර ලක්ෂ පනස්දහස්,තුන්සියවිසිඅටක මුදලක් (94,450,328) ගෙවා ඇති බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.

 සියළුම රජයේ ආයතනවල  ඇගිලි සලකුණු සටහන් කිරිමේ යන්ත්‍ර භාවිතා කිරිම මගින්  නිලධාරින් කාර්යාලයට පැමිණිම සහ පිටවිම සනාථ කිරිම සම්බන්දයෙන්  වාර්තා තබාගතයුතු බවට  උපදෙස් හා විධිවිධාන  නිකුත්කර තිබුණි.

 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ  විධිවිධාන ප්‍රකාරව කටයුතු කළයුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.

(09)

මහියංගණයට ගිරාදුරුකෝට්ටේට හෙරොයින් බෙදූ “හරක් බණ්ඩා” අත් අඩංගුවට

මහියංගණය හා ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයේ  කාලයක සිට මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත “හරක් බණ්ඩා” ලෙස අනුවර්තනාමයෙන් හැදින්වෙන පුද්ගලයෙකු මහියංගන පොලිස්  ස්ථානයේ වැඩ බලන ස්තානාදිපති පො.ප චන්දන මහතා විසින් හෙරොයින් මත්ද්‍රව්‍ය  5g 300mg සමඟ අද 13 දින සවස මහියංගන පදිතලා මාර්ගයේ 51 කණුව හන්දියේදී  අත් අඩංගුවට ගන්නා ලදි.

 මෙම මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් තවත් පුද්ගලයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇත.

මහියංගණ පොලිස්ථානයේ ස්ථානාධිපති  ප්‍රධාන පොලිස් පරික්ෂක   ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් විජේරත්න මහතා‌‌‌ගේ උපදෙස් අනුව පො.ප චන්දන, පො.සැ 71093 නාලක, පො.සැ 61943 වසන්ත, පො.සැ. 66278 අනුරප්‍රිය, පො.කො 60865 වික්‍රමසිංහ, පො.කො 88742 ප්‍රේමරත්න, පො.කො 81362 ප්‍රේමරත්න, පො.කො. 91593 සමන්, පො.කො 105350 රවිදු, කා.පො.කො 9121 මාලිකා, කා.පො.කො 10318 නිමන්ති  යන නිළදරින් එම මෙහෙයුමට දායක වී ඇත.

(10)

අයිස් මත්ද්‍රව්‍ය අලෙවි කිරිමේ ජාවාරමේ නිරතව සිටි සැකකරුවෙකු අයිස් මත්ද්‍රව්‍ය ග්රෑම් 7 යි මිලි ග්රෑම් 450ක් සමග නුවරඑලිය කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් විසින් (13) දින අත්අඩංගුවට ගෙන නුවරඑලිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර රැදවුම් නියෝග ලබා ගෙන ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

වලපනේ නිල් දණ්ඩාහේන තේවත්ත ප්‍රදේශයේ පදංචි (34) වයසැති සැකකරු ටොක්කා යන අනුවර්ථ නාමයෙන් හදුන්වන බවත්, එම සැකකරුගෙන් අයිස් මත්ද්‍රව්‍ය මිලදි ගත් නුවරඑලිය ප්‍රදේශයේ මත්ස්‍ය ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන එම සැකකරුගෙන් සිදුකල ප්‍රශ්ණ කිරිම් වලදි ප්‍රධාන ජාවාරම්කරුවෙකු පිලිබදව තොරතුරු අනාවරණය කර ගැනීමට නුවරඑලිය කොට්ටාශ දූෂණ මර්ධන ඒකකයේ නිළධාරින් සමත් වී ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුට අයිස් මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් අලෙවි කරන ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීම සදහා ඉදිරි විමර්ෂණ කටයුතු සිදු කරනු ලබයි.

නුවරඑලිය කොට්ටාශභාර ජේෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ හක්මණ, සහකාර පොලිස් අධිකාරි 2  කේ.ඒකනායක, නුවරඑලිය කොට්ටාශ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිශාන්ත බණ්ඩාර යන මහතුන්ගේ අධීක්ෂණය යටතේ නුවරඑලිය කොට්ටාශ වැටලීම් අංශයේ ස්ථානාධිපති උ.පො.පා. ආත්මා වික්‍රමසිංහ, පො.සැ. රාජමන්ත්‍රී 68715, පො.සැ. රවිචන්ද්‍රන් 56345, පො.කො. ලලිත් 71066, පො.කො. කුමාර 98815, පො.සැ.රි. අතපත්තු 25225 යන නිළධාරින් වැටීලීම සිදු කළහ.

(011)

අම්බලන්තොට,තිස්සමහාරාම ඇතුළු අවට යතුරු පැදි හොරකමේ ගිය දෙකක් යතුරු පැදි 10ක් එක්ක අත්අඩංගුවට.

