ඩිනි ජාත්‍යාන්තර චෙස් තරඟාවලිය 2024 ජූලි මස 29දා සිට අගෝස්තු 4දා දක්වා ‘මවුන්ට් ලවීනියා’ හෝටලයේ පැවැත්වීමට නියමිතයි. මෙම තරඟාවලිය ‘බ්ලූ ඇන්ඩ් ගෝල්ඩ් චෙස් සමාජය’ විසින් සංවිධානය කර ඇත්තේ ශ්‍රී ලංකා චෙස් සම්මේලනයේ පූර්ණ අනුමැතිය සහ මගපෙන්වීම මත වේ.
සියලු ජයග්‍රාහිකයින් සහ ජයග්‍රාහිකාවන් වෙත ඇමරිකානු ඩොලර් 20,000 ක මුදලක් පිරිනැමීමට ඇමරිකාවේ ‘ඩිනි කොමියුනිකාෂන් සමාගම’ ඉදිරිපත් වී ඇත්තේ මේ හරහා ශ්‍රී ලංකාව තුළ චෙස් ක්‍රීඩාව තවදුරටත් ජනප්‍රිය කිරීමේ සහ දිවයිනේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට තම තමන්ගේ ජාත්‍යාන්තර ශ්‍රේණිගත කිරීම් ඉහළ නැංවීමේ අරමුණින් බව එම සමාගමේ සභාපති ප්‍රශාන්ත් විජේදාස මහතා පවසයි.
ශ්‍රී ලංකාවේ පවත්වා ඇති ප්‍රබලතම චෙස් තරඟාවලිය වන අතර, ශ්‍රී ලංකාවට අමතරව රටවල් 9 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙහි තරඟ කරනු ඇත. රුසියාව, බෙලොරුසියාව, ස්විට්සර්ලන්තය, ෆිලිපීනය, කසක්ස්තානය, උස්බෙකිස්තානය, සිංගප්පූරුව, ඊජිප්තුව සහ ඉන්දියාව යන රටවල් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට අධික ප්‍රමාණයක් සමග ශ්‍රී ලාංකිකයින් 76 දෙනෙකු තරඟ වට 10ක් සටන් වදිනු ඇත.