වන්දනාවේ පැමිණ භාරයක් ඔප්පු කිරීමට කාවාඩි නටමින් සිටියදී පෙරෙදා (26 දා) රාත්‍රියේ 9 ට පමණ කතරගම පූජා භූමියේ බස්නායක නිලමේ කාර්යාලය ඉදිරිපිටදී කාන්තාවක් ඇදවැටී කතරගම රෝහලට ඇතුලත් කිරීමට ගෙන එන අතරතුරදි මියගොස් ඇතැයි කතරගම පොලීසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ, මාදෑමුල්ල, විජය මාවතේ අංක 40 සී දරණ ලිපිනයේ පදිංචි විජිතා චාන්දනී මොහොමඩ් නැමති 61 හැවිරිදි කාන්තාවකි.
කතරගම හදිසි මරණ පරීක්ෂක සමන් වික්‍රමසිංහ මහතා මූලික මරණ පරීක්ෂණයක් පවත්වා මෘත ශරීරය දෙබරවැව මූලික රෝහල වෙත යවා ඇති අතර එහිදී සිදුකළ මරණ පරීක්ෂණයේදී හෘදයාබාධයකින් මියගොස් ඇති බව අනාවරණයවී ඇත.
මියගොස් ඇති කාන්තාව පෙරේදා 26 දා උදෑසන ප්‍රියන්තිි රේණුකා මොහොමඩ් නැමැති 51 හැවිරිදි සොහොයුරිය ඇතුළු 10 දස දෙනෙකු පමණ පිරිසක් වෑන් රථයකින් කතරගම පැමිණ කිරිවෙහෙර වැඳපුදා ගැනීමෙන් අනතුරුව කාවාඩියක් නටමින් සිටියදී මෙලෙස ඇද වැටුණු බව පශ්චාත් මරණ පරීක්ෂණයේදී සාක්ෂි දී ඇත.
මෙම කාන්තාවට ඇත්තේ එකම දියණියක් බවත් ඇයද ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින බවත් මියගිය කාන්තාවගේ සොහොයුරියක් වන ප්‍රියන්ති රේණුකා මොහොමඩ් කියා සිටියාය.
මේ සම්බන්ධයෙන් කතරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.