මැයි දින සැමරුම් සම්බන්ධයෙන් පොලීසියෙන් නිවේදනයක්…
ලෝක කම්කරු දිනය වෙනුවෙන් මැයි (01) කොළඹ පැවැත්වෙන මැයි රැළි හා පෙළපාළි හේතුවෙන් විශේෂ ආරක්ෂක හා රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
කොළඹ නගරයේ පමණක් හෙට සංවිධාන කර ඇති පෙළපාළි රැස්වීම් හා සැමරුම් උත්සව සංඛ්‍යාව 15 ක් පවත්වයි!
පිට පළාත්වලද මැයි දින පෙළපාළි, රැස්වීම් හා සැමරුම් උත්සව රැසක් සංවිධාන කර තිබේ.
ඒ සඳහා සුදුසු පරිදි ආරක්ෂාව, සලසන්නැයි පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට, දිසා භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට මෙන්ම කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන්ට උපදෙස් දී ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.
කොළඹ නගරය හා ආශ්‍රිත ප්‍රදේශවල පැවැත්වෙන මැයි දින පෙළපාළි, රැළි හා සැමරුම් උත්සව හේතුවෙන් යම් රථවාහන තදබදයක් ඇති වුවහොත් එම ප්‍රදේශ මගහැර විකල්ප මාර්ග ඔස්සේ රථවාහන ධාවනය කරන ලෙසද පොලිසිය ජනතාවට උපදෙස් දෙයි.
විකල්ප මාර්ග පිළිබඳව එම අවස්ථාවල රථවාහන පොලිස් නිලධාරින් විසින් දැනුවත් කරනු ඇත.
ගාලු මුවදොර පිටිය, ආමර්වීදිය , කෙසෙල්වත්ත , ඊ. ඒ ගුණසිංහ ප්‍රතිමාව අසල, පී. ඩී සිරිසේන ක්‍රීඩාංගනය, තැපැල් මූලස්ථානය, හයිඩ් පිටිය,මහජන පුස්තාකය, විහාර මහා දේවී එළිමහන් රංග පීඨය, කොස්ගස් හන්දිය, කොළඹ නගර ශාලාව ආදී ස්ථාන ගණනාවක හෙට දිනයේ මැයි රැළි හා සැමරුම් උත්සව සංවිධාන කර ඇති බව පොලිසිය ප්‍රකාශ කළේ ය.