ශ්‍රී ලංකා නාවික හමුදාව, මන්නාරම උතුර, කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟින්, එම මුහුදු ප්‍රදේශයේ පාවෙමින් තිබූ නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කල බවට සැකකෙරෙණ රූපලාවන්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා බුවනෙක ආයතනයට අනුයුක්ත ක්‍ෂණික ක්‍රියාකාරී යාත්‍රා බළඝණය මන්නාරම උතුර කිරන්චි මුහුදු ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී, එම මුහුදේ පාවෙමින් තිබු සැකකටයුතු පාර්සල් දෙකක් (02) පරික්‍ෂාවට ලක් කෙරිණි.

එහිදි එම පාර්සල් තුල තිබූ නීති විරෝධී ලෙස රැගෙන ඒමට උත්සහ කල බවට සැක කෙරෙන ෂැම්පූ පැකට් තුන්දහස් දෙසීයක් (3200), රූපලාවණ්‍ය ආලේපන තුන්සිය හැත්තෑ හයක් (376) සහ රූපලාවන්‍ය සබන් හැත්තෑ පහක් (75) ඇතුළු රූපලාවණ්‍ය ද්‍රව්‍ය තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙ‍රිණි. 

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න