කොරියානු ජාතිකයකු සතු රුපියල් කෝටි තිහකට අධික මුදලක් අන්තර්ජාලය ඔස්සේ වංචා සහගතව ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් විදෙස් ගමන් තහනමකට ලක්ව සිටින පෞද්ගලික සමාගමක සැකකාර අධ්ය්ක්ෂකවරුන් තිදෙනෙකුගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට හැකියාව තිබේද නැද්ද යන්න පිළිබඳව තොරතුරු ඇතුළත් වාර්තාවක් අප්රේකල් මස 1 දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්රතධාන මහෙස්ත්රා ත්ත් තනූජා ලක්මාලි මහත්මිය  (27) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයට නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් ඇපමත මුදාහැර සිටින තමන්ට අධිකරණය මගින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමට නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා සැකකාර අධ්යසක්ෂකවරුන් තිදෙනකු නීතිඥවරයෙකු මාර්ගයෙන් ගොනු කළ මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරුණි.

මෙරට කොරියානු තානාපති කාර්යාලය මගින් කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පෞද්ගලික සමාගමක අධ්යපක්ෂකවරුන් කීපදෙනෙකු ඇතුළු සැකකරුවන් හැට දෙනකු පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබූ අතර ඔවුන් මේ වන විට ඇප මත මුදාහැර තිබේ.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න