ඓතිහාසික කොට්ටියාරම රජමහා විහාරස්ථානයේ (මූතූර් ගල්කන්ද පන්සලේ) දායක පින්වතුන්ගේ දැනගැනීම පිණිසයි.
2025/04/25 වන දින සවස විහාරස්ථානයට වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූතූර් කළාපය බාර නිලධාරී මහත්මයා පැමිණියා.
ඓතිහාසික කොට්ටියාරම රජමහා විහාරස්ථානය සදහා පූජා භූමි ඔප්පුව සකස් කිරීම සදහා මිනුම් කටයුතු සිදුකර අවශ්‍ය සියලු නීතිමය ලේඛන සකස්කර ප්‍රාදේශීය ලේකම් තුමාට බාරදී තිබියදීත් හා අඩි 106 ක් උස සෑරදුන්, අඩි 40 ක් උස හිටි පිළිම වහන්සේ, බෝධීන් මණ්ඩපය, ඝන්ඨාර කුළුණ, අඩක් නිමකල සංඝාවාසය සහ මාරගය, ජල, විදුලි පහසුකම් සහිත වසර 08 ක් පුරාවට රජයේ අවසරයෙන් සහ සහයෝගයෙන් සංවර්ධනය කල රජයේ ලියාපදිංචි මෙම විහාරස්ථාන භූමි කිසිදු පදනමකින් තොරව “වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා ගැනීම සහ ඉන්පසුව නඩු දමා විහාරස්ථානය ඉත්කිරීම” සදහා එහි පළමු පියවර වශයෙන් පූජා භූමිය ( කන්ද වටා) වනසංරක්ෂණ සීමා ගල්, හෙටින් එළැඹෙන සතිය තුළ දැමීමට කටයුතු කරන බවයි.
මේ පිළිබඳව මා දිසාපතිතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා, ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රීතුමන්ලාද දැනුවත් කරන ලදි. පුදුමයට කරුණනම් ප්‍රාදේශීය ලේකම් වරයා, දිසාපති වරයා පවා මේ නීතිවිරෝධී පවරාගැනීම ගැන නොදැන සිටීමයි. එසේම කන්ද පහළ ඇති අනවසර කුඹුරු වගාබිම් ඒ ඒ අයටම පවරා දීමටද කටයුතු සිදුකරන බව එම වනසංරක්ෂණ නිලධාරියා දැනුවත් කර සිටියා.
එබැවින් මෙම විහාරස්ථානය ගොඩනැගීමට හා පවත්වාගෙන යෑමට ජීවිත පරිත්‍යාගයෙන් අනේක විධ කැපකිරීම් කල පින්වත් සියලු දෙනාට විහාරස්ථානය ආරක්ෂා කරගැනීමට ගැටුමට නොයා යම් සාධනීය පියවරක් ගැනීම වෙනුවෙන් අදාල අංශ දැනුවත් කිරීමට හෝ යම් සාධාරණ මැදිහත් වීමක් වෙනුවෙන් මෙම පණිවිඩය තබමි.
මම
විහාරාධිපති,
පූජ්‍ය බලල්ලේ රතනසාර හිමි,
ඓතිහාසික කොට්ටියාරම රජමහා විහාරය.
මූතූර්.