ඩෙංගු සහ චිකුන්ගුන්යා පැතිරීමේ බරපතල අවදානමක් මේ වන විට රට හමුවේ ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
මෙම වර්ෂයේ ජනවාරි මස 01 වන දා සිට ගත වූ සති 17 ක කාලය ඇතුළත මෙරටින් ඩෙංගු රෝගීන් 18749 ක් වාර්තා වී තිබෙන බවත් කඩින්කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවල දී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වීමේ අවධානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.
ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනයට හා පාලනයට විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය පියවර ගෙන ගෙන තිබේ. රෝගීන් වාර්තා වීම වැඩි වීමේ අවදානම් තත්ත්වයක් ඇතිවී තිබෙන නිසා ම පිළිබඳව අවදානයක් යොමු කරන්නට මේ අනුව පියවර ගෙන තිබේ.
වසංගත රෝග විද්‍යා අංශයේ සහ ජාතික ඩෙංගු මර්දන ඒකකයේ සියලුම අංශ නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේ දී ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග මර්දනය සහ පාලනය සඳහා ගත හැකි සියලු ක්‍රියා මාර්ග රට පුරා සෞඛ්‍ය අංශ හා නිලධාරින් දැනුවත් කර කර තිබේ.
රත්නපුර රෝහල ආශ්‍රිතව පසුගිය දිනවල වාර්තා වූ තත්ත්වය පිළිබඳවත් එමෙන් ම දිවයිනේ අවදානම් දිස්ත්‍රික්කවල වත්මන් තත්ත්වය පිළිබඳවත් අවදානය යොමුව තිබේ.
විශේෂයෙන් ම කොළඹ (මහනගර සභා කොට්ඨාශය ඇතුළත) ගම්පහ, කළුතර, මාතර,ගාල්ල,මාතලේ,මඩකලපුව,රත්නපුර,ත්‍රිකුණාමලය,මහනුවර යන දිස්ත්‍රික්ක අවධානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති හෙයින් මෙම මාසය (මැයි) විශේෂ මදුරු මර්දන මාසය ලෙස නම්කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.