අම්බලන්තොට,තිස්සමහාරාම,හුංගම ඇතුළු ප්‍රදේශ රැසකින් සොරකම් කරන ලද TVS SUPER HEVY DUTY මෝපේඩ් වර්ගයේ යතුරුපැදි 10 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අම්බලන්තොට පොලිස් වසමේ බැල්ලගස්වැව ප්‍රදේශයේදී 13 රාත්‍රී අම්බලන්තොට පොලිස් නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවාය,හදපානාගල පදිංචි  42 හැවිරිදි පුද්ගලයෙකු හා වැල්ලවාය,ගලවැට ආර පදිංචි 26 හැවිරිදි දෙදෙනෙකි.

සැකකරුවන් සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානාධිපති වරයාට ලද පුද්ගලික තොරතුරකුට අනුව මෙම වැටලිම සිදුකර තිබේ.එහිදි සැකකරුවන් සන්තකයේ තිබී අම්බලන්තොට පොලිස් බළ ප්‍රදේශයේදී සොරකම් කරන ලද යතුරු පැදි 05ක් , හුංගම පොලිස් බළ ප්‍රදේශයේදී සොරකම් කරන ලද යුතුරු පැදි  02ක් හා තිස්සමහාරාම පොලිස් බළ ප්‍රදේශයෙන් සොරකම් කරන ලද යතුරු පැදි  03ක් මෙලෙස පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.අත්අඩංගුවට පත් සැකකරුවන් දෙදෙනා පරීක්ෂා කිරීමේදී 42 හැවිරිදි පුද්ගලයා සන්තකයේ තිබි අයිස් මත් ද්‍රව්‍ය   මිලි ග්රෑම් 14270 ක්ද පොලිස් අත්අඩංගුවට ගෙනක තිබේ.

 සැකකරුවන් පකලක් තිස්සේ මෙලෙස මෙම යතුරුපැදි සොරකම් කර ඒවායේ චැසි අංක හා යතුරු පැදියේ පාට වෙනස් කර විකිණීමේ ජාවාරමේ නිරතව ඇති බවයි මුලික පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.සැකකරුවන් හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්. අමිල මහතා ඇතුළු නිළධාරීන් කණ්ඩායමක් විසින් වැඩිදුර විමර්ෂණ පවත්වයි.

(012)

දකුණු පළාත් වතු ආශ්‍රිත පෙර පාසල් දරුවන්ගේ දිවා ආහාරය සදහා බිත්තර ලබාදීම සිදු කරන බැව් දකුණු පළාත් ධීවර හා සත්ව නිෂ්පාදන අමාත්‍යාංශයේ ලේකම් රන්ජිත් යාපා  මහතා පවසා සිටී.                                                

මෙම දරු දැරියන්ගේ පෝෂණ මට්ටම ඉහල නැන්වීම අරමුණ කරගෙන පෙර පාසල් දිනයන්වල දිවා ආහාරය සමග තැන්බන බිත්තර එකක් බැගින් මසකට එක් දරුවකුට බිත්තර විස්සක් ලබා දීමට නියමිත බවද පැවසේ.                                                        

අමාත්‍යාංශය මගින් දකුණු පළාත් කුකුළු ගොවිපල හිමියන්ගෙන් බිත්තර මිලට ගෙන මෙම කාර්‍ය ඉටු කරන බැව් වැඩිදුරටත් ලේකම් වරයා පැවසිය.

(013)

බාල වයස්කාර නෑනා දූෂණය කළ මස්සිනා අත්අඩංගුවට බුත්තල පොලිස් අසලට අයත් උනාවටුන ප්‍රදේශයේ පදිංචි දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන  අවුරුදු පහළොවක් වයසක දැරියක් (නෑනා) දූෂණය කර සැඟවී සිටි දැරියගේ අක්කාගේ ස්වාමිපුරුෂයා (මස්සිනා) (13) වෙනිදා බුත්තල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම දැරියගේ මව සහ පියා කුලී වැඩ වල නිරතව සිටින අතර උනාවටුන පදිංචි ඇයගේ අක්කා විසින් නෙළුම් මල් කැඩීම සඳහා ඇයගේ නිවසට එන ලෙස දැරියට දැනුම් දී තිබේ. ඒ අනුව දැරිය එම නිවසට පැමිණ ඇත.

අක්කා සහ ඇගේ ස්වාමි පුරුෂයා බුත්තල නගර පොළට ගොස් ඇති අතර  මස්සිනා අක්කාගේ මුදල් වගයක් අමතක වූ බව පවසමින් නැවත නිවසට පැමිණ තිබේ.

එහිදී දැරිය කාමරයක නිදාගෙන සිටියදී ස්ත්‍රී දූෂණය සිදු කර ඇත. පොලිස් හදිසි ඇමතුම් අංශයට ලද තොරතුරක් මත පරීක්ෂණ පැවැත්වූ බුත්තර පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.එම්.ජේ බණ්ඩාර මහතා  ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පොලීසිය මඟ හරිමින් සිටි සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා බුත්තල  ප්‍රාදේශීය රෝලට ඇතුලත් කර ඇත. බුත්තල පොලීසිය පරීක්ෂණ පවත්වයි.

