කළුතර ප්‍රදේශයේ පුද්ගලයෙකුගේ පදිංචිය  ග්‍රාම නිලධාරීනිය භාර නො ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට කරන ලද පැමිණිල්ලකට අනුව නිකුත් කළ සිතාසියේ  වගඋත්තරකරුවන් (27)එම කොමිෂන් සභාව මඟ හැර තිබේ.

කළුතර ප්‍රාදේශීය ලේකම් කාර් යා ලයට අයත් කලපුගම, බටහිර ග්‍රාම නිලධාරිනියට එරෙහිව (27) පැවැති මානව හිමිකම් කොමිෂන් සභා විමර්ශනයේ දී එම පැමිණිල්ලේ පැමිණිලිකාර පා ර්ශව ය කොමිෂන් සභාව ඉදිරියේ පෙනීිටිය ද  වග උත්තරකරුවන් ලෙස නම්කර තිබූ එම ග්‍රාම නිලධාරිනිය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කිසිදු බලධාරියෙකු  ඊට සහභාගි වී නොසිටියේ ය.

මානව හිමිකම් කොමිෂන් කොමිෂන් සභාව මැයි 06දා සිතාසි යොමු කළ තිබුන ද වග උත්තරරුවන් එලෙස කොමිසම මග හැර ඇත.

වග උත්තරකරුවන් නො පැමිණීම සම්බන්ධයෙන් හේතු දැක්වීමක් ද කර නො මැති බව මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ20 (3)වගන්ති අනුව මේ අතර පසුගිය 2024 වසරේ දී දෙසැම්බර් මස 21වන දින  පැමිණිලිකරු සිය සොයුරාද සමඟ  කලපුගම ග්‍රාම නිලධාරිනිය හමුවීමට ගොස් ඇත්තේ සිය පදිංචිය ලියාපදිංචි කර දෙනලෙසත් නැති වූ ජාතික හැඳුනුම්පත සකසා ගැනීමට සහාය වන ලෙසත් ඉල්ලමින් බව එම පැමිණිල්ලේ සඳහන් වේ.

එහි දී ග්‍රාම නිලධාරිනිය තම ඉල්ලීම් තරයේ ප්‍රතික්ෂේප කළ බව ද , තමා වෙනත් ග්‍රාම සේවක වසමකින් පදිංචි ඉවත් කර ගෙන භාර දුන් ලේඛන භාර ගැනීමට නො හැකි බවට  ප්‍රතික්ෂේපකර තිබේ.

ඒ සම්බන්ධව කරන ලද පැමිණිල්ලට අනුව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ප්‍රාදේශීය ලේකම්ගෙන් වාර්තාවක් ද කැඳවා තිබේ.

ග්‍රාම නිලධාරිනියට රාජකාරිය තුළ සේවා ලාභීන්ට කාරණය තේරුම් කර දීමට මෙන්ම එම සන්නිවේදනය ඇති කර ගැනීම ග්‍රාම නිලධාරී වෘත්තිය තුළ ව ර්ධනය කර ගත යුතු කුසලතා මෙන්ම විවිධ ආයතනවලට පැමිණිල්ලක් ලෙස යොමු නොවීමට  රාජකාරී සීමා තුළ  වග බලා ගැනීමට කටයුතු කළ යුතු බවට  උපදෙස් ලබා දී ඇති බව කළුතර ප්‍රාදේශීය ලේකම්වරිය මානව හිමිකම් කොමිෂන් සභාවට යොමුකළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

මේඅතර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 20(3) වගන්තියට අනුව සිතාසියක් භාරදෙනු ලැබූ සෑම තැනැත්තෙකුම එම සිතාසියේ සඳහන් කර ඇති දිනයේ දී වේලාවේ දී හා ස්ථානයේ දී ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටිය යුතු අතර, කොමිෂන් සභාව අසනු ලබන ප්‍රශ්න වලට උත්තර දීම හෝ ඉදිරිපත් කරන ලෙස සිතාසියේ භාවයට අනුව ඔහුට ඇයට නියම කර ඇති සහ ඔහුගේ / ඇයගේ සන්තකයේ හෝ බලයෙහි ඇති ලේඛන හෝ වෙනත් දේ ඉදිරිපත් කළ යුතු ය.

එලෙස මග හැරීමක්  කොමිෂන් සභාවේ අධිකාරියට විරුද්ධව සිදු කරන ලද්දක් ලෙස සලකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 21 වන වගන්තිය ප්‍රකාර ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු කටයුත්තක දී  දඩුවම් ලැබිය හැකි වරදක් බවට ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව  ලිඛිතව දැනුම් දී ඇති පසුබිමක වග උත්තර කරුවන් මානව හිමිකම් කොමිෂන් සභාව මග හැර තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න