2007 අංක 11 දරන මදුරුවන් බෝවීම වැළැක්වීමේ පනතට නව නිතී රිති එක් කර සංශෝධන පනතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට කඩිනම් පියවර ගන්නා බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.
ඊයේ (30) කොළඹ පැවති දැනුවත් කිරීමේ වැඩ සටහනක දී ඒ මහතා එසේ පැවසීය.
ඒ අනුව රට තුළ ඩෙංගු රෝගය දැඩි අවධානම් තත්ත්වයක් ඇති වී ඇති නිසා රෝගය මර්දනයට අවශ්‍ය සෞඛ්‍ය හා නීති රිති සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරන්නට පියවර ගන්නා බව ද ඒ මහතා කීය.
2025 වසරේ දී ඩෙංගු රෝගින් 17 459 වාර්තා වී ඇති අතර දැනට ඩෙංගු මරණ 6 සිදුව ඇති බව ද ඒ මහතා කීය.
මේ වසරේ අප්‍රේල් මාසයේ පමණක් ලංකාවේ 5018 ක් හදුනා ගෙන ඇති බව ද ඒ මහතා කීය.
මෙය ඉතා මත් වැඩි රෝගින් ප්‍රමානනයක් නිසා රට පුරා ජනතාව ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව ද ඒ මහතා කීය.
මදුරු වාහකයන්ගේ රෝගක අවධානමක් රට තුළ තියනවා. මේ මැයි මාසය විශේෂ මදුරු මර්දන මාසයක් ලෙස මේ වන විට ප්‍රකාශ කර ඇති බව ද ඒ මහතා කීය.