27.11.2024.

ඒඩ්ස් වලට බිය යුතු නැත. ඒත් ප්‍රවේසම් වන්න.

අයිතීන් සුරකිමු – ඒඩ්ස් නවතමු යන තේමාව යටතේ 2024 ලෝක ඒඩ්ස් දිනය එළැඹෙන දෙසැම්බර් මස 01වන දින සමරන බවත් ශ්‍රී ලංකාවේ පෙර වසර වලට සාපේක්ෂව 2023 වසරේ එච්.අයි.වී ආසාදන වූවන් 694 දෙනෙකු හදුනා ගෙන ඇති බවටත් එම තත්ත්වය පෙර වසර වලට සාපේක්ෂව විශාල වැඩිවීමක් වන නමුත් මෙරට සමස්තයක් ලෙස ජනගහනයෙන් සියයට දශම එකකට වඩා අඩු ආසාධිතයින් වාර්තා වී ඇති බැවින් මෙරට අඩු අවධානම් රටක් ලෙස හැදින්විය හැකි බවත් පසුගිය 27 වන දින සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය සාකච්චාවකදී ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩ සටහනේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය වින්ධ්‍යා කුමාරපෙලි මහත්මිය පැවසුවාය.

වැඩි දුරටත් අදහස් දක්වමින් ඇය සදහන් කළේ මෙවර ලෝක ඒඩ්ස් දිනය අයිතීන් සුරකිමු ඒඩ්ස් නවතමු යන තේමාව යටතේ ලොව පුරා සමරනු ලබන අතර 2030 වසර වන විට ලොවින් ඒඩ්ස් රෝගය තුරන් කිරීම සඳහා එච් අයි වී ආසාධිතයින් හදුනා ගැනීම අදාල ප්‍රතිකාර ලබාදීම හා රෝගය වැළදෙන ක්‍රම පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන බවයි. එසේ ම 1987 වසරේ පළමු හෝ ෝරගියා හමුවූ දා සිට මේ දක්වා රොගීන් 5000ක් ලියාපදිංචි වී ඇති අතර එයින් 3500ක පමණ ප්‍රමාණයක් පමණක් ප්‍රතිකාර ලබා ගන්නා අතර 2020 වසරේ සිට 2022 වසර0 දක්වා නව ආසාදිතයින් 200 ක් 300 ක් අතර හමුවුනද 2023 වසර සදහා ආසාදිතයින් 694 දෙනෙකු හදුනාගෙන ඇති අතර එය පෙර වර්ෂ වලට වඩා වැඩිවීමක් වන අතර රොග බොවීම ප්‍රතිශතයක් ලෙස පිරිමි 2 කට කාන්තාවන් 1 ලෙස තිබුනද පසුගිය වසරේ එය7 ට එකක් ලෙස වර්ධනය වී ඇති බව ද පැවසුවාය.

මෙම ආසාධිතයින් ප්‍රමාණය වැඩිවීමට සමාජයේ පුද්ගලයන්ගේ ලිංගාශ්‍රිත චර්යාවන් බලපා ඇති බවත් ජංගම දුරකථන හරහා ඇති කර ගන්නා නව සම්බන්ධතා සහකූර සහකාරියන් සොයා ගැනීම පහසු වීම හා නිසි ලිංගික අධ්‍යාපනයක් නොලැබීම හා මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වීම හේතුවන අතර මෙම ආසාධිතයින් ගෙන් සියයට 15-20ක් පමණ නව යෞවන යෞවනියන් බවත් මෙම තත්ත්වය වළක්වා ගැනීම සදහා දෙමාපියන්ට මෙන්ම මාධ්‍යයන්හි යුතුකමක් බවද පැවසුවාය.

ප්රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න