නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමතිවරයාගේ ඉලක්කම තාම පාවෙනවා යැයි සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.
වෛද්‍ය සැපයිම් අංශයේ දත්තවලට අනූව ඉන්සියුලින් හිඟයේ වෙනසක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ ක ළේ ය.
ඖෂධ සැපයීම පිළිබඳව තීරණ ගැනීමේ බරපතල අර්බුදයක් නිර්මාණය වී ඇති බව ද ඒ මහතා කීය.
කෙහෙලියගේ ක්‍රමයටම ඖෂධ ගෙන්වීමේ තීරණය මෙවන විටත් කිසිදු වෙනසක් නොමැති බව පෙන්වා දිය හැකි බව ද ඔහු පැවසීය. තීරණ ගන්නා නිලධාරීන් වගකීම් නිශ්චිත නැති බව පවසමින් මඟ හරිනවා යැයි ද ඔහු ප්‍රකාශ කළේ ය.
අත්‍යවශ්‍ය ඖෂධ 186ක් හිඟයක් ඇති බවත්, ජීවිතාරක්ෂක ඖෂධ 13 න් 3ක් හිඟ ව ඇති අතර තවම සඳහා පිළියම් යොදා නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේ ය.
ඉන්සියුලින් සොලියුබල් වර්ගය වෛද්‍ය සැපයුම් අංශයේ තොග බිංදුවක් බවත් මාසයකට අවම 12000 ක් අවශ්‍ය වෙන බව ද පෙන්වා දිය හැකියි. රෝහල් මට්ටමින් තියෙන්නෙත් හාරදාහකට අඩු ප්‍රමාණයක් බව පෙන්වා දිය හැකි බවද ඔහු ප්‍රකාශ කළේ ය.
අයිසෝපේන් ඉන්සියුලින් වර්ගය මසකට 6000 ක් අවශ්‍ය වෙනවා. වෛද්‍ය සැපයිම් අංශයේ දැනට තියෙන්නේ 3500කට අඩු ප්‍රමාණයක් බව අප වගකීමෙන් යුතු ව ප්‍රකාශ කරනවා.
මිස්ටාඩ් වර්ගයේ ඉන්සියුලින් මසකට 180000 ක් පමණ ඕනේ වෙනවා. වෛද්‍ය සැපයීම් අංශයේ තියෙන්නේ 1800ට අඩු ප්‍රමාණයක් බව පෙන්වා දිය හැකියි.
අඩුම තරමින් වෛද්‍ය සැපයීම් අංශයේ මාසයකට අවශ්‍ය තොග සංචිතයක් නැතුව ඖෂධ හිඟයක් නෑ කියන්න නලින්ද ඇමතිවරයාට කිසිදු හැකියාවක් නොමැති බව ද ඔහු කීය.
රෝගීන් වෙනුවෙන් තීරණ ගෙන වැරදුනොත් හොරෙක් විදිහට පාවලා දෙ යි. ඒ නිසා සෞඛ්‍ය ඇමතිවරයා නිශ්චිතව නො කියන කිසිදු තීරණයක් ගන්නේ නෑ. ඒ නිසා මාර්ගෝපදේශ වල අපැහැදිලි තැන්වල වගකීම ගන්න කෙනෙක් නෑ. ඒ අනුව ලංකාවේ සෞඛ්‍ය අංශවල මේ සඳහා තීන්දු තීරණ ගන්නට කිසිවෙකු නොමැති බව ද සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමු දේශ් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.