ඊශ්‍රායල හමුදාව පාලනය යටතේ පවතින ප්‍ර‍දේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි,පලස්තීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහය ලැබෙන ගාසා මානුෂිය පදනම විසින් පවත්වාගෙන යනු ලබන ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයන්හි රැඳී සිටින සහ වියලි ආහාර සලාකය රැගෙන සරණාගත කදවුරු වෙත යමින් සිටින පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ.

එම ස්ථානයන්හි සිදු වූ වෙඩි තැබීම්වලින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ.

ඉකුත් මැයි 27 වැනිදා ආහාර බෙදා හැරීම් ආරම්භ කළ දා සිට ආධාර මධ්‍යස්ථාන අසල පලස්තීනුවන්ට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 1000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි, වාර්තා වන්නේ.

ගාසා තීරයට අද අලුයම් කාලයේ එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් පලස්තීන වැසියන් 43 දෙනෙකු මිය ගොස් තිබෙනවා. ඊශ්‍රායල හමුදාව පාලනය යටතේ පවතින ප්‍ර‍දේශවලට මෙම ප්‍රහාර එල්ල වී ඇති බවයි,පලස්තීන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලයේ සහය ලැබෙන ගාසා මානුෂිය පදනම විසින් පවත්වාගෙන යනු ලබන ආධාර බෙදාහැරීමේ මධ්‍යස්ථානයන්හි රැඳී සිටින සහ වියලි ආහාර සලාකය රැගෙන සරණාගත කදවුරු වෙත යමින් සිටින පලස්තීන වැසියන් ඉලක්ක කර ගනිමින් මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි, වාර්තා වන්නේ. එම ස්ථානයන්හි සිදු වූ වෙඩි තැබීම්වලින් 20 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි, පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන්නේ. ඉකුත් මැයි 27 වැනිදා ආහාර බෙදා හැරීම් ආරම්භ කළ දා සිට ආධාර මධ්‍යස්ථාන අසල පලස්තීනුවන්ට එල්ල කරන ලද ඊශ්‍රායල ප්‍රහාරවලින් පුද්ගලයින් 400 කට වැඩි පිරිසක් මිය ගොස් 1000කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බවයි,දැනට ඇන් ඇති වාතා අනුව පෙනීනී යන්නේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න