කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය අනුමැතියෙන් තොරව මිලියන 2500ක රසායන ප්‍රතික්‍රියක මිල දී ගෙන ඇති බවත් රුපියල් මිලියන 25ක් ඉක්ම වූ කල් ඉකුත් වූ ප්‍රතික්‍රියකවලින් රුධිර පරීක්ෂණ සිදු කර වැරදි රසායනාගාර පරීක්ෂණ වාර්තා වලින් මියගිය රෝගීන් ගැන වහා විමර්ශනයක් සිදු කරන ලෙස විශේෂඥ වෛද්‍ය චමල් සංජීව ජනාධිපතිවරයාගෙන් ඉල්ලිමක් කළේ ය.

කොළඹ ජාතික රෝහල මගින් දේශීය මිල දී ගැනීම් යටතේ මිල දී ගත් ප්‍රතික්‍රියක අතරින් මිලියන 13 කට අධික ප්‍රතික්‍රියක මෙම වසරේ අප්‍රේල් 25 වන දා වන විට  කල් ඉකුත්ව ඇති බවත් මෙයට අමතරව පසුගිය වසර අවසානයේ සහ මේ වසර තුළදී රෝහලට ගෙන්වන ලද  මිලියන පහළොවකට ආසන්න ඇතැම් ප්‍රතික්‍රියක වර්ග  පසුගිය වසර අවසානයේ සහ මෙම වසර තුළදී රෝහලට භාරගන්නාවිටත් කල් ඉකුත්  වී හෝ කල් ඉකුත් වීමට ආසන්න දිනවල පැවති බව නවතන විගණන වාර්තාවට අනුව අනාවරණය වන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරයි.

පසුගිය අවසාන වසර තුන තුළදී කොළඹ ජාතික රෝහල මගින් එහි පවතින රසායනාගාර සඳහා ප්‍රාදේශීය මිලදී ගැනීම් යටතේ මිලියන 2544 කට අසන්න ප්‍රතික්‍රියක මිලදී ගෙන ඇති බව ද එම විගණන වාර්තාවට අනුව තහවුරු වෙන බව ද ඒ මහතා කීය.

මෙම මිල දී ගැනීම්වල දී වෛද්‍ය සැපයුම් මේකකය අනුමැතිය ලබාගෙන නොමැති බවද එම විගණන වාර්තාව පෙන්නුම් කරන බව ද ඒ මහතා කීය.

කල් ඉකුත් කුත් වූ හෝ කල් ඉකුත් වීමට ආසන්න මෙම මිල දී ගැනීම්වලින් විගණනයට භාජනය කරන විට වැඩිම ප්‍රමාණයක් පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම වසරේ අප්‍රේල් මාසය දක්වා නව ආණ්ඩුව යටතේ සිදුවී ඇති බව ද සඳහන් කළේ ය.

එසේම රෝහල තුළ දැනට භාවිතා කරන සමහර උපකරණ මිලදී ගැනීම්වලදීද අක්‍රමිකතා සිදුවී ඇති බවත් එම සමහර උපකරණ මේ වන විට අදාළ මව් සමාගම් මගින් භාවිතයෙන් ඉවත්කොට ඇති බව තහවුරු වී ඇති තත්ත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලේ රසායනාගාරය තුළ පසුගිය රෝහල් අධ්‍යක්ෂකවරුන් යටතේ සිදුවී ඇති මෙම යුතු ඉහළ නිලධාරීන්ටෙහිව කඩිනමින් නීතිය ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අවධානය ලක්විය යුතු බව ද හෙතෙම කීය.

ජාතික රෝහලට අවශ්‍ය ප්‍රතික්‍රියක මිලදී ගැනීමේදී කල්ලිකුත් වූ හා කල්ලිකුත් වීමට ආසන්න ප්‍රතික්‍රියක මිල දීගෙන තිබීම මත ජාතික රෝහලේ අභ්‍යන්තර රසායනාගාර තුළ කල්ලිකුත් වූ ප්‍රතික්‍රියක යොදාගෙන රසායනාගාර පරීක්ෂණ සිදු කර තිබූ බව විගණන වාර්තාවට අනුව නිරීක්ෂණය වී ඇති බැවින් එම රසායනාගාර පරීක්ෂණ වාර්තා මත වෛද්‍ය ප්‍රතිකාර කොට රෝගී තත්ත්වය සංකූලතාවයන්ට ලක් වූ හෝ මියගිය රෝගීන් සම්බන්ධව කඩනමින් විමර්ශනයක් සිදු කොට කිවයුත්තන් නීතිය හමුවට පමුණන ලෙස ද  අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවෙන් සහ අල්ලස් කොමිසමෙන් ද  ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න