හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ වත්කම් බැරකම් විගණනය කරන්න!

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධනගේ වත්කම් බැරකම් විගණනය කොට පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා විසින්  අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව (03) පැමිණිලක් ඉදිරිපත් කරනු ලැබීය.  

මෙහි දී මාධ්‍යයට අදහස් දැක් වූ  අල්ලස දූෂණය නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණී කමන්ත තුෂාර මහතා මෙසේ පැවසීය.

හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන 1997 ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක් ලෙස  පත් වූ අතර 2000 වර්ෂයේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් තේරි පත් වී සිටි බව ද ඒ මහතා කීය.

 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වශයෙන් දීර්ඝ කාලයක් කටයුතු කල ඔහු  හිටපු  කෝප් ක  මිටු සභාපති තනතුර දැරු බවත් එම නිසා 1997 සිට මේ දක්වා ඔහු විසින් උපයා ගන්නා  ලද වත්කම් බැරකම් පිළිබඳව පූර්ණ විගණනයක් සිදු කොට අයථා ලෙස දේපල උපයා  ගැනීමක් සිදු කොට ඇත්නම්  ඔහුට විරුද්ධව නීත්‍යානුකූල ලෙස ක්‍රියා කරන ලෙසත්  අධිකරණ හමුවට පමුණුවන ඒ මහතා ඉල්ලීමක් කර තිබේ.

හිටපු අමාත්‍ය වරයා ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙක්ව සිට පාර්ලිමේන්තු කෝප්  කමිටු සභාපති ධූරය දැරූ  ඔහුගේ දේශපාලන කාල සීමාව තුළ ඔහුගේ පෞද්ගලික ගිණුම්  ඔහුගේ සමීපතම ඥාතීන් මිතුරන්ගේ පෞද්ගලික ගිණුම් අතර මුදල් හුවමාරු වූ අන්දමත්  ඔහු විසින් ලබාගත් චංචල නිශ්චල දේපල සම්බන්ධවත් විගණනයක් කොට අයථා ලෙස  උපයා ගැනීම් පවතී නම් පරීක්ෂණයක් කර අධිකරණයට ඉදිරිපත් කරණ ලෙස ඉල්ලා සිටින බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

ප්‍රතිචාරයක් දක්වන්න

කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් කරන්න.
කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න