පෙබරවාරි 21 වැනි දිනට යෙදී ඇති ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය වෙනුවෙන් “භාෂාව, සාමය, සංහිඳියාව හා යුක්තිය” යන්න තේමා කර ගනිමින් ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනය සංවිධානය කරනු ලබන සැමරුම් උත්සවය 2025 පෙබරවාරි 21 වන දින පෙරවරු 10.00ට පන්නිපිටිය, මාකුඹුර ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

සැමරුම් උත්සවයේ ප්‍රධාන අමුත්තා වශයෙන්  ජාතික ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය, මුනීර් මුලාෆර් මහතා මහතා සහභාගී වන අතර, උත්සවයේ ප්‍රධාන දේශනය කැළණිය විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා පීඨයේ ආචාර්ය ප්‍රේමරත්න දිසානායක මහතා විසින් සිදු කරනු ලබයි.

මාතෘ භාෂා දිනය වෙනුවෙන්, ජාත්‍යන්තර මාතෘ භාෂා දිනය හා භාෂා අයිතිවාසිකම් යන මාතෘකා ඔස්සේ ජාතික භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ මුලිකත්වයෙන් පැවැති කථික, රචනා සහ චිත්‍ර තරග රැසක් පවත්වන ලද අතර එම තරගවලින්  ජයග්‍රහණය කළ  ශිෂ්‍ය, ශිෂ්‍යාවන්ට ත්‍යාග හා සහතිකපත් බෙදා දීම සැමරුම් උත්සවය සමගාමීව සිදු කිරීමට කටයුතු යොදා තිබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න