කොත්මලේ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී අද (11) අලුයම සිදු වූ බස් රථ අනතුරෙන් ජීවිතක්ෂයට පත්වූ පවුල් ඒකකයක් සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අරමුදලට උපදෙස් ලබා දී තිබේ.

ඒ අනුව මියගිය අයගේ ඥාතීන්ට මෙම මුදල් කඩිනමින් ලබා දීමට ජනාධිපති අරමුදල සැලසුම් කර තිබේ.

මීට අමතරව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සහ රක්ෂණ අරමුදල් මගින්ද මියගිය අයගේ පවුල්වලට වන්දි ලබා දීමට නියමිත ඇත.

වන්දි ලබා දීම යහපත් වූ කටයුත්තකි. නමුත් ලංකාවේ මගි බස් රථවල ධාවනයට සුදුසු තත්ත්වයක් තිබේ ද යන්න පරික්ෂා කරන්නේ නම් වන් දී ලබා දීම ට වුවමනාවක් නැත.

අහිංසක ජීවිත වලට සත්තකින්ම රැකවරණයක් ලැබෙනු ඇත. ඒ නිසා ලංකාවේ මහ මඟ ධාවනය වන වාහන වල  ගුණාත්මක භාවය සම්බන්ධයෙන් කටයුතු කරන්නට සිටින රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් ඉක්මන් පියවරක් ගනු ඇති නම් අගනේ ය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න