නීති විරෝධී ලෙස මෙරටට රැගෙන එන ලද කුළු බඩු රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් 04ක් ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ දී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

නාවික හමුදාව කිලිනොච්චිය, ඩෙවිල්ස් තුඩුව වෙරළ ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමක දී නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත්  ප්‍රවාහනය සඳහා සූදානම් කර තිබූ කුළු බඩු, රූපලාවන්‍ය ද්‍රව්‍ය සහ ඖෂධ තොගයක් සමඟ සැකකරුවන් සිව් දෙනෙකු සහ කැබ්ර ථ දෙකක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේ දී, එම වෙරළ ප්‍රදේශයේ තිබූ සැකකටයුතු කැබ් රථ දෙකක් (02) නිරීක්‍ෂණය කර පරීක්‍ෂාවට ලක් කෙරිණි. එහිදි එම කැබ් රථ දෙකෙහි අසුරා තිබූ නීතී විරෝධී ලෙස මෙරටට රැගෙනවිත්  ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ එනසාල් කිලෝග්‍රෑම් 300ක් කහ කුඩු කිලෝග්‍රෑම් 260ක්, වියළි ඉඟුරු කිලෝග්‍රෑම් 273ක් ඇතුළු කුළුබඩු තොගයක් සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය හා ඖෂධ තොගයක් සමඟ එම කැබ් රථ දෙක සහ සැකකරුවන් සිව් දෙනෙකු මෙලෙස නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 39 සහ 49 අතර වයසේ පසුවන එරක්කන්ඩි, ක‍ල්මුනෛකුඩි, ත්‍රිකුණාමලය සහ පුත්තලම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් බවට හදුනා ගෙන ඇත.

සිද්ධියට අදාළව නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරේ රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න