දෙහිවල සුපිරි තෙමහල් නිවසක උඩුමහලේ සරුවට වගා කර තිබූ රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්රීිඩ් කුෂ් පැල තොගයක් සමඟ ගිනි භටයෙක් අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 33 හැවිරිදි දෙහිවල නැදිමාල රුපසිංහ පාරේ පදිංචි දෙහිවල ගල්කිස්ස මහ නගර සභාවේ ගිනි නිවීම් ඒකකයේ ගිනිභටයෙකි.

එම සැකකරු සමග අඩි දෙක අඩි දෙකහාමාර ,අඩි තුන ආදී විවිධ ප්රාමාණවලින් ගංජා හයිබ්රිරඩ් කුෂ් පැළ 36 ක් පොලිස් භාරයට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.

දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්ර ධාන පොලිස් පරීක්ෂක  අනුරාධ හේරත් මහතාට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජීව අලුත් ගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්රෂශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමෙරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්රිදඩ් කුෂ් ඇට මගින් මෙම පැළ රෝපණය කරන බවත් එමගින් නිෂ්පාදනය කරන මත්ද්රිව්ය  මිතුරන් අතරේ අලෙවි කරන බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි.

මෙම පැළ වේලීමෙන් අනතුරුව ග්රෑ ම් එකක් රුපියල් 8500/= ක මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න