පොළොන්නරුව වැලිකන්ද ප්රාදේශීය කොට්ඨාශයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්රදේශයේ රෑනෙන් තනිවූ අලි පැටව් දෙදෙනෙකු ප්රදේශවාසීන්ට 15 වෙනිදා හමුවී ඇත.
ඉන් කුරුලුබැද්ද ප්රදේශයෙන් හමුවූ අලි පැටියා සතියක් පමණ වයසති, එකෙකු බවත් එම අලියා රෑනෙන් තනිවි ඇති බවට සැක කරන අතර ප්රතිකාර සඳහා ගිරිතලේ වනජීවී නිලධාරීන් විසින් විසින් රැගෙන ගිය බවද ගම්වාසින් සඳහන් කරති.
වැලිකන්ද මධුරංගල ප්රදේශයෙන් හමු වූ මාසයක් පමණ වයසති අලි පැටියා රෑනට පෑගී මියගොස් ඇති බවද වැලිකන්ද වනජීවි නිලධාරියෙකු සඳහන් කළේය.