අරගල සමයේ දී ගිනි තැබු නිවාසවලට රුපියල් කෝටි ගණනක වන්දි මුදලක් වැරදි  ලෙස ලබා ගත් බවට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා  අල්ලස් කොමිසමට කැඳවනු ලැබ ඇත.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ මෙම සිදුවීම ගැන තමා ලබා ගත් තොරතුරු අල්ලස් කොමිසම කරුණු විමසු බව ජාමුනි කමන්ත තුෂාර මහතා  මාධ්‍යයට පැවසීය.

ඒ යටතේ ගිනි තබා විනාශ වූ නිවාස සඳහා වන්දි මුදල් ලබාගත් ආකාරය හා හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාට මුදල් ගෙවීම පිළිබඳව යොමු කරන ලද පැමිණිල්ලට ප්‍රකාශ ලබා දීම සඳහා අල්ලස් කොමිසම මෙසේ අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුනි කමන්ත තුෂාර මහතා කැඳවා තිබිණි.

එහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ජාමුණි කමන්ත තුෂාර මහතා මෙසේ පැවසීය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා තොරතුරු අනුව චමල් රාජපක්ෂ මහතා සී.ජේ රාජපක්ෂ යන නමින් පෙනී සිට රුපියල් ලක්ෂ 150 ක මුදලක් වන්දි වශයෙන් ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙක් හරහා බවට කරුණු තහවුරු වී තිබෙන බව ඒ මහතා කීය.

මෙහි දී  සිදු ව ඇත්තේ චමල් රාජපක්ෂ වෙනත් පුද්ගලයෙක් හරහා දේපල මිල දී ගෙන ඉදි කිරීම් සිදු කිරීමයි.

මෙහි දී නිවසේ අයිතිකරු හා ඉල්ලුම් කරු වී ඇත්තේ චමල් රාජපක්ෂ මහතායි. නමුත් වන්දි මුදල් ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බව පෙනී යන බව ද ඒ මහතා කීය.

තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ලබා තොරතුරු අනුව චමල් රාජපක්ෂ මහතා සී.ජේ රාජපක්ෂ යන නමින් පෙනී සිට රුපියල් ලක්ෂ 150 ක මුදලක් වන්දි වශයෙන් ලබාගෙන

වෙනත් පුද්ගලයෙක් හරහා ලබා ගෙන ඇති බවට කරුණු තහවුරු වී තිබෙන බව බව දැකිය හැකි යි.

මෙහි දී  සිදු ව ඇත්තේ චමල් රාජපක්ෂ වෙනත් පුද්ගලයෙක් හරහා දේපල මිල දී ගෙන ඉදි කිරීම් සිදු කිරීමයි.

මෙහි දී නිවසේ අයිතිකරු හා ඉල්ලුම් කරු වී ඇත්තේ චමල් රාජපක්ෂ මහතායි. නමුත් වන්දි මුදල් ලබා ගෙන ඇත්තේ වෙනත් පුද්ගලයෙක් බව පෙනී යන බව ද ඒ මහතා කීය.

අප ප්‍රකාශ කරන්නේ මේ ගණු දෙනුව සම්බන්ධයෙන් වහාම පරික්ෂණයක් සිදු කරන ලෙසයි.

චමල් රාජපක්ෂ මහතාගේ පුතා ශශේන්ද්‍ර රාජපක්ෂ මහතා අල්ලස් කොමිසමට ඇවිත් ප්‍රකාශයක් කරමින් කියා සිටියේ කොමිසමේ කටයුතු අගය කරන බවයි. අන්න එහෙම නම් තම පියාට එල්ල වී ඇති දුෂණ සිද්ධිය සම්බන්ධයෙන් ද ඔහු නිවැරදි ස්ථාවරයක සිටි කටයුතු කළ යුතුව සිටින බව ද ඒ මහතා කීය.

ඔහු ද පොහොර ආනයනය කිරීමේ සිද්ධියකට සම්බන්ධව යම් අක්‍රමිකතාවයක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වෙමින් තිබෙන බව ද ඒ මහතා කීය. එම සිද්ධියට ද වහාම පරික්ෂණයක් සිදු කළ යුතුව තිබෙන බව ද  අප කොමිසමෙන් ඉල්ලා සිටින බව ද ඒ මහතා කීය.

මේ අනුව තාත්තා හා පුතා යන දෙපලම සිදු කර ඇති සිද්ධීන් සම්බන්ධව යම් දුෂණයක් සිදුව ඇති නම් වහාම අත්අඩංගුවට ගෙන නිතීය ක්‍රියාත්මක කරන ලෙස අප ඉල්ලා සිටින බව ද ජාමිනි කමන්ත තුෂාර මහතා කීය.

මෙම නිවාස ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ තක්ශේරුව අනුමත නොකර රජයට පාක්ෂික නව තක්ශේරු මණ්ඩලයක් යොදා ගෙන වන්දි වශයෙන් අධික මුදලක් ලබා ගෙන තිබෙන බව ඒ මහතා පැවසීය.

මේ ආකාරයට ගෙවල් ගිනි තැබීමේ සිද්ධියට අදාළව මන්ත්‍රීවරු 43 දෙනාම වන්දි මුදල් ලබා ගැනීමේ දී යම් අක්‍රමිකතාවක් සිදු ව ඇති බව තොරතුරු පෙන්වා දිය හැකි බව ද ඒ මහතා කීය.

ඔවුන් සම්බන්ධයෙන්ද ඉදිරියේ දි පරික්ෂණයක් සිදු කරන්නට අල්ලස් කොමිසමට අදාළ තොරතුරු ලබා දෙන්නට  කටයුතු කරන බව ද ඒ මහතා ප්‍රකාශ කළේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න