නීති විරෝධී ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් 38 ක් නීතියේ රැහැනට නාවික මාධ්‍ය මධ්‍යස්ථානය පැවසීය.
ශ්‍රී ලංකා නාවික හමුදාව, ධීවර පරීක්‍ෂක කාර්යාල හා එක්ව කඩෙයිකාඩු, පුදුමාතලන්, ත්‍රීකුණාමලය, කෝකිලායි, චැපල් දුපත සහ බැක් වෙරළ සහ මුහුදු ප්‍රදේශ ආශ්‍රිතව සිදුකල සෝදිසි මෙහෙයුම් මඟින් නීති විරෝධී ලෙස විදුලි ආලෝකය භාවිතයෙන් සහ නීති විරෝධි දැල් භාවිතයෙන් ධීවර කටයුතු සිදු කල පුද්ගලයින් තිස්අටක් (38) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරි ණි.
මෙම මෙහෙයුම් මඟින් නීතියේ රැහැනට හසුකර ගත් පුද්ගලයින් තිස්අට (38) දෙනා සමඟ නීති විරෝධී දැල් අටක් (08) ඩිංගි යාත්‍රා දොලහක් (12) සහ විදුලි ආලෝක ධාරා උපකරණ නීතියේ රැහැනට හසුකර දීමට නාවික හමුදාව විසින් කටයුතු කෙරිණි.
ඒ අනුව නීතියේ රැහැනට හසුකරගත් සැකකරුවන්, ධීවර යාත්‍රා සහ නීති විරෝධී ධීවර ආම්පන්න ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය, මුලතිව්, කින්නියා, ත්‍රීකුණාමලය සහ කෝඩ් බේ යන ධීවර පරීක්‍ෂක කාර්යාල වෙත භාර දීමට කටයුතු කෙරුණි.