(014)

පාන්දරම ඊසි කෑෂ් වලට  කුඩු පැකට් තියන්න ගිය දෙන්නෙක් කඹුරුපිටිය ඕඅයිසීට මාට්ටු අත්අඩංගුවට ගත් මුළු අයිස් ප්‍රමානය  මිලි ග්‍රෑම්  පන්දහස් පන්සිය අසූවකි.

කඹුරුපිටිය කරපුටුගල  ප්‍රදේශයේ සිදුවූ මිනීමැරුමකට අදාල  ප්‍රධාන සැකකරු කඹුරුපිටිය  ඕවිටිගමුව ප්‍රදේශයේ සැගවී සිටින බවට ලද තොරතුරකට  අනුව කඹුරුපිටිය පොලිසියේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් දිසානායක මහතා ඇතුළු කඹුරුපිටිය පොලිසිය නිලධාරින් සහ මාතර දිස්ත්‍රික්කය අපරාධ මර්ධන විශේෂ යතුරුපැදි ඒකකයේ  යතුරුපැදි තුනක නිලධාරින් හය දෙනෙකු සය දෙනෙකු සමග    එම සැකකරුව අත්අඩංගුවට ගැනීම සදහා වැටලීමකට 2025 ජලි මස දහ තුන්වන දින අළුයම තුනට පමණ පිටත්ව ගොස් ඇත.එම පොලිස් කණ්ඩායමට කඹුරුපිටිය  ඕවිටිගමුව පාසල ඉදිරිපිට සහ  ඊට ආසන්නවම  තවත් ස්ථානයක සැකකටයුතු ලෙස සැරිසරමින් සිටි වයස අවුරදු දහ අටක් සහ වයස අවුරුදු විසි නවයක්වූ සැකකරුවන් දෙදෙනකු හමුවී ඇත. ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන පරීක්ෂා කිරීමේදී  ඔවුන් සන්තකයේ තිබී  කුඩා පැකට්ටු වලට අසුරණ ලද  අයිස් මිලි ග්‍රෑම් දෙදහස් හත්සිය විස්සක(2720) සහ දෙදහස් අටසිය හැටක් (2860)  අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

සැකකරුවන්ගෙන් වැඩිදුරටත් ප්‍රශ්න කිරීමේදී වයස අවුරුදු දහ අටක් වූ සැකකරු කඹුරුපිටිය ඕවිටිගමුව ප්‍රදේශයේම බවත් අනෙක් සැකකරු කිරින්ද පුහුල්වැල්ල ප්‍රදේශයේ බවත්  මෙම සැකකරුවන් දෙදෙනාම  ඊෂිකෑෂ් ක්‍රමයට අයිස් මත්ද්‍රව්‍ය අලෙවිකරුවන් බවත්,  දිනයේ අවශ්‍යතාවයට තම ගැනුම් කරුවන්ට ලබාගැනීම සදහා අයිස් පැකට් මෙසේ විවිධ ස්ථාන වල සගවා තැබීම අළුයම් කාලයේ  සිදුකරනා බව හෙලිකර  ගෙන ඇත.

සැකකරුවන් දෙදෙනා දෙතැනක දී  අත්අඩංගුවට ගත් නමුදු දෙදෙනාම එක්ව කරගෙන යන ව්‍යාපාරයක් ද යන්න පිලිබඳව සහ ඔවුන්ට මෙම මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව  වැඩිදුර  විමර්ශනය කරගෙන යැමට නියමිතය. වැඩිදුර විමර්ශන කටයුතු කඹුරුපිටිය පොලිස් ස්ථානයේ ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මනෝජ් දිසානායක මහතාගේ උපදෙස් මත කඹුරුපිටිය පොලිසිය මගින් සිදුකිරීමට  නියමිත ය.

(015)

රන් ආලේපිත ගිනිඅවියක් අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වනවිට ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක දැඩි ඇප කොන්දේසි මත මුදහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඊයෙ (14) නියෝග කළේය.

ඒ අනුව  රුපියල් දෙලක්ෂ පනස්දහසක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා ඇපකරුවන් දෙදෙනා කොළඹ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් විය යුතු බවට සදහන්  කරමින් සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් කළේ ය.

සැකකරු විසින් ගොනු කරන ඇප අයදුම්පත සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙලෙස නියෝග නිකුත් කළේ ය.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා අධිකරණය හමුවේ පෙනී සිටි අතර තම සේවා දායකයාට එරෙහිව නඩු පැවරීමට ඔහු සන්තකයේ ගිනි අවියක් තිබිය යුතු වුවද ඔහු සතුව ගිනි අවියක් නොතිබූ බවත් ඒ අනුව තම සේවා දායකයාට එරෙහිව නඩු කටයුතු පවත්වාගෙන යාමට හැකියාවක් නොමැති බව  අධිකරණයට පැවසීය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරුවරයා සැකකරුට ඇප නියම කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න