ගණිතය විෂයය සඳහා ටියුෂන් ලබා දීමට තම නිවසට ගෙන්වා ගත් පිරිමි දරුවකු ලිංගික හිංසනයට ලක් කිරීම හේතුවෙන් එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.
අනුරාධපුර පොලිස් කොට්ඨාස ළමා සහ කාන්තා කාර්යාංශයට ලද තොරතුරක් මත මේ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඉකුත් අප්‍රේල් දාහත් වෙනිදා (17) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පෙරේදා (21) දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
උපාධිධාරී පාසල් ගුරුවරයකු වන මේ පුද්ගලයා මේ දරුවාට අසැබි වීඩියෝ දර්ශන පෙන්වා ඇති බවට චෝදනාවට ලක්ව තිබේ.එම දරුවාගේ මව විදෙස්ගත වී සිටින අතර මෙවැනි සිද්ධියක් සිදුවන බවට ලද තොරතුරු මත ඇය වහාම මේ හේතුව නිසාම ලංකාවට පැමිණ ඇත.මේ මෑණියන් ඉතාම බුද්ධිමත්ව උපක්‍රමශීලි ලෙස කලබලයක් ඇති නොකර ගනිමින් සැකකරු කොටු කර දීමට විශාල සහයක් ලබා දීඇත.සැකකරු සිටිනා ස්ථානය සිට ගෙන්වා ගැනීමට ද මෑණියන් උපක්‍රමශීලි වීම පිළිබඳව ඇය කාගෙත් පැසසුමට ලක්විය.
අනුරාධපුර පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශ්‍යාමලී දිසානායක මහත්මියගේ උපදෙස් මත පොලිසිය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
මේ පුද්ගලයා විසින් තවත් ළමුන් මෙවැනි ලිංගික හිංසනවලට හෝ අපයෝජනවලට ලක් කර ඇත්දැයි තවදුරටත් පොලිස් විමර්ශන සිදු කෙරෙන අතර මොහු පිළිබඳව මෙවැනි සිද්ධීන් කිහිපයක් තවත් වාර්තා වෙමින් තිබේ. සැකකරු (21) නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත ව තිබි ණි.