ලංකාවේ කිරි ගොවි පොළවල් 38700 දියුණු කිරීමේ කිරි ඉතිරෙන රටක් නමින් පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම සමගාමීව රටට ඉදිරිපත් කරන බව කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.

කිරි ඉතිරෙන රටක් පශු සම්පත් පස් අවුරුදු සැලැස්ම ක්‍රියාත්මක වේ. එම සැලැස්ම එළි දැක්වීම (14) කොළඹ දී එළි දක්වමින් ඒ මහතා එසේ පැවසී ය.

මෙහි දී ඒ මහතා මෙසේ ද කීය.

අපි මේ වෙන කොට ගන්නේ කිරි ලීටර් සාමාන්‍යයෙන් ලක්ෂ 10ක ප්‍රමාණයක්. කිරි පරිභෝජනයත් සමඟ මෙම ප්‍රමාණය සියයට 35 ක් 40 ක ප්‍රමාණයක්. අපේ ඉලක්කය තමයි දෛනික කිරි නිෂ්පාදනය ලීටර් ලක්ෂ 30 ක් දක්වා ඉහළ නැංවීම. පශු වෛද්‍ය කොට්ඨාස තියෙනවා ලංකාවේ ම 337 ක්. ඒවායින් අවශ්‍ය සහයෝගය ලබා ගන්නවා. කිරි නිෂ්පාදකයන්ගේ අගය ව ර් ධන කේන්ද්‍රස්ථාන ගොඩ නඟනවා.

එය ජුලි මස 20 වැනිදා අනුරාධපුරයෙන් ආරම්භ වෙනවා. කිරි ලීටර් 20 ඉක්මවා කිරි උත්පාදනය කරන ගොවි පල වල් 22500 ක්, කිරි ලීටර් 40 ඉක්මවූ ගොවි පලවල් 15 000ක් , කිරි ලීටර් 100 ඉක්මවා කිරි නිෂ්පාදන ගොවි පල වල් 1200 ක් නිර්මාණය කරන්න අපි සැලසුම් කරනවා.

නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ මහතා මෙසේ කීය.

කෘෂිකර්ම අමාත්‍යාංශය විදිහට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ ඉදිරි සංවර්ධනයක් අපේක්ෂා කරමින් අපි කටයුතු කරනවා. මේ අමාත්‍යාංශය හැදුවේ සියලු ක්ෂේත්‍රයන් එකතු කරලා විද්‍යානුකූල පදනමක් යටතේ. කිරි ගොවියන් කිරි ව්‍යවසායකයින් කිරීමේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරලා තියෙනවා.

අපි මේ වෙනකොට කෘෂිකර්ම බෝග නිෂ්පාදනය ඉහළ නැංවීමට එක මිටට ගොවි බිමට වැඩසටහන ආරම්භ කරලා තියෙනවා. වාරි පුනරුත්ථාපනය යටතේ වාරි මහිම වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. කිරි ගොවියන් නඟා සිටු වීම, ලංකාවේ කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම, කිරි ආශ්‍රිත නිෂ්පාදන වැඩි කිරීම සඳහා වැඩ පිළිවෙලක් සකස් කරලා තියෙනවා. රාජ්‍ය යාන්ත්‍රණය සම්බන්ධ කර ගෙන එක ඉලක්කයක් යටතේ කිරි ඉතිරෙන වැඩසටහන ක්‍රියාත්මක කරන්න අපි අපේක්ෂා කරනවා.

අනුරාධපුර දිස්ත්‍රික් පාර් ලි මේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර, සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හේමාලි කොතලාවල යන මහත්ම මහිත්මීහු ද මෙම අවස්ථාවට එක් වූහ.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න